Friday, January 30, 2015

The wait is finally over!!! Baby Doll is all set to make you groove with her Pink Lips.

By: Prosperity Tech On: 7:53 PM

සනි ලියොන් වැඩියෙන් උනන්දු වන කාන්තාව කවුද ? - වීඩියෝ


sunney leaone
 තමන් කැමතිම බොලිවුඩ් නිළියන් දෙන්නා කන්ගනා රනාවත් හා විද්‍යා බාලන් වුනාට සිනමාව තුළ රැඳී සිටින්න උනන්දුවක් ඇති කරන්නේ ප්‍රියංකා චොප්රා කියලයි බොලිවුඩ් නිළි සනි ලියොන් කියන්නේ. කෙටි කාලයකින් බොලිවුඩ් රසික රසිකාවියන් අතර අතිශ්‍ය ජනප්‍රියතාවයක් ලබා ගන්න සනි ලියෝන්ට පුළුවන් වුනානේ.එකට නම් හේතු ගොඩක් තියෙනවා.කොහොම වුනත් ඇය කියන විදියට ප්‍රියංකා තමා සම්බන්ධ වෙලා ඉන්න හැම ක්ෂේත්‍රයකම ඉහළට ඇවිත් ඉන්නේ.ඒ වෙනුවෙන් ඇය ලොකු කැපකිරීමක් කරනවා අනික ඉන්දියාවේ වගේම ඇමරිකාවෙත් ප්‍රියංකා චොප්රාගේ බිල් බෝර්ඩ් දකින්න ලැබෙනවලු. මේවා දැක්කම තමන්ට ලොකු ආඩම්බරයක් දැනෙනවා වගේම බොලිවුඩ් නිළියක් හැටියට ඉදිරියට යන්න උනන්දුවකුත් ඇති වෙනවා කියලයි සනි ලියොන් කියන්නේ..












