Friday, August 19, 2016

Tagged Under: , ,

The suspect had photographed Sulekha while she was changing.

By: Prosperity Tech On: 3:16 AM

සුලේඛා ඇඳුම් මාරු කරන කොට ෆොටෝ ගහපු මොහොමඩ් කුඩුවට

ටෙලි නාට්‍ය නිළි සුලේඛා ජයවර්ධන ඇඳුම් මාරු කරන අවස්ථාවේ ජංගම දුරකතනයකින් ඡායාරූප ලබාගත් බවට ගල්කිස්ස අධිකරණයේ පැවැති නඩු විභාගයකදී වරද පිළිගත් සැකකරුවකුට ගල්කිස්ස අතිරේකමහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය මාස තුනක සිර දඩුවමක් සහ රුපියල් එක්දහස් පන්සියයක දඩ මුදලක් නියම කළාය.
සිර දඩුවම වසර පහකට අත්හිටුවන ලදී.මොහොමඩ් අශාන් සුවහිර් නමැති සැකකරුවකුට මේ සිර දඩුවම සහ දඩ මුදල නියම විය.

සැකකරු සේවය කරන දෙහිවල හීල් වීථීයේ අංක 121 ලෙවල් ෆී්‍රටර්ස් නමැති නිමි ඇඳුම් අලෙවි සලට සුලේඛා ජයවර්ධන ඇඳුමක් මිලදී ගැනීමට ගොස් තෝරා ගත් ඇඳුම ඇඳ බැලීම සඳහා ඇඳුම් මාරුකරන කුටියකට ගොස් ඇත.

ඒ අවස්ථාවේ සැකකරු එම කුටියේ යටින් ඔහුගේ ජංගම දුරකතනය තබා ඇය ඇඳුම් මාරු කරන අයුරු ඡායාරූප ලබාගත් බවට ඇය විසින් දෙහිවල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර තිබිණි.
මිතුරන්ටත් බලන්න Share කරන්න..

0 comments:

Post a Comment