Monday, February 16, 2015

Tagged Under: ,

Yasara Abeynayake Has to Leave from Foreign Service

By: Prosperity Tech On: 4:32 AM

යෝෂිතගේ හිටපු පෙම්වතියගේ ඕස්ටේ්‍රලියානු රැකියාව අහිමි වෙයි

ශ්‍රී ලංකා විදේශ සේවයට දේශපාලන හිතවත්කම් මත පත් කළ 36 දෙනෙකු නැවත මෙරටට ගෙන්වීමට විදේශ අමාත්‍යාංශය පසුගියදා කටයුතු කිරීමෙන් පසු හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ පෙම්වතිය වූ යසාරා අබේනායක මෙනවියටද එම රැකියාව අහිමිව ඇති අතර නැවත ලංකාවට ඒමට සිදුව තිබේ.

හිටපු ප්‍රවීණ සිනමාවේදී ගාමිණී ෆොන්සේකාගේ මිණිපිරිය වන ඇය
සහ යෝෂිත රාජපක්ෂ අතර සම්බන්ධය පැවති කාලයේ ඇය සීඑස්එන් නාලිකාව භාරව කටයුතු කළ නමුත් එම සම්බන්ධය බිඳ වැටුණ පසු ඇය ඉන් ඉවත්විය. පසුව වාර්තා වූයේ ඇයට ඕස්ටේ්‍රලියාවේ තානාපති සේවයට අදාළ පත්වීමක් රජයේ අනුග්‍රහයෙන් ලැබුණ බවයි.


යෝෂිත රාජපක්ෂ සමග සම්බන්ධයට පෙර යසාරා සමග වසීම් තජුඩීන් නමැති හිටපු රගර් player පෙම් සබඳතාවයක් පැවත්වූ බවටත් පසුව ඔහු හදිසි අනතුරකින් මියයාම සැකයට භාජනය වූ බවටත් පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පළවූ අතර ඒ ගැන අලූතින් පොලිස් පරීක්ෂණද දැන් ඇරඹී තිඛෙනවා.

කෙසේ වෙතත් මෙම ඝාතනය ගැන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මින් දින කිහිපයකට පෙර මාධ්‍ය වෙත නිවේදනයක් එවමින් යසාරා අබේනායක දන්වා තිබුනේ තමා වසීම් තජුඩීන් නමැත්තෙකු හඳුනන්නේවත් නැති බවත් ඒ වාර්තා අසත්‍ය බවත්ය.
තානාපති අංශයේ රැකියාව ගිලිහීමෙන් පසුව යසාරා ලංකාවට ඒවිද නැතහොත් ඕස්ටේ්‍රලියාවේම සිටීවිද යන්න තවම පැහැදිලි නැත.
(gossiplankanews.com)

0 comments:

Post a Comment