Thursday, February 4, 2016

Tagged Under: ,

Science Explains Why We Kiss

By: Prosperity Tech On: 4:54 AM

දෙතොල් සිප ගැනීම පිටුපස ඇති විද්‍යාත්මක හේතුව  තහවුරුවෙයි 


මිනිසුන් අතර පවතින දෙතොල් සිප ගැනීම පිටුපස ඇති විද්‍යාත්මක හේතුව ලිංගික ආකර්ෂණය බව විද්‍යාත්මකව විදෙස් වාර්තාවක් පෙන්වා දෙනවා.

ලොව බොහෝ සංස්කෘතීන් වල මිනිසුන් සිය ප්‍රේමාන්විත හැඟීම් ප්‍රකාශනය සඳහා දෙතොල් සිප ගැනීම සිදු නොකරන බවයි  අධ්‍යනය අනාවරණ කර ඇත්තේ.

සත්ව ලෝකයේ දෙතොල් සිප ගැනීම ඉතාමත්ම දුර්ලභ කරුණක්.



අධ්‍යනය මගින් නිරීක්ෂණයට ලක් කරන ලද සංස්කෘතීන් 168න් දෙතොල් සිප ගැනීම සිදු කරනු ලබන්නේ ඉන් 40‍%ක ප්‍රමාණයක්.

අධ්‍යනය මගින් හෙළි කරගත් මෙම කරුණත් සමගම යුරෝපීය සහ අනෙකුත් බොහෝ සංස්කෘතීන් තුළ ස්ථාපනය වී තිබූ දෙතොල් සිප ගැනීම ලොව පුරා පෙම්වතුන් විසින් සිදු කරනු ලබන පොදු හැසිරීමක්ය යන මතය බැහැර වන බව සදහන්.

දඩයම් කිරීමෙන් ජීවත් වන බොහෝ ගෝත්‍රික සංස්කෘති වල දෙතොල් සිප ගැනීම කිසිසේත්ම සිදු නොවන අතර එය ඉතා අප්‍රසන්න සහගත හැසිරීමක් වශයෙනුයි එම ගෝත්‍රිකයන් සලකන්නේ.

වසර 3500කට වඩා පැරණි හින්දු සංස්කෘතික ලේඛනයක දෙතොල් සිප ගැනීම සම්බන්ධයෙන් ලියවී ඇති අතර මෙම ලේඛනය දෙතොල් සිප ගැනීම සම්බන්ධයෙන් වූ පැරණිම ලිඛිත සාධකය බව සඳහන්.



එම පැරණි සංස්කෘත ලේඛනයට අනුව දෙතොල් සිප ගැනීම හඳුන්වා ඇත්තේ සිය ආත්මය ප්‍රේමවන්තයා සමග හුවමාරු කර ගැනීමක් වශයෙනි.

චිම්පන්සීන්ගේ හැසිරීම අධ්‍යනය කළ ජෝර්ජියාවේ ඉමොරි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රාන්ස් ඩි වාල් පවසන්නේ චිම්පන්සීන් සිය සහකරු හෝ සහකාරිය සමග සිප ගැනීම මෙන්ම වැළඳ ගැනීමද සිදු කරන බවයි.



නව අධ්‍යනය පෙන්වා දෙන්නේ දෙතොල් සිප ගැනීම මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය නොවන ඇතැම් සංස්කෘතීන් විසින් පරපුරෙන් පරපුරට ගෙන යන ප්‍රේමනීය හැසිරීමක් වන බවයි.



0 comments:

Post a Comment