කියන්න දෙයක් නෑ.. දැන් රටක්ම බලලා ඉවරයි.
මොකක්ද?
ඔයා ආක්ෂාගේ පාටි එකට ගිය එක.?
දැක්කා නම් ආයේ කතා කරන්න දෙයක් නෑනේ.
තරහාකාරයෙක් එක්ක යාලුවෙන එක හොඳයි. හැබැයි ඉතිං වෙන දේවල් දැකලා රට්ටු හිනා නොවී ඉන්න එකක් නෑ.?
ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් ඒත් මම කට හොල්ලන්නෙ නෑ.
කට වහගන්න හිතුණෙ පහුගිය කාලේ කට හින්දා නැහුණ නිසාද..?
කට පාවිච්චි කළා නම් වෙච්ච දේවල් හුඟක් වලක්ව ගන්න තිබුණා. ඒ වගේම කට ඉස්සර කර ගන්න ගිහින් හුඟක් දේවල් වුණා.
කට පරිස්සම් කරනවා වගේ ආශ්‍රය කරන අයවත් පරිස්සමෙන් ආශ්‍රය කළොත් ඇඟට ගුණයි වගේ..?
ඇත්තටම..කරදර අඩුයි.. විශේෂයෙන් ඒ අයගේ ගති සොබාව තේරුම් ගත්තොත්. එතකොට ගහන මඩවත් අඩු වෙයිනෙ..
කවුද මේනකාට මඩ ගහන්නෙ..?
අම්මෝ..මඩ ගහන්නද අය නැත්තෙ..
මඩ ගහන්න හේතුවකුත් ඕනේ නේද..?
ඉරිසියාව.. වෙන මුකුත් නෙසෙයි අපි අතරට ඇවිත් අපිව බිඳවලා කරන්න පුළුවන් හැමදේම කරනවා. මම ළඟදිම ඒ වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගන්නවා. හැබැයි නීතියට වඩා එයාලගෙ සල්ලි බලේ වැඩි වෙයිද දන්නෙ නෑ.
ඔය චෝදනා කරන්නෙ තමන්ගෙම ක්ෂේත්‍රයේ කෙනෙක්ටද..?
නෑ.. ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ.
ගෑණු කෙනෙක්ද.. පිරිමි කෙනෙක්ද..?
ගෑණු කෙනෙක්.
ක්ෂේත්‍රයේ නැත්නම් ඇයි එයා ඔයාට ඉරිසියා...?
අනේ මන්දා.. මම විශ්වාස කරන විදිහට ඉස්සරට වඩා මම දැන් ලස්සනයි. සමහරුන්ට ඒකත් දරාගන්න බෑනේ. ඉතිං මම සුදු වුණ හැටිත් සමහරුන්ට ප්‍රශ්නයක්.
ලංකාවේ වෙබ් අඩවි මේනකාට හරිම ආදරෙයි..
කියලා වැඩක් නෑ.
මේනකාට කිඹුහුමක් ගියත් ඒක හොට් නිවුස් එකක්..?
හැරුණත් නිවුස් එකක් වෙනවට මම කැමති නෑ. අපි කොච්චාර අපහසුතාවට පත්වෙනවද..
හොට් නිවුස් මැවෙන විදිහට වැඩ නොකළා නම් ඔය කිසි දෙයක් නෑනේ..?
කවුද අනේ ගොස්පි වල යන විදිහට වැඩ කරන්නෙ..
හයිවේ එකේ දාපු සෙල්ලම් අන්තර්ජාලයට මුදා හැරියේ හිට් වෙන්න නෙමෙයිද..?
මම FB නෑ. මම ඒක දැම්මෙ සීමිත පිරිසක් ඉන්න වැඩිය ජනප්‍රිය නැති සමාජ වෙබ් අඩවියක. ඒත් ඒක හිතපු නැති විදිහට නිවුස් එකක් වුණා.
ඒ කියන්නෙ කොයි කවුරුත් මේනකා ගැන උනන්දුයි..?
කියලා වැඩක් නෑ.. ඔය උනන්දුව මගේ දියුණුවටත් තිබුණා නම් කියලා වැඩක් නෑ.
කවදද දැන් එකලාසයක් වෙන්නෙ..?
එකලාසයක් වෙන්න පෙම්වතෙක් හොයනවා.
එතකොට හිටපු අයට නැවතීමේ තිත තිබ්බද..?
මම නම් කාටවත් නැවතීමේ තිත තිබ්බෙ නෑ.
එහෙනම් ඒ අය මේනකාගේ ආදරයට නැවතීමේ තිත තිබ්බද..?