යෝෂිත කියනකං ඒ වෙඩි තියන්න හැදුවයි
කියන කතාව මං දැනගෙන හිටියේ නෑ!
තවත් පළාත් පාලන මැතිවරණයක් නිමාවට පත්වී තිබේ. ප්‍රතිඵලය සුපුරුදුය. ජයග්‍රහණය එක්‌සත් ජනතා නිදහස් සන්ධානයටය. මෙය මෙසේ සිදුවන්නේ ඇයි? සංවර්ධනය යනු පාරවල් සෑදීම පමණක්‌ද? පාරවල් සාදා දියුණු කළ ඇතැම් තැන්වල පළාත් පාලන මැතිවරණයෙන් ආණ්‌ඩුව පැරදුණේ ඇයි? යෝෂිත රාජපක්‍ෂ සිය බාප්පා වූ බැසිල් රාජපක්‍ෂට වෙඩි තැබීමට තැත් කළේද? මේ ප්‍රශ්නවලට උත්තර සෙවීම සඳහා අපි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා හමුවීමු. මේ ඒ සංවාදයයි.
ප්‍රශ්නය - පළාත් පාලන මැතිවරණයේ දෙවැනි කොටස පසුගියදා පැවැත්වුණා. මැතිවරණය පැවැත්වූ ආයතන 65 න් 45 කම ජයග්‍රහණය ලබාගැනීමට එ.ජ.නි.ස. සමත් වුණා. ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු එය විශාල ජයග්‍රහණයක් ලෙස හුවා දැක්‌වූවා. නමුත් ආණ්‌ඩුවට උතුරු පළාතේදී ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලබාගන්නට නොහැකි වුණා. උතුරු පළාතේ විශාල සංවර්ධන කටයුතු දියත්වෙන බව ආණ්‌ඩුව පුන පුනා ප්‍රකාශ කළා. ඔබගේ මූලිකත්වයෙන් zඋතුරු වසන්තයZ වැඩසටහන දියත් වුණා. එම සංවර්ධන කටයුතූ නිසියාකාරව සිදුවූවා නම් උතුරේ ජනතාවට ආණ්‌ඩුවෙන් විශාල සේවයක් සැලසී තිබේනම්, උතුරේ ජනතාව ආණ්‌ඩුවට ප්‍රමාණාත්මක ඡන්දයක් ලබා නුදුන්නේ ඇයි?
පිළිතුර - මෙම මැතිවරණයේදී අපි ලබාගන්නා ජයග්‍රහණය අහම්බෙන් හිමිවූවක් නොවේ. එය 2005 ජනාධිපතිවරණ ජයග්‍රහණයේ සිට පියවරෙන් පියවර ලබාගන්නා ලද ජයක්. ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය අඩු වැඩිවීමක් මෙතෙක් සිදු වී නැහැ. සිදුවී තිබෙන්නේ දිනෙන් දින වැඩීවීමක්. මීට පෙර ලංකාවේ දේශපාලනයේදී එහෙම වුණේ නැහැ. උතුරේ සිදුවුණෙත් රටේ සිදුවෙච්ච ඒ දේමයි. උතුරේ මැතිවරණවලදී හැමදාම තීරණාත්මක වුණේ ප්‍රාදේශීය දේශපාලන කණ්‌ඩායම්. එහෙම නැතුව ජාතික දේශපාලන කණ්‌ඩායම් එහිදී ප්‍රධාන වුණේ නැහැ. ඇල්µ්‍රඩ් දොරේඅප්පා ශ්‍රී ල.නි.ප.යෙන් නගරාධිපති වුණාට එයා ආවේ වෙන පක්‍ෂයකින්. එහෙම වුණත් ඔහුවත් ඝාතනය කළා. ජාතික දේශපාලන පක්‍ෂවලට උතුරේ දේශපාලනය කරන්න ඉඩ දුන්නෙත් නැහැ. කොහොම හරි කෙනෙක් ජාතික දේශපාලනයට එකතු වුණොත් ඔහුට ජීවත්වෙන්න දුන්නෙත් නැහැ. එහෙම තිබ්බ පළාතක් තමයි උතුර. ඒ පරිසරය තුළ තමයි අපි මේ ජයග්‍රහණය ලබාගෙන තිබෙන්නේ. ඒ නිසා එ.ජ.නි.ස.ය ලබාගෙන තිබෙන මෙම ජයග්‍රහණය අතිශයින්ම වටිනා ජයග්‍රහණයක්.