Thursday, January 29, 2015

Interim Budget 2015 - Ministry of Finance and Planning sri lanka

By: Prosperity Tech On: 3:27 AM

2015 අතුරු අයවැය යෝජනා සියල්ල මෙන්න

ශ්‍රී ලාංකිකයින්ට උපරිම සහන දුන් අවස්ථාව මෙය වනු ඇති බව නව රජයේ අතුරු අයවැය අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
2014 අවසානයේ රජයේ ණය රු. බිලියන 8800 ඉක්මවන අතර සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 84.9%ක්.
  • මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වැටුප් වැඩි කළ යුතුයි. 
  • පෙබරවාරි මස සිට රජයේ සේවකයින්ට රු. 5000ක්. ජූනි මාසයේ තවත් රු. 5000ක් ලෙස වැටුප් ඉහළට 
  • පුද්ගලික අංශයේ වැටුප් රු. 2500කින් වැඩි කරන ලෙස ඉල්ලීමක්  
  • පසුගිය රජය සමයේ වසා දැමූ කර්මාන්ත යළි ආරම්භ කිරීමට පියවර 
  • විශ්‍රාමික වැටුප් අප්‍රේල් මස සිට රු. 1000කින් ඉහළට 
  • සමෘද්ධි දීමනාව අප්‍රේල් මස සිට 200%කින් ඉහළට
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ගිණුම් සඳහා 15%ක පොළියක් 
  • ගර්භණී මාතාවන්ට රු. 20000ක දීමනාවක් 
  • වී සඳහා රු. 50ක සහතික මිලක් 
  • අඩු මුදලකට අත් ට්‍රැක්ටර් 
  • පොහොර සහනාධාරය තවදුරටත් 
  • නැවුම් කිරි ලීටරයක් මිලදී ගැනීමේදී රු. 10කින් ඉහළ දැමේ 
  • කොළඹ යළි පදිංචි කළ පවුල් සඳහා වන්දි මුදල් ඉහළට 
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විමධ්‍යගත අරමුදල 100%කින් එනම් රු. මිලියන 10ක් දක්වා ඉහළට
  • සෞඛ්‍ය සේවය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 3%ක් දක්වා ඉහළට 
  • රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 ම ක්‍රියාත්මක කෙරේ
  • වකුගඩු රෝගීන් වෙනුවෙන් විශේෂ අරමුදලක් 
  • අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කෙරේ
  • භූමිතෙල් මිල තවත් රු. 6කින් පහළට. භූමි තෙල් ලීටරයක නව මිල රු. 59යි  
  • සූර්ය බලශක්ති ඒකක පිහිටුවා විදුලි බල වියදම් අවම කරයි
  • අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට සීනි මිල රු. 10කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට කිරි පිටි ග්‍රෑම් 400 මිල රු. 325 දක්වා අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රු. 12.50කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට හාල්මැස්සන් කිලෝ ග්‍රෑමයක මිල රු. 15කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට ටින් මාළු මිල රු. 60කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට කොත්තමල්ලි කිලෝග්‍රෑමයක මිල රු. 150කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට උම්බලකඩ කිලෝවක මිල රු. 200කින් අඩු කෙරේ
  • අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීමට පොරොන්දු වුණ ත් 13ක අඩු කළා 
  • අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් අඩු කෙරේ
  • රාජ්‍ය බැංකුවල රු. ලක්ෂ 2ට අඩු උකස් කළ ස්වර්ණාභරණ සඳහා වන පොළිය කපා හරී
  • උපයන විට ගෙවීමේ බද්දෙන් මුල් රු. ලක්ෂ 6 ඉවතට 
  • අද මධ්‍යම රාත්‍රී සිට ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා වන බදු 15%කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට දෙමුහුන් වාහනවල බදු අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට සිමෙන්ති මිල රු. 90කින් අඩු කෙරේ
  • කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් රු. මිලියන 1000ක බද්දක් 
  • මත්පැන් අලෙවි හල්වලින් එක් වරක රු. 250000ක බද්දක් 
  • රු. 5000ක්ව පැවති විවාහ ලියාපදිංචි ගාස්තුව රු. 1000 දක්වා අඩු කෙරේ
  • චන්ද්‍රිකා මධ්‍යස්ථාන භාවිත කරන්නන්ගෙන් එක් වරක් ගෙවන රු. මිලියන 1000ක බද්දක් 
  • සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක් 
  • රජයේ අබලන් වාහන වෙන්දේසි කර රු. මිලියන 1000ක් ඉපයීමට පියවර
  • ආබාධිත රණවිරුවන්ට රු. ලක්ෂ 5ක උපරිමයක ණය මුදලක්  
  • මහපොළ ශිෂ්‍යාධාරය පෙබරවාරි සිට රු. 5000ක් දක්වා ඉහළට
  • විදුලි බල සහ ජලසම්පාදන වැනි ආයතනවල වසර 7කට වැඩි කාලයක් සේවය කරන අනියම් සේවකයින් ස්ථිර කරයි
  • පාඩු අවම කිරීම සඳහා මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ඒකාබද්ධ කෙරේ 
  • ආරම්භක මුදලක් නොමැතිව බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අවස්ථාව  
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 50%කින් බස් ගාස්තු අඩු කරයි 
  • සියලු ධීවරයින්ට රු. මිලියනයක ජීවිත රක්ෂණයක් 
  • ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) සඳහා පොළී අනුපාතය 30%ක් දක්වා පහලට 
  • රජයේ වියදම්වලින් දේශපාලකයින්ගේ දැන්වීම් පළ කිරීම වහා නතර කළ යුතුයි.

Wednesday, January 28, 2015

Tharuka Wanniarachchi young viharamaha devi in Maharaja gemunu movie

By: Prosperity Tech On: 7:39 PM

තුරුණු වියේ විහාරමහා දේවිය වූ තාරකා
2015 ජනවාරි මස 27 12:24:30 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

Tharuka Wanniarachchi


SAN_3266
SAN_3206
 
  • විහාරමහාදේවිය ඔබ දන්නේ මොනවිදියටද?
ඉතිහාසයේ සිටි වීර කාන්තාවක ලෙස.
 
  •  විහාරමහාදේවිය ගැන ලියැවුණු කතා කියවලා තියෙනවද?
මුහුද ගොඩගලද්දී තම ජීවිතය පරදුවට තබා බිලිවූ වීර කාන්තාවක ලෙස, රට දැය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළ කාන්තාවක ලෙස අහලා තියෙනවා, කියවා තියෙනවා.

