Monday, May 25, 2015

Nathasha Perera's One Million wedding saree

By: Prosperity Tech On: 8:21 PM

නතාෂාගේ විවාහයට මිලියනයක සාරියක් - බර කිලෝ 15ක් 

ගායන ශිල්පි ප‍්‍රිහාන් මඩප්පුලි සමඟ පසුගියදා අතිනත ගත් ජනප‍්‍රිය ගායන, රංගන, නිවේදන ශිල්පිනී නතාෂා පෙරේරාගේ මංගල්‍යය වෙනුවෙන් ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධන සකස් කරන ලද සාරිය රුපියල් මිලියනයක වටිනාකමකින් යුක්ත වේ.

මනාලියන් හැඩගැන්වීම සම්බන්ධයෙන් ගිනස් වාර්තා පොතට එක්වූ ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධන විසින් ඇය හැඩගන්වා තිබූ අතර මෙම විශේෂ සාරිය ද සරීටා ටෙක්ස්ටෝරියම් සමඟ එක්ව නිර්මාණය කර තිබුණේ ඇය විසින්ම වීම විශේෂත්වයකි.
කි‍්‍රස්ටල් ගල් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් යොදා සකස් කර තිබූ මෙම සාරිය කිලෝග‍්‍රෑම් 15ක පමණ බරකින් යුක්ත බව චම්පි සිරිවර්ධන පවසයි.

මෙම සාරියෙහි මෝස්තරය චම්පි සිරිවර්ධන විසින් සරීටා ආයතනය වෙත ලබාදී ඉන්දියාවේ මෝස්තර නිර්මාණකරුවන් ලවා නිර්මාණය කරගෙන ඇත.

එම සාරිය චම්පි සිරිවර්ධනට අවශ්‍ය පරිදි සම්පූර්ණයෙන්ම නිමවා ගැනීම ස`දහා වාර 3ක් ඉන්දියාව වෙත යැවූ බව ඇය පැවැසී ය.

කෙසේවෙතත් මෙම විශේෂිත සහ වටිනා සාරිය නතාෂා විසින් සිය මංගල්‍යය සඳහා භාවිත කර නොතිබූ අතර චම්පි විසින් නතාෂාට මෙම මිලිනයක් වටිනා සාරිය තෑගි කළ බව චම්පි සිරිවර්ධන සඳහන් ක මෙම විශේෂිත ඇඳුම සහිත නතාෂා සහ පි‍්‍රහාන්ගේ පෙර පටිගත කරන ලද ඡයාරූප එකතුවක් පහතින් දැක්වේ.








Lipple Tailor and healthywomen.org

By: Prosperity Tech On: 7:56 PM

නාකි විසේ ගෙටත් උසේ

වයසට යත්ම සිය ප්‍රේම චමත්කාරය රස ගැන්වීමට කාන්තාවෝ උපරිම කැමැත්තක් දක්වති. නිව්යෝක්හි Lipple Tailor and healthywomen.org ආයතනය කළ අධ්‍යයනයකට අනුව කාන්තාවන්ගේ ලිංගික ආශාව වයසට යත්ම වැඩි වන බව හෙළි වී තිබේ.

වයසට පත් වුවද කිසිම කාන්තාවක සිය ප්‍රේම චමත්කාර හැඟීම් කිසිවිටෙකත් යටපත් කිරීමට කැමැත්තක් නොදක්වති. අවුරුදු 18 වයසැති සහ වැඩිහිටි කාන්තාවෝ දහසකට වැඩි පිරිසක් අධ්‍යයනයට එක් කර ගනු ලැබුහ.
පුදුමයකට මෙන් වයස 45ත් 55ත් අතර කාන්තාවෝ 89% ක්ම වැඩි ලිංගික ආශක්තතාවක් පෙන්වන බව හෙළි විය. ඔවුන් අතුරෙන් 28% ක්ම සතියකට වාර 2 සිට 7 වතාවක් ප්‍රේමරසය විදින බව එහිදී හෙළි විය.

කාන්තාවන් වැඩි වයසට පත්වන විට සැමියන් සහ ශරීර සමඟ වඩාත් සුව පහසුතාවකට පත්වීමෙන් ප්‍රේම රස වින්දනයට වැඩි ආශක්තයක් ඔවුහු පෙන්වති. ඊටත් වඩා එම තත්වය වැඩි වර්ධනය කරගැනීමේ විවධ මං සොයන බවද මෙම අධ්‍යයනයෙන් හෙළි වෙයි.