ප්‍රශ්නය - නමුත් උතුරේ ආණ්‌ඩුව කියන මට්‌ටමේ සංවර්ධනයක් සිදුවුණා නම් මීට වඩා ජනතාව ආණ්‌ඩුවට ඡන්දය ප්‍රකාශ කළ යුතුව තිබුණා නේද?
පිළිතුර - ජනතාව සංවර්ධනය පමණක් බලලා නෙමෙයි ඡන්දය දෙන්නේ. ඒ සඳහා තවත් කාරණා රාශියක් බලපානවා. අපි කෙතරම් ඉහළින් අනික් පළාත්වල දිනුවත්, කොළඹට සංවර්ධන යෝජනා ක්‍රම කෙතරම් ඇති කළත් කොළඹ නගර සභාවේ ප්‍රතිඵලය බැලුවොත් එයින් අපි පරාදයි. අපි මුළු ලංකාවම ජයග්‍රහණය කරන කොට, කොළඹ නගරය අපි පැරදුණේ, උතුරටත් වඩා අන්ත විදිහට. එහෙමනම් අපිට පෙනෙනවා මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට සංවර්ධනය පමණක් හේතු කාරක වෙන්නේ නැහැ කියලා. පක්‍ෂයේ දේශපාලන ජාලය, ඒ කියන්නේ ජාතික මට්‌ටමෙන්, ආසන මට්‌ටමෙන්, ගම්මට්‌ටමෙන් තියෙන සංවිධානගත වීම මේකට වැදගත් වෙනවා. නමුත් අපිට උතුරේ එහෙම ජාලයක් තිබුණේ නැහැ. ඒවගේම සංවර්ධනය කිරීමේ හා එහි ප්‍රතිඵල ජනතාවට ළඟාවීමේ අතර වෙනසක් තිබෙනවා, ඉන්දියානු ණය ආධාර යටතේ අප විසින් එල්.ටී.ටී.ඊ.ය විනාශ කරපු දුම්රිය මාර්ගය වව්නියාවේ සිට කන්කසන්තුරේ දක්‌වා ඉදිකරගෙන යනවා. නමුත් යාල්දේවි තාම උතුරට ගියේ නැහැ. ඒක සම්පූර්ණ වුණහම තමයි ඒකෙ ප්‍රතිඵල ලැබෙන්නේ. කොළඹ නගරයට පසුව විශාලම පානීය ජල ව්‍යාපෘතිය අපි යාපනයේ ඇති කරන්න සැලසුම් යොදලා අවසන්. නමුත් තාම එහෙම ජලය ගියේ නැහැ. යාපනය අර්ධද්වීපයට විදුලිය දීම සඳහා ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන්න අපි කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා වන රැහැන් දැන් අදිමින් තිබෙනවා. නමුත් තවම යාපනයට ඒක සම්බන්ධවෙලා ජාතික විදුලිබල පද්ධතියට එය ඇතුල් වෙලා නැහැ. A-9 පාර අපි හදාගෙන යනවා. ඒ ආදී වැඩ කොටස් සිදුවෙමින් පවතිනවා. එහෙම තිබියදී තමයි මේ තරම් කැමැත්තක් ආණ්‌ඩුවට ලැබුණේ. මේවාගේ ප්‍රතිඵල ලැබෙන විට උතුරේ ජනතාව තත්ත්වය හොඳින් තේරුම් ගනීවි. ඒ වගේම මෙම සංවර්ධන වැඩ පමණක් ජනතාව දිනාගන්නට ප්‍රමාණවත් නැහැ. ජනතාව සමඟ සමීපව වැඩ කිරීමත් අවශ්‍යයි. මරණයකට සහභාගිවීම, ප්‍රශ්නවලදී පෞද්ගලිකව සොයා බලා කටයුතු කිරීම ආදී දේවල් සඳහා මහජන නියෝජිතයන් ජාලයක් අවශ්‍ය වනවා, ඒක අපිට තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, මෙම මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව සියලු කණ්‌ඩායම් සහභාගි වුණා. ඒ සියලු දෙනාම මැතිවරණ ක්‍රියාදාමයට සහභාගි වුණා.
