Sunday, August 28, 2016
Wildly popular Prisma app just made a major breakthrough
By:
Prosperity Tech
On: 2:33 AM
'ප්‍රිස්‌මා' උන්මාදයක් වෙයිද ?
'ප්‍රිස්‌මා' යන වචනය මේ වන විට කා අතරත් ඉතා ප්‍රචලිතය. ප්‍රිස්‌මා යනු මේ දිනවල ශ්‍රී ලංකාවේ මෙන්ම ලොවපුරා සිටින ස්‌මාර්ට් ෆොන් භාවිතා කරන්නන් අතර මෙන්ම ෆේස්‌බුක් භාවිතා කරන්නන් අතර ද වැඩියෙන්ම භාවිතයට ගැනෙන ඡායාරූප සංස්‌කරණය කිරීමට යොදා ගැනෙන යෙදුමකි (ඇප් එකකි.) මෙම ප්‍රිස්‌මා ඇප් එක භාවිතා කිරීමෙන් ඔබ ලබාගන්නා ඡායාරූපයට, මනරම් චිත්‍රයක පෙනුමක් ලබා දීමට ඔබට පුළුවන්කම ලැබේ. මෙම ඇප් එක කොතරම් ජනප්‍රිය වීද කියනවා නම් ෆේස්‌බුක් ඇතුළු සමාජ ජාල හරහා මෙම ප්‍රිස්‌මා ඇප් එක මගින් ලබාගත් ඡායාරූප නිරන්තරයෙන්ම භාවිතා වන්නට විය. මෙය ඉතා ප්‍රබල තාක්‌ෂණයන්ගෙන් සමන්විතය. එය අනෙකුත් ඡායාරූප සංස්‌කරණය කරන ඇතැම් ඇප්ස් වලටත් වඩා අති ප්‍රබලය. මේ නිසා මෙම ජයාරූප ඉතා ආකර්ෂණය බවින් අනූන නිසා බොහෝ දෙනෙක් තම ප්‍රොµයිල් ජායාරුපයට ද මෙය යොදා ගත්තේය. එය තවමත් වේගයෙන් පැතිර යමින්ද තිබේ.දිනෙන් දිනම මෙය භාවිත කරන්නන් ප්‍රමාණය ඉහළ ගිය නිසා ඇතැම් අවස්‌ථාවල එය මන්දගාමී බවටද පත් විය. එය යොදා ගැනීම පවා දුෂ්කර විය. පසුගිය දිනවල එය භාවිත කරන්නන් ප්‍රමාණය මිලියනය පවා ඉක්‌මවා ගිය බවද වාර්තා විය. මෙය ඉතාම සරලව කියන්නේ නම් ජයාරූප සංස්‌කරණය සදහා යොදා ගන්නා මෘදුකාංගයකි. මෙම ඇප් එක මගින් ඔබ ගන්නා ඡායාරූපය සම්පූර්ණයෙන් අධ්‍යයන කිරීමෙන් පසුව, එය නැවතත් ඇඳීම සිදු කරනු ලබයි. මෙහි නිර්මාණකරුවන් පවසන අන්දමට මෙම ඇප් එක ෆිල්ටර්ස් 34 කින් සමන්විතය. එක් එක් ෆිල්ටර, එයටම ආවේණික වූ ලක්‌ෂණවලින් සමන්විතය. ඇතැම් ෆිල්ටර, ලොවපුරා විසූ අති දක්‌ෂ චිත්‍රශිල්පීන්ගේ රටාවන් ලබාදීමට සමත්ය. ඇතැම් ෆිල්ටර මගින් ලොව බිහිවූ සුපිරි ගණයේ සිතුවම් වල ලක්‌ෂණ ලබා දෙනු ලබයි. මෙහිදී ඇත්තවශයෙන්ම සිදු වන්නේ ජායාරූපයක් අලුතින්ම සිතුවමකට නැගීමකි. එනම් මෙමගින් ඔබට ඔබගේ ඡායාරූපයට පිකාසෝගේ චිත්‍රවල ඇති ලක්‌ෂණ ඇතුළත් කළ හැකිය. එසේත් නැත්නම් වෙනත් ලොව ප්‍රසිද්ධ වෙනත් චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍රවල ගුණය ලබා දීමට ද හැකියාවක් තිබේ. කෙසේ වෙතත් ඔබ තෝරා ගන්න ෆිල්ටරය ඡායාරූපයෙන් ඡායාරූපයට වෙනස් විය හැකිය.
මෙම ප්‍රිස්‌මා කලාව මෙතරම් ජනප්‍රිය වීමට තවත් හේතුවක් වුයේ එය භාවිතා කිරීමේ පහසුවයි. මෙහිදී ඔබ තෝරා ගන්නා ෆිල්ටරය මගින් ස්‌වයංක්‍රීයවම ඔබට අවශ්‍ය ජායාරුපය සිතුවමක් බවට පත් කර ගත හැකිය. මේ වන විට වෙනත් කටයුතු සදහා ද මේ ප්‍රිස්‌මා කලාව යොදා ගනිමින් තිබෙන බව පෙනේ. උදාහරණයක් ලෙස දැන්වීම්කරණයට ද මෙය යොදා ගත හැකිය. ඒ අනුව පසුගියදා ලංකාවේ ප්‍රකට සමාගමක් වන සිංගර් සමගම ද තම ප්‍රචාරක කටයුතු සදහා මේ වේගයෙන් උන්මාදයක් ලෙස පැතිර යමින් තිබෙන ප්‍රිස්‌මා කලාව යොදා ගත්තේය .මෙය බොහෝ දෙනෙක්‌ට ඉතා පහසුවෙන් යොදා ගැනීම චිත්‍ර ශිල්පීන්ට නම් අහිතකර ලෙස බලපාන්නට ඉඩ තිබේ. එහෙත් මේ නවීන තාක්‌ෂණයන් පැමිණීම හෝ ප්‍රචලිත වීම වළක්‌වන්නට කාටවත් පුළුවන් කමක් නැත. අපට හැකි වන්නේ ඊට අනුගත වී ඉන් වැඩ ගන්නට පමණි. මේ ප්‍රිස්‌මා උන්මාදය හෙට දවසේ තවදුරටත් පැතිර යන ආකාරය ඔබට ද ඉදිරි දිනවල අත්විඳීමට ලැබෙනු ඇත.