 
  • ඇය රූපයෙන් මොනවගේ කියලද ඔබ දැන සිටියේ?
රජ බිසවක්වූ නිසා අනිවාර්යයෙන් රූප සම්පත්තියෙන් අගතැන්පත් වෙන්න ඇති.

 
  • ඒ චරිතය රඟපෑමට ඔබට අවස්ථාව ලැබුණෙ කොහොමද?
ඇත්තටම මහරජ ගැමුණු චිත‍්‍රපටයේ විහාරමහාදේවියගේ තුරුණුවියේ චරිතය තමයි මට රඟපාන්න ලැබුණේ. මෙය මගේ පළමු චිත‍්‍රපට රංගනයයි. ජයන්ත චන්ද්‍රසිරි වැනි ප‍්‍රවීනයකුගේ චිත‍්‍රපටයක රඟපාන්න ලැබීමම වාසනාවක්. මෙම චරිතය සඳහා බොහෝදෙනෙකු ගැන ජයන්ත මහතා විමසුම් කර තිබුණා. නමුත් අවසානයේ මා ගැන අවධානය යොමුවෙලා. ඇත්තම කිව්වොත්, එය ලෙහෙසියෙන් ලැබුණු අවස්ථාවක් නොවෙයි. පවුලේ වතගොත වගේම පුද්ගලිකව චරිතය ගැනත් හොයලා තිබුණා. මම පාසල් අධ්‍යාපනය ලැබුවේ සපුගස්කන්ද විශාඛාවෙන්. ඉතින් ඒකම එක්තරා අවස්ථාවක් වුණා.

 
  • විහාරමහාදේවියගේ තුරුණු විය වෙනුවෙන් ඔබ හැඩගැන්වූ පසු මොකද හිතුණේ?
පුදුම ආඩම්බරකමක් වගේම අමුතු ගැම්මක් ඇතිවුණේ. මේ චරිතය හොඳටම කරන්න  ඕනෙ කියලා හිතුණා. මේ විදියට ඒ හැඩතල මවන්න, සෞන්දර්යය සරසවියෙ, අක්කලා, අයියලාගේ නිර්මාණ දායකත්වය ලැබුණා. එයාලවත් මේ මොහොතේ මතක් කළ යුතුමයි.

 
  • ඒ විදියට හැඩවෙලා රඟපාන්න ගියාම වෙච්ච දේවල් මොනවද?
මේ චිත‍්‍රපටයේ රූගත කිරීම් ඇරඹුණේ මා සහභාගී වූ දර්ශන පෙළකින්. එදා මම අශ්ව කරත්තයෙන් ඇවිත් බහින දර්ශනයකට රූගත කිරීම් කළ යුතු වුණා. ශිව හාමුදුරුවන් හමුවට යන දර්ශනයක්. එය අවස්ථා දෙකකදී රූගත කළා. දෙවන වතාවේදී ඉස්සරහින් ගිය අශ්වයින්ගෙන් එක් අශ්වයෙක් එකපාරටම ඇවිත් මා සිටි දෝලාවට ඔලූව එබුවා. පිඹගෙන ඇවිත් එහෙම කළේ. එක් වතාවක් ඔලූව දාලා, ආයෙත් IMG_3237පිඹගෙන එහෙම කළා. කොච්චර හයියෙන් මම කෑගැහුවද කිව්වොත්, මුළු පළාතටම ඇහෙන්න ඇති. ඒ පළාතේම මිනිස්සු ඒ සද්දයට දුවගෙන එන්න ඇති. ඒ මොහොත නම් මට කවදාවත් අමතක වන්නෙ නැහැ. මාවනැල්ල ප‍්‍රදේශයේදී තමයි මේ රූගත කිරීම් සිදුකළේ.

 
  • ඒ අශ්වයා කළබල වුණේ ඔබ දුටු නිසාලූ නේද?
කට්ටියම මට විහිළු කරන්න පටන්ගත්තෙ ඒ විදියට තමයි.