ප්‍රශ්නය - උතුරු - නැගෙනහිර ජනතාව සමඟ එක්‌ව ඊළඟ කැරැල්ල සඳහා නායකත්වය ලබාදීමට තමා සූදානම් බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මෙම මැතිවරණයේ ප්‍රතිඵලය විග්‍රහ කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් කියා තිබුණේ, උතුරේ ජනතාව ඊළමක් සඳහා කැමැත්ත ලබා දී තිබෙනවා කියලා. මේ තත්ත්වය තුළ උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීමක් කෙසේ වෙනත් යළිත් ත්‍රස්‌තවාදයක් සඳහා පසුබිමක් සැකසෙන බව පෙනී යනවා නේද?
පිළිතුර - මෙම මැතිවරණයේදී සිදුවුණ අසුබ දේ තමයි, ඉලංකෙයි තමිල් අරසු කච්චි පිරිස කළදේ. ඉතාම අන්තවාදීව ජාතිවාදය අවුස්‌සලා, ක්‍රෝධය, වෛරය වපුරන්න ඒ පිරිස කටයුතු කළා. චැනල් හතර නාලිකාවේ වැඩසටහන ගැන කියලා, 83Z ජුලි කලබලවල පින්තූර බෙදලා, ජනතාව නොමඟ අරින්න උත්සාහ කළා. එදා වඩුක්‌කොඩෙයි රැස්‌වීම තියලා කරපු ඒ කොඩිවිනය අවසන් වුණේ ඒ රැස්‌වීමට සහභාගිවෙච්ච දෙමළ නායකයොත් ඝාතනය කරලා, මුළු රටේම සියලු ජාතින් ගොදුරු කරගත්තා. එහෙම තත්ත්වයක් යළි අද කරන්නයි මේ අයට ඕනේ. නමුත් මේ ප්‍රතිඵලයෙන් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ. දෙමළ ඩයස්‌පෝරාව ඊමේල් මගින් උතුරේ ජනතාවට කියා සිටියේ මෙම මැතිවරණය වර්ජනය කරන්න කියලා. එහෙම තියෙද්දී තමයි මේ ජනතාව ඒ ඉල්ලීම් අත හැරලා ඡන්දය පාවිච්චි කළේ. මෙම ප්‍රතිඵලයෙන් බෙදුම්වාදයට කැමැත්තක් ඇති බව ඉලංකෙයි තමිල් අරසු කච්චිවල ඡන්දයෙන් පෙනෙනවා නම්, එයට විරුද්ධව ලැබුණු ඡන්ද වලින් පෙනෙන්නේ, ඊට විරුද්ධ උතුරේ ජනතාවගේ ඇති අකැමැත්තයි. අනිත් එක අපිත් උතුරේ සමහර පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරලා තියෙනවා. එහෙනම් ඒ ජනතාව ඊළමට ඉඩදෙයිද?
අනිත් පැත්තෙන් ජනතාව අනිකුත් පළාත්වල ඒකීය ශ්‍රී ලංකාවක් සඳහා මේ සියල්ලටම වඩා වැඩි ජනබලයක් ජනාධිපතිතුමාට දීලා තියෙනවා, මේ ජනවරම ඒ විදිහට අර්ථ නිරූපණය කරන එක වැරදියි. පළාත් පාලන ඡන්දයක් තියන්නේ ගමේ වැඩ සඳහා. ඇත්තටම ප්‍රාදේශීය සභාවකට විදුලිය දෙන්නත් බැහැ. විදුලි ලාම්පු හයි කරන්න පුළුවන්. විදුලිය දෙන්නඕනේ ලංකා විදුලිබල මණ්‌ඩලයෙන්. ඒ වගේ වැඩකට තෝරාගන්න කණ්‌ඩායමක් තමයි මේ.
