Tuesday, August 30, 2016
Sunday, August 28, 2016
Two daughters raped by matchmaker
By:
Prosperity Tech
On: 11:10 PM
පියාගේ ලෙඩේ හොඳ කරන්න කියලා දියණියන් දෙදෙනාව කෙළෙසූ කපුවා
මානසික රෝගයක් සුවකිරීමට බව පවසා අවුරුදු 22 ක හා 20 ක දියණියන් දෙදෙනෙකු දූෂණය කළ 55 හැවිරිදි වියේ පසුවූ කපුවෙකු ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලග්ගල පැත්තේ ජීවත්වූ මෙම දියණියන්ගේ පියාගේ මානසික රෝගයක් සුව කිරීමට ලිංගික ඇසුරක් පැවැත්විය යුතු බව පවසායි දියණියන් දෙදෙනාව දූෂණය කර ඇත්තේ.
මෙම සැකකාර කපුවා කැකිරාව ප්‍රදේශයේ පදිංචි අයෙක්.
අසනීප තත්ත්වයේ පසුවූ පියා සුවපත් කර ගැනීමට අවශ්‍ය නිසා කපුවාගේ ගොදුරු බවට පත්වූ දූවරුන් දෙදෙනා තමන්ට සිදුවූ මෙම සිද්ධිය ගැන නාඋල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ලග්ගල පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.
Pooja cant speak sinhala
By:
Prosperity Tech
On: 10:32 PM
පූජාට සිංහල බැහැ - සිංහල දන්නම එවුන් පූජාට සිංහල උගන්වපු හැටි
පූජා උමාශංකර්ට දැන් ටිකක් සිංහල පුළුවන් වුණාට ඉස්සර එහෙම බෑ.. ඇය කැඩුණු සිංහලෙන් කතා කළේ... කුස පබා චිත්‍රපටය කරන කාලෙ පූජා නොදන්න උමාශංකර්
සිංහල අහගත්තෙ එක්තරා කෙනෙක්ගෙන්. පූජාට ඕනෙවලා පූජා කුස පබා එකේ රඟපාන සිංදුවක තේරුම දැන ගන්න. ඉතින් පූජා තම හිතවතාගෙන් මේ ගැන අහලා. සිංදුවෙ තියනවලු ප්‍රියේ කියලා වචනයක්. වසන්තය කියලා වචනයකුත් තියනවලු. යාළුවා පූජාට කිව්වලු ප්‍රියේ කියන්නෙ තාත්තට කියලා.
තාත්තා ඇවිත් දුවව හොයද්දි වසන්ත ඇවිත් එක්කගෙන යනවා වගේ තේරුමක් මේකෙ තියෙන්නෙ කියලා පූජාට කිව්වලු. ඇයට තේරුණාලු තමන්ට මොකක් හරි ලණුවක් මේ දෙන්න හදන්නෙ කියලා. ඇය මහාචාර්ය සුනිල් ආරියරත්න හෙවත් කුස පබා එකේ අධ්‍යක්ෂගෙන් ඇහැව්වලු හිතවතා කියාදුන්නු විදිහට ද මේ ගීතයෙ තේරුම තියෙන්නෙ කියලා.
මහාචාර්ය තුමන්ටත් හොඳටම හිනාලු විරහ ගීතයකට පියාව සම්බන්ධ කරලා පූජාගෙ යාළුවා ඇයට කියා දුන්නු සිංදුවේ තේරුමට. අන්තිමේ මහාචාර්යවරයා ගීතයෙ හරි තේරුම කියා දීලා. ඒත් එක්කම ඇහැව්වලු ඇයට ලණුව දීපු යාළුවා කවුද කියලා. පූජා නෙවෙයිලු කට ඇරියෙ. මේ වෙනකම් ඇය ඒ යාළුවාව පාවලා දීලා නැහැ.
Wildly popular Prisma app just made a major breakthrough
By:
Prosperity Tech
On: 2:33 AM
'ප්‍රිස්‌මා' උන්මාදයක් වෙයිද ?
