Friday, May 8, 2015

Tagged Under: ,

Confession Behind Kotakethana Mother And Daughter Murders

By: Prosperity Tech On: 10:09 PM

කොටකෙතනේ අම්මයි දුවයි මැරූ හැටි පාපොච්චාරණය කරයි

කොටකෙතනේ තීන්දුව කල් යයි - අම්මයි දුවයි මැරූ හැටි පාපොච්චාරණය කළේ මෙලෙසයි (ඡායාරූප)

කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ඉයේ (07)ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් එය මේ මස 28 වන දින දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය තීරණය කළා

ලියනආරච්චිගේ ප්‍රේමවතී නමැති 63 හැවිරිදි මව සහ 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි නමැති ඇගේ දියණිය කපා කොටා ගිනිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාමල් චමින්ද සිල්වා,සිසිර කුමාර සහ එල්ජී මිතිල චෝදනා ලැබ සිටියා

2012 ජූලි 19 වැනිදා මෙම ඝාතන සිදුකර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණාපැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ බී 503/12 ලෙසින් පවත්වාගෙන ගිය මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය හමුවේ පසුව විභාග වුණා

නීතිපතිවරයාගේ සමාව ලැබ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ සහායකයකු වන ආචාරිගේ සිරිපාල මෙම නඩුවේ දී සාක්කි දුන්නා

පසුගිය නඩු වාරයක දී ජීන් ටෙක්” ආයතනය වෙනුවෙන් මහාචාර්ය රුවන් ඉලේපෙරුම මහතා සාක්කි ලබාදෙමින් රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පල ආටිගල මහතා මරණකාරිනියන්ගේ ස්ත්‍රී ලිංග තුළ තිබූ ස‍්‍රාවයන් පිස්න ආකාරයෙන් ලබාගෙන තමන් වෙත එවූ බවත් පුෂ්පකුමාරිගේ ස්ත්‍රී ලිංගය තුළ තිබී පුරුෂ ධාතු සොයාගත් බවත් එම පුරුෂ ධාතු මෙම විත්තිකරුවන් තිදෙනා හා සිරිපාලගේ ඩීඑන්ඒ රටාවන් සමග නොගැළපුණු අන්දමත් හෙළි කළා

ඇගේ යෝනිය තුළ සොයා ගත් ශුක්‍රාණු වල ඩීඑන්ඒරටාව පරිගණකයට ඇතුල් කළ විගසම එමඩීඑන්ඒ රටාවට සමාන ඩීඑන්ඒ රටාවක් ඇති පුද්ගලයකුගේ සාම්පලයක් මීට පෙර පරීක්ෂා කර ඇති බව පෙන්වනු ලැබු බවත් ඊට පෙර සිදුකළ ද්විත්ව කාන්තා ඝාතනයටත් අමතරව එම අපරාධකරු තවත් කාන්තා ඝාතන දෙකකට සම්බන්ධ බව පරීක්ෂණවලදී හෙළි වූ බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නා

භූත බලවේගයක් නිසා මෙම ඝාතන සිදුවන බවට ගමපුරා ප්‍රචාරයක් පැතිර ගොස් තිබූ අතර ගම්මුන්ගේ අවධානය වෙනතකට යොමුකරලීම මේ ඝාතකයන්ගේ සැලසුමක් බව පොලිස් පරීක්ෂණවල දී හෙළිවී තිබුණා

නීතිපතිවරයාගේ සමාව ලැබ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙන අපරාධ සහායකයකු වන ආචාරිගේ සිරිපාල ලබා දුන් කට උත්තරය පහත දැක්වෙනවා