 
  • මෙහි කාවන්තිස්ස රජුලෙස රඟපාන්නෙ ශ‍්‍රියන්ත මෙන්ඩිස්. තරුණ වියේ බිසව ලෙස ඔහු හා රඟපාද්දි ඔබට ඇතිවූ හැඟීම?
ශ‍්‍රියන්ත අයියා එක්ක මීට පෙර මම රඟපාලා තියෙනවා. මෙහි විහාරමහාදේවිය ලෙස රඟපාන්නෙ ඔහුගේම බිරිඳ කුසුම් රේණු අක්කායි. මෙහි පළමු දර්ශනයට පෙනී සිටීමට ප‍්‍රථම කුසුම් රේණු අක්කා, හොඳට කරන්න පුතේ කියලා මට සුබ පැතුවා. කාවන්තිස්ස රජු සමඟ මට දෙබස් තිබුණෙ නැහැ. නමුත් ඒ ප‍්‍රවීනයින් එක්ක රඟපාද්දී පුදුම ගෞරවයක් ඇතිවුණේ.

 
  • මෙම චිත‍්‍රපටයේ පළමු දර්ශන පෙළ රූගත කළ අවස්ථාවේ ඔබ ඇත්තටම හැඬුවා කියලා ආරංචියි?
SAN_3260ඒ දර්ශන පෙළේ හැටියට ඇත්තටම ඇඬුණා. ගොඩාක් තාත්වික අවස්ථාවලදී එහෙම වෙනවා. එය නිරායාසයෙන්ම වෙන දෙයක්. මේ වගේ අලූත් කෙනෙකුගෙන්, එවැනි දෙයක් දැකීම සතුටට කරුණක් කියලා ජයන්ත චන්ද්‍රසිරි මහතා කිව්වා. උද්දික අයියා සහ කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා ඇතුළු බොහෝදෙනා මට සුබ පැතුවා.

 
  • මීට අමතරව අද දවසේ ඔබ රඟපාන තවත් නිර්මාණ මොනවද?
ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන අකඩවාරිය සහ ටීඑන්එල් එකේ විකාශය වන ඇහැලමහ නිකිණිය නාට්‍ය වෙතින් දැකගන්න පුළුවනි.

 
  • සැබෑ ජීවිතයේ ඔබගේ පේ‍්‍රම රාජයා කවුද?
රජෙක් කියලාම කියන්න බැහැ. එහෙම කෙනෙක් කවදාහරි ලැබේවි. ආදරය කියන දේ හරි පුදුම දෙයක්නෙ. සමහරවිට එක් මොහොතකින් නිමේෂයකින්, ආදරයක් ඇති වෙන්නත් පුළුවනි.
 

හැඩගැන්වීම් - චන්දිමා රාජපක්ෂ
 
SAN_3267
(lankadeepa.lk)
sadun-gamage
 

Shashi Weerawansa's passport under CID probe

By: Prosperity Tech On: 4:46 AM

හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් සීඅයිඩිය පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.
ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා හා රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර ඒවායේ නම්ද වෙනස් බව පොලිසිය කියයි.
wimale
විමල් වීරවංශගේ විවාහ සහතිකය
web-wimal
web
web-wimal-wife
ඡායාරූපය - දෙරණ අනුග්‍රහයෙනි
(lankadeepa.lk)

Tuesday, January 27, 2015

Jennifer Lopez calls out her critics in new issue of Complex

By: Prosperity Tech On: 10:34 PM

Complex සඟරාවට ජෙනිෆර් ලෝපේස් ඇඟ පෙන්නුවේ ඇයි?


පෙබරවාරි හා මාර්තු මාසය ඉලක්ක කොටගෙන නිකුත්වීමට නියමිත සුප‍්‍රසිද්ධ ‘Complex’
සඟරාව වෙනුවෙන් ජනප‍්‍රිය ගායිකා ජෙනිෆර් ලෝපේස් තම සිරුර ප‍්‍රදර්ශනය කොට තිබීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. කිසිදු යට ඇදුමකින් නොසැරසුන ඇය එහි අන්තර්ගතවූ ඡායාරූප සියල්ල සදහා පෙනී සිට ඇත්තේ සිය සිරුරේ සුන්දරත්වය ස්වභාවිකව ඉස්මතු වන ආකාරයෙන්. මෙහි ඇති විශේෂත්වය වන්නේ බොහෝ කාන්තාවන් තමන් වයසට ගොස් ඇතැයි නිගමනය කරන වයස අවුරුදු 45 වයසේදී ජෙනිෆර් තම සරාගී සිරුර වඩාත් හොදින් නඩත්තු කොට පවත්වාගෙන යාමයි. ජෙනිෆර් මෙම ඡායාරූප සදහා පෙනී සිට ඔප්පු කිරීමට උත්සහ කර ඇත්තේද තමන් තවමත් තාරුණ්‍ය උතුරා යන සුන්දරියක් ලෙස බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඉතාමත් මෑතකදී පැවති සම්මාන උළෙලට සහභාගී වූ ඇය එම අවස්ථාවට හැද සිටියේද ඇයගේ සිරුර නිරාවරණය වූ ගවුම් විලාසිතාවක්. එහිදී සියලු දෙනාගේම අවධානය යොමු වුනේ ජෙනිෆර් දෙසටයි.