'ප්‍රිස්‌මා' යන වචනය මේ වන විට කා අතරත් ඉතා ප්‍රචලිතය. ප්‍රිස්‌මා යනු මේ දිනවල ශ්‍රී ලංකාවේ මෙන්ම ලොවපුරා සිටින ස්‌මාර්ට් ෆොන් භාවිතා කරන්නන් අතර මෙන්ම ෆේස්‌බුක් භාවිතා කරන්නන් අතර ද වැඩියෙන්ම භාවිතයට ගැනෙන ඡායාරූප සංස්‌කරණය කිරීමට යොදා ගැනෙන යෙදුමකි (ඇප් එකකි.) මෙම ප්‍රිස්‌මා ඇප් එක භාවිතා කිරීමෙන් ඔබ ලබාගන්නා ඡායාරූපයට, මනරම් චිත්‍රයක පෙනුමක් ලබා දීමට ඔබට පුළුවන්කම ලැබේ. මෙම ඇප් එක කොතරම් ජනප්‍රිය වීද කියනවා නම් ෆේස්‌බුක් ඇතුළු සමාජ ජාල හරහා මෙම ප්‍රිස්‌මා ඇප් එක මගින් ලබාගත් ඡායාරූප නිරන්තරයෙන්ම භාවිතා වන්නට විය. මෙය ඉතා ප්‍රබල තාක්‌ෂණයන්ගෙන් සමන්විතය. එය අනෙකුත් ඡායාරූප සංස්‌කරණය කරන ඇතැම් ඇප්ස් වලටත් වඩා අති ප්‍රබලය. මේ නිසා මෙම ජයාරූප ඉතා ආකර්ෂණය බවින් අනූන නිසා බොහෝ දෙනෙක් තම ප්‍රොµයිල් ජායාරුපයට ද මෙය යොදා ගත්තේය. එය තවමත් වේගයෙන් පැතිර යමින්ද තිබේ.දිනෙන් දිනම මෙය භාවිත කරන්නන් ප්‍රමාණය ඉහළ ගිය නිසා ඇතැම් අවස්‌ථාවල එය මන්දගාමී බවටද පත් විය. එය යොදා ගැනීම පවා දුෂ්කර විය. පසුගිය දිනවල එය භාවිත කරන්නන් ප්‍රමාණය මිලියනය පවා ඉක්‌මවා ගිය බවද වාර්තා විය. මෙය ඉතාම සරලව කියන්නේ නම් ජයාරූප සංස්‌කරණය සදහා යොදා ගන්නා මෘදුකාංගයකි. මෙම ඇප් එක මගින් ඔබ ගන්නා ඡායාරූපය සම්පූර්ණයෙන් අධ්‍යයන කිරීමෙන් පසුව, එය නැවතත් ඇඳීම සිදු කරනු ලබයි. මෙහි නිර්මාණකරුවන් පවසන අන්දමට මෙම ඇප් එක ෆිල්ටර්ස් 34 කින් සමන්විතය. එක් එක් ෆිල්ටර, එයටම ආවේණික වූ ලක්‌ෂණවලින් සමන්විතය. ඇතැම් ෆිල්ටර, ලොවපුරා විසූ අති දක්‌ෂ චිත්‍රශිල්පීන්ගේ රටාවන් ලබාදීමට සමත්ය. ඇතැම් ෆිල්ටර මගින් ලොව බිහිවූ සුපිරි ගණයේ සිතුවම් වල ලක්‌ෂණ ලබා දෙනු ලබයි. මෙහිදී ඇත්තවශයෙන්ම සිදු වන්නේ ජායාරූපයක් අලුතින්ම සිතුවමකට නැගීමකි. එනම් මෙමගින් ඔබට ඔබගේ ඡායාරූපයට පිකාසෝගේ චිත්‍රවල ඇති ලක්‌ෂණ ඇතුළත් කළ හැකිය. එසේත් නැත්නම් වෙනත් ලොව ප්‍රසිද්ධ වෙනත් චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍රවල ගුණය ලබා දීමට ද හැකියාවක් තිබේ. කෙසේ වෙතත් ඔබ තෝරා ගන්න ෆිල්ටරය ඡායාරූපයෙන් ඡායාරූපයට වෙනස් විය හැකිය.
