Wednesday, August 24, 2016

Tagged Under: , ,

Shalani Tharaka hospitlalized in japan

By: Prosperity Tech On: 3:12 AM

ජනප්‍රිය නිළි ශලනි තාරුකා ජපානයේදී අසනිප වෙලා

ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍යය නිළි ශලනි තාරකා ජපානයේදී අසනීප වූ පුවතක් අපිට වාර්තා වෙයි. කලා ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට ගොස් සිටියදී ශලනි මෙසේ අසනීප වූ බව සඳහන් වේ.

මෙම ප්‍රසංගය සඳහා ශලනි සමගින් ජනප්‍රිය නළුනිළියන් දෙනුවන් සේනාධීර, ධනංජි තාරුකා, ධම්මික අලුත්ගෙදර සහ ජනප්‍රිය ගායන ශිල්පි නාමල් උඩුගමද මෙම ජපානයේ පැවති ‘යුකී ස්ටාර්’ ප්‍රසංගයට සහභාගී විය.

දින කිහිපයක් තිස්සේ මෙම පිරිස ජපානයේ ගත කළ අතර, අවසන් දින කිහිපයේදී ශලනි අසනීප වී ඇත. මේ සම්බන්ධව එම ප්‍රසංගයට එක්වූ කණ්ඩායමේ සිටි ධනංජි තාරුකා පැවසුවේ ජපානයේ පවතින කලගුණික වෙනස්වීම් මත මෙසේ ශලනි අසනීප වු බවය. කෙසේ වෙතත්, ඇය වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවට පැමිණෙන මොහොතේදී ශලනි තරමක් සුවය ලබා තිබුණ බවය.


මිතුරන්ටත් බලන්න Share කරන්න...


0 comments:

Post a Comment