Tuesday, May 5, 2015

Tagged Under: ,

Mark Zuckerberg's Facebook

By: Prosperity Tech On: 2:31 AM

Facebook නිර්මාතෘ සකර්බර්ග් ෆේස්බුක් යෑම නතර කරයි.

සති 2කට වරක් එක පොතක් කියවන්න සකර්බර්ග්ගෙන් තීරණයක්

2015 වර්ෂයේදී මගේ අභියෝගය වන්නේ සෑම සති දෙකකට වරක්ම අලුත් පොතක් කියවීම. විවිධ සංස්කෘතීන්, විවිධ විශ්වාසයන්, විවිධ මිනිස් හැසිරීම් සහ තාක්ෂණයට අදාළ පොත් කියවන්න මම බලාපොරොත්තු වෙනවා. වසර ආරම්භයේදී විවිධ ෆෙස්බුක් එකමුතු (ට්පධභන ඛ්ධථථභදඪබඪඥඵ) රැසක් මට අභියෝග රැසක් එවලා තිබුණා. ඔවුන් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. එහෙත් මම 2015දී පොත් කියවීමේ අභියෝගය භාරගත්තා. මම හිතනවා පොත් කියවීම ඔස්සේ ඕනෑම කෙනෙක් තුළ ඇතුළත බුද්ධියක් නිර්මාණය වෙනවා. අද ගොඩක් මාධ්‍යයන් මතුපිටින් ඔබට පෙන්වන දේවලට වඩා බොහෝ දේ ඔබට ලබාදෙන්න හොඳ පොත් සමත් වෙනවා. ඒ නිසා මම මේ වසර පොත් කියවන්න වෙන් කරනවා. මම කියවන හොඳ පොත් පිළිබඳ තොරතුරු ඒ කඥචප ධට ඕධධඬඵ නම් පිටුවට යොමු කරනවා. ඔබට එයින් අදහසක් ගන්න පුළුවන්. ඔබ ඇත්තටම පොත් කියවන්න කැමැති නම් විතරක් එම පිටුවට කැමැත්ත ප්‍රකාශ කරන්න." 2015 ජනවාරි මස 02 වැනි දින මාර්ක් සකර්බර්ග් ඔහුගේ ෆෙස්බුක් පිටුවේ යොදා තිබුණු සටහන. ඔහු 2015 වසර ආරම්භ කළේ සෑම සති දෙකකට වරක්ම පොතක් කියවීමේ අභියෝගය සමඟින්. ඔහු එම අභියෝගය සැබෑවක් කරමින් මේ වනවිට පොත් අටක් කියවා තිබෙනවා. එම කෘතීන් එක හුස්මට කියවිය හැකි නව කතා නොවීමත් තවත් විශේෂත්වයක්. අයිස් වතුර නානවාට වඩා එය කෙතරම් වෙනස් අභියෝගයක්ද? ඔහුගේ එම සටහනට 133,599ක් කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණු අතර 7,022ක් එය හුවමාරු කරගෙන තිබුණා. ෆෝර්බ්ස් 2014 වර්ගීකරණය අනුව මාර්ක් සකර්බර්ග් ලොව බලවත්ම මිනිසුන්ගේ ලැයිස්තුවේ 22 වැනි තැන ඉන්නවා.

