Tuesday, February 17, 2015

Tagged Under: ,

Suicidal Lovers Couple - Couple Hinted Family About Suicide

By: Prosperity Tech On: 8:18 PM

දැදුරු ඔයේ පැනලා දිවි නහගත් පෙම්යුවල පිටුපස සැගවුණු දීර්ග, දුක්මුසු පෙම්කතාව සොයා ගැනේ

ලේ වලින් ලියුමක් ලියා වේල්ලෙන් පැන්න සිසු පෙම් යුවළ

පසුගිය බදාදා දහවල් කුරුණෑගල වාරියපොළදී දැදුරු ඔයේ වේල්ලකින් පැන පාසල් පෙම් යුවළක් දිවිනසාගැනීමේ සිද්ධිය පෙම් සබඳතාවකට දෙමාපියන් එරෙහිවීම නිසා ඇතිවූ කලකිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇති බවට දැන් සාක්ෂි අනාවරණයවී තිඛෙනවා.


මියගිය සිසුවියගේ පාසල් පොත්පත් පරීක්ෂා කිරීමේදී ලේවලින් අත්සන් කර ලියා තිබුණ ලියුමක් පොතක් අස්සේ තිබී හමුවූ බවත් එහි zඔයා මගේ පණZ යනුවෙන් සිසුවාගේ අත්අකුරින් ලියා තිබුණ බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිඛෙනවා.

මියගිය සිසුවා මින් පෙර එක් අවස්ථාවක ආදර සම්බන්ධය නිසා කනේරු ඇට කා දිවි නසාගන්නට උත්සාහ කර තිබුණ බව හා මියගිය සිසුවියගේ සොයුරියකද මින් ටික කලකට පෙර ආදර සම්බන්ධයක් නිසා දිවි නසාගෙන තිබුණ බවද වාර්තා වුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ එච්. බි. සුභද්‍රා හා තරිඳු රත්නායක නමැති 16 හැවිරිදි වියේ සිසු පෙම් යුවළකි. ඔවුන් මේ වසරේ අපොස සාමාන්‍යපෙළ විභාගය ලිවීමට බලාපොරොත්තුවෙන් සිටි අයයි.

මෙම දෙදෙනාගේ මළ සිරුරු අවස්ථා දෙකකදී ගොඩගන්නා ලද අතර සිද්ධිය නිසා ඔවුන් පදිංචිව සිටි ගම්මානයම එකම මළගෙයක් බවට පත්ව තිබුණා.

කුඹුක්ගැටේ සහ කුලියාපිටිය ප්‍රදේශයේ පාසල් දෙකක ඉගෙනුම ලබන මෙම සිසුවා සහ සිසුවියගේ භාරකරුවන් මෙම පෙම් සබඳතාවය ගැන දැන සිටි නමුත් මෙය මේ තරම් ඛේදවාචකයකින් කෙළවර වන මට්ටමකට යාවි යයි සිතා නැත. මියගිය බවට සැක කෙරෙන සිසුවිය ඉගෙනුමට ඉතා දක්ෂ සිසුවියක් බවද පැවසේ.

පෙම් සබඳතා නිසා තමාගේ දරුවන් හතර දෙනාගෙන් දැරියන් දෙදෙනෙකුගේම දිවිනසාගැනීම් ඉවසන්නට සිදුවූ අවාසනාවන්ත මව

ලලිතා පද්මි‚ මහත්මිය හ~මින් කියා සිටියේ,

    zමගේ කෙල්ල පොඩි එකී, ලස්සනට අඳින්න හරිම ආසයි. ලේවලින් ලියුම් ලියලා  දුන්නට මගේ දුවගේ එහෙම අදහසක් තිබිලා නෑ. ඉස්කෝලේ මිස් කීවා ළමයාගේ හිතේ එහෙම අදහසක් නෑ. අරගෙන ගිහින් හොඳට හදාගන්න කියලා.

    ළමයට හොඳට උගන්වන්න ඕන නිසා අක්කා ළඟ දාලා මං රට ගියා.  දුවගේ තාත්තා අසනීපයෙන් ඉන්නේ. රට ගිහිල්ලා කන්න නැතිව අවුරුද්දක් දුක්වින්දා. ගුටිකකා බැණුම් ඇහුවා. දරුවෝ හතර දෙනා වෙනුවෙන් සේරම දුක්ගිනි ඉහිලූවා. ඒත් මට මගේ දරුවාව බේරා ගන්න බැරි වුණා.
    මම අහනකොට කීවා, අම්මේ මම සම්බන්ධය නවත්තලා තියෙන්නේ කියලා. මැරිච්ච මගේ අනිත් දුවට කීවේ මගේ චූටි අම්මා කියලා. අනේ එහෙම හිටිය මගේ දරුවෝ දෙන්නම මට අද නැති වුණා.
    ජලාශයට පැන මියගිය කුඹුක්ගැටේ මහා විද්‍යාලයේ තරිඳු රත්නායක පවුලේ එකම පිරිමි දරුවා වූ අතර ඔහුට එක් සොයුරියක් සිටියි.

සිසුවා හා සිසුවිය අතර පෙම් සබඳතාවය හටගෙන ඇත්තේ මීට මාස පහකට පමණ ඉහතදීය.

සිසුවියගේ මව විදේශ රැකියාවකට ගොස් සිටියදී ඇය කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිව සිටින මවගේ වැඩිමල් සොයුරියගේ නිවසට ගිය අවස්ථාවක එම ප්‍රදේශයේම පදිංචිව සිටි මියගිය සිසුවා සමග පෙම් සබඳතාවයක් ඇතිකරගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මෙම සබඳතාවයට දෙපාර්ශ්වයේම වැඩිහිටියන් විරෝධය පළ කර ඇති අතර එම අවස්ථාවේදී ඉන් කෝපයට පත් සිසුවා කනේරු ඇට ආහාරයට ගෙන දිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇත.
දිවිනසාගැනීමේ සිදුවීමට දින දෙකකට පෙර තමන් දිවි හානිකර ගන්නා බවට සිසුවා නිවසේදී දෙමාපියන්ට තර්ජනය කර තිඛෙන බවටද තොරතුරු ලැබී ඇත.

පෙම්වතා  දිවිනසාගෙන  මියයන බව සඳහන් කර තම රුධිරයෙන් ලිපියක් ලියා තබා නිවසින් පිටත්ව ඇති අතර පෙම්වතිය නිවෙසින් පිටවී තිඛෙන්නේ බිංගිරිය නගරයට යන බව පවසමින්ය.
දෙදෙනාම වේල්ල අසළින් පැන දිවි නසාගන්නට ක්‍රියා කළේ ඉන් පසුවය.


 

0 comments:

Post a Comment