Monday, January 30, 2012
Sunday, January 1, 2012
2012 මගේ විවාහ වසරයි
By:
Prosperity Tech
On: 5:54 PM
මුතු තරංගා
බොහෝ දෙනෙකුට ඇය මතකයට නැඟෙන්නේ මුතුකැට ඉසිරුණාක් වැනි ඇයගේ සිනහවත් සමඟ ය. ඇය අපට සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. ක්ෂේත්‍රයට පැමිණ කෙටි කලක් තුළ ම ප්‍රේක්ෂකයනට මතකයේ රැඳෙන චරිත කීපයකට ම ජීවය දෙන්නට ඇයට හැකි විය. ඇය මුතු තරංගා.
මුතු මොනවද ඔබ මේ දවස්වල කරන කලා කටයුතු?
සිරස නාලිකාවෙන් විකාශයවන ‘ආදරේ අහස තරම්’ දීර්ඝ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේ ම සංගීත ප්‍රසංගවලත් සහභාගි වෙනවා.
විකාශය වීමට නියමිත ඔබ රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය මොනවාද?
මම රඟපෑ ටෙලිනාට්‍ය 07 ක් පමණ විකාශය වෙන්න තියෙනවා. හැබැයි ඒ ටෙලිනාට්‍යවල නම් අමතකයි.
ඔබ රංගනයට පිවිසුණු ආකාරය...?
මීට අවුරුදු කීපයකට පෙර මට සංගීතය සහ නර්තනය ඉගෙන ගන්න ‘එල්ෆින්ස්ටන්’ එකේ සරසවිපායට ගියා. සංගීතය ඉගෙන ගත්තෙ පී.වී. නන්දසිරි සර්ගෙන්. නර්තනය ඉගෙන ගත්තෙ චන්න විජේවර්ධන සර්
ගෙන්. එල්ෆින්ස්ටන් එකේ දී මට මුණ ගැසුණා නික් ජයමහ කියන මෝස්තර නිරූපණ ගුරුවරයා. ඔහුගේ මඟ පෙන්වීම මත මෝස්තර නිරූපණය පිළිබඳව ඉගෙන ගෙන මෝස්තර නිරූපණයට සම්බන්ධ වුණා. ඉන්පසුව රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කීපයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. මම රංගනයෙන් දායක වුණු පළමු ටෙලිනාට්‍යය තමයි සෙනේශ් දිසානායක ගේ ‘පුලින ප්‍රාසාද’ කියන ටෙලිනාට්‍යය. ඒ; 2003 වසරේ. එම වසරේ ම මට ‘සෙව්වන්දි’ කියන චිත්‍රපටයට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. ඉන්පසුව මම ටෙලිනාට්‍ය ගණනාවකටත් චිත්‍රපට කීපයකටත් රංගනයෙන් දායක වෙලා තියනවා.
මම හිතන විදියට ‘වසුදා’ ටෙලිනාට්‍යයෙන්. එහි මම නිරූපණය කළේ අහිංසක චරිතයක් නෙමෙයි. තම නැන්දම්මාට විරුද්ධව වැඩකරන සැර පරුෂ කාන්තාවකගේ චරිතයක්. වසුදා නැරඹූ ප්‍රේක්ෂකයින් මගේ චරිතය පිළිබඳව කතා කළේත් තරහින්. ඒ; මම එම චරිතය හොඳින් නිරූපණය කළ නිසා වෙන්න ඕන. වසුදා ටෙලිනාට්‍යයට වගේ ම සුදු හංසි ටෙලිනාට්‍යයේ මම කළ රංගනයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.
දැන් ඔබ අහිංසක චරිතවලටම කොටු වෙලා ද?
මටත් එහෙම හිතෙනව. හැබැයි මම රංගනයට පැමිණි මුල් කාලෙ මට විවිධ චරිත ලැබුණා. නමුත් පසුව මට අධ්‍යක්ෂවරු කතා කළේ අහිංසක චරිත රඟපාන්න. එන්න තියෙන මම රඟපෑ ටෙලිනාට්‍යවල මගේ විවිධ ආකාරයේ රංගන තියෙනව. ඒ ටෙලිනාට්‍ය තවම විකාශය නොවීම ගැන මම දුක් වෙනවා.
ගායනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවද?
