Monday, September 12, 2016

Hirunika Premachandra Releases murdered Bharath's photos

By: Prosperity Tech On: 7:23 AM

භාරතට වෙඩි තැබූ ඡායාරූපය හිරුණිකා පළමු වරට හෙළි කරයි (PHOTOS)

සිය පියාගේ හිසට එල්ල වී තිබූ වෙඩි ප්‍රහාරය දුටුවිට එවැනි ප්‍රහාරයකට ගොදුරුවූවෙකුට එකදු තත්පරයක්වත් ජිවත්වය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. සිය පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හිසට වෙඩි වැදී තිබුණ අයුරු දැක්වෙන ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධ කරමින් ඇය මේ බව සඳහන් කරන්නීය. එසේම එම ඡායාරූපය පළ කරන්නේ ප්‍රථම වතාවට බවත් තම පියාගේ හිසට එල්ල වූ වෙඩි පහර පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සිටින්නන්ට දැන ගැනීමට බවත් ඇය පවසන්නීය.
"මේ පිංතූරය දකින හැම වෙලාවකම මම හිතන්නේ එය ඇත්ත ඡායාරූපයක් නොවෙයි කියලයි. මොකද මම හැමවෙලාවෙම මතක තිබෙන්නේ ඔහුගේ සිනහවින් පිරුණ ඔහුගේ කඩවසම් මුහුණයි. මගේ ජීවිතයේ පළමුවරට තමයි මෙම ඡායාරූපය පළ කරන්නේ. ඔබගේ අනුකම්පාව පිණිස නොවෙයි. නමුත් මෙයින් ඔබට දැනගත හැකිවේවි ඔහුගේ හිසට වෙඩි පහර එල්ල වී තිබුණේ කෙසේද කියා. මෙවැනි වෙඩි පහරකින් පසුව තත්පරයක්පවා ජීවත්වීම සිදුවිය නොහැක්කක්.. යමක් සිතන්නට.." යැයි ඇය ඡායාරූපය ඉදිරිපත් කරමින් පවසයි.

Thursday, September 8, 2016

Hirunika Premachandra's speech to media after court decision

By: Prosperity Tech On: 10:30 AM

තීරණය ගැන සතුටු වෙන්නෙ නෑ - හිරුණිකා අඬමින් කියයි


සිය පියා මරා දැමූ පස් දෙනෙකුට මරණ දඬුවම පනවමින් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් කැපවී වෙහෙසුන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත පැමිණියේ හඬා වැලපෙමිනි. අනපේක්ෂිත ලෙස ඇය කියා සිටියේ තීන්දුව ගැන තමා සතුටුවෙන්නේ නැති බවයි. ඇය මෙසේ කියා තිබුනි.
ආණ්ඩුව වෙනස්වුණ නිසා සමහරවිට මේ තීන්දුව වෙනස් වුණා වෙන්න පුළුවන්. අලූත් ජනාධිපතිතුමෙක් මේ රටට ඇවිල්ල තියෙන නිසා තමයි අද අපිට හරි තීන්දුවක් ලැබුනේ. තීන්දුව ගැන මට සතුටුවෙන්න බැහැ මොකද හැම කෙනාටම සහනයක් ලබාදුන් නැති නිසා. තව කෙනෙකුට කරදරයක් වෙනව බලල සතුටුවෙන්න තරම් අමානුෂික නෑ අපි. මට අදටත් ගෙදර ගිහාම තාත්තව මතක් වෙනව.කටහඬ ඇහෙනවා.

එම කතාවේ වීඩියෝව පහතින්


Nadeesha Hemamali's Wedding

By: Prosperity Tech On: 9:48 AM

නදීෂා හේමමාලි ‘තොලට තොල තියා’ විවාහ ගිවිස ගත් හැටි මෙන්න (PHOTOS)

ශ්‍රී ලංකාවේ නමගිය නිළියක් වන නදීශා හේමමාලිගේ විවාහය අද සිදු උනා. එහිදී ඇය තම සහකරුවාගේ තොලට තොල තියා විවාහ ගිවිස ගැනීම විශේෂත්වයක් වනවා. එම අවස්ථාවේ ඡායාරූප පහතින් නැරඹිය හැකියි.