Ishara Sandamini Hot Real Actress Pics
By:
Prosperity Tech
On: 2:19 AM
තව ටික කාලයක් දෙන්නා - දෙන්නාම වෙලා ඉන්නවා - ජනප්‍රිය නිළි කිරුළ දිනූ ඉෂාරා සඳමිණි
පසුගියදා නිමාව දුටු සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය වූයේ ඉෂාරා සඳමිණිය. ඇය මෙම වසරේ ජනප්‍රිය නිළිය ලෙස දිනාගත් දෙවැනි සම්මානය මෙය විය. මෙවර ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උලෙළේ දී ඉෂාරා පළමු වතාවට ජනප්‍රියම නිළිය විලසින් අභිෂේක ලැබුවාය.ඉෂාරා දෙවතාවක්ම ඔබ ජනප්‍රිය නිළිය වුණා? මොකද කියන්න තියෙන්නේ?
ආයේ ඉතින් මොකද ගොඩක් සතුටුයි. ඒ වගේම නිහතමානී ආඩම්බරයක් තියෙනවා මොකද මං ක්ෂේත්‍රයට ඇවිත් වැඩි කාලයක් නැහැ. මේ කෙටි කාලසීමාව තුළදී මට වැඩ කරන්නට ලැබුණු ටෙලි නාට්‍ය ඉතාමත් ජනප්‍රිය වුණා. මාවත් ඉදිරියටම ගෙනගියා. ඒ ආඩම්බරකම මගේ හිතෙහි කොනක තියෙනවා.
ඒ කියන්නේ ඔබ දැන් ටිකක් ආඩම්බර වෙලා?
අයියෝ නැහැ. එහෙම ආඩම්බරකමක් ගැන නෙවෙයි මං කිව්වේ. ඕනෑ කෙනෙකුට තමන් කරන කාර්යයන් සාර්ථක වුණාම තමන් පිළිබඳව නිහතමානී සතුටක් දැනෙනවානේ. අන්න ඒකයි කිව්වේ.
සුමති සම්මාන උලෙළේ ජනප්‍රිය නිළිය ලෙසට ඔබේ නම කිව්වාම කවුද පළමුව ඔබට සුබපැතුවේ?
මගේ සැමියා අනුර පතිරණ. ඔහු තමයි මං ගාව වාඩි වෙලා හිටියේ.
ඔබව ජනප්‍රිය නිළිය කළ නිර්මාණ මොකක්ද?
එකක් කියලා කියන්න අපහසුයි. මොකද මං රඟපෑ නාට්‍ය බැලුවේ එකම ප්‍රේක්ෂක කණ්ඩායමක් නෙවෙයි. උතුම් පැතුම් එක කණ්ඩායමක් බැලුවා. දෙරණෙ ගිය නන්ද අයියා කළ නාට්‍ය තව පිරිසක් බැලුවා. මේ දිනවල විකාශය වන සීතල ගිනිදැල් නාට්‍ය. ඔය නාට්‍ය දෙකම නරඹපු ප්‍රේක්ෂකයෝ බලනවා වෙන්න ඇති. මං හිතනවා මේ නිර්මාණ සියල්ලගෙම බලපෑම මගේ ජනප්‍රිය සම්මානය පිටුපස තිබෙනවාමයි කියලා.
සීතල ගිනිදැල් නාට්‍යය ඔබට විශේෂයි. ඔබට පමණක් නොව ඔබගේ සැමියා වූ අනුරටත් එහෙමමයි?
ඒකට ප්‍රධානම හේතුව අපි දෙන්නම එකට රංගනයේ යෙදෙන පළමු ටෙලි සිතුවම එය වීම. එහි අධ්‍යක්ෂ ලකී ඩයස් මහත්මා තමයි අපි දෙන්නටම එකට රඟපාන්න ආරාධනා කළේ. අනුර මගේ තාත්තගේ ආයතනයට වැඩට එන ගමේ තරුණයෙක්. මං තමයි ඔහුගේ බොස්. හරි අපූරුවට දෙන්නා රඟපෑවා.
ඒත් සමහර අවස්ථාවල දෙන්නා ටිකක් අපහසුතාවයට පත් වුණාලු නේද?
වුණා තමයි. මොකද අපි කැමරාව පිටුපස ජීවන රඟමඬලේ රඟපෑවට කැමරාව ඉදිරියේ රඟපාලම නැහැනෙ. අනික අනුර නාට්‍යයට අනුව මං ඉස්සරහ යටහත්පහත්ව ඉන්න ඕනෑ. ඒ අවස්ථාවන්වලදී මටත් අපහසුයි. ඔහුටත් අපහසුයි. අර කතාවට කියනවා වගේ අතිශය සමීපතමයෝ එක්ක සිරියස් වැඩක් කරන්න හරි අමාරුයි කියලා. අන්න ඒක තමයි මේ වුණේ.
ඔබ මේ දිනවල රංගනයෙන් තරමක් ඈත් වෙලා නේද ඉන්නේ?
ඔව්. එයට ප්‍රධානම හේතුව මගේ අධ්‍යාපන වැඩ කටයුතු. මං කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද විද්‍යා පීඨයේ ශිෂ්‍යාවක්නේ. දැන් අවුරුදු හතර ඉවරයි. මේ දවල්වල අපි රෝහල්වලට දාලා තියෙන්නේ ප්‍රැක්ටිකල් සඳහා. ලබන වසරේ මුල සිට මට ආයුර්වේද වෛද්‍යවරියක ලෙස සේවය කරන්නට ලැබේවි.
එතකොට රංගනයෙන් ඈත් වෙනවාද?
නැහැ. මාව ජනතාව අතරට ගියේ රංගනයෙන්. ඉතින් මං මේ වෘත්තීය අමතක කරලා කොහොමද?
ඔබට වැඩිපුරම ලැබුණේ මෙගා නාට්‍ය?
දැන් ඉතින් වැඩිපුරම හැදෙන්නේ මෙගානේ. මටත් වැඩිපුරම ඇරැයුම් ලැබෙන්නේ මෙගාවලට. වර්තමානයේ තියෙන තත්ත්වයත් එක්ක අපට එවන් වූ නිර්මාණ තමයි කරන්න වෙලා තියෙන්නේ. මම කියන්නේ මෙගා නරකයි කියලා නෙවෙයි. වැරදියට තේරුම් ගන්න එපා.
ඔබේ සැමියා කියන්නේ නැද්ද දැන් රඟපෑවා ඇති කියලා?