මම සංගීතය හදාරපු කෙනෙක්. යම් කිසි ගායන හැකියාවක් මට තියෙනව කියලත් මම දන්නවා. ඒ හැකියාව රටටම පෙන්වන්න අවස්ථාව ලැබුණේ ‘මෙගාස්ටාර්’ තරගාවලියෙන්. හැබැයි මගේ විදෙස් සංචාර කීපයක් ම ඒ තරගාවලිය නිසා මට අවලංගු කරන්න සිදු වුණා. මගේ ම ගීත කීපයක් නිර්මාණය කරන්න කියල බොහෝ දෙනෙක් කිව්වත් ඒ ගැන මම තවම හිතල නැ.
සංගීත ප්‍රසංග සඳහා ඔබ රටවල් කීයකට විතර මේ වනවිට ගිහිං තියෙනවද?
මේ වනවිට මම රටවල් 15 ක විතර පැවැත්වුණු සංගීත ප්‍රසංගවලට සහභාගි වෙලා තියෙනව. ලංකාව තුළත් මම එළිමහන් ප්‍රසංගවල ගීත ගායනා කරනව.
විදෙස් ප්‍රසංගවලදී මොනවගේ ප්‍රතිචාර ද ඔබට ලැබී තිබෙන්නේ?
හරිම පුදුමයි ඒ ගැන මතක් වනවිටත්. මට මේ වනතෙක් කිසිම සම්මානයක් හිමිවෙලා නෑ. නමුත් විදෙස් රටවල ප්‍රසංගවලට ගියාම එහි සිටින ලාංකික රසික රසිකාවියන් අපට දක්වන ආදරය ගෞරවය මට ලැබුණු හොඳම සම්මානය විදියට මම සලකනවා. සමහරු විවිධ කෑම වර්ග හදාගෙන ඇවිත් අපට දෙනවා. සිහිවටන ලෙස තෑගි බෝගත් දෙනවා. ඒ ප්‍රතිචාර මතක් වනවිට හරිම සතුටුයි.
ඔබ ‘ගාමණී’ චිත්‍රපටයට දායක වුණා නේද?
මම හිතන්නෙ ‘ගාමණි’ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න ලැබීම මම ලද වාසනාවක් කියලයි. මම රඟපෑ චරිතය විශාල පරාසයක දිවෙන චරිතයක් නොවුනත් මම හරිම තෘප්තියකින් ඒ චිත්‍රපටයේ රඟපෑවා. එය හොඳ තේමාවක් සහිත නිර්මාණයක්. එහි අධ්‍යක්ෂවරයා දක්ෂ බුද්ධිමත් කෙනෙක්. ඒ වගේ ම එහි ප්‍රවීණ නළු නිළියන් රැසක් ම රඟපෑවා. ඒ නිසා ගාමණී චිත්‍රපටයට දායක වීම ගැන මට තියෙන්නෙ විශාල සතුටක්.
කලා ක්ෂේත්‍රය තුළ ඔබටත් කැපිලි කෙටිලි තිබෙනවාද?
අපොයි ඔව්. මුලදි නම් තිබුණේ නැහැ. ඒත් පසුව කැපිලි කෙටිලි හරියට ආවා. මට තේරෙන්නෙ නෑ මිනිස්සු ඇයි මෙහෙම කරන්නෙ කියල.
මොනවද ඔබේ පවුලේ තොරතුරු?
මගෙ අම්මයි තාත්තයි මමයි නංගියි තමයි පවුලේ අය. නංගි විවාහ වෙලා.
ඔබේ විවාහය ළඟදී සිදුවෙනවාද...?
ඔව්. බොහෝ දුරට ලබන අවුරුද්දෙ. 2012, මගේ විවාහය සිදුවේවි.
කවුද ඔබේ අත ගන්නෙ?
එයා නිශාන්ත අමුපිටිය. අපි හඳුනාගෙන දැන් අවුරුදු 8 ක් විතර වෙනවා. ඔහු මගේ සැමියා වීම මගේ වාසනාවක් ලෙසයි මම දකින්නෙ. ඔහු හොඳ අවබෝධයක් තියෙන මට උපරිම විදියට ආදරය රැකවරණය ලබාදෙන හොඳ කෙනෙක්. මගෙ යාළුවො නෑදෑයො දන්න කියන ගොඩක් දෙනා මට වඩා ආදරේ නිශාන්තට. ඒක මට හරිම සතුටක්.
විවාහයෙන් පසුවත් ඔබ රඟපානවද?
මම දිගටම රඟපානව. නිශාන්ත දැනුත් මාත් එක්ක ෂූටිංවලට එනව. එයා මගෙ කලා කටයුතුවලට විශාල සහයෝගයක් දක්වනවා.