Duminda Silva sentenced to death for Bharatha Lakshman murder

By: Prosperity Tech On: 6:43 AM

දුමින්ද සිල්වාට මරණ දඬුවම

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 5ස් දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණි.
මරණ දඬුවම නියම වූයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, ප්‍රියන්ත ජනක බණ්ඩාර යන අයට යි.

ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලගොඩ අතුරුදන්ව ඇතැයි නඩු විභාගයේදී අනාවරණය විය. නඩුවේ සෙසු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය කියා සිටියේ, දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා මෙම අපරාධයට නායකත්වය ලබා දී ඇති බව ය. ඔහු එම අවස්ථාවේ බීමත්ව සිට ඇති බව ත් අධිකරණය කියා සිටියේ ය.
ශිරාන් ගුණරත්න, පද්මිනී රණවක ගුණතිලක සහ එම්.සී.ජී.එස්. මොරායස් යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය ආරම්භ වූයේ, 2015 ඔක්තෝබර් 12 වන දින යි.

පළාත් පාලන මැතිවරණය පැවති 2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා මුල්ලේරියාව වල්පොළ මංසන්ධියේදී සිදු වූ වෙඩි හුවමාරුවකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් මිය ගියහ.

නඩුවේ සෙසු විත්තිකරුවන් වූයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, ඩබ්ලිව්.ඒ. මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, චමින්ද සමන්කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි ෂාමින්ද යන අය යි.


Monday, September 5, 2016

Yureni Noshika Leaked Video - CCTV footage

By: Prosperity Tech On: 9:57 AM

අපේ රටේ ජනප්‍රිය නිළියකට ලිෆ්ට් එකකදි වෙච්ච දෙයක රහසිගත CCTV වීඩියෝව එළියට…


අපේ රටේ ජනප්‍රිය තරුණ රූමත් නිළියකට ලිෆ්ට් එකකදි වෙච්ච දෙයක් රහසිගත කැමරාවක සටහන් වෙලා. ඒ රහසිගත වීඩියෝව මේ වෙද්දි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් ප්‍ර‍චාරය වෙමින් පවතිනව.මේ තරුණ රූමත් නිළිය තමයි යුරේනි නොෂිකා. විඩියෝ එකේ විදියට, යුරේනි ලිෆ්ට් එකට ගොඩ වෙනව. ඇය විතරක් නෙවෙයි තවත් කිහිප දෙනෙක්ම ඒ වෙලාවෙ ලිෆ්ට් එක ඇතුළෙ ඉන්නව.කලා නිර්මාණ වලදී මේ නිළිය කොයිතරම් ආකර්ශනීය වුණත්, ඇය ගොඩවුණ ගමන් ලිෆ්ට් එකේ ඉන්න අයගෙ මුහුණු හැකිළෙනව. ඇයට හොරෙන් එකිනෙකා මුහුණට මුහුණ බලාගන්නව. ගොඩක් දෙනෙක් තමන්ගෙ නහයත් හකුළ ගන්නව. හැබැයි යුරේනි ලිෆ්ට් එකේ ඉන්නකම් ඔවුන් කිසිම දෙයක් කතා කරන්නෙවත් නැහැ.


හැබැයි යුරේනි ලිෆ්ට් එකෙන් බැහැල ගියා විතරයි… lift එකේ හිටපු කට්ටියගේ මුහුණවල් හැකිලිලා, වෙනස් වෙන විදිය cctv video එකේ හොඳින් බලාගන්න පුළුවන්.