අපි මෙම මැතිවරණයෙනුත් පැහැදිලි පාඩමක් ඉගෙනගෙන තිබෙනවා. ජනාධිපතිතුමා වැඩකටයුතු කරන්නේ එහෙම පාඩම් ඉගෙනගනිමිනුයි. වතුකරය අපි එදා දිනුවේ නැහැ. නමුත් මෙවර අපි ඉතා වැඩි බහුතරයක් දිනා ගත්තා. මීට පෙර අපි සමඟ නොහිටපු නැගෙනහිර මුස්‌ලිම් නායකයින් අපි සමඟ දැන් ඉන්නවා. ඒ ජනතාවත් දැන් අපි සමඟයි. ඒ වගේ අපි ඉදිරියටත් පාඩම් ඉගෙන ගනිමින් යනවා.
ප්‍රශ්නය - ආණ්‌ඩුව නිතරම ඉහළින් කතා කරන මාතෘකාවක් තමයි රටේ ආර්ථිකය වර්ධනය වන බව. ආර්ථික වර්ධනය කෙසේ වෙතත් අද වනවිට ආණ්‌ඩුව විසින් පත්කරන ලද නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් නිසා හෙජින් ගනුදෙනුව අනුව අද විශාල වන්දියක් ගෙවීමට සිදුවී තිබෙනවා. මහජනයාගේ මුදල් මෙසේ දූෂිත ආකාරයෙන් වන්දි ලෙස ගෙවීමට සිදුවී තිබීම සම්බන්ධයෙන් ආණ්‌ඩුව අනුගමනය කරන්නේ කුමන අන්දමේ ක්‍රියා මාර්ගයක්‌ද?
පිළිතුර - රජයක් හැටියට කටයුතු කරන කොට යම් යම් කාර්යභාරයක් දේශපාලනඥයින්ට තියෙනවා. එසේම ඒ සඳහා වන සීමාවකුත් තිබෙනවා. මහජන නියෝජිතයන් හැටියට, මැති ඇමැතිවරුන් හැටියට ගත හැකි තීරණ ඉතාම සීමිතයි. බොහෝ තීරණ ගැනීම් සිදුවන්නේ නිලධාරීන් අතින්. ඊට පිටින් මහජන නියෝජිතයන් ඒ කටයුතු කළහොත් එයත් කැළලක් හැටියට පෙන්වන්න පුළුවන්. අපි විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් වෙලා, අනවශ්‍ය ලෙස මැති ඇමැතිවරු මැදිහත් නොවී ඒ කටයුතු සිදුකරගෙන යැමට ඉඩදී තිබෙනවා. එයින් අයුතු ප්‍රයෝජන ගන්න නිලධාරීන් කණ්‌ඩායමකුත් ඉන්නවා. හෙජින් වැනි දෙයක් කිරීමේදී එය හරියන්නත් වරදින්නත් ඉඩ තිබෙනවා, ඒ නිසා එවැනි දෙයකදී ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි. මෙහිදී එවැනි සැලකිල්ලක් යොමුකර තිබෙනවාද යන ප්‍රශ්නය තිබෙනවා, මෙවැනි දේ සද්භාවයෙන් කරලා පාඩු වෙන්නත් පුළුවන්. එසේම වංචනික අදහසින් මේවා වෙන්නත් පුළුවන්. නොදැනීම නොසැලකිල්ල නිසාත් ඒ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි දේ දිහා සුළුවෙන් බලන්න අපි කටයුතු කරන්නේ නැහැ. කොහොමටත් මෙය අද නීතිය ඉදිරියේ තිබෙන ප්‍රශ්නයක්. ඒ ගැන ඉදිරි කටයුතු රජය සිදුකරමින් යනවා.
ප්‍රශ්නය -පසුගිය කාලයේ එළවළු මිල වැඩිවෙලා පාරිභෝගිකයා අපහසුතාවට පත් වෙලා සිටියා. නමුත් දැන් එළවළු මිල අඩුවෙලා. ගොවියා අපහසුතාවට පත්වෙලා සිටිනවා. රජයක් ලෙස ගොවියා මුහුණ දෙන මෙම අපහසුතාවය ගැන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරන්නේ කොහොමද?