ප්‍රේමවතී අක්කාටයි එයාගේ දුවටයි පිහියෙන් කෙටුවා ඔවුන් දෙදෙනා මරු විකල්ලෙන් ද`ගලද්දී දෙදෙනාටම අතවර කළා පස්සේ මමත් තුෂාරත් යට ඇඳුම්පිටින්ම ගෙදර ගියා තුෂාරගේ සිරුරට හා කමිසයේ ලේ තැවරී තිබූ නිසා ඒවා උනා ප්‍රේමවතී අක්කාගේ හා දියණියගේ දැවෙමින් තිබූ සිරුරු මතට වීසිකළා යට ඇඳුමෙන් සිටි දෙදෙනා දුෂණය කිරීමෙන් පසු ඔවුන්ගේ සිරුරුවලට භූමිතෙල් හලා ගිනි තිබ්බා යට ඇඳුම් පිටින් ගෙදර ඇවිදින් නාගෙන පිරිසිදු වී වෙනත් ඇඳුම් ඇඳ ගත්තා

මගේ ඇඳුම්වල ලේ තැවරී තිබුණේ නැහැ නමුත් මා ඇඳ සිටි සරම ගලවාගෙන කිහිල්ලේ ගසාගෙන තුෂාරත් සමග ආවා යැයි සැකකාර සිරිපාල නමැත්තා පොලිසියට පාපෝච්චාරණයක් කරමින් පවසා ඇත ඝාතනයට යොදාගත් මන්නාපිහිය තුෂාර වෙලට විසිකර දැමුවා පස්සේ දවසක ගිහින් ලේ තැවරී තිබූ ඒ පිහිය සෝදා මම නැවතත් ප්‍රයෝජනයට ගත්තා අපි ප්‍රේමවතී අක්කාගේ නිවසේ ගින්න නිවා දැමීමටත් හවුල්වුනා සිරුරුවලට ගිනි තැබුවායින් පස්සේ තමා ගෙටත් ගිනි ගත්තේ මේ දෙදෙනාගේ සිරුරු මෙට්ට හා ඇඳ ඇතිරිලි දමා භූමිතෙල් හලා ගිනි තිබ්බා ඒ ගෙදරින් පිටත්වෙලා එන්න කලින් ජනේලයක කම්බි කූරු ඈත්කළා

එහෙම කළේ පරීක්ෂණ පැවැත්වීමට එන පොලිසියේ මහත්වරුන් නොමග යවන්නයි මේ සිද්ධිය මට හැම තිස්සේ මැවී පෙනෙන්නට වුනා මම සමහරදාට රෑට හීනෙන් බය වෙලා කෑ ගැසුවා මේ නිසා රෑට හොඳට බීලයි නිදා ගන්නේ

නාමල් චමින්ද සිල්වා ලබා දුන් කට උත්තරය

ප්‍රේමවතී අක්කාගේ හා ඇයගේ දුවගේ ඝාතනයන්ට ශාප කරන්න මම ගමේ කට්ටියත් එක්ක රත්නපුර සමන්දේවාලයට ගොස් පොල් ගැසුවා මේ අපරාධය කරපු ඔවුන්ට හෙණ හතම ගහන්න ඕනෑ කියා දෙවියන්ට කන්නලව් කළා මේ වගේ ර`ගපෑමක් මට කරන්නවුනේ කාටවත් සැකයක් ඇති නොවන්න

සිරිපාල ගැහැනුන්ට කෑදර මිනිහෙක් කියලා දැන ගත්තා මේ බව දැන ගත්තාට පස්සේ සිරිපාලට අසභ්‍ය දර්ශන තියන සීඞී කිහිපයක් ගෙනවිත් පෙන්නුවා ඒවා මිනිහා පුදුම ආශාවකින් බලා හිටියා එහෙම කළේ දුවගැන මිනිහට කාම ආශාවක් ඇතිකරවන්න හිතාගෙනයි හරියටම හරි ගියා

ඝාතනයට ලක්වූ හේවාගමගේ පුෂ්පකුමාරි




 ඝාතනය සිදු වූ නිවස
නීතිපතිවරයාගේ සමාව ලැබ පැමි‚ල්ල වෙනුවෙන් සාක්ෂි දෙන අපරාධ සහායකයකු වන ආචාරිගේ සිරිපාල

සැකකාර නාමල් චමින්ද සිල්වා

සැකකාර සිසිර කුමාර

සැකකාර එල්.ජී. මිතිල

0 comments:

Post a Comment