How Masturbation Helps Prevent Cancer In The Male Body

By: Prosperity Tech On: 5:00 AM

පිරිමින්ට ස්වයං වින්දනයෙන් ලැඛෙන වාසිය. පිළිකාවෙන් බේරෙන්න අත්වැඩ

සෑම  දිනකම ස්වයං වින්දනයේ  යෙදෙන පුද්ගලයන්ට  පුරස්ථී ග්‍රන්ථීය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව විශේෂඥයන් පවසයි.

ස්වයං වින්දනය සහ පුරස්ථී ග්‍රන්ථීයේ වැළඬෙන පිළිකා ආශ්‍රිතව සිදුකළ අධ්‍යනයකින් අනතුරුව අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 40ත් 49ත් අතර පිරිමින්ගෙන් මාසයකට අවම වශයෙන් 21ක් වතාවක් වත් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට මාසයකට හතර පස් වතාවක් ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වඩා පුරස්ථී ග්‍රන්ථී පිළිකා ඇතිවීමේ  අඩු අවධානමක් පවතින බවයි.
මේ පරීක්ෂණය සඳහා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඒකකය වසර 18ක් පුරා පිරිමින් 32000ක් පමණ යොදාගෙන තිබේ. පරීක්ෂණය කරන අතරතුර පවා පරීක්ෂණයට යොදාගත් පිරිසෙන් පුද්ගලයන් 3038ට පුරස්ථී ග්‍රන්ථී පිළිකා වැළඳී ඇත.

මේ අනුව අනාවරණය වී ඇත්තේ සාමාන්‍යයෙන් ස්වයං වින්දනයේ වැඩිපුර යෙදෙන පිරිමියෙකුට එම අවධානම අඩු බවයි.

මීට අමතරව  ජිවන විලාසය සහ ආහාර රටාවද අනුව මෙහි වෙනසක් සිදු විය හැක.

මේ වනවිට මේ විශේෂඥ පිරිසගේ අවධානය යොමුව ඇත්තේ ස්වයං වින්දනයේ යෙදෙන්නන් සඳහා පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකා ඇති නොවීමට බලපාන හේතුව සොයා බැලීම සඳහායි.

පිරිමින් අතර දක්නට ලැඛෙන පිළිකා වර්ග අතරින් පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකාව ප්‍රධාන තැනක් ගනියි. වාර්තාවන්ට අනුව ඇමරිකාව තුල පමණක් වසරකට 40000ක් පමණ මෙම රෝගයට අලූ‍තින් ගොදුරු වේ. මෙම පිළිකා  වර්ගය ඉතා සෙමෙන් වැඩෙන අතර මුත්‍රාමාර්ගයේ අපහසුතා වලදී හඳුනා ගැනීමට හැකියි.

Sunday, May 24, 2015

Elephant Attack in Habarana

By: Prosperity Tech On: 8:08 PM

අධ්‍යාපන චාරිකාවේදී තනි අලියා ඉගැන්වූ පාඩම


අධ්‍යාපන චාරිකාවක් සදහා පොළොන්නරුව - හිගුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ සිසුවියන් පිරිසක් ගමන් ගත් බස් රථයකට ඊයේ (23) අලුයම දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයක් එල්ල වුණා.
මේ ප්‍රහාරයෙන් ගුරුවරු දෙදෙනෙකු සහ සිසුවියක් තුවාල ලබා රෝහල්ගත කළා.



