Sunday, September 25, 2016

Rolls Royce Wraith in Sri Lanka

By: Prosperity Tech On: 12:25 AM

ලංකාවට මෙතෙක් ගෙනා මිළ වැඩිම කාර් රථය දැන් වරායේ – ඡායාරූප මෙන්න (PHOTOS)

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේ වන විට වරායට ගෙනවිත් තිබෙනවා.

Rolls Royce Wraith මාදිලියේ මෙම රථය බදු ගෙවූ පසුව රුපියල් මිලියන 158ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මෙහි ඡායාරූප පහතින් දැක්වෙනවා.

Saturday, September 24, 2016

Nadeeka Gunasekara gossip chat

By: Prosperity Tech On: 10:07 AM

චංචල රේඛා බලලා එක රසිකයෙක්‌ මට ලියුම් විසිතුනක්‌ එව්වා

මැරෙන්න මොහොතකට කලින් විජයට මම කතා කළා
හීන් හාමිට සම්මානයක්‌ ලැබෙනවා කියලා විලී බ්ලේක්‌ කිව්වා
සන්ධ්‍යා දර්ශනී ගුණසේකර නදීකා ගුණසේකර වූ හැටි....

Friday, September 23, 2016

Giniyam Ra - Shermaine Willis Ft. IRAJ & Kaizer

By: Prosperity Tech On: 10:28 AM

සමලිංගික පෙමින් ගිනිගත් ඉරාජ්ගේ ගිනියම් රෑ එළිදකී – වීඩියෝව මෙන්න!

ඉරාජ් වීරරත්නගේ නවතම මියිසුක් වීඩියෝව මීට සුළු මොහොතකට පෙර එළි දක්වනු ලැබුවා.
මේ ගීතය නම්කොට ඇත්තේ ගිනියම් රෑ ලෙසින්. මෙය ගායනා කරනු ලබන්නේ Shermaine Willis, ඉරාජ් හා පසුගිය දිනවල මවට කුනුහරපයෙන් බැන්නා යැයි දැඩි කතාබහට ලක්වූ කයිසර් කයිස් විසිනුයි. සමලිංගික ආදරයක් ගැන කියැවෙන මෙම වීඩියෝවද මේ වන විටත් සමාජ ජාලා වෙබ් අඩවි වල ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

Sunday, September 18, 2016

Lochana Imashi Becomes a Mother

By: Prosperity Tech On: 5:55 AM

අලුත උපන් පුංචි පුතා එක්ක ලෝචනා ගෙවන අලුත් ජීවිතය - Exclusive Photos

විවාහ වෙලා තමන්ගේ සැමියා ඉන්න රටට ගිහින් ආයෙත් ලංකාවට ආව නිළි ලෝචනා ඉමාෂී අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා හිරු ගොසිප් අපි මුලින්ම ඔබට කීවා මතක ඇති. මේ වෙද්දි ඒ සිහිනය සැබෑ වෙලා තියෙනවා. ලෝචනාගේ ජීවිතේ වෙනස් කරන්න පුංචි පුතෙක් තමයි ඔවුන්ට ලැබිලා තියෙන්නේ. ඇය කියන විදියට මෙච්චර කල් තිබ්බ ජීවිතයේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා අලුතින් පවුලට එකතු වුණු අමුත්තා නිසා ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න වුණාලු.ඒ වගේම දරුවා ලැබෙන්න විදෙස් රටකට යන්න පුලුවන්කම තිබුණත් ඒ දේවල් පැත්තක දාලා ලංකාවේම හිටපු එකනම් ලොකු දෙයක් කියලත් ලෝචනා කියනවා.මොකද තමන්ගේ පවුලේ හැමෝම වගේ දරුවා ලැබෙද්දි එයා එක්ක හිටපු නිසා ඒ අවස්ථාවේ තමන්ට ලොකු ශක්තියක් වුණා කියලා තමයි ලෝචනා කියන්නේ.
ඒ වගේම අලුත උපන් පුංචි පැටියාගේ ඡායාරූප කිහිපයකුත් ලෝචනා හිරු ගොසිප් අපිටම එවලා තිබුණා. ඒ ඡායාරූප එක්ක මව් පදවිය ලැබුව එක ගැන ලෝචනා අපිත් එක්ක කීව කතාව තමයි මේ.......