පිළිතුර -අතිගරු ජනාධිපතිතුමා මෙම තත්ත්වය ගැන පැහැදිලි සැලැස්‌මකින් යුක්‌තව කටයුතු කර තිබෙනවා. ජීවන වියදම සම්බන්ධයෙන් මහින්ද චින්තනය තුළ තිබෙන අදහස වන්නේ නිෂ්පාදනය වැඩි කිරීම තුළින් එය කළයුතු බව හා ආදායම් මාර්ග වැඩි කිරීමයි. මේ ගැන කරුණු සොයා බැලීමට ආහාර සුරක්‍ෂිතභාවය හා ජීවන වියදම් කමිටුවක් ඇමැතිවරුන්ගෙන් යුක්‌තව ජනාධිපතිතුමන් විසින් පත් කර තිබෙනවා. නිෂ්පාදන වියදම හා වෙළෙඳපොළේදී ලැබිය යුතු මිල සම්බන්ධයෙන් රජය විශේෂයෙන් සැලකිල්ලක් යොමු කර තිබෙනවා. නිෂ්පාදන වියදම අඩු කිරීම සඳහා තමයි, අපි වීවලට පොහොර සහනාධාරය ලබා දුන්නේ. ඒවගේම වීවලට ගොවියාට සහතික මිලක් අපි ලබා දී තිබෙනවා. ඒ වගේම එළවළු ගොවියාටත් පොහොර සහනාධාරය ලබාදී තිබෙනවා. මෙහිදී නිෂ්පාදන වියදම අඩු වෙනවා වගේම නිෂ්පාදනයත් වැඩිවෙනවා. එක පැත්තකින් එදා කිලෝ පහක් වවපු ඉඩමෙන්ම අද කිලෝ 10 ක් ඵලදාව ගන්න පුළුවන්. ඒ වගේම අපි එළවළු පරිභෝජනය වැඩි කළ යුතුව තිබෙනවා. වෙනත් රටවල එළවළු පරිභෝජනයට සාපේක්‍ෂව අපි පාවිච්චි කරන්නේ අඩුවෙන්. ජාතියක් විදියට අපි එළවළු, පළතුරු පාවිච්චිය වැඩි කළ යුතුයි. එයින් එළවළුවලට ඇති ඉල්ලුම වැඩිවෙනවා. එසේම අපනයන සඳහා දැන් අපි එළවළු යොදා ගන්න සැලසුම් කර තිබෙනවා. අපනයනකරුවන් පිරිසක් මට පසුගිය දා හමුවෙලා එළවළු පිටරට යවන්න ඔවුන් සූදානම් බව මට පැවසුවා. ඒ සඳහා දැන් අපි සැලසුම් සකස් කරගෙන යනවා. එසේම හෝටල් කර්මාන්තය සඳහා අවශ්‍ය විශේෂ එළවළු වර්ග වගා කිරීම සඳහාත් අපි අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය දැල් ආවරණ, හරිත නිවාස ආදිය අපි සපයා දෙනවා. උතුරු පළාතේ ගොවීන් මහ පරිමාණයෙන් ලොකු ලූනු, මිරිස් ආදිය වගාව සඳහා අපි යොමු කර තිබෙනවා. ආහාර සුරක්‍ෂිතභාවය රටකට ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම දූපත් රටකට, මේ පිළිබඳව අපි සැලකිලිමත්ව, සැලසුම්සහගතව කටයුතු කරමින් පවතිනවා.
ප්‍රශ්නය - ඔබ හා නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා අතර ගැටුම් පවතින බව සමහර මාධ්‍ය කලක පටන් අනාවරණය කරලා. මෙම තත්ත්වය දුර දිග ගොස් ජනාධිපතිතුමාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේ උඩුමහලේaදී ඔබට වෙඩි තැබීමට ගිය බවත්, ජනාධිපතිතුමා මැදිහත් වී එය වැළැක්‌වූ බවත් එක් වෙබ් අඩවියක් වාර්තා කර තිබුණා. මොකක්‌ද මේ ගැටුම.....