කවදාවත්ම නැහැ. ඔහු ද රංගන ශිල්පියෙක්. මට අමුතුවෙන් මේ ක්ෂේත්‍රය ගැන පැහැදිලි කරන්න ඕනෑ නැහැ ඔහුට. මට පූර්ණ නිදහස දීලා තියෙනවා රංගනය සඳහා.
ඔබට ඇයි තවමත් චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබුණේ නැත්තේ?
ක්ෂෙත්‍රයට ආව මුල් කාලේ මට චිත්‍රපට කිහිපයකටම ඇරැයුම් ලැබුණා. නමුත් නොසිතූ පරිදි මට ඒ අවස්ථාවන් මඟ හැරුණා. ඊට පස්සේ මට චිත්‍රපටවලට කතා කළේම නැහැ. අනේ මන්දා මොකක්ද දන්නේ නැහැ හේතුව.
ඔබේ රුව රිදී තිරයට ගැළපෙන්නේ නැහැ කියලා අධ්‍යක්ෂවරු හිතනවාද දන්නේ නැහැ?
එතනත් මට පොඩි ගැටළුවක් තියෙනවා. ඒ සැකය ද දන්නේ නැහැ තියෙන්නේ. ඇතැම් විට මාව එක චිත්‍රපටයකින් හෝ දුටුවා නම් ඒ සැකය දුරු වෙලා යාවි.
රංගන ශිල්පිණියක් විදිහට ඔබ රුව ගැන මොන වගේ උනන්දුවක් ද දක්වන්නේ?
බොහොම ලොකු සැලකිල්ලක් තියෙනවා. බොරු කියන්න ඕනෑ නැහැනෙ. මං ආහාර නම් පාලනයක යෙදෙනවා. ඒ වගේම ව්‍යයාම කරනවා. නැවුම් පලතුරු කනවා. ඔය වගේ දේවල් තමයි කරන්නේ.
ඔබ ජනප්‍රිය නිළිය වුණා. කවද ද හොඳම නිළිය වෙන්නේ?
ඕනෑම රංගන ශිල්පිණියකගේ එකම පැතුම තමයි හොඳම නිළිය වීම. මට ගොඩක් ලැබෙන්නේ මෙගා නාට්‍යනේ. ඒවායින් හොඳම නිළිය තේරෙන්නෙම නැති තරම්. මෙගා නොවන නිර්මාණ කිහිපයක් ලැබෙයි කියන විශ්වාසයෙන් ඉන්නවා. බලමු නේද.
කවදද දෙන්නා තුන්දෙනා වන්නේ?
තව ටික කාලයක් දෙන්නා දෙන්නා ලෙසටම ඉඳීවි. මගේ අධ්‍යාපන කටයුතු හමාර වෙලා වෘත්තිකයකු වශයෙන් ස්ථාවර වුණාම අනිවාර්යයෙන්ම තෙවැන්නෙකු ගැන හිතනවා.
සටහන - ප්‍රසාද් සමරතුංග
Saturday, August 27, 2016
Visna Fernando 2nd runner up at Top Model of World 2016
By:
Prosperity Tech
On: 12:42 PM
![]() |
| Visna Fernando |
විස්නා ප්‍රනාන්දු ජාත්‍යන්තරයේ දිස්නයදෙයි (වීඩියෝ)
මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගෙන සිටින විස්නා ප්‍රනාන්දු ජර්මනියේ පැවැති Top Model of World Pageant 2016 තරගාවලියේ අවසන් තරඟයේදී තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇති බව වාර්තා වනවා.ජර්මනියේ බර්මන් හි මෙම තරඟය පැවැත්වුණා.
ඊයේ (26)රාත්‍රියේ පැවැති මෙම තරගාවලියේදී ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිණිය ලෙස බල්ගේරියාවේ මාර්ගෝ කූපර් සම්මාන ලබාගත්තා.
විස්නා ප්‍රනාන්දු මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගත්තේ 2015 වසරේදීයි.

![]() |
| Visna Fernando |
![]() |
| Visna Fernando |
![]() |
| Visna Fernando |
Nanu Oya shooting - businessman killed
By:
Prosperity Tech
On: 12:09 PM
පිලිමතලාවේ ව්‍යාපාරිකයා නාඳුනන තුවක්කුකරුවකුට බිලි වූ CCTV දර්ශන
මෙම ව්‍යාපාරිකයා පේරාදෙණිය පිළිමතලාව ප්රදේශයේ වෙඩි තබා ඝාතනය කර තිබේ.පිළිමතලාව දී අවන්හලකට යතුරු පැදියකින් පැමිණ හිමිකරු වෙඩි තබා ඝාතනය කළ නාඳුනන තුවක්කුකරුවන් පලාගොස් ඇත.
සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ පිළිමතලාව දී නානුඔය සිට 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඝාතනය හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පේරාදෙණිය පොලිසිය සැකකරුවන් හඳුනා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත. Watch Video Bellow..
Sidu teledrama child actor 2016
By:
Prosperity Tech
On: 11:40 AM
සරණ සමඟ පොඩි හාමුදුරුවන් හමුවෙමු
සිඳු දර්ශන තලයේ දී
උදෑසන ඉක්මනින් නික්ම යමින් තිබිණි.. අප එදින හොරණ ප්‍රාද්ශය බලාපිටත් වූයේ මේ දිනවල නොසිතු ජනප්‍රියත්වක් හිමි කර ගනිමින් විකාශය වන 'සිඳු' ටෙලි නාට්‍යයේ දර්ශන තලය වෙතය. වාහනයට ගොඩ වී මඳ වේලාවකට පසු අපගේ ඡායාරූප ශිල්පි ශාන්ට ලැබුණු දුරකතන ඇමතුමෙන් කියැවුණේ රූ ගත කිරීම් අරඹා ඇති බවයි..එය කන වැකෙත්ම හැකි ඉක්මනින් යා යුතු යැයි මගේ සිත පෙරැත්ත කළද අප රියැදුරු මහතාට ඒ බව නොකීවේ ගමන පරෙස්සමෙන් යා යුතු බැවිනි. පැය දෙකකට ආසන්න කාලයකින් පසු අපේ ගමනාන්තයට ළඟා වීමූ...
අප ඉදිරියට වඩින්නේ ස්වාමින් වහන්සේ නමකි...
“අවසරයි අපේ හාමුදුරුවනේ.. මේ පන්සලේද අර පොඩි හාමුදුරවන්ගේ නාට්‍යයේ ෂුටිං තියෙන්නේ?“
ඒ හඩ ශාන් ගේය..