එසේම ලොව ළාබාලම බලවතුන් අතර ඔහු පළමුවැනියා. එපමණක් නොව ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ ඔහු පසුවන්නේ 16 වැනි ස්ථානයේ. වයස අවුරුදු 30 වෙන්නත් කලින් ලොව බලවත් මෙන්ම ධනවත් පුද්ගලයෙක් වුණු මාර්ක් සකර්බර්ග්ට තවත් පොත් කියවලා රැස්කරගන්න තියෙන දැනුම මොකද්ද? සෑම සති දෙකකට වරක්ම මොකක් හරි පාටියකට සෙට් වෙන්නේ නැතිව ඔහු පොත් කියවන්න හේතුව මොකද්ද? සැබෑ අධ්‍යාපනය යනු එයයි. මෙම ලිපිය ඔස්සේ මම ඔබට කියන්නේ සැබෑ අධ්‍යාපනය පිළිබඳ කතාව. මාර්ක් සකර්බර්ග් ගැන මව්බිම ජ්ඊ ඔස්සේ අපි ගොඩක් දේ කතා කරලා තියෙනවා. එසේම මා පසුගිය වසරේ ප්‍රකාශ කළ මහ මොළකාරයෝ කෘතියේ ඔහු පිළිබඳ තවත් තොරතුරු ගැඹුරින් ඇතුළත් වෙනවා. එම නිසා මාර්ක්ගේ අලගිය තැන් මුලගිය තැන් ගොඩක් ලියන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මාර්ක්ට පරිගණක විද්‍යාව සහ මනෝවිද්‍යාව හැදෑරීමට 2002 වසරේදී ලොව විශිෂ්ටතම සරසවියක් ලෙස නම් දරා තියෙන හාවර්ඩ් සරසවියට ඇතුළුවීමේ අවස්ථාව හිමි වෙනවා. ලොව පුරා උන්මාදයක් බවට පත්වෙලා තිබෙන ෆෙස්බුක් වෙබ් අඩවිය නිර්මාණය කළේ මාර්ක් ඇතුළු යහළුවන් පිරිසක්. ඛ්++ සහ ර්ථීඩ්ර්ථී කියන පරිගණක භාෂාවලින් ලියැවුණ ෆේස්බුක් සමාජ සම්බන්ධතා වෙබ් අඩවිය මාර්ක් සකර්බර්ගේ ජීවිතයේ පිටු අලුතෙන් ලියන්න තරම් සමත්කමක් දැක්වූවා. මෙන්න මේ නිසාම ලෝක ප්‍රකට ටයිම්ස් සඟරාව 2010 වසරේදී වසරේ මිනිසා (ඊඩඥ ර්ථීඥපඵධද ධට බඩඥ කඥචප) ලෙස මාර්ක් සකර්බර්ග් නම් කරනවා. ඒ වෙනකොට සකර්බර්ග්ට යාන්තම් වයස විසිහය සම්පූර්ණ වුණා විතරයි. ඇත්තටම ෆේස්බුක් ඔස්සේ ප්‍රකෝටිපතියෙක් දක්වා ගිය ගමන ලෙහෙසි පහසු එකක් වුණේ නැහැ. නඩු පිට නඩුවලට විවිධ හේතු නිසා මුහුණ දෙන්න සකර්බර්ග්ට සිදුවුණා. ඉතාම කෙටි කාලයකදී මාර්ක් ලෝකයේ බොහෝ දෙනෙක් කතාබහට ලක්කළ ව්‍යාපාරිකයෙක් වුණා. ඒ නිසාම ඇකඩමි සම්මාන අටක් දිනාගත් ඊඩඥ ඉධජඪචත ව්ඥබඹධපඬ සිනමාපටය නිර්මාණය වෙන්නේ සකර්බර්ග්ගේ ජීවන කතාව ඇතුළත් කර ලියූ බෙන් මෙස්රිච්ගේ ඊඩඥ ඒජජඪඤඥදබචත ඕඪතතඪධදචඪපඥඵ කෘතිය ඔස්සේ.

ජීවත්වෙන්න ඉගෙන ගන්නවාද? රස්සාවක් කරන්න ඉගෙන ගන්නවාද?
මාර්ක් පුංචි කාලේ ඉඳලාම ඉගෙන ගත්තේ ලෝකයට අලුත් දෙයක් දෙන්න. ඇත්තටම බොහෝ තරුණ තරුණියන් අද ඉගෙන ගන්නේ රස්සාවක් හොයා ගන්න. රස්සාව ලැබුණු ගමන්ම ඔවුන් පොතක් පතක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ. අපේ රටේ පවතින මුල් බැසගත් සමාජ ආර්ථික ප්‍රශ්න අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ එහෙම හිතන්න පොලඹවන්න ප්‍රධාන හේතුවක්ය.