ගාමිණී සුසන්ත
Sunday, December 18, 2011
අර්ජුන හා අරවින්ද තරඟ පාවා දුන්නා - ගාමිණි ලොකුගේ Read more: http://www.gossip9.com/2011/12/blog-post_16.html#ixzz1gwnHhAIu
By:
Prosperity Tech
On: 7:23 PM
Friday, December 16, 2011
අර්ජුන හා අරවින්ද තරඟ පාවා දුන්නා - ගාමිණි ලොකුගේ

ඔහු පැවසුවේ මෙම ක්‍රීඩකයන් දෙදෙනා මුළු ක්‍රීඩා ඉතිහාසයම අඳුරු කර ඇති බවත් ඒ අවස්ථාවේදී ඔවුන් බේරා ගත්තේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාව සිටි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා බවත්ය.
නමුත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ තරඟ පාවාදීමේ චෝදනාවලින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තමා නිදොස් කොට නිදහස් කර ඇති බවයි.
ලොකුගේ අමාත්‍යවරයාගේ කතාව හා අර්ජුනගේ පිළිතුර පහතින් බලන්න
"මේ ක්‍රීඩා ඉතිහාසයම බ්ලැක් ලිස්ට් කරපු දෙන්නෙක් ඉන්නවා..ඒ දෙන්නම ඉන්දියාවේ පරික්ෂා කරලා..වාර්තා කරලා..අපේ රටවල් වලට ඉදිරිපත් කරලා තියෙනවා..එදා ඒ දෙන්න බේරුවේ කව්ද තිලංග සුමතිපාල මන්ත්‍රීතුමා..බේරුවේ කොහමද..
ලෝක ක්‍රිකට් සභාව ඒ කාලේ ක්‍රිකට් ෆික්ස් කරන එක දඬුවම් කරන කරුණක් නෙවෙයි කියන කාරනාව උඩ..ලෝකේ අනිත් හැම රටම ඒ වාර්තාවේ ආපු අයට දඬුවම් දුන්නා..ඉතින් මම නම් කියන්න යන්නේ නැහැ..ඔව් නම් කියන්නම් ඕන නම්..තමුන්නාසේ එක්කෙනෙක්, අර්ජුන රණතුංග එක්කෙනෙක්.."
Tuesday, December 13, 2011
මම ඒ ගැන පසුතැවෙන්නේ නෑ...
By:
Prosperity Tech
On: 2:50 PM
ඇය සචිනි අයේන්ද්රා ....
ඡායා -ඩීනා රඹුක්කන්ගේ
*සම්පූර්ණ නම
සචිනි අයේන්ද්‍රා ස්ටැන්ලි
*උපන්දිනය
අප්‍රේල් 08
*ලග්නය
මිථුන
*උස
අඩි 05 අඟල් 03
*පදිංචිය
බත්තරමුල්ල
*සචිනි, ඉතින් කොහොමද මේ දවස්වල ඔබේ ජීවිතය ගතවෙන්නේ?
මේ දවස්වල නම් හරිම කාර්යයබහුලයි. ප්‍රධාන වශයෙන් මම මේ වනවිට බිරිඳක් වගේම මවක් වන නිසා. දැන් මගේ දුවට මාස 08 යි. ඇයගේ වැඩ කටයුතු නිසා බොහොම කාර්යයබහුලයි. ඒ එක්කම මගේ අනෙක් වැඩ කටයුතුත් කරගෙන යනවා. ඒ නිසා ඇත්තටම දවස ගෙවෙනවා දැනෙන්නෙ නෑ.
*විවාහයෙන් පසුව ඔබ කලා කටයුතුවලින් ඈත්වෙන්න තීරණය කරලද?
එහෙම කියන්න බෑ. විවාහය සමග මම ඊට වැඩි කාලයක් දුන්නා. කොළඹින් පිට රූගත කිරීම්වලට මම ටිකක් අඩුවෙන් සම්බන්ධ වුණේ. විවාහයට පෙර වගේ නෙමෙයි දැන් කලා කටයුතු සමබරව තමයි කරගෙන යන්නේ. දුව ලොකුවෙද්දි මගේ කාර්යයබහුලත්වය අඩුවෙයි. මේ වගේම ඉදිරියේදීත් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කාලය හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් නම් හැම කටයුත්තක්ම ලස්සනට කරගෙන යන්න පුළුවන්.
