උඩ පැන පැන හිනාවෙවි ඉන්න මට මේ චරිතය අභියෝගයක්
නර්තනයට උපන් හපන්කම් දක්වන අය රියැලටි නර්තන වේදිකාවෙන් කලඑළි බැස ඉන් ජයග්රහණය ලැබුවේ ගායක දුෂ්යන්ත් වීරමන්ගේ නර්තන සහායිකාව ලෙසිනි. “උත්තරා” සහ ‘ඩාන්සින් ස්ටාර්’ චිත්රපටිවලට රංගනයෙන් දායක වූ ඇය ගීතවල රූප රචනා කිහිපයකටත් සිය දායකත්වය ලබා දුන්නා. ඇය නමින් හෂිනි ගෝනගල. ඉදිරියේදී තිරගත වීමට නියමිත සනත් ගුණතිලක අධ්යක්ෂණය කළ ‘සිනහව අතරින්’ චිත්රපටයේ ද ඇය රඟපායි.සිනහව අතරින් චිත්රපටයට ඔබ සම්බන්ධ වුණේ කොහොම ද?
ඒක කියන්නත් ගොඩක් සතුටු කතාවක්. මම ‘උත්තරා’ චිත්රපටයේ සනත් ගුණතිලකගේ දියණියගේ චරිතය නිරූපණය කළා. එදා මට ඔහු කිව්වා නැවත වරක් මෙවැනි චරිතයක් නිරූපණය කරන්න වුණොත් මාව දියණිය විදිහට තෝර ගන්නවා කියලා. ඒත් මම හිතුවේ නෑ ඒ චරිතයට මාව තෝර ගත්තා කිව්වාම මම ගොඩක් පුදුම වුණා. ඇත්තටම සතුටුයි.
මේ චිත්රපටයේ දියණියගේ චරිතය ගැන මොකද හිතෙන්නෙ.
‘උත්තරා’ චිත්රපටයේ චරිතයත් එක්ක බලනකොට මේ චරිතය ගොඩක් වෙනස්. මෙය මට අභියෝගාත්මක චරිතයක් වුණා. ප්රේක්ෂකයාව අඬවන්න පුළුවන් හැඟීම්බර චරිතයක් ඒක.
චරිතයට හැඩ ගැහුණේ කොහොම ද?
අධ්යක්ෂවරයා මේ චරිතය ගැන විස්තර කළා. ඒක අමුතුවෙන් ඇඟට ගන්නේ නැතුව මම ස්වභාවිකව ඉදිරිපත් කළා. ඒ නිසා චරිතයට හැඩ ගැහෙන්න ගොඩක් අපහසු වුණේ නෑ.
හෂිනිට රංගනයෙන් දායකත්වය ලබා දෙන්න වෙන්නේ රූප රාමු තුනකට පමණයි. ඒ රූප රාමු තුන තුළදී සාධාරණයක් කළා ද?
මම හිතනවා සාධාරණයක් ඉටුකළා කියලා. ඒත් ඒක හරියටම දැනගන්න වෙන්නේ චිත්රපටය රසිකයන් අතරට ගියාම තමයි.
අධ්යක්ෂවරයාගෙන් ලැබුණු උපදෙස් හා සහාය කොයි වගේ ද?
ඇත්තටම ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා. මට සිංහල කතා කරන්න ටිකක් අපහසු වුණත් ඒ වෙලාවේ දෙබස් කියනකොට පවා ඒවාට උදව් කළා. අපි හිතනවානේ ගොඩක් වේලාවට ප්රවීණ අය උදව් කරයි ද කියලා. ඒත් අධ්යක්ෂවරයා මට උපරිම සහාය දුන්නා. මට කිසිම බයක් තිබුණේ නැහැ. මම ඒකට ගොඩක් සතුටු වෙනවා වගේම ස්තූතිවන්ත වෙනවා.
‘ඩාන්සින් ස්ටාර්’ වැනි වැඩසටහන්වලින් ජනප්රිය වුණු දඟකාර චරිතයක් වූ ඔබ කොහොම ද ඔසරි ඇඳගත්ත සරල යුවතියකට පරිවර්තනය වුණේ?
ඇත්තටම ඒක ටිකක් අමාරු වුණා. ඒ චරිතය කලබල නැති චරිතයක්. වෙනදා ඉතින් උඩ පැන පැන හිනාවේවි ඉන්නවානේ. ඇත්තටම ඒකට අම්මා ගොඩක් උදවු කළා.
මෙවැනි චිත්රපටයකට දායකත්වය දැක්වීමට ලැබීම ගැන මොකද හිතන්නෙ...
සතුටුයි. විශේෂයෙන්ම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන මේ අවස්ථාවේදී සනත් ගුණතිලක මහත්මයටයි, සුනිල් ටී. ප්රනාන්දු මහත්මයටයි. මට මේ අවස්ථාව ලබා දුන්න එකට. අභියෝගාත්මක චරිතයකට ආත්ම විශ්වාසයෙන් එය නිරූපණය කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරලා මාව තෝරගත්ත එකට සතුටුයි.
0 comments:
Post a Comment