පිළිතුර - මෙවැනි සාවද්‍ය වාර්තා නිරන්තරයෙන්ම වෙබ් අඩවිවල පළවෙනවා. වගකීම් විරහිත මාධ්‍යයකට එවැනි සාවද්‍ය දේ පළ කිරීම එතරම් දෙයක් නොවෙයි. මුලින්ම මේ අය අපට චෝදනා නැඟුවේ රාජපක්‍ෂවරුන් බොහොම එකමුතුයි, සමඟි සම්පන්නයි කියලා. දැන් චෝදනා කරන්නේ අපි අසමගියි කියලා. මම ඉතා පැහැදිලිව කියනවා. රාජපක්‍ෂවරුන් සතු ලොකුම වාසනාවත්, ලොකු ශක්‌තියත් අප තුළ පවතින සමඟිය, එකමුතුභාවය කියලා. මේ රටේ දේශපාලන පවුල් තිබෙනවා. ව්‍යාපාරික පවුල් තිබෙනවා. කලා පවුල් තිබෙනවා. ඒ පවුල් අතර සමඟි සම්පන්නම පවුලක් ලෙස රාජපක්‍ෂ පවුල හඳුන්වන්න පුළුවන්. ඩී. එම්. රාජපක්‍ෂ මැතිතුමාගේ සිට මගේ පියාවන ඩී. ඒ. රාජපක්‍ෂ ආදීන්ගේ සිට අපි දශක ගණනාවක් මේ රටේ දේශපාලනයේ යෙදී සිටිනවා. කවදාවත් අපි අතර හැල හැප්පීම්වෙලා නැහැ. ඔය කියන ප්‍රවෘත්තිය ජනාධිපතිතුමාට ආරංචිවෙලා ඒ ගැන යෝෂිත පුතාට කියලා තිබෙනවා. යෝෂිත පුතා මට දුරකථනයෙන් කතා කරලා ඇහැව්වා "බාප්පාට මම වෙඩි තියන්න ගියා කියලා වෙබ් එකක තියෙනවා කියලා. එතකොට තමයි මම ත් ඒ ගැන දන්නේ. මෙවැනි බොරු ගොත ගොතා පළ කරන අයගේ පවුල්වල සමඟිය නැතුව ඇති. සමහරවිට ඒ අයට පවුලුත් නැතුව ඇති. ඒකයි මේ වගේ කතා පතුරුවන්නේ. රාජපක්‍ෂවරුන්ගේ ප්‍රදේශයෙන් පිට ගිහිල්ලා ප්‍රථම වතාවට මැතිවරණයකට ඉදිරිපත් වුණේ ශෂින්ද්‍ර රාජපක්‍ෂයි. ඔහු දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව අරගෙන ඌවේ මහ ඇමැති වුණා. වයසින් බාල වුණත් ඒ ආදර්ශය මටත් වැදගත් වුණා. අතිගරු ජනාධිපතිතුමා මට ගම්පහ භාරදෙන විට ඒ පූර්වාදර්ශය මට ශක්‌තියක් වුණා. ඒ වගේම නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමා තරුණ කොටස් ඒකරාශී කරගෙන අපිට එකතු කරගන්න බැරි විශාල පිරිසක් සමඟ කටයුතු කරමින් විශාල වැඩ කොටසක් ඉටු කරගෙන යනවා. පළමු වතාවට පාර්ලිමේන්තුවට පත් වුණත් විශාල ජවයකින්, හැකියාවකින් ඔහු සිය කාර්යය ඉෂ්ට කරගෙන යනවා. ඒ ලෙස අපි හැමෝම අපේ කාර්යයන් හොඳින් ඉටු කරමින් සමඟි සම්පන්නව සිටීම සමහරුන්ට ඉවසගන්න බැහැ.