*සචිනි කලා කටයුතුවලට අමතරව ඔබ මේ වනවිට ව්‍යාපාරික ක්ෂේත්‍රයටත් යොමුවෙලා තිබෙනවා. ඒ වැඩ කටයුතු කළමනාකරණය කරගන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් මම කාර්යාලය තුළ උදේ 8 ඉඳන් 5 වෙනකං වැඩ කරන කෙනෙක් නෙමෙයි. එය මට ලැබිලා තියෙන වාසියක් කිව්වොත් නිවැරදියි. දවසකට පැය 3 ක් පමණ මම ව්‍යාපාරික කටයුතුවලට යොදලා තියෙනවා. ඒ විදිහට මම කාලය කළමනාකරණය කරගෙන වැඩ කරනවා.
*එතකොට ඔබ මේ වනවිට ඔබේ වෘත්තිය විදිහට තෝරාගෙන තිබෙන්නේ කුමන ක්ෂේත්‍රයද?
දැන් මගේ පූර්ණකාලීන වෘත්තිය තමයි මව සහ බිරිඳ. ඒ සඳහා තමයි මම වැඩි කාලයක් ගතකරන්නේ. නමුත් එය වෘත්තියක් ලෙසම හඳුන්වන්න බෑ. මම කැමතියි තවමත් මාව නිළියක් විදිහට හඳුන්වනවා නම්. නමුත් දැනට මම කරන වැඩ කටයුතුත් එක්ක එක් දෙයක් වෘත්තිය විදිහට සලකන්න බෑ.
*විවාහය කලා ශිල්පිණියකට තමන්ගේ කලා කටයුතුවලට බාධාවක් වෙනවා කියලා ඔබ හිතනවාද?
කලාවට බාධාවක් නෙමෙයි. නමුත් කලා කටයුතුවල ඉස්සර තරම් නියැලෙන්න වෙලාවක් නෑ. මම එය බාධාවක් විදිහට දකින්නේ නෑ. මම විවාහවෙන්න තීරණය කරද්දි කලාව වෙනුවෙන් මගේ මුළු කාලයම කැපකරලා තිබුණේ. ඒ නිසා මම දැනං හිටියා විවාහය වෙනුවෙන් කැපකිරීමක් කළ යුතුයි කියලා. ඒ සඳහා සූදානම් වෙලා තමයි මම විවාහ වුණේ. ඉතින්, මං ඒ ගැන දුක්වෙන්නේවත්, කලකිරෙන්නෙවත් නෑ. මම ඒ දෙකම සමබර කරගෙන ආසාවෙන් කරගෙන යනවා.
*පෙම්වතියගේ චරිතයට තවමත් ඔබට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් කියලා හිතනවද?
අනිවාර්යයෙන්ම. මවක් දරුවන්ට ආදරය කරනවා. බිරිඳක් සැමියාට ආදරය කරනවා. මා තුළ ඒ ආදරවන්තිය තවම ඉන්නවා. මම හිතන විදිහට බිරිඳක්, මවක් වුණා කියලා මගේ පෞර්ෂත්වය තුළ වෙනසක් සිදුවෙලා නෑ. එකම දේ සීමාවල් තියෙනවා. පෙම්වතියගේ චරිතය කියන්නේ රංගනයක් විතරයි. මම හිතන්නේ නෑ විවාහය, වයසට යාම තුළින් පුද්ගලයින් තුළ වෙනසක් ඇතිවෙනවා කියලා.
*පුංචි තිරයේ හෝ රිදී තිරයේ ඔබ පෙම්වතියගේ චරිතය නිරූපණය කරනවා දකිද්දි ඔබේ සැමියා ඒ ගැන මොනවගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ?
මගේ සැමියා බොහොම බුද්ධිමත් පුද්ගලයෙක්. එය මට වාසනාවක්. ඔහු ඒ දේවල් අනවශ්‍ය විදිහට දකින, ඊර්ෂ්‍යා හිතන කෙනෙක් නෙමෙයි. ඔහු බුද්ධිමත්ව ඒ දේවල් දකිනවා. බිරිඳක් විදිහට මමත් කටයුතු කරන්නේ ඒ ගෞරවය රැකෙන විදිහටයි. විවාහ වූ දා සිටම මම බාරගන්න සෑම චරිතයක් ගැනම ඔහුට දැනුම් දෙනවා. ඒ ගැන ඔහුගේ අදහස් දැනගෙන, විරුද්ධත්වයක් නැත්නම් මම ඒ චරිතය බාරගන්නවා. ඉන්පසුව ඔහු ඒ සම්බන්ධව මට කිසිම අකමැත්තක් ප්‍රකාශ කරන්නේ නෑ.
