Saturday, February 14, 2015

Tagged Under: , ,

Thissa Aththanayake speak to Divaina

By: Prosperity Tech On: 7:02 PM

අන්තිම තත්පරය දක්‌වාම මම යු.එන්.පී. කාරයෙක්‌!
- තිස්‌ස අත්තනායක දිවයිනට කියයි 




                      තිස්‌සගේ දියනිය දුල්මිණි අත්තනායක

ප්‍රශ්නය - ඔබ නොසිතූ වෙලාවක සිදු කරන ලද ඔබේ පිල්මාරුව නිසා අද ඔබ බරපතළ පීඩනයකට ලක්‌වෙලා තිබෙනවා. ඔබගේ පිල් මාරුව ජ්‍යෙdතිෂ උපදෙස්‌ මත සිදුවූවක්‌ බවත් කියවෙනවා. සුමනදාස අබේගුණවර්ධන මහතා ඔබගේ මිත්‍රයෙක්‌. ඔබේ පිල් මාරුව සඳහා ජ්‍යෙdතිෂඥයන්ගේ උපදෙස්‌ බලපෑවාද?

පිළිතුර - රටම දන්න කාරණයක්‌ තමයි, මම මේ තීරණය ගත්තේ දේශපාලන තත්ත්වයක්‌ මත කියලා. මම සුමනදාස මහත්මයාව අඳුනනවා වුණත් මෙතැනදී ? ජ්‍යෙdතිෂ්‍ය උපදෙස්‌ මත නෙමෙයි ඒක කළේ. මේ ගැටුම ආරම්භ වුණේ මම මූලික වෙලා රනිල් සජිත් එකතු කරන්න යැමයි.

     
  මම දේශපාලනයට එන්නේ නෑ
- දුල්මිණි අත්තනායක

ප්‍රශ්නය - දුල්මිණි දැන් හරි ජනප්‍රියයිනේ. ෆේස්‌ බුක්‌ එකේ ඔයා ගැන ගොඩක්‌ විස්‌තර සඳහන් වෙලා තිබුණා. ඒවා දැක්‌කාද.......?

පිළිතුර - මම ඒවා දැක්‌කා. සමහර අය මඩ ගහලත් තිබුණා. අපිට ඒවා හොඳට පුරුදුයි. මම ඕවා ගණන් ගන්නේ නැහැ. හැබැයි දැන් හැමෝම මගෙන් අහනවා දේශපාලනයට එනවාද කියලා.

ප්‍රශ්නය - පරම්පරාවෙන් දේශපාලනය කිරීම බොහෝවිට දකින්නට පුළුවන් දෙයක්‌. දැන් ඔබත් ජනප්‍රිය නිසා දේශපාලනයට එන්න එහෙම අදහසක්‌ නැද්ද.......?

පිළිතුර - මම දැන් ඉගෙන ගෙන ඉවර වුණා විතරයි. මම බ්‍රිතාන්‍යයේදී කළමනාකරණ උපාධිය හැදැරුවා. තාම මම දේශපාලනයට එන්න හිතලා නැහැ. එහෙම එන්න මට අවශ්‍යත් නැහැ. හැබැයි මට මිනිස්‌සුන්ට සේවය කරන්න ඕනේ. ඒකට දේශපාලනයම ඕනේ නැහැනේ. මට සමාජ සේවා සංවිධානයක්‌ හදාගෙන හරි ඒක කරන්න පුළුවන්. හැමෝම මගෙන් අහන්නේ දේශපාලනයට එනවද කියලයි. මම නම් ඒකට කැමැති නැහැ. අප්පච්චි කැමැතිත් නැහැ.

ප්‍රශ්නය- තාත්තා බොහෝ කාලයක්‌ සේවය කරපු එජාපයේ මහලේකම් කමෙන් ඉවත් වෙලා මහින්ද රාජපක්‍ෂ මහතාට සහය දෙන්න ගියේ නැත්නම් මේ ආණ්‌ඩුවේ ඇමැති කෙනෙක්‌. එහෙම වුණා නම් අද ඔයා ඇමැති කෙනෙක්‌ගේ දුවෙක්‌. තාත්තා තව ටිකක්‌ ඉවසුවා නම් හොඳයි නේද?.....
ඉතිරි කොටස මෙවර දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතෙන්....
 
     
සජිත් ප්‍රේමදාස නි. නායකයා කිරීමට මම ගත්ත පියවර හා ඒ සඳහා මම උනන්දුවෙන් වැඩ කිරීම, පක්‍ෂයේ සමහර අයට දිරවන්නේ නැතිව ගියා. එයින් ඇතිවෙච්ච ගැටුමේ ප්‍රතිඵලයක්‌ තමයි, අවසාන වශයෙන් මට පක්‍ෂයෙන් එළියට යන්නට බලපෑවේ. පක්‍ෂයේ එකමුතුව සඳහා රනිල් හා සජිත් මම එකතු කළා. ඒක කළාට පස්‌සේ ඒ අය සමගි වුණා. මම එළියට විසි වුණා.