(Shaafm.com)

 

Monday, January 26, 2015

Nathasha Perera | Sri Lankan Cute Hot Actress

By: Prosperity Tech On: 10:00 PM

”ආදර වැස්සේ” තෙමෙන්නට හදන නතාෂා


0101 ඉතාලියේ කොහේදීද?
රෝමයේදී.
බැලූ බැල්මට ඇය නම් පිටරටක සිටින තරුණියකැයි කියා ඔබ හිතාවි. නමුත්, මේ සුරූපී තරුණිය පිටරටක කෙනෙක් නම් නොවෙයි. එදා අවුරුදු 13 ක් පමණ කාලයේදී ”සුළඟක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට” ගීතය ගැයූ නතාෂා පෙරේරාය. පසුගිය කාලයේදී නතාෂා බොහෝ ගීත ගායනා කර නොතිබුණද, අදටත් ඇය ගැන බොහෝදෙනා කතා කරන්නේ මේ ”සුළඟක් වී” ගීතය නිසාය. එදා පුංචි සුරංගනාවියක ලෙස පැමිණ ඒ අපූරු ගීතය ගැයීමට දායකවූ නතාෂා අද සූදානම් වන්නේ ”ආදර වැස්සේ” තෙමෙන්නටලූ?

මොකක්ද මේ ආදරවැස්ස? ඒ ගැන සහ නතාෂාගේ ජීවිතයේ නවමු තොරතුරු ගැන කියන්නට ඇය සඳැල්ල කතාබහ හැඩකළ විදියයි මේ.

 
Untitled-23
 

0101 ”නතාෂා” හැබෑටම ඔබගෙ ඒ නාමයෙහි තේරුම මොකක්ද?
SAN_2806ජේසුතුමාගේ උපත කියන එක.
 

0101 නතාෂා විතරද නම?
නතාෂා ෂෙලීන් පෙරේරා.
 

0101 ඇයි ඒ විදියෙ නමක් ඔබට ලැබුණෙ?
මම උපන්නෙ ඉතාලියෙදියි.
 
 

0101 රෝමය ගිනි ගනිද්දීත් එහේ හිටියද?
ආ... ආ.... එතකොට හිටියෙ ලංකාවේ.
 

0101 ඇත්තටම ඔයා හරි වෙනස්වෙලා නේද?
එහෙම නැහැ. එදා හිටිය නතාෂාම තමයි. වෙනසකට තියෙන්නෙ විලාසිතා කලින් කලට වෙනස් කළ විදිය විතරයි.
 

0101 ශ්‍රී ලංකාවේ කෙනෙක් නෙවෙයි වගෙයි පෙනෙන්නෙ? මොකක්ද මේ වෙනස?
හදවතින්ම සහ ගතිගුණ සියල්ල වෙතින්ම මම සියයට - සියයක්ම ශ්‍රී ලාංකිකයි. කාලයෙන් කාලයට විලාසිතාවලින් විතරයි වෙනස් වෙන්නෙ. ඒකට මම හරි කැමතියි. එහෙම කළාම මගේ හිතට සතුටුයි.
 