ඔහු මට මුණගැහුණේ 2008 වසරේ. ඔහු ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙක්. ඔවුන්ගේ හෝමාගම ඇඟලුම් කර්මාන්ත ශාලාවක තිබුණු අවුරුදු උත්සවයක අවුරුදු කුමාරී තේරීම සඳහා මම සහභාගි වුණා. ඔහුව මුලින්ම මුණගැහුණේ එතනදී. ඔහු ඉෂංග මහීපාල.
*ඔබේ විවාහය සිදුවන්නේ කලා කටයුතු පැත්තෙන් ඔබ යම් ස්ථාවර මට්ටමකට පැමිණ සිටි අවධියක. හිතෙන්නේ නැද්ද විවාහයට ඉක්මන් වුණා වැඩියි කියලා?
නැහැ. මගේ ජීවිතේ හැමදෙයම මම කරන්නේ සැලසුමකට අනුවයි. මම විවාහය සම්බන්ධවත් එහෙම සැලසුම් කරගෙන තිබුණා. නමුත් ඇත්තටම විවාහය සම්බන්ධව එහෙම තීරණය කරන්න අමාරුයි. මොකද මේ කාලේ විවාහවෙනවා කියලා තීරණය කරං හිටියත් සුදුසු කෙනා මුණනොගැහෙන්න පුළුවන්. නමුත් මට මම හිතං හිටිය කාලෙම විවාහවෙන්න අවස්ථාව ලැබුණා. මම හිතාගෙන හිටිය විදිහෙ කෙනෙක්ම මට ලැබුණා. ඉතින් ඒ කාලෙදී මම විවාහ වුණා. ඒ වගේම මම හිතාගෙන හිටියා මේ කාලේදී මට දරුවෙක් ලැබුණා නම් හොඳයි කියලා. යම් සැලසුමකට අනුව ඒ දේවල් සිදුවුණා. ඒ නිසා මම ඒ ගැන පසුතැවෙන්නේ නෑ. මම හිතනවා සුදුසුම කාලෙ තමයි මම විවාහ වුණේ. ඒ වගේම වෘත්තියම ජීවිතය කරගන්නත් බෑ. ඕනම කෙනෙක්ට පෞද්ගලික ජීවිතයක් තියෙන්න ඕන.
*කලා කටයුතුවලදී ඔබට සීමා, මායිම්, කොන්දේසි තිබෙනවාද?
වෘත්තියට පැමිණි දා ඉඳලම මම පනවාගත් සීමා, මායිම් කිහිපයක් තියෙනවා. ඒ සීමා, කොන්දේසි අදටත් තියෙනවා. විවාහයෙන් පසු ඒ දේවල් වෙනස්වුණේ නෑ. හොඳ අධ්‍යක්ෂවරයෙක්ගේ, හොඳ පිටපතක්, හොඳ චරිතයක් නම් මම එය තෝරාගන්නවා.
*ජනප්‍රිය පුද්ගලයෙකුට විශේෂයෙන් කාන්තා පාර්ශවය ගැන කතාකළොත් සාර්ථක පෞද්ගලික ජීවිතයක් ගතකරන්න අපහසුයි කියන මතය එක්ක ඔබ එකඟවෙනවද?
එය තීරණය වෙන්නේ අදාළ පුද්ගලයා මතයි. ඒ වගේම උදාහරණයක් විදිහට මම ගැන කතාකළොත් මම විවාහවෙන පුද්ගලයාත් බුද්ධිමත් විදිහට ඒ දේවල් දකින කෙනෙක් වෙන්න ඕන. දෙදෙනා අතර අවබෝධයක් තිබිය යුතුයි. බිරිඳත් විශ්වාසය රැකෙන අයුරින් කටයුතු කරන්න ඕන. සැමියා කොපමණ නිදහසක් දුන්නත් සීමාව දැනගෙන හැසිරෙන්න ඕන. ඒ විදිහට දෙදෙනාම අවබෝධයෙන් වැඩ කරනවා නම් මම හිතන්නේ වෙනත් අය මොන දේවල් කිව්වත් ගැටලුවක් වෙයි කියලා.
*ඇත්තද සචිනි ටිකක් ආඩම්බර චරිතයක් කියන්නේ?