අනෙක් අතට ඔවුන් බොහෝ දෙනෙක් අධ්‍යයනය කරන්නේ කිසියම් විභාගයක් සමත්වෙන්න පමණයි. පාඩම් කරන්න ඕන විභාග සමත් වෙන්න. ඒ ශ්‍රී ලාංකික යෞවන යෞවනියන් තුළ තියෙන මුල් බැසගත් වැරැදි මතයක්. සැබැවින්ම පාඩම් කරන්න ඕන ජීවන පාඩම්වලට සාර්ථකව මුහුණ දෙන්න මිසක විභාග සමත් වෙන්න නෙවෙයි. මන්දයත් ජීවිතය තුළ එකම විභාගය දෙපාරක් කරන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා ජීවිතය කියන විභාගය ඉහළින් සමත් වෙන්න හරි තීරණ හරි අවස්ථාවේ ගත යුතුයි. තවදුරටත් ඔවුන් පොත් කියවීම පාසල් ශිෂ්‍යයන්ට සහ සරසවි සිසු සිසුවියන්ට උරුම කාර්යක් පමණක් බවට සලකනවා.

එසේම පාසල් සමයේදී ඉගෙනීම අත්හැරපු බොහෝ පිරිසක් හිතන්නේ පොත් කියවීම තමන්ට නුසුදුසු දෙයක් කියලා. තමන් තවදුරටත් ඉගෙන ගන්න නුසුදුස්සෙක් බවට ඔවුන්ම වැරැදි මතයක් සිතට තදින්ම ඇතුළුකර ගන්නවා. මාර්ක් සකර්බර්ග් 2002 ලොව අංක එකේ සරසවියකට ඇතුළු වුණත් ඔහු 2004දී උපාධිය අතහැරලා තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා. මෙයින් කියැවෙන්නේ නැහැ ඔහු ඉගෙනීම අත්හැරිය බව. ඔහු එදා ගත්තේ ඉගෙනීම පිළිබඳ තීරණයක් නෙවෙයි. ඇත්තටම ඔහු එදා ගත්තේ ඉගෙන ගන්න තැන සහ ඉගෙන ගන්න විධිය පිළිබඳ තීරණයක් පමණයි. ඔහු සැබෑ ඉගෙනීම පටන් ගත්තේ සරසවියෙන් එළියට බැස්සාට පසුව. ඔහු ඉන්පසුව අඛණ්ඩව ස්වයං අධ්‍යයනයක යෙදුණා. ඔහු වෙනදාට වඩා ඉගෙන ගන්න හිතුවා. වෙනදාට වඩා අලුත් දේවල් ගැන නිතරම සොයලා බැලුවා. එම නිසා තමයි ඔහු නිර්මාණය කළ ෆේස්බුක්වලට ඇබ්බැහි වුණු තරුණ පිරිස් සැබෑ පොත් අමතක කරලා මුහුණු පොතේ අනවශ්‍ය ලෙස කාලය ගතකරද්දී මහා ධනපතියෙක් වුණු ඔහු තාමත් පොත් කියවන්න හිතන්නේ.
බඩගිනිව ඉන්න... මෝඩව ඉන්න... (ඉබචර

ඩ්භදඨපර, ඉබචර ජ්ධධතඪඵඩ) ඒ මාර්ක් වැනි තරුණ පිරිසට ආදර්ශයක් වුණු පෙර පරපුරේ පරිගණක වීරයා ස්ටිව් ජොබ්ස්ගේ සදාතනික ආදර්ශ පාඨය. ඔබට බඩගිනි දැනෙන තරමට ඔබට තව තවත් හම්බ කරන්න හිතෙනවා. ඒ වගේම ඔබ මෝඩයි කියලා දැනෙන තරමට ඔබට තව තවත් ඉගෙන ගන්න හිතෙනවා. කෙනෙක්ට එහෙම හිතෙන්නේ නැත්නම් ඒක ඔහුගේ හෝ ඇයගේ අවාසනාවක් වෙනවා. එම නිසා කවදාවත් අධ්‍යයනය අතහරින්න එපා. සමස්ත ජීවිතයම මහා සරසවියක්. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අසමත් වීම ඔබගේ අධ්‍යයන නවත්වන්න කිසිම හේතුවක් නෙවෙයි. එසේම ආචාර්ය උපාධියක් රැගෙන හොඳ රැකියාවක් හිමිවීමත් ඔබගේ අධ්‍යයනය නවත්වන්න කිසිම හේතුවක් නෙවෙයි. එම කරුණු දෙකම තවත් ඉගෙන ගන්න හේතු වෙනවා.

