Saturday, January 17, 2015

Tagged Under: ,

Basil banns slfp

By: Prosperity Tech On: 3:37 AM

බැසිල් රාජපක්‍ෂ මහතාව ශ්‍රීලනීපයෙන් ඉවත් කර දමයි

බැසිල්ට නැවත ශ්‍රීලනීපයෙන් නාම යෝජනා නෑ. මහින්දත් එකගයි


හිටපු ආර්ථික සංවර්ධන ඇමැති හා ශ්‍රී ලනීපයේ  ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට නැවත ශ්‍රී ලනීපයෙන් නාම යෝජනා ලබා නොදීමට තීරණය කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර මේ වන විට ඇතිවී තිඛෙන  එකඟතාවයන් අනුව නාමල් රාජපක්ෂ මහතාට එළඹෙන මහ මැතිවරණයේදී හම්බන්තොටින් නාම යෝජනා ලබා දීමත් මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමටත් නියමිතය. බැසිල් රාජපක්ෂ මහතාට යළි ශ්‍රී ලනීපයෙන් නම යෝජනා නොදීමටත් ශ්‍රී ලනීපයේ කටයුතුවලට සම්බන්ධ කර නොගැනීමටත් තීරණය කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා

විසිනි. ඊට මහින්ද  රාජපක්ෂගේද එකඟතාවය ලැබී ඇත. එමෙන්ම  යෝෂිත හා නාමල්ගේ  ඉල්ලීම වී ඇත්තේ ද යළි බැසිල්ට ඉඩ ලබා දියයුතු නැති බවය.

ඒ කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා මේවන විට ශ්‍රී ලනීපයේ  ජාතික සංවිධායක තතුරින්  ඉවත්වී තිඛෙන බවට ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත ලිපියක් යවා ඇතැයි හිටපු ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයේ සම්පූර්ණ වගකීම භාරගනිමින් එම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රිලනිප ජාතික සංවිධායක ධූරයෙන් ජනවාරි 15වැනිදා පෙරවරුවේ ඉල්ලා අස්විය.

මේ පිළිබඳව දැනුම් දෙමින් ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත ලිපියක් යවමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පසුපෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තමන් ඉදිරියටත් කටයුතු කරන බවය.

ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක‍යා වෙනුවෙන් පූර්ණ සහාය දුන් ශ්‍රිලනිප ඇතුළු සියළුම සන්ධානයේ හවුල්කාර සහ හිතවත් පක්ෂවල නායකයින්, සාමාජිකයින්, ක්‍රියාකාරිකයින් සහ හිතවතුන් වෙත සිය කෘතඥතාවය එම ලිපිය මගින් පළකර ඇති බැසිල් රාජපක්ෂ මහතා විශේෂයෙන් සන්ධානයේ නායක මහින්ද රාජපක්ෂ, ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යන මහත්වරුන් ඇතුළු සියලූම නිලධාරින්ට තමාට මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කිරිම සඳහා අනගි සහායක් දුන් බව කියා සිටී.

ජනාධිපතිවරණය ඉතා සාධාරණ සහ යුක්ති සහගතව පවත්වා ගැනීමට සහාය දුන් මැතිවරණ කොමසාරිස් ඇතුළු සියළුම රජයේ නිලධාරින්ද පොලිසිය ඇතුළු ආරක්ෂක අංශද ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු රටපුරා සන්ධාන අපේක්ෂකයාට ඡන්දය ලබාදුන් ඡන්දදායකයින් මෙන්ම සංවිධානයට ක්‍රියාකාරිව දායකවූ ජනතා නියෝජිතයන්ද මැතිවරණ නිතිරීති වලට අවනතව කටයුතු කිරීම රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට රුකුලක් වූ බවද එමගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ. - ීැැ පදරු ්එථ

0 comments:

Post a Comment