මට නිතරම ඒ චෝදනාව ලැබෙනවා. මම නොදන්න අයත් එක්ක මම කතාකරනවා අඩුයි. බොහෝ පිරිසක් සිටින තැනකට ගියාම මම සාමාන්‍යයෙන් තරමක් නිහඬව ඉන්නවා. එය මම හිතලා කරන දෙයක් නෙමෙයි. ඒ නිසා වෙන්න ඇති එහෙම කියන්නේ. අදටත් මම බොහෝදුරට උත්සාහ කරනවා මගේ රසිකයෝ දැක්කම හිනාවෙලා කතාබහ කරන්න. නමුත් ඉතින් පුද්ගලයෙක් විදිහට එකවරම වෙනස්වෙන්න අමාරුයි. නමුත් මම උත්සාහ කරනවා. මාව දන්න අය කවදාවත් මම ආඩම්බරයි කියන්නේ නෑ. නොදන්න අය තමයි එහෙම කියන්නේ.
*සාමාන්‍ය ජීවිතයේ සචිනි අයේන්ද්‍රා හඳුන්වාදෙන්න පුළුවන් කොහොමද?
මට ඒක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. මම මොනවගේ කෙනෙක්ද කියන එක මට ඇත්තටම විස්තර කරන්න අමාරුයි. මගේ සැමියා, අම්මා, මිතුරු මිතුරියන්ගෙන් ඇහුවොත් ඒකට උත්තර දෙයි. ඒත්, මට හරි අමාරුයි ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න.
*ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස් අතර මතයක් තිබෙනවා ඔබ ඇතැම් අවස්ථාවලදී එකවර නිර්මාණ කිහිපයක වැඩ බාරගත්තොත් ඇතැම් නිර්මාණ හදිසියේ අතහැර දමනවාලු. ඒ වගේම ඇතැම් වැඩසටහන් සඳහා ආරාධනා බාරගෙන අවසන් මොහොතේ ඒ සඳහා දායකවෙන්න නොහැකි බව දැනුම් දෙනවලු. ඔබ මොකද මේ ගැන කියන්නේ?
ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑනෙ. යම්කිසි සිදුවීමක් නිසා තමයි එහෙම චෝදනා කරන්නේ. එහෙම සිදුවීමක් වුණා. එක්තරා ටෙලි නාට්‍යයක රූගත කිරීම් සිදුවන අතර වෙනත් චිත්‍රපටයක් සඳහා මම දින දීලා තිබුණා. නමුත් මම ඒ ගැන ඔවුන් දැනුවත් කර තිබුණේ නෑ. නමුත් මට දැනුම්දීමක් නොකර ටෙලි නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම තවත් මාස කිහිපයක් රූගත කිරීම් කරන්න. ඒ නිසා තමයි ප්‍රශ්නයක් ඇතිවුණේ. එතනදි දින ප්‍රශ්නයට වඩා ඔවුන් හැසිරුණු විදිහ, ඔවුන් මට චෝදනා කළ විදිහ ගැන කලකිරීම නිසා මම ටෙලි නාට්‍යයෙන් ඉවත්වුණා. ඒ ප්‍රශ්නෙදි ඔවුන්ට ඊට වඩා වෙනස් විදිහට ඒ සම්බන්ධව කටයුතු කරන්න තිබුණා. පසුව කතාව ඇතිවුණේ මම ටෙලි නාට්‍යය අතහැරලා චිත්‍රපටයට සම්බන්ධ වුණා කියලා.
*ඔබට සුළු හෝ විවේකයක් ලැබුණොත් ඒ විවේකය ගතකරන්න කැමති කොහොමද?
විවේකයක් ලැබුණු කාලයක් ඇත්තටම මතකත් නෑ. මගේ වෙනත් වැඩ කටයුත්තක යෙදෙන්නේ නැත්නම් මම ඒ හැම මොහොතක්ම ගතකරන්නේ මගෙ දුවත් එක්ක. ඒ ඇරුණම රූපවාහිනිය නරඹනවා. නැත්නම් පොතක් කියවනවා. රූපවාහිනිය නරඹනවාටත් වඩා පොතක් කියවීමෙන් මම විනෝදයක් ලබනවා. මේ දවස්වල ඒ වගේ පුංචි විවේක කාලයන් තමයි ලැබෙන්නේ.
*වෘත්තීය වශයෙන් වගේම පෞද්ගලික වශයෙනුත් ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
ඉදිරියෙදිත් මම කලා ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්නවා. අඩුම තරමේ වසරකට එක් චිත්‍රපටයක්වත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ව්‍යාපාරික පැත්තෙන් තව ගොඩක් දියුණුවෙන්න මගේ සැමියාට සහයවෙන්න ඕන. ඒ වගේම තව වැඩිපුර දරුවෝ හදන්න ඕන. ඒ වගේ හැම පැත්තකින්ම මගේ ඉදිරි බලාපොරොත්තු තියෙනවා. ඒ හැමදෙයක්ම මගේ හිතේ තියෙන පිළිවෙළට කරන්න තමයි බලාපොරොත්තුව ඉන්නේ. චිත්‍රපට නිෂ්පාදනයටත් යම් අවස්ථාවක් ලැබුණොත් දායකවෙනවා.