අද ඉගෙනීම විභාගයකට කොටු කළ සමාජයක් බිහිවෙලා තිබෙන නිසා වත්මනේදී බොහෝ දෙනා නවකතා කියවීමෙන් පමණක් සැනසෙනවා. පොත් කියවන පිරිසගෙන්ද 80%ක් පමණ පිරිස හොයන්නේ එක හුස්මට කියවන්න පුළුවන් පොත් පමණයි. එය තේරුම් ගන්න ලේඛකයන්ද ලියන්න තනන්නේ එක හුස්මට කියවන්න පුළුවන් පොත් පමණයි. බොහෝ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයන් තුළද ඉදිරිපත් කරන්නේ ඇස පිනවන දසුන් මිසක මොළයේ මලකඩ ඉවත් කරන අදහස් නොවෙයි. එහෙත් තවමත් ලොව දියුණු රටවල පිරිස් ඉතා ආශාවෙන් පර්යේෂණ කෘතීන් හොය හොයා කියනවා.

ර්චතජධථඥ ට්තචඤඥඹඥතත, අධඡඥපබ ට්පඥඥද වැනි පර්යේෂණ ලේඛකයන් සුපිරි තරු බවට පත්වුණේ අන්න ඒ නිසයි. මාර්ක් සකර්බර්ග්ද 2015 වසරේ මේ වනවිට කියවලා තියෙන බොහෝ පොත් ඉතා උසස් පර්යේෂණ කෘතිවීම විශේෂයි. එසේම එම කෘතීන් විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ වීම තවත් විශේෂයක්. ඔවුන්ගේ දියුණුවේ බොහෝ දෙනෙක්ට හඳුනාගන්න නොහැකි කොටස නිර්මාණය වුණේද දියුණු රටවල මිනිස්සු නිරන්තර අධ්‍යයනයට දක්වන කැමැත්ත නිසා බව පැහැදිලිව දක්වන්න පුළුවන්. අපේ රටේ සාක්ෂරතාවේ ඉහළ බව අපේ රටේ මිනිස්සු ස්වයං අධ්‍යයනයකට දක්වන සැබෑ කැමැත්ත හෝ ඉගෙනීමට දක්වන සැබෑ උනන්දුව පෙන්වන දර්ශක නෙවෙයි.

සැබෑ ඉගෙනීම ජීවිතය තුළම තිබෙන කොටසක් මිසක එය ඊට පිටතින් තිබෙන අසාමාන්‍ය දෙයක් නෙවෙයි. මාර්ක් සකර්බර්ග් මේ වනවිට කියවා ඇති පොත් අට පහත දැක්වෙනවා. ඔහු එම කෘතීන් සමඟ බැඳී සිටින බව ඔහු දක්වන අදහස්වලින් මනාව ඔප්පු වෙනවා. ඔහුගේ සැලැස්ම වසර පුරාම සෑම සති දෙකකට වරක්ම එක පොතක් කියවීම. ඉතිං ඔබ වසරකට පොත් කීයක් කියවනවා ද? ඔබ වසරක් තුළ ජ්චජඥඡධධඬ තුළ කොපමණ වෙලා රැඳී ඉන්නවාද? තේරීම ඔබගේ අතේ. ඔබගේ ජීවිතයේ සහ ඔබට ලැබුණු කාලයේ වටිනාකම දන්නේ ඔබ පමණයි.
(mawbima.lk)

0 comments:

Post a Comment