Sunday, August 21, 2016

Tagged Under: , , , , ,

Piyumi Hansamali Jealousy Video

By: Prosperity Tech On: 6:23 PM

උදාරි දිනපු වෙලාවේ වේදිකාවෙන් බැහැලා ගිය පියුමි ඉරිසියාව ගැන කීව කතාව - වීඩියෝ

''සාමාන්‍යයෙන් තව කෙනෙක් ලස්සනට ඇන්දොත් තවත් කෙනෙක් අනිවාර්යයෙන්ම හරිම ජෙලස්''

පසුගිය දිනෙක පැවති විවාහක රූ රැජිණ තරඟයේදී පියුමි හංසමාලි පරාජය වූ අවස්ථාවේ වේදිකාවෙන් බැසගිය අතර ඒ පිළිබඳව මේ වන විට සමාජජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.

පියුමිගේ ෆේස්බුක් ගිණුමේදී අප්‍රසිද්ධ වෙබ් අඩවියක් උපුටා දක්වමින් ඇය ප්‍රකාශයක් සටහන් කර ඇති අතර එයට ප්‍රතිචාර දක්වා ඇති බොහෝ පිරිසක් විවිධ අයුරින් තරඟය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. මේ අතර ඇය තරඟයට පෙර දින ඉරිසියාව සම්බන්ධයෙන් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙන්නේ තවත් කිහිපදෙනෙකුද සමඟින්.
මේ එම වීඩියෝවේ ඇය කී කතාවයි....

''විශේෂයෙන් කියන්න ඕනි මිසිස් යුනිවර්ස් පැජන්ට් එකේ අද ලාස්ට් ඩේ එක. අපි දවස් හතරක් කොග්ගල හිටියා. ගොඩක් සතුටින් හිටියා.මේක පැජන්ට් එකක් වුණාට එක්කෙනෙක් එක් කෙනෙක්ට ඉරිසියා කරන්නේ නෑ.

මොකද මං හිතන්නේ සාමාන්‍යයෙන් තව කෙනෙක් ලස්සනට ඇන්දොත් තවත් කෙනෙක් අනිවාර්යෙන්ම හරිම ජෙලස්. ඒත් මේ රූම් එකේ ඉන්න කට්ටිය එයා එයාට දෙයක් නැත්තං ටක්ගාලා දෙනවා.

අන්න ඒක තමයි තියෙන්න ඕන. මොකද ලංකාවේ අද ඒක තමයි නේද ඩාලිං නැත්තෙම''

එහි වීඩියෝව පහතින්.....



0 comments:

Post a Comment