*ඔබට බොහොම හොඳ මිලක් ලැබෙන, ඔබ බොහොම කැමති නිර්මාණ ශිල්පියෙකුගේ ඔබ කාලයක් තිස්සේ සිහින මවමින් සිටි නිර්මාණයකට දායකවෙන්න ආරාධනාවක් ඔබට ලැබෙනවා. නමුත් ඔබේ සැමියා කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න කියලා ඔබට කියනවා. ඔබ නිර්මාණය බාරගන්නවද? ප්‍රතික්ෂේප කරනවද?
ප්‍රතික්ෂේප කරනවා.
*ක්ෂේත්‍රයේ ශිල්පියෙකු කවදා හෝ ඔබට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවද?
අනිවාර්යයෙන්ම. ඕනතරම්.
*ඔබේ ප්‍රථම ආදරයෙන් ඔබට ලැබුණු ප්‍රථම තෑග්ග?
මාලයකුයි, අත් පළඳනාවකුයි.
*ඔබ දායක වූ කිසියම් කලා නිර්මාණයක් වෙනුවෙන් ඔබට පොරොන්දු වූ මුදලක් නොලැබී ගිය අවස්ථාවක් තියෙනවද?
අනිවාර්යයෙන්ම. ගොඩක් තියෙනවා.
*ක්ෂේත්‍රයේ ශිල්පියෙකු හෝ ශිල්පිණියක සමග සුළු හෝ මත ගැටුමක් ඇතිකරගත් අවස්ථාවක් තියෙනවාද?
ඔව්, අනිවාර්යයෙන්ම.
*ජීවිතයේ වැදගත් කටයුතුවලදී ජ්‍යොතිෂයට මුල්තැනක් දෙනවද?
නැහැ.
*වෘත්තීය වශයෙන් සාර්ථක කලා ශිල්පිණියක් විදිහට ඔබ හඳුන්වන්නේ මූල්‍යමය වශයෙන් ඉහළම මට්ටමක ඉන්න ශිල්පිණියක් ද ඉහළම ජනප්‍රියත්වයක් තිබෙන ශිල්පිණියක්?
දෙකම.
Derana
Wednesday, December 7, 2011
Tuesday, December 6, 2011
දුමින්ද සිල්වාගේ වෙඩි වැදුන මොළය
By:
Prosperity Tech
On: 3:42 AM
පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි උණ්ඩ තුනක් ඇතුලත් වූ අතර බරපතල තත්වයෙන් රෝහල් ගත කරනලදී.
මේ වනවිට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට වෙඩි තැබුවේ කව්රුන් විසින්දැයි යන්න උසාවියේ විභාග වන අතර පහතින් දැක්වෙන්නේ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් වෙඩි වැදුණු දුමින්ද සිල්වාගේ හිසෙහි ජායාරුප හා වෛද්‍ය වාර්තා ඉදිරිපත්කර තිබුණු අයුරුයි.

මේ වනවිට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට වෙඩි තැබුවේ කව්රුන් විසින්දැයි යන්න උසාවියේ විභාග වන අතර පහතින් දැක්වෙන්නේ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් වෙඩි වැදුණු දුමින්ද සිල්වාගේ හිසෙහි ජායාරුප හා වෛද්‍ය වාර්තා ඉදිරිපත්කර තිබුණු අයුරුයි.

Tuesday, November 22, 2011
Sunday, November 20, 2011
ජැක්සන්ගේ පුතු හා සම්බන්ධයක් නෑ - ෂෙරිල්
By:
Prosperity Tech
On: 2:49 AM
ඇය පවසන්නේ ධනුද්දර හා ගීතයක රූපරචනයට එක්වීම හැර වෙනත් සම්බන්ධයක් නොමැති බවයි.
තමා තවමත් ආදරය පිළිබඳ සිතා නොමැති බවද පවසන ෂෙරිල් වයස අවුරුදු 25 ක් පමණ වන විට විවාහය ගැන තීරණයක් ගන්නා බව පවසා තිබේ.
සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් ෂෙරිල් මේ බව පවසා තිබිණි.
වසර 2006 දී ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරගයේ දෙවැනි තැන හිමිකර පත් ෂෙරිල් ඉන්පසුව සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට දායක වූවාය.
