Saturday, November 1, 2014

Tagged Under: , ,

Pooja Umashankar's Boyfriend Reveals

By: Prosperity Tech On: 5:01 AM

එයාටත් කලින් මුලින්ම ආදරේ කළේ මමයි - පූජා උමාශංකර් පෙම්වතා ගැන රහසක් හෙළිකරයි

පූජා උමාශංකර් කියන්නේ රිදී තිරය ලස්සන කරන රුවැත්තියක්. ඒ රුවැත්තියගේ හිත ගත්ත නිරූපණ ශිල්පියෙක් ගැන පසුගියදා අපට අහන්න ලැබුණා. ඔහු දීපක් සම්මුගනාදන්. ඇගේ ආදර කතාව ගැන රිවිසරසියට කියූ රහස් මේ.

මල්සර හීසර සුන්දරද පූජා?
සුන්දරයි. අලුත් අත්දැකීමක් සතුටින් ආදරෙන් හිත පිරිලා මේ දවස්වල.

රන්හුයෙන් දෑඟිලි බැඳෙන කාලය ළඟයි කියලත් ආරංචියි. ඇත්තද?
ඒකට නම් තව කල් තියෙනවා. මුලින්ම භාරගත්ත වැඩ ටික ඉවත් කරන්න ඕන ඊට පස්සේ ඉක්මනට විවාහ වෙනවා.

දීපක් කියන්නේ මෝස්තර නිරූපණ ශිල්පියෙක්. රංගන කටයුතු නිසාද පූජාව ඔහුට මුණගැහෙන්නේ ?
දීපක් නිරූපණ ශිල්පියෙක් කියලාවත් මම නිළියක් කියලාවත් අපි දෙන්නම දැනගෙන හිටියේ නැහැ. මගේ හොඳම යාළුවෙක් තමයි ස්ටෙෆනි සිරිවර්ධන එයා 2011 අවුරුද්දේ මිස් ශ්‍රී ලංකා. එයා තමයි මට දීපක්ව මුණ ගැස්සුවේ. ස්ටෙෆනි දන්නවා මගේ අම්මා මට විවාහයට කෙනෙක් හොයනවා කියලා. එයා මට කිව්වා එයාගේ යාළුවෙක් ඉන්නවා ඔයාට සියයට සියයක්ම ගැළපෙන කෙනෙක් කියලා. මම ඇහුවා එයා  මොනවද කරන්නේ කියලා. ස්ටෙෆනි කිව්වා එයා මොඩ්ලින් කරන කෙනෙක් නම දීපක් කියලා. මම ගත් කටටම කිව්වා 'අ‍පෝ මොඩ්ලින් නම් එපා කියලා.' ඒත් ස්ටෙෆනි නම් කිව්වේ එයාගේ හොඳම යාළුවා දීපක් හොඳ මනුස්සයෙක් කියලා.

ඉතිං කවදද දීපක්ව මුලින්ම දැක්කේ.?
ස්ටෙෆනි රෑ කෑමකට මටත් දීපක්ටත් ආරාධනා කළා. ඒත් දීපක් එන්න කැමැති වුණේ නැහැ. ස්ටෙෆනි දීපක්ට කතා කරලා බැන්නා පූජා වගේ ලස්සන හොඳ කෙල්ලෙක්ව නැති කරගන්න එක  ගැන දවසක ඔයා පසුතැවෙයි කියලා. ඊට පස්සේ තමයි දීපක් කවුද මේ ලස්සනයි කියන කෙල්ලව බලන්න ආවේ. ඒ ජනවාරි මාසේ දවසක. එදා ඉඳලා අපි තුන්දෙනා පුළුවන් හැම වෙලාවකම මුණ ගැහිලා කතාබහ කරනවා. ඔය විදිහට තමයි යාළුකම ආදරයකට පෙරළුණේ.

මුලින්ම ආදරය ප්‍රකාශ කළේ පූජාද... එහෙම නැත්නම් දීපක්ද?
ටික දවසක් ආශ්‍රය කරන කොට මට තේරුණා දීපක් කියන්නේ ජීවත් වෙන්න පහසු ආදරණීය චරිතයක් කියලා. ඒ නිසා මගේ හිතේ මුලින්ම ආදරයක් ඇති වුණා. ඒත් දීපක් ඒ ගැන කතා කළේ නැහැ. ඒකට මැදිහත් වුණෙත් ස්ටෙෆනිමයි. අපි තුන්දෙනා එකතු වෙන වෙලාවට ඒ ගැන කතා කරනවා. ඊට පස්සේ මම ස්ටෙෆනිට කිව්වා හැමදේටම කලින් දීපක් මට කැමැතිද කියන එක දැනගන්න කියලා. දීපක් දැනගෙන හිටියා මම එයාට කැමැතියි කියලා. මමත් දැනගත්තා එයත් කැමැතියි කියලා. දීපක් වගේ හොඳ මනුස්සයෙක්ව මග හැරගන්න තිබුණ ලෝභකමටමයි දීපක් මොකද කියන්නේ කියන එක මම හොයලා බැලුවේ. කැමැති දෙයක් තියෙනවා නම් ඒ දේ ලැබෙන කල් බලාගෙන ඉන්නේ නැතිව ලබාගන්න උත්සාහ කරන්න ඕන. නැති වුණාට පස්සේ දුක් වෙලා වැඩක් නැහැනේ. ඔය අදහසින් තමයි මම දීපක්ට කැමැති වුණේ.