ප්‍රශ්නය - ඒ කියන්නේ, පක්‍ෂයේ සමගිය කියන නිධානය ගත්තේ තිස්‌ස අත්තනායක කියන චරිතය බිල්ලට දීලාද?

පිළිතුර - ඔව්... පැහැදිලිවම... මාව නිකම්ම නිකං බිල්ලට දීලා නෙමෙයි. මාව දැන් උසාවි අරගෙන යනවා. හිරගත කරනවා... මට දැන් කොච්චර වදයක්‌ දෙනවද...? 1989 තමයි මම මුලින්ම පාර්ලිමේන්තුවට ආවේ. 1994 දේශපාලන පෙරළියත් එක්‌කම රනිල් වික්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක වෙනකොට, එදා ඉඳලා අද දක්‌වා අවුරුදු විසිහතක්‌ මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාව රකින්න, එතුමාට විරුද්ධව නොයෙක්‌ තර්ජන එනකොට, පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම් එනකොට, එතුමාව පක්‍ෂ නායකත්වයෙන් එලවන්න හදනකොට, හැම තැනදීම එතුමා වෙනුවෙන් මම බෙල්ල දීලා වැඩ කරපු කෙනෙක්‌. 2011 වසරේ එතුමාගේ සංශෝධනයක්‌ මහා සමුළුවෙන් අනුමත කරපු වෙලාවේ, ඒ අභියෝගය මම දැක්‌කා. එදා ඒ අභියෝගය පැරදුනා නම් අද රනිල් වික්‍රමසිංහ කෙනෙක්‌ අගමැති වෙන්නේ නෑ. ඒ දේ කරන්න මමත් තව කණ්‌ඩායමකුත් එක්‌ක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාව දිනවන සම්මේලන සටන පටන් ගත්තේ.

ප්‍රශ්නය - ඔබට පක්‍ෂයෙන් ආවාය කියන පීඩනය ගැන රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්‌ක කතා කළේ නැද්ද?

පිළිතුර - මම මේ තීරණය ගන්න ඉස්‌සෙල්ලා, නොවැම්බර් මාසයේ අවස්‌ථා කිහිපයක රනිල් වික්‍රමසිංහ එක්‌ක කතා කළා. මම එතුමාට මට තියෙන ප්‍රශ්න කිව්වා. මේ ගැටුම ගැන එයා හොඳටම දැනගෙන හිටියා. මගේ ගෙදර ඇවිල්ලා එතුමා මාත් එක්‌ක ඒ ගැන සාකච්ඡා කළා. ඇත්තටම අපිට ලොකුම ප්‍රශ්නය ආවේ සැප්තැම්බර් විසි වැනිදා සංවත්සර උත්සවයේදී රනිල් - සජිත් එක වේදිකාවට ආපු එකෙන්. එතකොට අපේ ඉලක්‌කය තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපති අපේක්‍ෂකයා කරන්න. පක්‍ෂයේ එකමුතුව, ඒ කියන්නේ රනිල් - සජිත් සමගි කළේ නැතිනම් අපට විජයග්‍රහණයක්‌ නෑ කියලා. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පොරොන්දු වුණා සැප්තැම්බර් විසි වැනිදාට සජිත් ප්‍රේමදාස මහතාව සංවත්සර වේදිකාවට නග්ගනවා කියලා. ඒක මම කළා. එතැනදී පක්‍ෂයේ එක කණ්‌ඩායමක්‌ සජිත් ප්‍රේමදාස නි. නායකයා කළොත් ඒගොල්ලෝ පක්‍ෂයෙන් යනවා කියලා තර්ජනය කළා. පක්‍ෂය පිබිදෙන්න ගත්තේ රනිල් - සජිත් එකම වේදිකාවට ආපු එකෙන්නේ. ඌව මැතිවරණය සාර්ථක වෙන්න හරීන් ප්‍රනාන්දුගේ ඉදිරිපත් වීමත් රනිල් - සජිත් එකතු වීමත් පිටිවහලක්‌ වුණානේ.

ප්‍රශ්නය - ඔබ මේ කියාගෙන යන්නේ රනිල් - සජිත් එකතු කිරීම නිසා පක්‍ෂයේ එක්‌තරා පිරිසක්‌ ඔබට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගත්තා කියලද?

