කාවිංග ගැන මගේ හිතේ තරහක් නෑ... - ආක්ෂා සුදාරි
ආක්ෂා සුදාරියි, මේනකා මධුවන්තියි හොඳම යාළුවෝ බව ප්‍රසිද්ධයි. මේ දෙන්නව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් නිකුත් කරලා කියලා පසුගිය දවස්වල ආරංචියක් පැතිරුණා. ඒකට හේතුව ආක්ෂා පසුගිය දවස්වල මුහුණ දීපු ප්‍රශ්නයක් කියලයි කියැවුණේ. අපි ආක්ෂාට කතා කළේ මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න.
මොකක්ද මේ අත්අඩංගුවට ගත්තා කියන කතාව?ඔය කතාව බොරුවක්. කවුරුහරි හදපු කතාවක්.
ඇයි එහෙම බොරු ආරංචි පැතිරෙන්නේ?
කතා පැතිරෙනවා නමෛයි අපි ගැන තියෙන ඉරිසියාවට කවුරුහරි කතා පතුරනවා.
ඒත් ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ?
පරණ සිදුවීමකට මාවයි, මේනකාවයි ආයේ ඇදලා ගන්නයි ඔහොම කරන්නේ.
පත්තරවල නම් ගියේ එහෙම නමෛයි?
සමහර පත්තරවල ගියේ අපි කියපුවා නමෛයි. සමහර පත්තර අපිට කතා කරන්නෙවත් නැතුව ඉන්ටර්වීව් දාලා තිබුණා.
ආක්ෂාට ඔය කරදර වැටෙන්නේ මේනකාගේ යාළුකම නිසාද?
මායි මේනකයි හොඳම යාළුවෝ. මේනකා නිසා මට කරදර වෙලා නැහැ. මම නිසා මේනකාට කරදර වෙලත් නැහැ. අනික අපිට අනුන්ගේ දේවල් අදාළම නැහැ. ඔය කියන සිද්ධියට නම් මේනකාව ගාවන්න ඕනම නැහැ.
මේනකා නම් බිස්නස් එකක් පටන් ගත්තා එතකොට ආක්ෂා?
මගේ අලුත් සැලසුමක් තියෙනවා. ඒක කරන්න කලින් කියන්න මම කැමැති නැහැ. හැමෝටම සර්ප්‍රයිස් එකක් දෙන්නයි මට ඕන.
දැන් රඟපෑමට ලැබෙන ආරාධනා අඩුද?
කතා කරනවා. ගොඩක්ම මියුසික් වීඩියෝවලට. හැබැයි මම කැමැති වුණේ නැහැ.
ඇයි එහෙම වැඩ අත්හැර ගන්නේ?
දැන් හැදෙන ගොඩක් මියුසික් වීඩියෝවල තියෙන්නේ එකම කතාව. එකම දේ ආයේ ආයේ කරන්න මම කැමැති නැහැ.
නිවේදනය පැත්ත?
මම හිරු ටී. වී. එකේ වැඩසටහනක් කරනවා. ඒත් මම දන්නවා මම හොඳ නිවේදිකාවක් නමෛයි කියලා.
තමන්ම තමා ගැන අඩු තක්සේරුවක් කරන්නේ ඇයි?
මම තාම නිවේදනය ගැන ඉගෙන ගන්නවා. ඒකයි එහෙම කිව්වේ. හැබැයි මම කවදා හරි ලංකාවේ හොඳම නිවේදිකාවක් වෙනවා.
ආක්ෂා දැන් පෙම්වතියක්ද?
පෙම්වතියක් වෙලා හිටියා. දැන් පෙම්වතියක් නෙවෙයි.
හිටපු පෙම්වතා ප්‍රසිද්ධයිනේ?
කාවිංගයි, මමයි ගැන හැමෝම දන්නවා. ඒත් ප්‍රශ්න ඇතිවුණු නිසා අපි වෙන් වුණා.
කාවිංග නම් කියන්නේ ආක්ෂාට ගොඩක් ආදරේ කළා කියලා?
ඒක මම දන්නවා. අපි ගොඩක් ආදරෙන් හිටියා. ඒත් දැන් අපි වෙන් වෙලානේ.
කාවිංගට ආදරය කරන්න ආයේ අවස්ථාවක් ලැබුණොත්?
මම හිතන්නේ නැහැ, එහෙම වෙයි කියලා. අනික දැන් එයාට පෙම්වතියක් ඇති.
පෙම්වතියක් ඇති කිව්වේ දුකෙන්ද?
දුකක් නැහැ. ප්‍රශ්න වෙලා ඈත් වුණු අපි ආයේ එකතු වුණා කියලා තේරුමක් නැහැනේ.
ආයේ ක්‍ෂේත්‍රයේ කෙනෙක්ම ආදරය ප්‍රකාශ කළොත්?
ආයේ නම් ක්‍ෂේත්‍රයේ අය එපා. එක අත්දැකීමක් ඇති.
ක්‍ෂේත්‍රයේ ප්‍රේමය ගැන කලකිරිලද?
එහෙම ම නෙවෙයි. ක්‍ෂේත්‍රයේ නොවෙන කෙනෙක් ආදරය ප්‍රකාශ කරනවා නම් කැමැතියි.
දැන් කාවිංගව මුණ ගැහුණාම?
අපි එකම ක්‍ෂේත්‍රයේනේ. ඒ නිසා මුණ ගැහෙනවා, කතාබහ කරනවා. කාවිංග ගැන මගේ හිතේ තරහක් නැහැ. අනික කාවිංග ගොඩක් හොඳ කෙනෙක්.
ආක්ෂාගේ විලාසිතා?
මම විලාසිතා කරන්න කැමැතියි. හැබැයි මට ගැළපෙන විදියට.
කොටට අඳිනවද?
මම ෆොටෝස්වලට ඕන වුණාම කොටට අඳිනවා. හැබැයි හැබෑ ජීවිතේ විලාසිතා ඊට වඩා වෙනස්.
විලාසිතා නිසා බැණුම් අහලා නැද්ද?
බැණුම් අහන විදියෙ විලාසිතා මම කරන්නේ නැහැ. බැණුම් අහලවත් නැහැ. ගොඩක් දෙනා මගේ විලාසිතාවලට කැමැතියි.
නෙලූෂා සිල්වා
කාවිංග ගැන
මගේ හිතේ තරහක් නෑ... - ආක්ෂා සුදාරි
0 comments:
Post a Comment