මෙම ප්‍රිස්‌මා කලාව මෙතරම් ජනප්‍රිය වීමට තවත් හේතුවක් වුයේ එය භාවිතා කිරීමේ පහසුවයි. මෙහිදී ඔබ තෝරා ගන්නා ෆිල්ටරය මගින් ස්‌වයංක්‍රීයවම ඔබට අවශ්‍ය ජායාරුපය සිතුවමක් බවට පත් කර ගත හැකිය. මේ වන විට වෙනත් කටයුතු සදහා ද මේ ප්‍රිස්‌මා කලාව යොදා ගනිමින් තිබෙන බව පෙනේ. උදාහරණයක් ලෙස දැන්වීම්කරණයට ද මෙය යොදා ගත හැකිය. ඒ අනුව පසුගියදා ලංකාවේ ප්‍රකට සමාගමක් වන සිංගර් සමගම ද තම ප්‍රචාරක කටයුතු සදහා මේ වේගයෙන් උන්මාදයක් ලෙස පැතිර යමින් තිබෙන ප්‍රිස්‌මා කලාව යොදා ගත්තේය .මෙය බොහෝ දෙනෙක්‌ට ඉතා පහසුවෙන් යොදා ගැනීම චිත්‍ර ශිල්පීන්ට නම් අහිතකර ලෙස බලපාන්නට ඉඩ තිබේ. එහෙත් මේ නවීන තාක්‌ෂණයන් පැමිණීම හෝ ප්‍රචලිත වීම වළක්‌වන්නට කාටවත් පුළුවන් කමක් නැත. අපට හැකි වන්නේ ඊට අනුගත වී ඉන් වැඩ ගන්නට පමණි. මේ ප්‍රිස්‌මා උන්මාදය හෙට දවසේ තවදුරටත් පැතිර යන ආකාරය ඔබට ද ඉදිරි දිනවල අත්විඳීමට ලැබෙනු ඇත.
Ishara Sandamini Hot Real Actress Pics
By:
Prosperity Tech
On: 2:19 AM
තව ටික කාලයක් දෙන්නා - දෙන්නාම වෙලා ඉන්නවා - ජනප්‍රිය නිළි කිරුළ දිනූ ඉෂාරා සඳමිණි
පසුගියදා නිමාව දුටු සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය වූයේ ඉෂාරා සඳමිණිය. ඇය මෙම වසරේ ජනප්‍රිය නිළිය ලෙස දිනාගත් දෙවැනි සම්මානය මෙය විය. මෙවර ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උලෙළේ දී ඉෂාරා පළමු වතාවට ජනප්‍රියම නිළිය විලසින් අභිෂේක ලැබුවාය.ඉෂාරා දෙවතාවක්ම ඔබ ජනප්‍රිය නිළිය වුණා? මොකද කියන්න තියෙන්නේ?
ආයේ ඉතින් මොකද ගොඩක් සතුටුයි. ඒ වගේම නිහතමානී ආඩම්බරයක් තියෙනවා මොකද මං ක්ෂේත්‍රයට ඇවිත් වැඩි කාලයක් නැහැ. මේ කෙටි කාලසීමාව තුළදී මට වැඩ කරන්නට ලැබුණු ටෙලි නාට්‍ය ඉතාමත් ජනප්‍රිය වුණා. මාවත් ඉදිරියටම ගෙනගියා. ඒ ආඩම්බරකම මගේ හිතෙහි කොනක තියෙනවා.
ඒ කියන්නේ ඔබ දැන් ටිකක් ආඩම්බර වෙලා?
අයියෝ නැහැ. එහෙම ආඩම්බරකමක් ගැන නෙවෙයි මං කිව්වේ. ඕනෑ කෙනෙකුට තමන් කරන කාර්යයන් සාර්ථක වුණාම තමන් පිළිබඳව නිහතමානී සතුටක් දැනෙනවානේ. අන්න ඒකයි කිව්වේ.
සුමති සම්මාන උලෙළේ ජනප්‍රිය නිළිය ලෙසට ඔබේ නම කිව්වාම කවුද පළමුව ඔබට සුබපැතුවේ?
මගේ සැමියා අනුර පතිරණ. ඔහු තමයි මං ගාව වාඩි වෙලා හිටියේ.
ඔබව ජනප්‍රිය නිළිය කළ නිර්මාණ මොකක්ද?
එකක් කියලා කියන්න අපහසුයි. මොකද මං රඟපෑ නාට්‍ය බැලුවේ එකම ප්‍රේක්ෂක කණ්ඩායමක් නෙවෙයි. උතුම් පැතුම් එක කණ්ඩායමක් බැලුවා. දෙරණෙ ගිය නන්ද අයියා කළ නාට්‍ය තව පිරිසක් බැලුවා. මේ දිනවල විකාශය වන සීතල ගිනිදැල් නාට්‍ය. ඔය නාට්‍ය දෙකම නරඹපු ප්‍රේක්ෂකයෝ බලනවා වෙන්න ඇති. මං හිතනවා මේ නිර්මාණ සියල්ලගෙම බලපෑම මගේ ජනප්‍රිය සම්මානය පිටුපස තිබෙනවාමයි කියලා.