ඇයගේ මුල්ම සිනමා රංගනය සටහන්වූයේ බෙනට් රත්නායකගේ ‘ඉරහඳ යට’ චිත‍්‍රපටයෙනි.
කොලොන්නාව ශාන්ත ජෝෂප් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලද ෂෙරිල් කුලසිරි බුදවත්ත රංගායතනයෙන් නර්තනය පිළිබඳ හදාරා තිබේ.
මේ වන විට විසිදෙහැවිරිදි වියේ පසුවන ඇයට සහෝදරියක් ද සිටී.
ෂෙරිල් හා ධනුද්දර එක්ව රංගනයෙන් දායකවූයේ රෝමේෂ් සුගතපාලගේ ‘දිගුදෑස දුටුවාම’ ගීතයේ රූප රචනය සඳහාය.
එය වයිඩ් ඈන්ගල් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබීය.
ධනුද්දර මෝස්තර නිරූපිකාවක් වන නිලූක්ෂි අමන්දා හෙවත් ඒමි සිල්වා සමග සම්බන්ධයක් ඇතැයි ද මීට පෙර මාධ්‍ය අනාවරණය කර තිබිණි.
ඒමි 2009 වසරේදී දෙරණ වීට් මිස් ශී‍්‍ර ලංකා තරගයේ තරගකාරියක් ලෙස ද තරග කල තැනැත්තියක් වන අතර ඇය එම තරගයේ අවසන් පස්දෙනා අතරට ද පැමිණීමට සමත්වූවාය.
එහිදී ඒමි මිස් නැෂනල් කොස්ටියුම් කිරුළු පැළැඳීමට සමත්වූවාය.
එසේම වසර 2010 හොඳම මෝස්තර නිරූපිකාව ලෙස ද කිරුළු පැළැඳීමට ඇය සමත් වූවාය.
ඇය 2010 වසරේ ස්පාඤ්ඤයේ පැවැති ජගත් නිරූපන ශිල්පිනිය හා ශිල්පියා තේරීමේ තරගය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක්විය.
තමා තවමත් ආදරය පිළිබඳ සිතා නොමැති බවද පවසන ෂෙරිල් වයස අවුරුදු 25 ක් පමණ වන විට විවාහය ගැන තීරණයක් ගන්නා බව පවසා තිබේ.
සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් ෂෙරිල් මේ බව පවසා තිබිණි.
වසර 2006 දී ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරගයේ දෙවැනි තැන හිමිකර පත් ෂෙරිල් ඉන්පසුව සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට දායක වූවාය.
ඇයගේ මුල්ම සිනමා රංගනය සටහන්වූයේ බෙනට් රත්නායකගේ ‘ඉරහඳ යට’ චිත‍්‍රපටයෙනි.
කොලොන්නාව ශාන්ත ජෝෂප් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලද ෂෙරිල් කුලසිරි බුදවත්ත රංගායතනයෙන් නර්තනය පිළිබඳ හදාරා තිබේ.
මේ වන විට විසිදෙහැවිරිදි වියේ පසුවන ඇයට සහෝදරියක් ද සිටී.
ෂෙරිල් හා ධනුද්දර එක්ව රංගනයෙන් දායකවූයේ රෝමේෂ් සුගතපාලගේ ‘දිගුදෑස දුටුවාම’ ගීතයේ රූප රචනය සඳහාය.
එය වයිඩ් ඈන්ගල් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබීය.
ධනුද්දර මෝස්තර නිරූපිකාවක් වන නිලූක්ෂි අමන්දා හෙවත් ඒමි සිල්වා සමග සම්බන්ධයක් ඇතැයි ද මීට පෙර මාධ්‍ය අනාවරණය කර තිබිණි.
ඒමි 2009 වසරේදී දෙරණ වීට් මිස් ශී‍්‍ර ලංකා තරගයේ තරගකාරියක් ලෙස ද තරග කල තැනැත්තියක් වන අතර ඇය එම තරගයේ අවසන් පස්දෙනා අතරට ද පැමිණීමට සමත්වූවාය.
එහිදී ඒමි මිස් නැෂනල් කොස්ටියුම් කිරුළු පැළැඳීමට සමත්වූවාය.
එසේම වසර 2010 හොඳම මෝස්තර නිරූපිකාව ලෙස ද කිරුළු පැළැඳීමට ඇය සමත් වූවාය.
ඇය 2010 වසරේ ස්පාඤ්ඤයේ පැවැති ජගත් නිරූපන ශිල්පිනිය හා ශිල්පියා තේරීමේ තරගය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක්විය.
Subscribe to:
Posts (Atom)