Saturday, November 1, 2014

Tagged Under: , , ,

My view on my popularity

By: Prosperity Tech On: 6:21 AM

මගේ ජනප්‍රියත්වයේ රහස තනිකඩකම නොවෙයි - යශෝධා

http://www.rivira.lk/online/images/2014/11/02/yasho.jpgයශෝධා විමලධර්ම යළිත් වතාවක් ජනප්‍රියම චිත්‍රපට නිළියට හිමි සම්මානය දිනාගත්තා. ඒ හිරු ගෝල්ඩන් ෆිල්ම් සම්මාන උළෙ‍ලේදී. යශෝධා එක්ක කතා කරන්න නිමිත්ත වුණේ ඒ සම්මානය. යශෝධා රංගන ජීවිතේ ගැන වගේම තමන්ගේ ජීවිතේ ගැනත් අපිත් එක්ක කතා කළා.
ආයෙත් ජනප්‍රිය සම්මානයක් ලැබුණා ?
ජනතාවගෙන් ජනප්‍රිය සම්මාන මම අවුරුදු 27ක් තිස්සේ ලැබුවා. මට තියෙන ආදරේ වෙනසක් නැහැ කියලා ඔවුන් ආයෙත් ඔප්පු කළා.

මීට වඩා වැඩි සම්මානයක් ගැන බලා‍පොරොත්තුවක් තිබුණද?
ඇත්තටම මම හිතුවා සමනල සංවනියේ රංගනය ඇගැයීමට ලක්වේවි කියලා. ඒත් සමනල සංවනිය චිත්‍රපටය එකම අංශයකින්වත් නිර්දේශ වෙලා තිබුණේ වත් නැහැ.

ඒ කියන්නේ සම්මාන දුන්නේ අසාධාරණ විදියට?
ලැබුණු සම්මානය අතිශය සාධාරණයි. සම්මාන ලැබිම සහ නිර්දේශ වීම එකක් හැටියටයි මම දකින්නේ. සම්මාන නොලැබුණාට කමක් නැහැ අඩුගානේ නිර්දේශවත් වුණා නම් ඇති.

ඔය වගේ සිදුවීම් රංගනය ගැන කලකිරීමක් ඇති කරවනවාද?
මම රංගනය ගැන කලකිරෙන්නේ නැහැ. මොකද රංගනය කියන්නේ මගේ ජීවිතේ. ඒත් ඔය වගේ දේවල්වලදී දුකයි. ඇයි හොඳ දේ අගයන්නේ නැත්තේ කියලා හිතෙනවා.

යශෝධාගේ තවත් වෙනස් රංගනයක් ළඟදීම තිරගත වීමට නියමිතයි?
මහරජ ගැමුණු ජයන්ත චන්ද්‍රසිරිගේ ඊළඟ චිත්‍රපටය දෙසැම්බරයේදී හරි ජනවාරියේදී හරි තිරගතවීම අරඹාවි. ඒ චිත්‍රපටය මතෛක් දැකපු හැම ඉතිහාස කතා චිත්‍රපටයකටම වඩා වෙනස්.

ඒ වෙනස යශෝධාට දැනුණේ කොහොමද?
ඉතිහාස කතාවක් වුණත් හරිම සංවේදී කතාවක්. මනුෂ්‍යත්වය තේමා කරගෙනයි. කතාව ගොඩ නැගෙන්නේ. මම මේ චිත්‍රපටයෙදී දායක වෙන්නේ ප්‍රධාන චරිතයකට නමෛයි.

රංගනයෙන් සාර්ථක දෙයක් කරන්න ප්‍රධාන චරිතයක්ම ලැබිය යුතුද?
ඒ ලැබෙන චරිතය තමන්ට දැනෙනවා නම් එයින් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න පුළුවන්. ඒකට චරිතය ප්‍රධාන චරිතයක්ද කියන එක බලපාන්නේ නැහැ.

යශෝධා චරිත තෝර ගන්නේ මොන වගේ හේතු මුල් කරගෙනද ?
මුල්ම දේ ඒ චරිතයෙන් මට යමක් කළ හැකි විය යුතුයි. අනික ඒ චරිතය මට දැනෙන, මට විඳින්න පුළුවන් වෙන්නම ඕන.