සීතල ගිනිදැල් නාට්‍යය ඔබට විශේෂයි. ඔබට පමණක් නොව ඔබගේ සැමියා වූ අනුරටත් එහෙමමයි?
ඒකට ප්‍රධානම හේතුව අපි දෙන්නම එකට රංගනයේ යෙදෙන පළමු ටෙලි සිතුවම එය වීම. එහි අධ්‍යක්ෂ ලකී ඩයස් මහත්මා තමයි අපි දෙන්නටම එකට රඟපාන්න ආරාධනා කළේ. අනුර මගේ තාත්තගේ ආයතනයට වැඩට එන ගමේ තරුණයෙක්. මං තමයි ඔහුගේ බොස්. හරි අපූරුවට දෙන්නා රඟපෑවා.
ඒත් සමහර අවස්ථාවල දෙන්නා ටිකක් අපහසුතාවයට පත් වුණාලු නේද?
වුණා තමයි. මොකද අපි කැමරාව පිටුපස ජීවන රඟමඬලේ රඟපෑවට කැමරාව ඉදිරියේ රඟපාලම නැහැනෙ. අනික අනුර නාට්‍යයට අනුව මං ඉස්සරහ යටහත්පහත්ව ඉන්න ඕනෑ. ඒ අවස්ථාවන්වලදී මටත් අපහසුයි. ඔහුටත් අපහසුයි. අර කතාවට කියනවා වගේ අතිශය සමීපතමයෝ එක්ක සිරියස් වැඩක් කරන්න හරි අමාරුයි කියලා. අන්න ඒක තමයි මේ වුණේ.
ඔබ මේ දිනවල රංගනයෙන් තරමක් ඈත් වෙලා නේද ඉන්නේ?
ඔව්. එයට ප්‍රධානම හේතුව මගේ අධ්‍යාපන වැඩ කටයුතු. මං කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද විද්‍යා පීඨයේ ශිෂ්‍යාවක්නේ. දැන් අවුරුදු හතර ඉවරයි. මේ දවල්වල අපි රෝහල්වලට දාලා තියෙන්නේ ප්‍රැක්ටිකල් සඳහා. ලබන වසරේ මුල සිට මට ආයුර්වේද වෛද්‍යවරියක ලෙස සේවය කරන්නට ලැබේවි.
එතකොට රංගනයෙන් ඈත් වෙනවාද?
නැහැ. මාව ජනතාව අතරට ගියේ රංගනයෙන්. ඉතින් මං මේ වෘත්තීය අමතක කරලා කොහොමද?
ඔබට වැඩිපුරම ලැබුණේ මෙගා නාට්‍ය?
දැන් ඉතින් වැඩිපුරම හැදෙන්නේ මෙගානේ. මටත් වැඩිපුරම ඇරැයුම් ලැබෙන්නේ මෙගාවලට. වර්තමානයේ තියෙන තත්ත්වයත් එක්ක අපට එවන් වූ නිර්මාණ තමයි කරන්න වෙලා තියෙන්නේ. මම කියන්නේ මෙගා නරකයි කියලා නෙවෙයි. වැරදියට තේරුම් ගන්න එපා.
ඔබේ සැමියා කියන්නේ නැද්ද දැන් රඟපෑවා ඇති කියලා?
කවදාවත්ම නැහැ. ඔහු ද රංගන ශිල්පියෙක්. මට අමුතුවෙන් මේ ක්ෂේත්‍රය ගැන පැහැදිලි කරන්න ඕනෑ නැහැ ඔහුට. මට පූර්ණ නිදහස දීලා තියෙනවා රංගනය සඳහා.
ඔබට ඇයි තවමත් චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබුණේ නැත්තේ?
ක්ෂෙත්‍රයට ආව මුල් කාලේ මට චිත්‍රපට කිහිපයකටම ඇරැයුම් ලැබුණා. නමුත් නොසිතූ පරිදි මට ඒ අවස්ථාවන් මඟ හැරුණා. ඊට පස්සේ මට චිත්‍රපටවලට කතා කළේම නැහැ. අනේ මන්දා මොකක්ද දන්නේ නැහැ හේතුව.