පිළිතුර - ඔව්... ඒ පිරිස මේ එකතුවට කොච්චර විරුද්ධ වුණාද කියනවා නම් රනිල් වික්‍රමසිංහ එලවන්නත් ඔවුන්ට ඕනෑ වුණා. මම ඒකට ඉඩ දුන්නේ නැහැ. රනිල් - සජිත් ගැටුමෙන් සතුටු වෙවී හිටිය පිරිස ඒක මියෑදුණාම මට පහර ගහන්න පටන් ගත්තා.

ප්‍රශ්නය - ඔබ පක්‍ෂයේ මහ ලේකම්. රනිල් - සජිත් කියන දෙදෙනාත් ඔබ සමග සිටියා නම් කවුරුවත් ඔබට පහර ගහන්නේ කොහොමද?

පිළිතුර - ඇත්තටම අවසාන කාලයේ ඒ තුන් හතර දෙනා ඒ තත්ත්වයට බලවත්වෙලා හිටියා.

ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියලා තීන්දු කරන මට්‌ටමට ඒ අය බලවත් වුණා. දෙසැම්බර් මාසයේ පක්‍ෂ සමුළුව, සිරිකොතේදී තිබ්බා. එතැනදී දෙතුන් දෙනෙක්‌ එකතු වෙලා මාව අපහසුතාවයට පත් කරන පියවරවලට යන්න හදනවා කියලා නායකතුමාගේ ආරක්‍ෂක අංශයේ අය කිව්වා. මම ඒකට විකල්ප පියවර ගත්තා. එහෙම නැත්නම් මම ඒ සමුළුවේදීත් අපහසුතාවට පත්වෙනවා. මෙහෙම දිගටම ප්‍රශ්න මතුවෙනකොට මට පක්‍ෂයේ ඉන්න බැරි තත්ත්වයක්‌ නිර්මාණය වුණ නිසා තමයි මට එළියට යන්න සිද්ධ වුණේ. එහෙම කරලා දැන් මාව හිරගෙයි දාලා. රටේ නැති, කාටවත් කටයුතු නොකරපු නීති ගෙනල්ලා, මාව හිර කරන්න හදන්නේ ඇයි කියලයි මම අහන්නේ.

ප්‍රශ්නය - ඔබ හිරගෙට යන්නේ රනිල් - මෛත්‍රී ගිවිසුමක්‌ ගැන සඳහන් කිරීම නිසයි. එහි ඇත්ත නැත්ත සම්බන්ධවයි ඔබට චෝදනා එල්ල වෙලා තියෙන්නේ. එහෙම තියෙද්දී ඔබ කියනවා මේක දේශපාලන පළිගැනීමක්‌ කියලා...

පිළිතුර - මෙය අධිකරණයේ තිබෙන ප්‍රශ්නයක්‌ නිසා මේක සාකච්ඡා කිරීම සුදුසු නැහැ. මේ කියන චෝදනාව මට එරෙහිව ඔප්පු කරන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි. ඩී. එම්. ස්‌වාමිනාදන් උතුරේ වැඩකටයුතු භාරව ඉන්න ඇමැතිවරයා. ඇමරිකානු සහකාර ලේකම් බිස්‌වාල් ආපු වෙලාවේ ඔහු විසින් ඇයට කියනවා උතුරේ හමුදාව සතු අක්‌කර හයදාහක්‌ වහාම නිදහස්‌ කරනවා කියලා. එතකොට මොකක්‌ද මේ කියන්නේ...? මම ඒ ගැන හෙළිදරව් කළාම ඒක ජාතිෙද්‍රdaහී කතාවක්‌. හැබැයි ස්‌වාමිනාදන් හරි ආණ්‌ඩුව හරි කියපුවාම ඒක ප්‍රශ්නයක්‌ නැහැ.

ප්‍රශ්නය - ඔබට එරෙහිව නඩු පැවරුවාම හරි රිමාන්ඩ්ගත කළාම හරි ඔබ විසින් ඒ ගැන රනිල් වික්‍රමසිංහ මහතාට කතා කළාද? ඔහු, ඔබට ඒ ගැන කතා කළාද?

පිළිතුර - අත්අඩංගුවට ගැනීම හෝ මට නඩු පැවරීම ගැන හෝ කිසිම දෙයක්‌ මම එතුමා එක්‌ක සාකච්ඡා කළේ නැහැ. එතුමාවත් මම ඉන්නවාද නැද්ද කියලා හොයලා බැලුවේ නැහැ.......

ඉතිරි කොටස මෙවර දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතෙන්....

සාකච්ඡා කළේ - මනෝඡ් අබේදීර
ඡයාරූප - නිමල් දයාරත්න


(divaina.com)

0 comments:

Post a Comment