“ඕව්.. ඔහොම පිටිපස්සෙන් උඩහට යන්න. ෂුටින් කරන්නේ උඩහ..“
උන්වහන්සේගේ මඟ පෙන්වීමට ස්තුති පූර්වක වෙමින් අප කළු ගල් තලාව මතින් උඩහට පිය නැගුවෙමු..
“මේ සිළුමිණ පත්තරෙන් නේද?
ඒන්න එන්න..තේ ටිකක් බීලම වැඩ පටන් ගමු“
අප දර්ශන තලයට යන විට තේ පැන් පානය සඳහා රූ ගත කිරීම් මඳකට නවතා තිබූ අතර සිය සුපුරුදු ළෙන්ගතු සිනහවෙන් අපි පිළිගත්තේ සිඳු ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්ෂකවරයා වන ප්‍රදීප් මානවඩුගේ විසිනි.
තේ උගුරක රස බලන ගමන් මා ගල් තලාව මත පිය මනිමින් තවත් ඔබ මොබ ඇවිද්දේ අවට පරිසරයේ සුන්දරත්වය තව තවත් විඳ ගැනීමේ රිසියෙනි...
අහ් ..මේ ඉන්නේ සරණ..
අපට මුලින්ම හමු වූයේ මෙ දිනවල මෙරට ජනප්‍රියතම පූස් පැටවායි. සරණටත් තේ පැන් විරාමයක් ලැබී ඇති හැඩයි.. බැම්මක් මත වාඩි වී සිටි සරණ විඩා නිවයි.
“සරණත් ගිය ආත්මෙක හොඳ නළුවෙක්ද කොහේදො....“ අවට සිටි කෙනෙක් එසේ කියාගෙන යයි..
“එතකොට කෝ මේ සෝරත පොඩි හාමුදුරුවෝ?“
එතැන සිටි තවත් අයකුගෙන් මා එසේ විමසූයේ මේ දිනවල බාල මහලු කාගෙත් සිත් සොරා ගත් ඒ පුංචි කොලු ගැටයා දැක ගැනීමට මා තුළද උපන් ආශාව නිසාය..
“අද ඒ පුතාට ටිකක් සනීප මදි.. පල්ලෙහාට ගියා. ආ.. ඔය කියනකොටම එන්නේ... බලන්නකෝ මූණ නිකම් අද ගොරකා ගෙඩියක් වගේ වෙලා නේද?“
“හරි පුතාව එක්කර ගෙන එන්න.. අපි ෂූටිං පටන් ගමු..“ඒ හඬ තිළිණගෙයි. කොතරම් අසනීප වූණත් කැමරාව ඉදිරියේ එ සියල්ල මේ පුංචි පුතාට අමතකය..
රෝලිං.. ඇක්ෂන්!
“කොහේද ඔය බළල් නාම්බව අරන් යන්නේ..
නාවන්න..
කොච්චර නෑවුවත් මේකව සුදු කොරන්ඩ බැහැ පොඩි හාමුදුරුවනේ...ඌ මඩ නානවාමයි..
“එයාට දෙබස් කියන්න ඕනේ එක පාරයි හැබැයි ඒ දෙබස වරද්දන්නේ නැතුව හරියටම එයාට දෙන්න ඕනේ. බැරි වෙලාවත් දෙබස වැරදුණොත් දෙවැනි පාර හරි ගැස්සුවට වැඩක් නැහැ. මොකද පළවෙනි පාර අපි කියන දෙබස එයා ඔළුවට දා ගන්නවා.. පස්සේ සිය පාරක් අපි වෙනස් කළත් එයා කියන්නේ මුලින් කියපු දෙබස විතරයි..“
සිඳු හී නිෂ්පාදක, ජානක අප හා එසේ පැවසුවේ ආයාසයකින් තොරව දෙබස් තෙපලන ඒ හුරතලා දෙස මා මඳක් පුදුමයෙන් බලා සිටිනූ දුටු නිසා වන්නට ඇත.. දර්ශනතලයේ සියල්ලන්ම ඉතා කාර්යබහුල වූවත් ඒ සියල්ල සිදු වන්නේ ඉතා විනෝදයෙනි..
සෝරත හමුදුරුවන්ගේ හුරතල් වැඩ දිහා බලන් ඉන්න අපට ඊට එහා කුඩා බංකුවක අසුන් ගෙන මේ සියල්ල දෙස ඉතා නිසොල්මනේ බලා සිටින අපේ ලොකු හාමුදුරුවො හෙවත් අපේ ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි දෙසට මා පියමං කළේ ඔහු සමග පුංචි කතා බහක යෙදෙන්න සිතා ගෙනයි.
''සෝරත පොඩි නම ගැන කතා කරනවාට වඩා මම ඊට පණ පොවන දරුවා ගැන යමක් ඔබට කියන්නම්. මේ දරුවා වයස අවුරුදු පහක පුංචි කිරිසප්පයෙක් වුණත් අද ලංකාවේ ආකාස්මික (Sensational) ළමයෙක් වෙලා හමාරයි.. එහෙම වෙලා තියෙන්නේ ඔහු වයසින් කුඩා වුණත් ඔහුට තියෙනවා දෙබස් කැවීම් තුළින් ලබා ගත් ලොකු හුරුවක්. ඒ නිසා උච්චාරණය සහ දෙබස් මතක තබා ගැනීමේ අභ්‍යාසය ඔහුට හොඳින් හුරුයි. ඒ නිසා තමයි මේ නාට්‍ය ඉතා ඉක්මනින් සියලු දෙනා වැළඳ ගෙන තියෙන්නේ.ඔහු තමයි මේ ටෙලි නාට්‍යයේ ධනාත්මක ලකුණ. ''කිව යුතු සියල්ල බොහොම කෙටියෙන් ඉතා සුහදශීලීව බෙදා ගැනීම ඔහුගේ පුරුද්දක්.
''පුතේ!! ඔයා හොඳට රඟ පෑවොත් පොතේ තරු ගහනවා.. කෝ ඒත් මේ අම්මා ගෙනත් නැහැනේ පුතගේ පොත අද තිළිණ නැවත ඒ පුංචි පුතු හුරතල් කරයි.