Friday, September 16, 2016

piumi hansamali & harin fernando photo goes viral

By: Prosperity Tech On: 7:44 PM

පියුමි හංසමාලි සමග සිටින ජයාරුපය ගැන හරින් කතා කරයි

පියුමි හංසමාලි සමග සමීපව පෙනී සිටින ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබීම සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අදහස් දක්වනු ලැබුවා. ඔහු සඳහන් කළේ මෙම ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවලට නිකුත් කර ඇත්තේ භාරත ඝාතන නඩුව සමාජ ජාලවල ජනප්‍රිය වීම වැළක්වීම සඳහා බවයි. ඒ සම්බන්ධයෙන් ඇතිවූ කතාබහ පිළිබඳව ද තමන්ට තොරතුරු ලැබී ඇති බව ඔහු සඳහන් කළා. මීට පෙර හිරුණිකා,නදීෂා සහ රිතූ ආකාර්ෂා සමග සම්බන්ධ කර ගනිමින්ද තමන්ට මඩ ප්‍රහාර එල්ල කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. තමගේ කට නිසා එවැනි ප්‍රහාර එල්ලවීම වැළක්විය නොහැකි බවයි හරීන් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ.

Tuesday, September 13, 2016

Duminda Silva's facebook account activated

By: Prosperity Tech On: 11:13 AM

එල්ලුම් ගහට ගිය දුමින්දගේ ෆේස්බුක් ගිණුම හදිසියේ සක්‍රිය වෙයි – ඡායාරූප කිහිපයක් එළිදක්වයි (PHOTOS)

මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට දැනට පැය කිහිපයකට පෙර ඡායාරූප කිහිපයක් එක්කර තිබෙනවා. මුල්ලේරියාව වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව ඔහුගේ හිසට සිදුවූ හානිය පිළිබඳව එම ඡායාරූප මගින් පැහැදිලි කර තිබෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන්ගේ හිසට වෙඩි වැදී තිබූ අයුරු දැක්වෙන ඡායාරූපයක් මීට දින කිහිපයකට පෙර ෆේස්බුක් වෙත එක්කර තිබුණා. දුමින්දගේ ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කර ඇත්තේ පසුගිය අප්‍රේල් 13 වැනිදාට පසුවයි.

Monday, September 12, 2016

Hirunika Premachandra Releases murdered Bharath's photos

By: Prosperity Tech On: 7:23 AM

භාරතට වෙඩි තැබූ ඡායාරූපය හිරුණිකා පළමු වරට හෙළි කරයි (PHOTOS)

සිය පියාගේ හිසට එල්ල වී තිබූ වෙඩි ප්‍රහාරය දුටුවිට එවැනි ප්‍රහාරයකට ගොදුරුවූවෙකුට එකදු තත්පරයක්වත් ජිවත්වය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. සිය පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හිසට වෙඩි වැදී තිබුණ අයුරු දැක්වෙන ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධ කරමින් ඇය මේ බව සඳහන් කරන්නීය. එසේම එම ඡායාරූපය පළ කරන්නේ ප්‍රථම වතාවට බවත් තම පියාගේ හිසට එල්ල වූ වෙඩි පහර පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සිටින්නන්ට දැන ගැනීමට බවත් ඇය පවසන්නීය.
"මේ පිංතූරය දකින හැම වෙලාවකම මම හිතන්නේ එය ඇත්ත ඡායාරූපයක් නොවෙයි කියලයි. මොකද මම හැමවෙලාවෙම මතක තිබෙන්නේ ඔහුගේ සිනහවින් පිරුණ ඔහුගේ කඩවසම් මුහුණයි. මගේ ජීවිතයේ පළමුවරට තමයි මෙම ඡායාරූපය පළ කරන්නේ. ඔබගේ අනුකම්පාව පිණිස නොවෙයි. නමුත් මෙයින් ඔබට දැනගත හැකිවේවි ඔහුගේ හිසට වෙඩි පහර එල්ල වී තිබුණේ කෙසේද කියා. මෙවැනි වෙඩි පහරකින් පසුව තත්පරයක්පවා ජීවත්වීම සිදුවිය නොහැක්කක්.. යමක් සිතන්නට.." යැයි ඇය ඡායාරූපය ඉදිරිපත් කරමින් පවසයි.