 ජනප්‍රියකම රැඳෙන්න හැමදාම පෙනෙන්න ඕන නැද්ද?
මතක හිටින දේවල් කරලා මිනිස්සුන්ගේ හිත්වලට යන්න පුළුවන් නම් හැමදාම පේන්න ඉන්න ඕන නැහැ. මට ලැබෙන වෙනස් වෙන්නේ නැති රසික ප්‍රතිචාර තමයි ඒක ඔප්පු කරන්න හොඳම දේ.
යශෝධා දවස ගත කරද්දී රසිකයින් අතර ගැවසෙනවාද?
මම මගේ වැඩ කරගන්න එළියට යනවා. මගේ අම්මාගේ දේවල් වෙනුවෙන් මට එළියට යන්න වෙනවා. ඒ හැම වෙලාවෙම මම මිනිස්සු අතර ගැවසෙනවා. ඒ අය මාව හඳුනාගෙන කතා කරනවා. ඒක හරිම වාසනාවක්.

අද ඉන්න තැන ගැන සතුටුද ?
මාව රංගනයට ගේන්න හීනය තිබුණේ මගේ තාත්තට. ඒත් මගේ හොඳම රංගනයන් දකින්න තාත්තාට බැරි වුණා. ඒත් මම ආපු ගමනට තාත්තා ආශිර්වාද කරන්න ඇති. තාත්තාගේ හීනය ලස්සනට හැබෑ කරන්න පුළුවන් වුණු එක ගැන සතුටුයි.

ඔය සාර්ථක ගමනට තනිකඩ ජීවිතෙන් උදව් වුණාද?
මම හොඳ නිර්මාණවලට දායක වෙලා මගේ දක්ෂතාවයෙන් මිනිස්සු අතරට ගියා. ඉගෙන ගත්තා. තනිකඩව ඉන්න එකෙන් ඒකට බලපෑමක් වුණා කියන්න බැහැ. මම කොහොම හිටියත් මම මේ ගමන එනවා.

මේ තරම් සුන්දර යශෝධා විවාහ නොවෙන්නේ ඇයි ?
නොගැළපෙන දේවල් ජීවිතේට එකතු කරගෙන මගේ සතුට නැති කර ගන්න ඕන නැහැ කියලා හිතුණා. කෙනෙක් මගේ ජීවිතේට එකතු වෙලා වෙන් වුණොත් මම දුක් වෙනවා වගේම මට ආදරය කරන අයත් දුක් වේවි.

යශෝධා ජීවත් වෙන්නේ සතුටින් ?
ඇත්තටම ගොඩක් සතුටින්. හරි නිදහසේ ඉන්නේ. මම මේ ඉන්න විදිය ගැන මම සෑහීමකට පත් වෙනවා.

ඉගෙන ගත්ත දේවල්වලින් වැඩක් ගන්නේ නැද්ද?
හින්දි භාෂාවෙන් මම ආචාර්ය වික්ටර් රත්නායක වෙනුවෙන් ගීත 10ක් ලිව්වා. ඒ ගී එකතුව දෙසැම්බර් 13 වැනිදා එළි දකිනවා. තව කවි ‍පොත් වගේ දේවල්වලින් මගේ ප්‍රේක්ෂකයන් අතරට යන්න බලා‍පොරොත්තු වෙනවා.

රංගන ශිල්පිනියක් වීම ගැන මොකද හිතෙන්නේ ?
මම හිතන්නේ ඒක තමයි ලෝකයේ තියෙන වාසනාවන්තම රැකියාව. හැමෝගෙම ආදරය දිනාගෙන ජීවත් වීම හැමෝටම නොලැබෙන වාසනාවක්. ඒ නිසාම මම කවදාවත් රංගනයෙන් ඈත් නොවේවි. මැරෙන මොහොතේත් මම රඟපෑමේ යෙදී ඉඳීවි. රංගනය කියන්නේ මගේ ආත්මය එක්ක බැඳුණු දෙයක්.

යශෝධාගේ තවත් අලුත් නිර්මාණ ඉදිරියේදී දකින්න ලැබෙනවාද?
සුමිත්‍රා පීරිස්ගේ වෛශනාවී කියන චිත්‍රපටය මාර්තු මාසයේදී තිරගතවීම් අරඹාවි. ඒ චිත්‍රපටයත් මම බොහෝ දේ ඉගෙන ගත් තැනක්. හැමදාම මම රංගනයේ යෙදුණු හැම නිර්මාණයකින්ම ගොඩක් දේ ඉගෙන ගන්නවා.
නෙලූෂා සිල්වා
ඡායාරූප-චමිල කරුණාරත්න
http://www.rivira.lk/online/images/2014/11/02/img_6707.jpg
http://www.rivira.lk/online/images/2014/11/02/img_6775.jpg

(rivira.lk)http://www.rivira.lk/online/images/2014/11/02/img_6789.jpg

 

0 comments:

Post a Comment