Wednesday, April 29, 2015

Tagged Under: , ,

Cutlery Trouble in President - Farmers Meeting

By: Prosperity Tech On: 7:13 PM

ගොවියන්ට හැඳි ගෑරුප්පු වලින් ලන්ච් එක දුන් කාගිල්ස් උත්සවයේදී ජනපති හැඳි ගෑරුප්පු අතහරී

ජනපති මෛත්‍රිපාලගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති කාගීල්ස් සරුබිම ගොවි පුරවැසි සම්මාන උත්සවයට ලංකාව පුරා සිටින ගොවි ගෙවිලියන් රැසක් සහභාගී වුණා.
මෙම සම්මාන ප්‍රදනෝත්සවයේදී වගාබිම් ප්‍රජා නායකයින් 18 දෙනෙකු සඳහා ජනාධිපතිවරයා අතින් සම්මාන ලැබුණා. පැමිණි සියල්ලන්ට එදින දිවා ආහාරයද කාගිල්ස් සමාගම අනුග්‍රහයෙන් පිළියෙල කර තිබුණ අතර බුෆේ ක්‍රමයට ආහාර ඛෙදාගන්නට පහසුකම් සලසා තිබුණා. ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිස සමඟ ගොස් දිවා ආහාරය සඳහා එක්ව තිබුනේ පෝලිමේ ගොස් ආහාර ඛෙදා ගනිමිනි.
පැමිණි අයට කන්නට තිබුනේ ඉහළ පන්නයේ හෝටලයක කන්නට දෙන ආකාරයටයි. සංවිධායකයන්ගේ නොදන්නාකම හෝ සමාගමේ තත්වය ආරක්ෂා කිරීමේ අරමුණ නිසා ගොවි ගෙවිලියන්ට පවා ආහාර ගැනීමට තබා තිබුණේ හැදි ගෑරුප්පුය. එය ඔවුන්ට නුහුරු වූයෙන් එම අවස්ථාවේ ඇතැමුන් උඩබිම බැලු අතර අයෙක් වටපිට බලා සිටියේ හැඳි ගෑරුප්පු වලින් කන්නේ කෙසේද යන්න නොදන්නා ආකාරයටයි.

සමහරු නොසන්සුන්ව කුමක් කරමුදැයි එකිනෙකා හා කථා කර තිබුණා.
මෙය දුටු ජනාධිපතිවරයා හැන්ද සහ ගෑරුප්පුව පසෙක දමා අත සෝදාගෙන ආහාර ගැනීමට පටන් ගත්බව වාර්තා වුණා. එය දුටු ගොවි ගෙවිලියෝද ජනාධිපතිවරයා අනුව යමින් හැ`දි ගෑරුප්පු පසෙක දමා අතින් කෑමට පටන් ගත් බව පසුව වාර්තා වුණා.

එම වෙනස නිසා කෑම ඛෙදන්නට සිටි සේවකයින් අත් සොදාගන්නට අවශ්‍ය බඳුන් එක් එක් මේස සඳහා අලූතින් ගෙන්වා තැබුවා.

0 comments:

Post a Comment