මෙහෙම කට්ටියගේ මුහුණවල් වෙනස් වෙලා තියෙන්නේ යුරේනි ලඟින් ආපු උහුලාගන්නට බැරි දුගඳක් කියල තමයි අපිට ආරංචි වුනේ.

leak වුන වීඩියෝව පහතින් නරඹන්න…

Thursday, September 1, 2016

Yureni Noshika`s Red Panty exposed

By: Prosperity Tech On: 6:07 PM

යුරේනිගේ රතු පෑන්ටිය ලංකාවේ කොල්ලෙක්ට පෙන්වයි - වීඩියෝව බලන්න

මතකනේ පහුගිය කාලේ නිරුපන ශිල්පිණි යුරේනි නොෂිකා සමාජ ජාල වෙබ් අඩවි කොතරම් උණුසුම් කලාද කියලා? ඒ ඇය විදේශ රටකදී සහභාගී වූ ප්‍රසංගයකදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන්. රටේ දහසකුත් ප්‍රශ්න තියෙනකොට ඒවා අමතක වෙලා යුරේනිගේ ගැටලුව ඉදිරියට ආවේ කොහොමද? මේ වීඩියෝව බලලා ඔබම තීරණය කරන්න.


යුරේනිගේ පෑන්ටිය පෙන්වන වීඩියෝව බලන්න අපේ PAGE එකට LIKE කරන්න

Gossip Lanka chat with Rithu Akarsha

By: Prosperity Tech On: 9:36 AM
Gossip Lanka chat with Rithu Akarsha
Gossip Lanka chat with Rithu Akarsha

රිතූ මේ දවස්වල රවුම් ගහන්නේ කා එක්කද..?

තූ ආකර්ෂා කියන්නෙ මේ දවස්වල හිට් කැරැක්ට් එකක්නෙ. රංගනයෙන් වගේම Presenting වලිනුත් තමන්ගෙ ගමන හෙමින් යන රිතූ දැන් පෙම්වතියක් කියලා ආරංචියක් ලැබුණා. ඉතින් ආරංචියෙ ඇත්ත නැත්ත බලන්න අපි රිතූට කතා කළා.

රිතූගෙ ආඩම්බරකම් දැන් අඩුවෙලාලු

ඇයි එහෙම කියන්නෙ. ඔන්න පටන් ගත්ත ප්‍රශ්නෙ.?

වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් හින්දා හැමෝම එක්ක කතා කරන්න වෙනවනෙ ඒකයි.

ආ ඒකද. කොහොමත් මම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වෙන්න හිතුවෙ නෑ. හැබැයි දැන් නම් ට්‍රැක් එකට වැටිලා
ඉන්නෙ.

ඒක නම් අපිටත් හිතුණා?

මොකක්ද ඒ කතාව. එකපාර අහන්නකො අහන දෙයක් මම කියන්නම්.

කාගෙ හරි පැටන් එකකට වැඩසටහන කරනව වගෙයි අපිට පේන්නෙ?

නෑ නෑ. ඕගොල්ලො වැඩසටහනේ දකින්නේ සාමාන්‍ය රිතූම තමයි. කාගෙවත් විදියට මම වැඩ කරන්නෙ නෑ.

කාලයක් නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කරලා ටොප් මොඩල් කෙනෙක් වෙන්න තිබ්බ ආසාව දැන් නැති වෙලාද?

මම නිරූපණ ක්‍ෂේත්‍රයටයි මුලින් ආවෙ. පොඩි කාලෙ ඉඳන් හිතුවෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න. අන්තිමේට නතර වුණේ නිළියක් වෙලා.

ලේඩි ඩොක්ට කෙනෙක් වුණොත් දැන් වගේ යාළුවො ආශ්‍රය කරන්න බෑනෙ නේද?

වැඩ හින්ද සීමා නම් වැටෙයි. ඒත් මම ආසයි ඒ විදිහෙ නිදහසකට. කැමැති නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

ඇඟ ලස්සනට තියාගන්න ජිම් එකට යන්නත් අමතක කරන්නෙ නෑලු නේද?

ගැහැනු ළමයෙක් වුණාම ලස්සනට ඉන්න එපැයි. මං නිතරම මගේ ඇඟේ හැඩය ගැන හිතනවා. අනික් කාරණය අපි ගැන ගොඩක් අය අවධානයෙන්නෙ ඉන්නෙ.

රිතූ ලැබෙන අවධානයට වඩා තව අවධානය වැඩි කරගන්න දේවලුත් කරනව කියලා ආරංචියි?