0101 නමුත් එක්වරම මේ විදියට ඔබ දකින අය, ඔබ ශ්‍රී ලංකාවේ කෙනෙක් කියලා හිතන එකක් නැහැනේද?
බාහිර ස්වරූපයෙන් මොන විදියට පෙනුණත්, මම ශ්‍රී ලාංකීයයි. හොඳ ශ්‍රී ලාංකීය දියණියක්.Untitled-2
 
 

0101 මොකක්ද මේ ”ආදර වැස්සේ” තෙමෙන්න හදනවා කියන කතාව?
පෙබරවාරි 14 වැනිදා මම ආදර වැස්සේ තෙමෙන්නයි හදන්නෙ.
 

0101 ඒ කිව්වෙ?
පෙබරවාරි 14 වැනිදා ශාන්ත ජෝෂප් විද්‍යාලයේදී පැවැත්වෙන සංගීත ප‍්‍රසංගයක්. ශිහාන් මිහිරංග, දසුන් මධුශංඛ, ප‍්‍රදීප් රංගන කියන තාරුණ්‍යයේ සුපිරි ගායකයින් තිදෙනා තමයි මේ ”ආදර වැස්ස” ආදරයෙන් හැඩකරන්නෙ.
 

0101 එතකොට ඔබ?
මම තමයි එම ප‍්‍රසංගය නිවේදනයෙන් මෙහෙයවන්නෙ. එය මට අපූරු අත්දැකීමක් වේවි. මොකද මේ දක්වා මම නිවේදිකාවක ලෙස රූපවාහිනියෙ විතරයි කටයුතු කළේ. සජීවීව කරන මෙම ප‍්‍රාසාංගික කටයුත්ත මට හරි අපූරු දෙයක් වේවි. ඉතින් හැමෝම එන්න ආදර වැස්සේ තෙමෙන්න මා එක්ක.
 

0101 ඉතාම නුදුරේදී ”නීතිඥවරියක” ලෙස දිව්රුම් දීමට නේද සූදානම?
ඔව්, මගේ වසර හතරක නීති අධ්‍යාපනය හමාර කළා. දැන් දිව්රුම් දීමට සූදානමින් සිටින්නෙ.
 

0101 කොහොමද නීතිඥතුමිය, එතකොට මොනවගේ නඩුද කතා කරන්න කැමති?
මම මේ නීතිඥ විභාගයට පෙනී ඉඳලා ප‍්‍රතිඵල ගන්න ගොඩාක්ම මහන්සි වුණා. ඉතින් දැන් මට ආඩම්බරයි. මොනවගේ නඩුද කතා කරන්නෙ කියලා විශේෂයක් නැහැ. හැබැයි අපරාධ නඩු වෙනුවෙන් පෙනී සිටීමේ කැමැත්ත වැඩියි.SAN_2836
 
 
0101 ඉදිරියේදී පූර්ණ කාලීනව නීතිඥවරියක ලෙසද කටයුතු කරන්නෙ?
කොහොමටත් මම කලාවේ යම් යම් දේ කළේ පූර්ණ කාලීනව නෙවෙයි. අර්ධකාලීනවයි. නීතිඥ වෘත්තිය මගේ ජීවිතයේ ප‍්‍රධාන දේ වේවි.
 

0101 ”ආදර වැස්සේ” තෙමෙන්නට හීන දකින ඔබගෙ සැබෑ ආදර සිහිනය දිග හැරියොත්?
ජීවිතයේ හරි කාලයේදී ආදරය  ඕනෑ, විවාහය  ඕනෑ. ඉතින් තරුණියක ලෙස මගේ ජීවිතයේදීත් ඒ දෙවල් සිද්ධ වේවි.
 

0101 නතාෂා අද ඔබට ඔබ ගැන හැෙඟන්නෙ කොහොමද?
ඇත්තටම මං කියන කෙනා ගැන මම දන්නෙ නැහැ. මම මාව දකින්නෙ ඉවසිලිවන්ත, ධෛර්යවන්ත, ඒ වගේම වැටෙන අවස්ථාවලදී වැටිච්ච, එය පන්නරයක් කරගෙන ආයෙත් නැගී සිටි තරුණියක ලෙසයි. ඒ සියල්ල තුළදී මම කාටවත් ඊර්ෂ්‍යා වෛර කළේ නැහැ. මාව ඒ තැනට ගෙනාව මගේ ”අම්මාට” තමයි ඒ සියලූ ගෞරවය.
 
sadun-gamage
 
  
(lankadeepa.lk)