පුංචි පුතාට තරු ගැන මතකයක් නැත. ලද විවේකයේ ඔහු උපරිම ප්‍රයෝජන ගනී.. අසනීපය පැත්තක දමා ඔහූ හීන් බබා සීයා ගේ ඇඟට පනී.. සීයා සමග හරි හරියට දුවයි.. නාට්‍යයේදී මේ දෙදෙනා නිතරම දෙදෙනාට මැසිවිලි නැඟුවත් දර්ශන තලයෙන් පසු පසු සෝරත පොඩි නමගේ කළණ මිතුරා හින් බබා සීයා ය.
''හීන් බබා සීයා එක්ක පුතා හරිම එකතුයි නේද?''
''අම්මේ ඔව්... ඔහු හරි ආසයි මම කියන කතන්දරවලට. මේ නාට්‍ය තුළ මට ලියැවිලා තියෙන දෙබස් කිය කියා මං එයත් එක්ක සෙල්ලම් කරනවා නම් ඊට වඩා දෙයක් නැහැ.''
''ඔබ මේ නාට්‍ය ත්‍රිත්වයේම එන චරිතයක්නේ....ඉතින් සිඳු ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ?''
''මම මුලින් සිඳු නිෂ්පාදක ජානක සිරිවර්ධන සහ තිලිණ බොරලැස්ස අධ්‍යක්ෂවරයාට ඉතාම ස්තුතිවන්න විය යුතුයි. ඔවුන් ඉතාම සුහදශීලී පුද්ගලයන්. මම මීට සම්බන්ධ වෙන්නේ මගේ මිතුරා මනෝජ් ගේ මාර්ගයෙන් මලී කොටස් 50 හෙදි ආ මගේ චරිතය ඉන් අත්තම්මා, දැන් සිඳු ඔස්සේ ප්‍රේක්ෂකයාට ළං වුණා. නමුත් සිඳු මලී සහ අත්තම්මා අභිබවා ගිහින් කියලයි හිතෙන්නේ..සමහර විට පොඩි ළමයි වටා ගොඩ නැඟුණු නිසා වෙන්නත් ඇති. මේ නාට්‍ය තුළ තියෙන කතාවත් හරි ලස්සන කතන්දරයක්.''
රූගත කිරිම් අතර ලද විරාමයකදි සිඳු අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස ගෙන් විමසන්නට මට කාරණා කිහිපයක්ම විය..
'මලි' සහ 'අත්තම්මා' ලැබූ ජනප්‍රියත්වය නිසාදෝ 'සිඳු' ටෙලි නාට්‍යයද මලී දිගුවක් ලෙස දිග හැරෙන්නේ... ?
''මලී දිගුවක් ලෙසයි සිඳු නිර්මාණය වෙන්නේ. මලී සහ අත්තම්මා ලැබු ජනප්‍රියත්වය නිසාම සිඳු ඊට ඈඳ ගත්තා යැයි කවුරු හරි හිතනවා නම් එහෙම හිතෙන එකේ ගැටලුවකුත් නැහැ. 'මලී' සහ 'අත්තම්මා' එකට ගලා ගෙන ගිය නාට්‍ය දෙකක්. නමුත් සිඳු නිර්මාණය වෙන්නේ මලී, අත්තම්මා යන දෙකෙහිම සිටි යම් යම් චරිත කිහිපයක් සමඟ කෙරෙන වෙනම කතාන්තරයක් ලෙසයි.''.
''ඔව්. තවම විකාශනය වෙලා තියෙන්නේ කොටස් සුළු ප්‍රමාණයක් නමුත් සිඳු මෙතරම් හදවත් තුළට කිඳා බහින්න හේතු කිහිපයක්ම බලපෑවා.. සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය, පිටපත මෙන්ම මේ දෙබස්.. තුළින් අපට අවශ්‍ය වුණේ සමාජයට හොඳ පණිවුඩයක් දෙන්නයි. අපේ කම, අපේ ගම, බොදු සංස්කෘතිය ඉතා උතුම් ලෙස සිඳු ඔස්සේ ඉස්මතු කෙරෙනවා..ප්‍රේක්ෂකයා මේ සියල්ල නියම ලෙස පිළි ගෙන තිබෙන වග මේ සුළු කාලය තුළදී ලැබී තිබෙන ජනප්‍රසාදයෙන් මනාවට පැහැදිලි වි හමාරයි.''.
ලාංකේය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය අඩපණ කර ඉන්දියානූ කොරියානූ නාට්‍ය මෙරට තම ආධිපත්‍ය පතුරුවමින් පවතින සමයක ඒ අභියෝගයට මුහුණ දෙමින් මෙතෙක් ලංකාවේ නිර්මාණය වූ මෙගා ටෙලි නාටය කලාවට එහා ගොස් වෙනම රූගත කිරීමේ තාක්ෂණික කලාවක් සහ වෙනම සංස්කරණය කිරීමේ කලාවක නව සම්මිශ්‍රණයකින් හා ඉහත කියූ සියලූම උපක්‍රම යොදා අඩපණව තිබූ අපේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හරිම නිලයට ගැහුවා වගේ වැඩක් තමයි අපි කළේ..
ඒ ප්‍රමිතිය මේ නිර්මාණය පුරාවටම රඳවා ගන්නට හැකි වේවිද..?
''සිඳු අධ්‍යක්ෂවරයා ලෙස එය මා බොහොම වගකීමෙන් යුතුව අවධාරණය කළ යුතුමයි. නාට්‍ය ආරම්භයේදී තිබෙන මේ ප්‍රමිතිය උසස් බව දිනෙන් දින වැඩි වනවා මිස මෙම නාට්‍ය මගදි ඊට කිසිදු අඩුවක් නොවන බවට.''
මද වේලාවකින් කෙනෙක් ගොස් නැවත දරුවා ඔසවා ගෙන දර්ශන තලයට පිය මනී, තවකෙක් සරණ යන එන තැන් ගැන විමසිල්ලෙන් පසු වෙයි..
''කෝ මේ සරණ?''
සියල්ල හසුරුවන්න මේ කොල්ලො ටික කන කට්ටත් එතරම් ලෙහෙසි පහසු නැ වගේ.. මට ඉබේම එසේ කියැවිණි..
