හිතුවොත් මොනවද කරන්න බැරි?
”ඊසියි-ලේසියි” වොෂින් මැෂින් දැන්වීම වගේම ලක්ෂපාන දැන්වීමේ විල්සන් අංකල්ගේ නෝනා වූ ශ්‍රීමාලි ගැන මේ දිනවල නම් බොහෝ අය කතා වන්නේ සෙව්වන්දි ටීචර් නිසයි. ඒ සියල්ලට අමතරව රූපලාවන්‍ය ශිල්පිනියක ලෙසත් අද ඇය අතිශයින්ම කාර්්‍යබහුලයි. දැන්වීම්, ටෙලිනාට්‍ය, රූපාලවන්‍ය වගේම නිරූපණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රකටව සිටින ශ්‍රීමාලි සඳැල්ල හැඩ කළ මොහොතකි මේ.
මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ රාත‍්‍රී 8ට විකාශය කෙරෙන, ශාන්ත සොයිසාගේ මේඝා නාට්‍යයේ සෙව්වන්දි ටීචර්ට ලැබෙන ප‍්‍රතිචාර ඉහළයි. මේ දක්වා මා ගැන බොහෝ දෙනා කතා කළේ දැන්වීම් නිසයි. ඒත් දැන් මේ ටෙලිනාට්‍යයේ චරිතය නිසා බොහෝ දෙනාගෙන් ඊට ලැබෙන්නෙ හොඳ ප‍්‍රතිචාර. එහි රණා (බිමල්) නමැති දඩබ්බර ගති ඇති තරුණයා හොඳමගට ගැනීමට වෙහෙසන චරිතයක්. එයා මට විතරයි මෙල්ල වෙන්නෙ.
මේ මොනදේ කළත් ශ්‍රීමාලි වැඩියෙන් තැන දෙන්නෙ රූපලාවන්‍ය වැඩවලටයි. රඟපෑමේ අංශයට මම ආසයි. විකාශය වූ ”ඉස්සර හට යන්න” ටෙලි නාට්‍යයෙන් තමයි පටන් ගත්තෙ. ඒ නාට්‍ය වගේම එහි රඟපෑ චරිතයත් ජනප‍්‍රිය වුණා. ඉතා හොඳින් මේ සියලූ කටයුතු කරගෙන යනවා.
සෙව්වන්දි අහිසංක තරුණියක්. එයා බැ?රුම් වෙන්නෙ රණා නිසයි. මෙහි ප‍්‍රධාන චරිතයට මාව තෝරා ගැනීම ගැන ශාන්ත සොයිසා මහතාට ස්තූතිවන්ත වෙනවා.
ආසියානු කලාපයේ විවාහක රූ රැජින තරගයෙන් ජයග‍්‍රහණය කළ පසු, තවත් තරඟ සඳහා අවස්ථා ලැබුණා. නමුත් රූපලාවන්‍ය වැඩ නිසා ඒවා අතරමග නතර වුණා. ඉන්පසු රූපලාවන්‍ය කටයුතු සහ දැන්වීම් නිරූපණයට නිරන්තරයෙන් දායක වුණා.
කලකට පෙරදී මම දායක වූ මැලිබන් නයිස්, ගුඞ් නයිට් මදුරු කොයිල්, ලක්ෂපාන සහ ඊසියි-ලේසියි (සිංගර්) නිතර ප‍්‍රචාරය වෙනවා.
ස්වර්ණවාහිනී ආයතනයේ ”වෙඩින්” ප්‍රෝග‍්‍රෑම් එක සහ බ‍්‍රහස්පතින්දා දෙකයි-දෙක ප්‍රෝග‍්‍රෑම් එක ඉදිරිපත් කරන්න ලැබුණා.
හිතුවොත් මොනවද කරන්න බැරි? කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න ඕනෑ. අවස්ථා ලැබුණාම ඊට ගරුකරන්න ඕනෑ. ඒ අතින් මම හරි වාසනාවන්තයි. මේ ලැබුණු අවස්ථාවලට ගරු කරනවා.
හැමෝම කියන්නෙ ‘ශ්‍රී’ කියලයි.
දඟකාරයි. ඒ වගේම කටකාරයි කියලත් හිතෙනවා.
වැරදි දේ නොකර හරි දේ වෙනුවෙන් එහෙම වීම වරදක් නෙවෙයි. හරි දේ කරලා ජීවිතය සැහැල්ලූවෙන් ගෙවන්න ආසයි.
මේ මගේ ලස්සන ශ්‍රී ලංකාව හැර මම ආසම අනෙක් රට සිංගප්පූරුවයි. නිවාඩුව එහි ගතකරන්න හරිම ආසයි. නමුත් වැඩිපුරම එහි යන්නෙ වෙඩින් එකට පෙර කෙරෙන ෆ‍්‍රී-ෂූට් නිසයි.
යාළුවෝ නම් කියන්නෙ එහෙමයි.
කතා කරලා නැහැ. දැකලා තියෙනවා.
ඒක දැනට රහසක්. පසුව කියන්නම්.
0 comments:
Post a Comment