ප්‍රශ්නය - ඔබ ඇමැතිවරයෙක්. ආණ්‌ඩුව කරගෙන යන නියමුවෙක්. ඒ කටයුතු අතරේදීම ඔබ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ එජනිස නායකයා. ගම්පහ ජනතාව ඔබව බලයට පත් කළේ රටේම වැඩි ඡන්දයෙන්. ඔබ ගම්පහට විශාල සේවයක් කරාවි යෑයි ඒ ජනතාව සිතුවා. නමුත් අද ඔබ ගම්පහ ගැන කතා කරන බවක් පෙනෙන්නේ නැහැ. ඔබට ගම්පහ අමතකවෙලාද?
පිළිතුර - බොහෝ නායකයන් ගම්පහින් පත්වෙලා ගම්පහ අමතක කරලා ඇති. සමහරු ගම්පහින් වෙනත් පැතිවලට මාරු වුණා. අපි කවදාවත් ගම්පහට එහෙම කරන්නේ නැහැ. මම මැතිවරණ කාලයේදීත් කටයුතු කළේ කණ්‌ඩායමක් විදිහට. අදත් එහෙමයි. මට ලැබුණු විශාල මනාප ප්‍රමාණයට හේතුව වුණෙත් ඒකයි. සමහර අපේක්‍ෂකයෝ තමන්ගේ මැතිවරණ ප්‍රචාරයටත් වඩා මගේ ජයග්‍රහණය ගැන උනන්දුවෙන් වැඩ කළා. මම කාර්යබහුල වුණත් ගම්පහ ප්‍රදේශයට අපේ තියෙන සැලසුම්, සංවර්ධන නවත්වලා නැහැ. අපි ගම්පහ දිස්‌ත්‍රික්‌කයට ස්‌ථිර කාර්යාලයක් ළඟදීම ආරම්භ කරනවා. ඒක මැතිවරණ කාලයට පමණක් විවෘතව තබන එකක් නෙමෙයි. මෙම කාර්යයන් තවත් වේගවත් කරලා. තවත් ජනතාවට සමීප වෙන්න අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම මගේ බිරිඳ සම්පූර්ණයෙන්ම පාහේ තමන්ගේ කාලය යොදවන්නේ ගම්පහ ප්‍රදේශයේ තත්ත්වය සොයා බැලීමටයි. මේ දිනවල ඇය ලංකාවේ නැහැ. මගේ දියණියට දරුවකු ලැබිලා තිබෙනවා. ඒ සඳහා මේ දිනවල මගේ බිරිඳ සිය කාලය යොදවා තිබෙනවා. එවැනි පෞද්ගලික ජීවිතයේ කටයුතු හැරුණු විට ඇය ගම්පහ ජනතාව ගැන විශේෂ අවධානයක් යොමු කරමින් කාලය යොදවා තිබෙනවා.
ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබ දැන් සීයා කෙනෙක්. ඔබ දැන් පෞද්ගලික ජීවිතයේ තවත් පියවරක් ඉදිරියට ගිහින් තිබෙනවා. නමුත් තවම ඔබ දේශපාලන ජීවිතයේදී ඇමැතිවරයෙක් පමණයි. එහි ඉදිරි පියවරක් සඳහා යැමට අදහසක් නැද්ද?
පිළිතුර- මම ඇමැතිවරයෙක්‌වත් වෙන්න හිතුවේ නැහැ. මම මන්ත්‍රීවරයෙක් වෙන්න එකවරක් බලාපොරොත්තු වුණා. නමුත් එයත් සඵල වුණේ නැති නිසා මම ඒ ගැනත් සැලකිල්ලක් යොමු කළේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා රටට අවශ්‍ය කාර්යයන් කරන විට මටත් ඒ සඳහා සහාය දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ අනුව මට ගම්පහ දිස්‌ත්‍රික්‌කය එතුමා භාර දුන්නා. පසුව මට එතුමාගේ ආණ්‌ඩුවේ ඇමැතිකමකුත් ලබා දුන්නා. ඒ වගකීම් තවදුරටත් ඉෂ්ට කළ යුතුව තිබෙනවා.
සාකච්ඡා කළේ -
අනුර සොලමන්ස් / මනෝජ් අබයදීර - Cutacy Divaina

0 comments:
Post a Comment