“ පුතේ ඔන්න දැන් ඔයා පූසව වඩාගෙන යනකොට දකිනවා ලොකු හාමුදුරුවො වඩිනවා. ඔයා පූසා දිහා බලනවා.. ලොකු හාමුදුරුවො දිහා බලනවා.. අයිත් පූසා දිහා බලලා බිම බල ගන්නවා.. මගේ පුතාට තේරෙනවා නේද?“
ඉතා සංයමයෙන් යුතුව අධ්‍යක්ෂවරයා මේ පුංචි කොලු පැටියා හසුරුවන විලාසය අපූරුය. මේ අතර මෙහි නිෂ්පාදක ජානක සිරිවර්ධන මහතා මොනවදෝ ලියමින් සිටිනු මගේ නෙත ගැටිනි...
“අලුතෙන් පිටපතට දෙබස් එකතු කරනවාද....?“
“ඒ ගැන නම් කියන්නම ඕනේ..“
“මේ දරුවා පසු ගිය කාලේ අසනීප වුණ නිසා දවස් හය හතක්ම රූගත කිරීම් කරන්න බැරි වුණා. නමුත් එහෙමයි කියලා කතාව විකාශය වීම නැවතෙන්නේ නැහැ නේ. ඔහුට කරන්න තිබුණ සමහර දර්ශන පහුවෙලා ඒ වෙනුවට දැන් යන්නේ ඒවා පැන පැන. ඒ දර්ශන දැන් මේ අපි කලින් ලියූ දර්ශන වලට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපට සිද්ධ වෙනවා අලුතෙන් දර්ශන කිහිපයක් එකතු කර මඟ හැරිච්ච දර්ශන පිරිමහගන්න. ඒක තමයි අපි මේ කරන්නේ.“
මලී, අත්තම්මා සහ සිඳු යන ටෙලි නාට්‍ය ත්‍රිත්වයේ පිටුපස සිටින දැවැන්ත සෙවනැල්ල ඔහු ය. සිඳු නිර්මාණය වන්නේ ඔහුගේ සංකල්පයකට අනුව ඉතින් සිඳු ගැන අසන්නට වඩාත් සුදුසුම පුද්ගලා ඔහුයි.
සිඳු සංකල්පය මගේ ඔළුවට එන්න ප්‍රධාන හේතුවක් තිබුණා. පසුගිය කාලය අපේ රට නැවත ආක්‍රමණයට ලක් වුණානේ... ඒ ඉන්දියානු සහ කොරියානු ටෙලි නාට්‍ය ආක්‍රමණයයි. මේ ටෙලි නාට්‍ය අභිබවා යන අපට බැහැයි මතයකුත් ගොඩ නගාගෙන අපේ ටෙලි නාට්‍ය කලාව අවසන් යැයි බොහො අය අහස දිහා බලන් හීල්ලුවා මිසක් ඊට විසඳුමක් හොයන්න උත්සහා කළේ මේ මතයට මම බොහොම විරුද්ධයි.
අපිට තියෙන්නෙ සීමිත සම්පත් ප්‍රමාණයක් වුණත් මගේ විශ්වාස වුණේ. අපිට ඒ නිර්මාණ අභිබවා යන්න පුළුවන් කියලයි.. හැබැයි එහෙම අභිබවා යන්න නම් අපි අපේ දේ එළියට ගත යුතුයි. ලංකාවේ කොහේ හිටියත් අපේ ගම සහ අපේ උරුමය උත්තේජනය වන හැම තැනකදීම අපි එයට ලොල් වන බව මගේ විශ්වාසයයි. පසු ගිය කාලේ බිහි වූ නාට්‍ය කලාව තුළ අපේ කම නැති වීමයි සිංහල ප්‍රේක්ෂකයා මේ නිර්මාණවලින් ඈත්වීමට හේතුව. ඉතින් ප්‍රේක්ෂකාගාරය නැවත ගන්න අපි අපේ දේ ගෙන ආ යුතුයි. අන්න එතනදි තමයි පොඩි හාමුදුරුවෝ කියන සංකල්පය බිහි වෙන්නේ.
‘පොඩි හාමුදුරුවෝ’ කියන්නේ අපේ දේ.. ඒ අපේ කම, සිංහල කම සහ අපේ හැදියාව, එය අපේ අතීතයට, වර්තමානයට සහ අනාගතයට පොදුයි. ඒ තුළ තමයි මේ පොඩි හාමුදුරුවන්ගේ චරිතේ ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මේ දවස් ගණනට ලංකාවම පොඩි හාමුදුරුවන්ව වැලඳගත්තා. ඒ කියන්නේ අපේ කමට ප්‍රේක්ෂකයා නැවත නැඹුරු වී තිබෙනවා. ඉතින් අපේ නාට්‍ය පවතින්නේ අපේ කම පවතිනතාක් පමණයි. ඉතින් අපේ කම තිබෙන්නේ පොඩි හාමුදුරුවෝ සහ ලොකු හාමුදුරුවෝ කියන චරිත තුළ ඒ නිසා මේ අපේ කම පවතින්න නම් අපට අපේ කම තියා ගන්න වෙනවා. ඒ ගැන මට ඉතා සතුටුයි.''
ඔබ බාර ගත්තේ එක්තරා අභියෝගයක්...?
''පැහැදිලිවම...මම කැමැති බොහෝ අය අකැමැතියි කියලා අහක දාන අභියෝග භාර ගන්න. සමහරවිට එය මගේ උපතේ සිට ආ පුරුද්දක් වෙන්න ඇති. ඉන්දියානු රැල්ල බොහොම දරුණු ලෙස පැතිර තිබෙන කාලයක තමයි අපි 'මලී' නාට්‍ය පටන් ගත්තේ. අන්තිමට මලී කොතරම් ජනප්‍රිය වුණාද කීවොත් ලංකාවේ බොහොමයක් තරුණියන් මලීගේ ගවුම් විලාසිතාව පවා අතිශය ජනප්‍රිය වුණා.
මුදල් රැල්ල මදකට පසෙක තබා වැඩේ ඉවර කරලා මුදල් සොයන පරමාර්ථය ඇති තව නිෂ්පාදකවරු තව දෙදෙනෙක් මුණ ගැසුණොත් තවත් අභියෝගයක් භාර ගන්න සූදානම්..අපිට මේ නට්‍ය රැල්ල, මේ ඉන්දියානූ කොරියානූ නාට්‍ය රැල්ල මුලුමනින්ම වෙනස් කරන්න පුළුවන්.''
ටානියා මෝසස්
ඡායාරූප - ශාන් රූපස්සර
පොඩි හාමුදුරුවනේ..අපිට ටිකක් කතා කරන්න අවසරද?
''දැන් මම පොඩි හාමුදුරුවෝ නෙමෙයි... කවීෂ් විහඟ නේ.''.