ඔබේ රුව රිදී තිරයට ගැළපෙන්නේ නැහැ කියලා අධ්‍යක්ෂවරු හිතනවාද දන්නේ නැහැ?
එතනත් මට පොඩි ගැටළුවක් තියෙනවා. ඒ සැකය ද දන්නේ නැහැ තියෙන්නේ. ඇතැම් විට මාව එක චිත්‍රපටයකින් හෝ දුටුවා නම් ඒ සැකය දුරු වෙලා යාවි.
රංගන ශිල්පිණියක් විදිහට ඔබ රුව ගැන මොන වගේ උනන්දුවක් ද දක්වන්නේ?
බොහොම ලොකු සැලකිල්ලක් තියෙනවා. බොරු කියන්න ඕනෑ නැහැනෙ. මං ආහාර නම් පාලනයක යෙදෙනවා. ඒ වගේම ව්‍යයාම කරනවා. නැවුම් පලතුරු කනවා. ඔය වගේ දේවල් තමයි කරන්නේ.
ඔබ ජනප්‍රිය නිළිය වුණා. කවද ද හොඳම නිළිය වෙන්නේ?
ඕනෑම රංගන ශිල්පිණියකගේ එකම පැතුම තමයි හොඳම නිළිය වීම. මට ගොඩක් ලැබෙන්නේ මෙගා නාට්‍යනේ. ඒවායින් හොඳම නිළිය තේරෙන්නෙම නැති තරම්. මෙගා නොවන නිර්මාණ කිහිපයක් ලැබෙයි කියන විශ්වාසයෙන් ඉන්නවා. බලමු නේද.
කවදද දෙන්නා තුන්දෙනා වන්නේ?
තව ටික කාලයක් දෙන්නා දෙන්නා ලෙසටම ඉඳීවි. මගේ අධ්‍යාපන කටයුතු හමාර වෙලා වෘත්තිකයකු වශයෙන් ස්ථාවර වුණාම අනිවාර්යයෙන්ම තෙවැන්නෙකු ගැන හිතනවා.
සටහන - ප්‍රසාද් සමරතුංග
Saturday, August 27, 2016
Visna Fernando 2nd runner up at Top Model of World 2016
By:
Prosperity Tech
On: 12:42 PM
![]() |
| Visna Fernando |
විස්නා ප්‍රනාන්දු ජාත්‍යන්තරයේ දිස්නයදෙයි (වීඩියෝ)
මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගෙන සිටින විස්නා ප්‍රනාන්දු ජර්මනියේ පැවැති Top Model of World Pageant 2016 තරගාවලියේ අවසන් තරඟයේදී තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇති බව වාර්තා වනවා.ජර්මනියේ බර්මන් හි මෙම තරඟය පැවැත්වුණා.
ඊයේ (26)රාත්‍රියේ පැවැති මෙම තරගාවලියේදී ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිණිය ලෙස බල්ගේරියාවේ මාර්ගෝ කූපර් සම්මාන ලබාගත්තා.
විස්නා ප්‍රනාන්දු මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගත්තේ 2015 වසරේදීයි.

![]() |
| Visna Fernando |
![]() |
| Visna Fernando |
![]() |
| Visna Fernando |
Nanu Oya shooting - businessman killed
By:
Prosperity Tech
On: 12:09 PM
පිලිමතලාවේ ව්‍යාපාරිකයා නාඳුනන තුවක්කුකරුවකුට බිලි වූ CCTV දර්ශන
මෙම ව්‍යාපාරිකයා පේරාදෙණිය පිළිමතලාව ප්රදේශයේ වෙඩි තබා ඝාතනය කර තිබේ.පිළිමතලාව දී අවන්හලකට යතුරු පැදියකින් පැමිණ හිමිකරු වෙඩි තබා ඝාතනය කළ නාඳුනන තුවක්කුකරුවන් පලාගොස් ඇත.
සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ පිළිමතලාව දී නානුඔය සිට 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඝාතනය හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පේරාදෙණිය පොලිසිය සැකකරුවන් හඳුනා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත. Watch Video Bellow..
Subscribe to:
Comments (Atom)