Thursday, September 8, 2016

Hirunika Premachandra's speech to media after court decision

By: Prosperity Tech On: 10:30 AM

තීරණය ගැන සතුටු වෙන්නෙ නෑ - හිරුණිකා අඬමින් කියයි


සිය පියා මරා දැමූ පස් දෙනෙකුට මරණ දඬුවම පනවමින් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් කැපවී වෙහෙසුන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත පැමිණියේ හඬා වැලපෙමිනි. අනපේක්ෂිත ලෙස ඇය කියා සිටියේ තීන්දුව ගැන තමා සතුටුවෙන්නේ නැති බවයි. ඇය මෙසේ කියා තිබුනි.
ආණ්ඩුව වෙනස්වුණ නිසා සමහරවිට මේ තීන්දුව වෙනස් වුණා වෙන්න පුළුවන්. අලූත් ජනාධිපතිතුමෙක් මේ රටට ඇවිල්ල තියෙන නිසා තමයි අද අපිට හරි තීන්දුවක් ලැබුනේ. තීන්දුව ගැන මට සතුටුවෙන්න බැහැ මොකද හැම කෙනාටම සහනයක් ලබාදුන් නැති නිසා. තව කෙනෙකුට කරදරයක් වෙනව බලල සතුටුවෙන්න තරම් අමානුෂික නෑ අපි. මට අදටත් ගෙදර ගිහාම තාත්තව මතක් වෙනව.කටහඬ ඇහෙනවා.

එම කතාවේ වීඩියෝව පහතින්


Nadeesha Hemamali's Wedding

By: Prosperity Tech On: 9:48 AM

නදීෂා හේමමාලි ‘තොලට තොල තියා’ විවාහ ගිවිස ගත් හැටි මෙන්න (PHOTOS)

ශ්‍රී ලංකාවේ නමගිය නිළියක් වන නදීශා හේමමාලිගේ විවාහය අද සිදු උනා. එහිදී ඇය තම සහකරුවාගේ තොලට තොල තියා විවාහ ගිවිස ගැනීම විශේෂත්වයක් වනවා. එම අවස්ථාවේ ඡායාරූප පහතින් නැරඹිය හැකියි.



Duminda Silva sentenced to death for Bharatha Lakshman murder

By: Prosperity Tech On: 6:43 AM

දුමින්ද සිල්වාට මරණ දඬුවම

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 5ස් දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණි.
මරණ දඬුවම නියම වූයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, ප්‍රියන්ත ජනක බණ්ඩාර යන අයට යි.

ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලගොඩ අතුරුදන්ව ඇතැයි නඩු විභාගයේදී අනාවරණය විය. නඩුවේ සෙසු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය කියා සිටියේ, දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා මෙම අපරාධයට නායකත්වය ලබා දී ඇති බව ය. ඔහු එම අවස්ථාවේ බීමත්ව සිට ඇති බව ත් අධිකරණය කියා සිටියේ ය.
ශිරාන් ගුණරත්න, පද්මිනී රණවක ගුණතිලක සහ එම්.සී.ජී.එස්. මොරායස් යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය ආරම්භ වූයේ, 2015 ඔක්තෝබර් 12 වන දින යි.

පළාත් පාලන මැතිවරණය පැවති 2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා මුල්ලේරියාව වල්පොළ මංසන්ධියේදී සිදු වූ වෙඩි හුවමාරුවකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් මිය ගියහ.

නඩුවේ සෙසු විත්තිකරුවන් වූයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, ඩබ්ලිව්.ඒ. මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, චමින්ද සමන්කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි ෂාමින්ද යන අය යි.