හොඳමයි මම එහෙනම් කවිෂ් පුතා කියන්නම්කෝ?
''එහෙම හොඳයි.''.
පොඩි හාමුදුරුවෝ කියනවාට පුතා කැමැති නැද්ද?
''කමක් නැහැ.. හැබැයි පොඩි හාමුදුරුවෝ ඉන්නේ නාට්‍යයෙ නෙ..''.
ආදරේට ඉතින් එක එක නම් කියනවාන්?
''මට නම් ආදරේට කතා කරන්නේ චූටි පුතා කියලා.''
අපිට චූටි පුතාගේ වයසත් කියමුකෝ?
''තවම අවුරුදු හයයි.''
කවිෂ් පුතා කොහොමද සෝරත පොඩි හාමුදුරුවෝ වුණේ?
''දෙරණේ ලක්සිරි මාමා තමයි මාව තෝර ගෙන තියෙන්නේ.. මම දෙරණේ කාටූන් වැඩසටහන් වලට දෙබස් කවලා තියෙනවානේ. තව දෙරණ FM එකේ ආයුබෝවන් දෙරණ කියන වැඩසටහනෙත් පුංචි චරිතෙකට ඉන්නවා. ඒ නිසා වෙන්න ඇති ලක්සිරි මාමා මාව තෝර ගන්න ඇත්තේ..''
පුතා නාට්‍යකට රඟපාන්න තෝරගත්තාම ගොඩක් සතුටු වෙන්න ඇති නේද?
''අම්මෝ.. මට නම් ගොඩක් බය හිතුණා..''.
ඒ මොකද?
''අමාරුයිද දන්නේ නැහැනේ.. ඒ නිසයි බය වුණේ.''
දැන් නම් පුතා බය නැහැනේ නේද?
''අපෝ නැහැ. දැන් නම් බය නැහැ.. තිලිණ මාමා, ජානක මාමා, ප්‍රදීප් මාමා වගේම තව මෙතන ඉන්න මාමාලා හැමෝම ගොඩක් ආදරෙන් උදව් කරනවා.. සෙල්ලම් කරනවා ඒ නිසා දැන් බය නැහැ.''
ඒ වුණාට එක පාරක් රඟපාද්දි පුතා හොඳටම බය වුණාලු නේද?
''ඔව්. ඔව්. අපි වැවක නනා ඉන්න දර්ශනයක් තිබුණා. එකපාරටම මම දැක්කා මොකෙද්දෝ මගේ ඔළුව වටේ කැරකී ගෙන ළඟටම එනවා. ඉතින් මං හොඳටම බය වෙලා අඩාගෙන දුවලා ආවා. පස්සේ මේ මාමාලා තමයි කිව්වේ ඒ කැමරාවක් කියලා.''
කොහාමද පුතා දෙබස් මතක තියා ගන්නේ?
''ඒ මාමලා මට කියලා
දෙනවනේ..''
සෝරත පොඩි හාමුදුරුවෝ ගැන කවීෂ් පුතාගේ යාළුවෝ මොකද කියන්නේ?
''තවම නම් එයාලා කෝල් කළේ නැහැ. අම්මලා විතරයි කෝල් කළේ. කෝල් කරලා මාව ටීවි එකේ දැක්කා කියනවා.''
පුතා ගේ රඟපෑම් ටී.වී එකේ බලනවාද?
''ඔව්. ඒ වෙලාවට මට හිනා යනවා.''
කවීෂ් පුතාට දැන් යාළුවෝ එහෙමත් ගොඩාක් ඇති නේද?
''ඔව්. ගොඩක් යාළුවෝ ඉන්නවා.''
කවුද පුතාගේ හොඳම යාළුවා ?
''හොඳ යාළුවා තවම තෝරා ගන්න බැරි වුණා.''
එතකොට සරණ ?
''රඟපාද්දි විතරයි සරණ මගේ යාළුවා. නැත්නම් මම එයාට එච්චරම කැමැති නැහැ.''
ෂුටීන් ගියහම ඉස්කෝලේ වැඩ අතපසු කර ගන්නේ නැහැ නේද?
''තවම එහෙම ඉස්කෝලේ වැඩ අතපසු වුණේ නැහැ. මම අතපසු කරන්නේ නැහැ.. දෙකම හොඳට කරනවා.''
පුතාගේ පාසල ගැනත් අපි කියමු නේද?
''පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයේ 1 වසරෙ තමයි මම ඉන්නේ.''
පුතා වැඩියෙන් කැමති අකුරු ලියන්නද චිත්‍ර අඳින්නද?
''අකුරු ලියනවා, චිත්‍රත් අඳිනවා.''
පුංචි කවීෂ් නේද ගෙදර හුරතලා?
''ඔව්. හැබැයි මට තව මල්ලියෙකුත් ඉන්නවා.''
පුතා දැන් දිගටම රඟපාවී නේද?
''අම්මා නම් කියන්නෙ දෙරණයි, හොඳ නිෂ්පාදක, අධ්‍යක්ෂ මාමලා අඬ ගැහුවොත් විතරක් යවනවා කියලා.''
ලොකු වුණාම කවුරු වෙන්නද කැමැති?
''බස් හදන කෙනෙක්...''
හොඳමයි පුතේ ඔයා ඉක්මනින් සනිප වෙන්න අපි එන්නම් අයිත් දවසක ඔයාව බලන්න..
''හා ...බුදු සරණයි! කියමින්ම ඔහු දිව ගියේ සෙල්ලමටය..''.
එහෙනම් අපි ගිහින් එන්නම්! සිඳු කණ්ඩායමට සුබ පැතුම් එක් කරමින් ඊළඟ සතියේ සිදූට පන පොවන පුංචි පුතාවත් හමුවන බලාපොරොත්තුව ඇතිව නැවත අපේ වාහනයට ගොඩ වූයේ ඒ සොඳුරු මතක ඉක්මනින් අකුරුවලට පෙරලීමට
සිතාගෙනය..
An Interview with young Kusal Mendis
By:
Prosperity Tech
On: 11:15 AM
කුසල් මෙන්ඩිස් වේල්ස් කුමාර විද්‍යාලිය ක්‍රිකට් නායකයා වශයෙන් කියපු ආන්දෝලනාත්මක කතාව මෙන්න (VIDEO)
ඒ 2012 මොරටුව වේල්ස් කුමාර විද්‍යාලිය ක්‍රිකට් පිලේ නායකයා වශයෙන්.බලන්න එදා කුසල් කියන දේ සහ අනාගතය දැක්ක අන්දම .