මං නොදන්න දේවලුත් තියෙනවා එහෙනම්.

අපිට ආරංචියි රිතූගෙ ජීවිතේට සමීප කෙනෙක් එක්ක රවුම් ගහනව කියලා?

කවුරු හරි බොරුවක් කියලා. මට ඉන්නෙ යාළුවො විතරයි.

ෆේස්බුක් එකේ ලිමිටඩ් කරලා දාපු සෙල්ෆිවල ඉන්න කොල්ලා කවුද?

ආ මම නම් ෆේස්බුක් එකේ එහෙම දෙයක් කළේ නෑ. ඔය කියන්නෙත් මගෙ ළඟම යාළුවෙක් වෙන්න ඇති.

ඉතින් ඔය ඉන්න යාළුව කාලෙකදි පෙම්වතා කියලත් රිතූම කියයි?

නෑ නෑ මං යාළුවො විදියට විතරක් ඇසුරු කරන්නයි කැමැති. ඊට එහා දෙයක් ඇති වෙන්න ඉඩක් නෑ. යාළුවො යාළුවොන්ගෙ තැන තියන්න ඕනෑ.

මේ හැමදේම අතරේ නාට්‍ය කිහිපයක වැඩත් පටන් ගත්ත නේද?

ඔව් එයිනුත් චුට්ටෙ ටෙලි නාට්‍ය තමයි ගොඩක් ජනප්‍රිය.

දැන් නිවේදනයට ආව වගේ නාට්‍යවලින් චිත්‍රපටවලට හැරෙන්න කාලෙ හරි නේද?

කාලෙ නම් හරි තමයි ඉස්සරහට බලමුකෝ.

Politics, Explore, Importance of Mattala Air Port

By: Prosperity Tech On: 9:12 AM

Importance of Mattala Air Port ගුවන් යානයකට ඩොලර් 250 ක්,  එජාප මන්ත්‍රීවරුන්ව නිහඬ කළ මත්තල ගැන සංවේදී දේශනය. 

මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ඇති වැදගත්කම ගැනත්, එය වී ගබඩාවක් කිරීමේ අණුවන තීරණය ගැනත් ජයන්ත සමරවීර මහතා දෙරන වාද පිටියේදී ජනතාවට පෙන්වා දුන්නේය.මත්තල ගුවන් තොටුපොළෙන් ගුවන් මෙහෙයුම් කරන එක ගුවන් යානයකට පමණක් ඇමරිකන් ඩොලර් 250 ක් හිමි වෙයි. දිනකට සිය ගණනක් ගුවන් යානා වලට සේවා සපයන අතර එමගින් වසරකට හිමි වෙන ආදායම කොතෙක්දැයි පේනවා නේද?
ප්‍රතිවාදියාගෙන් දරුණු දෝශාරෝපන එල්ල වෙද්දී වෙනත් වෙලාවට එජාප මන්ත්‍රීවරුන් දෙදෙනාම බාධා කිරීම් සිදුකරයි. එහෙත් එජාප මන්ත්‍රීවරුන් දෙදෙනා වචනයක්වත් නොකියා ජයන්ත සමරවීර මහතාගේ පැහැදිළි කිරීමට නිහඬව ඇහුම්කන්දීම විශේෂත්වයක් විය.



Wednesday, August 31, 2016

Sri Lankan hacker - joke sinhala gag

By: Prosperity Tech On: 6:18 AM


Shermi Kalpana - Sri Lankan actress & Model

By: Prosperity Tech On: 2:00 AM

හැමදෙම සමබරව කරන්න උපරිම උත්සාහ කරනවා - ශර්මි කල්පනා

රැකියාවට සහ අධ්‍යාපනයට මුල් තැන දෙමින් නිරූපණය පිවිසි ඇය ශර්මි කල්පනා වෙයි. නිරූපණය තුළින් සෙමින් ගමනක යෙදෙන ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබස් කිරීමට අපත් සමග මෙලෙසින් එක්විය.

රැකියාවක් කරන ගමන්ද නිරූපණයට එකතු වුණේ?

මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් ඉන්ටර්කෝන්ටිනල් හරහා තමයි මාව කට්ටිය හඳුනගන්නේ. තරගය අවසන් වෙනවාත් එක්කම රැකියාව හා සම්බන්ධ වුණා. ඒ අතරතුර නිරූපණයට අවස්ථාව ලැඛෙනවා. හැබැයි මගේ පළමු තැන මගේ අධ්‍යාපනයට සහ රැකියාවටයි.
අධ්‍යාපනය සහ රැකියාව නිසා නිරූපණයේ ඇතැම් කටයුතු මග හැරෙන්නේ නැද්ද?

මේ වෙන කොට නම් එහෙම ගැටලූ‍වක් වෙලා නැහැ. මං හැමදේම කරන්නේ හොඳින් කළමනාකරණය කරගෙනයි. හැමදේම සමබරව කරගෙන යන්න මං උපරිම උත්සාහ කරනවා.

ඇයි නිරූපණයට එකතු වෙන්න කැමති වුණේ?

එක් මගේ පොඩි කාලේ ඉඳලා තිබුණ ආසාවක්. ඒ වගේම මගේ හැකියාවන්ගෙන් යම් දෙයක් කරන්න ඕනේ කියල මට හිතුණා.

මේ වනවිට දායක වෙලා තියෙන වැඩකටයුතු මොනවාද?

ෆොටෝ ෂූට්, මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහා ආරාධනා ලැබුණා. මේ වනකොට නම් ෆොටෝ ෂූට්වලට විතරයි සහභාගී වුණේ. ලැඛෙන කාලයත් එක්ක අනිත් වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

අද නිරූපණය ගැන මොකද හිතෙන්නේ?

මං හිතන්නෙ ලංකාවේ ඉස්සරට වඩා තැනක් අද නිරූපණයට තියෙනවා. අවස්ථා වැඩි. කොහොම වුණත් නිරූපණය කියන්නෙ හොඳ අවබෝධයකින් යන්න ඕන ගමනක්.

ගෙදරින් ලැඛෙන සහයෝගය කොහොමද?

මං මේ තරම් දුරක් ආවේ ගෙදරින් ලැඛෙන සහයෝගය නිසා තමයි. එයාලා හැමවෙලා‍වේම මගේ පිටුපසින් ඉන්නවා සහ මං කළයුතු තෝරගන්න මට හැමවෙලාවේම උදව් කරනවා.

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මං ඉදිරිය ගැන ගොඩක් ලොකුවට ප්ලෑන් හදන කෙනෙක් නෙවෙයි. මේ කරගෙන ආවා වගේම ඉදිරියටත් සාර්ථකව වැඩ කරගෙන යන්න තමා. බලාපොරොත්තු වෙන්නේ. රැකියාව සහ අධ්‍යාපනය සමගම තෝරා බේරාගෙන් නිරූපණ හා කලාකටයුතුවලට දායක වෙන්නේ බලාපොරොත්තු වෙනවා.

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවද?

ඔව්, ගොඩක් අය ඉන්නවා මං ඉස්සෙල්ලාම ස්තූති කරන්නේ මගේ අම්මටයි, තාත්තටයි. ඒ දෙන්නා නිසා තමයි අද මං මෙතැන ඉන්නේ. ඒ වගේම ලොකු අම්මා ඇතුළු පවුලේ හැමදෙනා. ඒවගේම මිස් ශ්‍රී ලංකා තරගයේ මට මුණගැහුණු හැමෝම මතක් කරන්න ඕනි. විශේෂයෙන් මගේ ක‍රු්එසඩැ ෘසරුජඑදර දිනේෂ් චන්ද්‍රසේන, රොශාන් සර්, අනුෂියා ඇතුළු අපේ කණ්ඩායම. ඒවගේම මට මගේ යාළුවන්ව. ගොඩක් අය ඉන්නවා නම් වශයෙන් කියන්න බැරි. මොකද එක නමක් හරි මඟ හැරුණොත් තරහ වෙයි. ඒ නිසා උදව් කරපු හැමෝම ආදරයෙන් මතක් කරනවා