පුද්ගල ආකර්ෂණයට ප්‍රථම දැක්ම වැදගත් කියනවනේ. දීපක්ව මුලින්ම දැක්කාම පූජාට මොකද හිතුණේ ?
ෂා.. හරි ලස්සනයිනේ කියලා මම එයාට කිව්වා. මම අවංකවම ඒ දේ කිව්වා. එයාව හරි ලස්සනට මම එදා දැක්කා. කඩවසම් තරුණයෙක්නේ. හැම වෙලාවෙම හිනාවයි, සතුටයි, ආදරයයි එයා ළඟ තියෙනවා කියලා තමයි හිතුණේ. ඒ වගේම ආශ්‍රය කරනකොට ඒ දේවල්වලින් මුළු ජීවිතයම මාව ලස්සනට තියයි කියලා හිතුවා.

ඔබේ මනමාලයා කරගන්න ඔහුට තිබුණ සුදුසුකම මොකක්ද?
පෞරුෂවත් පෙනුම, ලස්සන ඒ දෙකටම වඩා මට වැදගත් වුණේ ගුණයහපත්කම, තේරුම් ගැනීම, විශ්වාසය ආදරය, මනුස්සකම, සතුටින් ජීවත් වෙන්න මේ දේවල් වැදගත්. ඒ දේ එයා ළඟ තියෙනවා. එයාගේ ජීවිතේ හැමදාම සතුටින් පිරිලා. ඒ සතුට මමත් හෙව්වා. මට ලැබුණා. හරිම සතුටුයි. මොකද මම හීන දකින කෙනෙක් නමෛයි. ඒත් අවුරුදු 18ක් පිරෙන කොටම හීන දැක්කා හොඳ මනුස්සයෙක්ව විවාහ කරගන්න. ඒ සුබ සිතුවිල්ල අද ඇත්තක් වුණා.

විවාහයට කල වයස හරි කියලා පූජාගේ දෙමාපියන් හැමදාම විවාහ යෝජනා හෙව්වනේ. දීපක්ට දෙමාපියන් කැමැති වුණාද?
අම්මා මට මනමාලයෙක් හොයද්දී මට එකේ හැමදාම මොකක් හරි අඩුපාඩුවක් දැක්කා. ඒ නිසා අම්මා මට නිතරම කිව්වා ඔයාට අංග සම්පූර්ණ මනුස්සයෙක් මවන්න තමයි වෙන්නේ කියලා. ඒ නිසා දීපක්ව අම්මාටයි, අප්පාටයි හඳුන්වලා දුන්නම ඒ අය හුඟක් සතුටු වුණා. මගේ කැමැත්තට ඉඩ දුන්නා. අපිට දැන් දෙපාර්ශ්වයෙන්ම ආශිර්වාදය ලැබුණා.

පූජා රඟපානවට දීපක් තහනම් තහංචි දාන්නේ නැද්ද?
කවදාවත් නැහැ. එයා මට කියන්නේ ඔයාගේ සතුට මගේ සතුට කියලයි. මම කැමැති දේ කරන්න කිව්වා. එපා කියලා කිසිම දෙයකට සීමාමායිම් දාන්නේ නැහැ. ඒක මගේ හිතට සැනසීමක් ගෙනාවා. ඒ නිසා දීපක් කියන්නේ මට ඩබල් වාසනාව ගෙනාව චරිතයක්.

විවාහ වෙලා ඉන්දියාවේ පදිංචියට යනවද?
දැන් කාටවත් මාව ඉන්දියාවට එළවන්න බැහැ. මම විවාහ වෙලා පදිංචි වෙන්නේ ලංකාවේ. මට දැන් ලංකාවේ අයිතිය තියෙනවා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප - සංදේශ් බණ්ඩාර
හැඩගැන්වීම - මොයින් ඛාන්
http://www.rivira.lk/online/images/2014/11/02/w00.jpg
http://www.rivira.lk/online/images/2014/11/02/w01.jpg
http://www.rivira.lk/online/images/2014/11/02/img_5740-copy.jpg
http://www.rivira.lk/online/images/2014/11/02/img_5753-copy.jpg

(rivira.lk)http://www.rivira.lk/online/images/2014/11/02/img_5754-copy.jpg

 

0 comments:

Post a Comment