..මොන තරම් දෙවෝපගත සත්‍යයක්ද කියා ...
..මොන තරම් දෙවෝපගත සත්‍යයක්ද කියා ...
Mrs Sri lanka 2016 Udari Perera speaks about sex bribs
By:
Prosperity Tech
On: 6:48 AM
විවාහක රූ රැජින තරඟයේ ලිංගික අල්ලස් දුන්නැයි ගියපු කතාවලට උදාරි උත්තර දෙයි
''ෆේස්බුක් එකේ ෆොටෝවලට ලයික් වැඩිවුණා කියලාවත් තැනකට ගියාම මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවත් මේ තරඟයට අදාලා නෑ''උදාරි විවාහක රූ රැජිණ තරඟයෙන් කිරුල දිනාගත්තට පස්සේ ඒ ගැන ගොඩදෙනෙක් කතාවුණේ නිවැරදි කෙනාම තරඟයෙන් දිනුවා කියලා. ඉතින් රූ රැජිණ තරඟාවලිය ගැන වගේම ඒකෙදි වුණු සමහර සිද්ධි නිසා ඔය ගැන අන්තර්ජාලයේ කතා මැවුණා.
සමහරු කියලා තිබුණු ලිංගික අල්ලස් නිසා උදාරි දිනුවා කියලා. ඒ වගේම පැරදුණු නිසදෝ පියුමි වේදිකාවෙන් බැහැලා ගියා. ඔය සිද්ධි හැමදෙයක්ම ගැන මේ තරඟයෙන් දිනුපු උදාරි මේ වෙද්දි කියලා තියෙනවා.
ඒ සතිඅන්ත පුවත්පතකට. මේ තමයි ඇයගේ කතාව....
හීනයක් හැබෑ වුණා නේද ?
ඔව්, මම දැකපු තවත් එක හීනයක් හැබෑවුණා.
රංගන ශිල්පිනියක් වීම ඔය හීනේ හැබෑවෙන්න හේතුවක් වුණාද ?
මෙහෙමයි,මගේ යාළුවෝ යන්න යන්න මේක තමයි වෙලාව තව පරක්කු වුණොත් ඔයාට යන්න බැරි වෙනවා කියලා, ඊට පස්සේ තමයි මට යන්න හිතුනේ.
තරඟයේ අවසාන තත්පරයේදි මොකද වුණේ ?
මගේ හදගැස්ම හොඳටම වැඩිවුණා. මට ඒ ගැස්ම දරාගන්න බැරිව ගියා, මාත් එක්ක තරඟ වැදුණු අනිත් හැමෝම දක්ෂයි, ලස්සනයි. ඒ අය වගේ නෙවෙයි මම මේ තරඟෙට අලුත් කෙනෙක්. ඉතිං මට හැමදේම මුල ඉඳන් ඉගෙනගන්න සිද්ධවුණා.
තරඟකාරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලුව කතාව ඇත්තද ?
මම දන්නේ මට සාපේක්ෂව. මගෙන්නම් කවදාවත් කවුරුවත් ලිංගික අල්ලස් ඉල්ලලා නෑ, ඉඟියක්වත් දැනිලා නෑ, මම දන්න විදියට මේ තරඟය හරිම විනිවිද භාවයකින් යුක්ත වුණා, ඇත්තටම එහෙම දෙයක් ගැන මම දන්නේවත් නෑ.
උදාරියි, පියුමියි ජනප්‍රිය නිසා අනෙක් අයට චාන්ස් නැති වුණා කියන්නේ ඇත්තද ?
ජනප්‍රියත්වය මේ තරඟයට අදාල නෑ, ෆේස්බුක් එකේ ෆොටෝවලට ලයික් වැඩිවුණා කියලාවත් තැනකට ගියාම මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රත්චාරවත් මේ තරඟයට අදලා නෑ, අපි තරඟයක් දෙන විදිය අනුව අපේ ජයග්‍රහණය තීරණය වෙනවා.
එතකොට පියුමිට කිරුළ නැතිවුණේ උදාරි නිසාද ?
මම දන්නේ නැහැ. මගෙ ලකුණුවල එකතුවට පියුමිට වඩා වැඩිවුණු නිසා මම ජයගත්තා.
එතකොට සමහරු පැරදුනේ ඉංග්‍රීසි දන්නේ නැතිනිසා කියන්නේ ඇත්තද ?
එහෙම නෑ, අපිට කැමති භාෂාවක් තෝරාගන්න පුලුවන්, මම ඉංග්‍රීසි තෝරගත්තා, නමුත් කෙනෙකුට ඊට වඩා හොදට සිංහල භාෂාවෙන් තරඟකාරි උත්තර දෙන්න පුළුවන්නම් එයා දිනනවා.
උදාරිට කිරුළ හිමිවෙද්දි පියුමි බැහැලා ගියේ ඇයි ?
මම දැක්කේ නෑ, ජයග්‍රාහිකාව විදියට මගේ නම කියද්දි ඉස්සරහට ගියා, මට ක්‍රවුන් එක දාලා මට සුභපතලා ඒ සේරම ඉවරවෙද්දි පැය එකහමාරක් විතර වුණා, පිටිපස්සේ වුණු දේවල් මම දන්නේ නෑ
Friday, August 26, 2016
Taylor Swift shows noticeably fuller chest in after boob job rumours
By:
Prosperity Tech
On: 5:41 AM
Taylor Swift ඇගේ නව පියයුරු පෙන්වයි
Taylor Swift පියයුරු බද්ධයෙන් පසු සැලකිය යුතු පූර්ණ පපුවක් විදහාපායි. 26 හැවිරිදි ගායිකාව පියයුරු බද්ධයකින් පසු තම පපු පෙදෙස විශාල කරගෙන ඇත. මේ පිළිබඳව twitter හරහා රසික රසිකාවින් නැඟූ ප්‍රශ්ණ වලට ඇය දී උත්තර දී තිබුනෙ දිව දික් කිරීමෙනි. එහෙත් ඇයගේ නව පින්තූරවල ඇයගේ පපු පෙදෙසේ සැලකියයුතු වෙනසක් දක්නට ලැබේ.පින්තූර සහ වීඩියෝව පහතින් ...
Subscribe to:
Posts (Atom)

