Wednesday, May 20, 2015

Brutal Murder of Jaffna Student

By: Prosperity Tech On: 4:13 AM

යාපනේ පාසල් සිසුවිය සමූහ දූෂණය කරද්දී ස්විස් ජාතිකයෙක් වීඩියෝ කරලා

සකකරුවන් 9 න් 3 කගේ ගෙවල් කුඩේ කුඩුයාපනේ හර්තාල්

සමූහ දූෂණය කර ඝාතනය කරන ලද යාපනයේ සිවලෝගනාදන් විත්‍යා නමැති 18 හැවිරිදි පාසල් සිසුවිය සම්බන්ධ සිද්ධියට සැක පිට මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පිරිස 9 දෙනෙකි. ඒ අය අතර මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ පදිංචිව සිටි එකම පවුලේ සොයුරන් තිදෙනෙකුද සිටින අතර ස්විට්සර්ලන්තයෙන් ලංකාවට පැමිණ එම ප්‍රදේශයේ ජීවත්වන සුදු ජාතිකයෙකු හා තවත් පස් දෙනෙකු සිටී.ස්විස් ජාතිකයා එම සිසුවිය දූෂණයට ලක්වන ආකාරය ඔහුගේ කැමරාවකින් වීඩියෝ ගත කර ඇති බවද වාර්තා වුණා. පසුව ඔහුද අනෙක් අට දෙනා සමග එක්වී ඇයව සමූහ දූෂණයට ලක්කර
ඇත.
පුංකුඩුතිව් ප්‍රදේශයේ පිහිටි ස්විස් ජාතිකයාගේ නිවස සහ තවත් සැකකරුවන් දෙදෙනෙකුගේ නිවාස මේ වනවිට ප්‍රදේශවාසීන් විසින් ගිනිතබා විනාශ කර තිබේ. ස්විස් ජාතික පදිංචිකරුගේ භාර්යාව දරුවන් සහ නැන්දනිය ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවිය හැකි යැයි බියෙන් පොලිස්ථානයේ නවතින්නට පැමිණ සිටි බවද වාර්තා වුණා.

මුලින් මේ සම්බන්ධව කොටුවූ සහෝදරයින් තිදෙනාගේ සාක්ෂි මත
පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් සැකකරුවන් පොලිසියට ගෙන යන අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණ ප්‍රදේශවාසීන් ඔවුන්ට පහරදෙන්නට තැත් කළ අතර එය


වැළැක්වීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කලහකාරීන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා දැනට රෝහල්ගතවී ඇත. පොලිසියට ඔවුන් ගෙන යාම අපහසුවූයෙන් පසුව නාවුක හමුදා බෝට්ටුවකින් මේ පිරිස යාපනේ පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීම් සිදු කළ බවද කියැවුණා.

අත්අඩංගුවට පත් නමදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කරමින් පවතින අතර ඔවුන් අද (19) අධිකරණය හමුවට නැවත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කයිට්ස්, පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ උසස්පෙළ ඉගෙනුම ලබමින් සිටි විත්‍යා පසුගිය බදාදා
පාසල් යාමට නිවසින් පිටත්ව යද්දී පෙරවරු 7.10ට පමණ මෙම තරුණයන් මග රැක බලා සිට පැහැර ගෙන ඇති අතර පසුව ලඳු කැලෑ ප්‍රදේශයකට ගෙන ගොස් කටට රෙදි කැබලි ඔබා අත්පා ගැටගසා 9 දෙනා එක්වී වරින්වර දූෂණය කිරීමෙන් පසු අනන්‍යතාව හෙළිවේ යයි බියෙන් හිසට ගලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී තිඛෙනවා.

මළ සිරුර සොයාගන්නට අපහසුවන ආකාරයට පාළු කැලෑ

පෙදෙසක සැ`ගවුවත් පොලිසියට ලැබුණ ඔත්තුවක් නිසා එය ස`ගවා තිබූ පුන්කුඩිතිව් 9 වැනි පටුමඟ ආසන්න ප්‍රදේශයෙන් පැය 24 ක් යන්නට පෙර සොයාගන්නට පොලිසියට හැකිවුණා.

කයිට්ස් පොලිසියට මේ ගැන විමර්ශන කරන්නැයි බලකරමින් විශාල මහජන උද්ඝෝෂණ ඇතිව තිබූ අතර ඇගේ අවසන් කටයුතු සිදු කළ දිනයේ ප්‍රදේශයේ සියලූ කඩසාප්පු වසා විරෝධය පළ කර තිබුණා.
මේ අතර අද යාපනයේ මේ සම්බන්ධව හර්තාලයක් ක්‍රියාත්මක වන බැවින් අද දවසේද කඩසාප්පු වසා ඇති බව වාර්තා වනවා.

Sunday, May 17, 2015

Hirunika premachandra schooling again

By: Prosperity Tech On: 9:19 PM

හිරුණිකා ආයෙත් ඉස්කොලෙ ගිහින්

ලාංකීය දේශපාලනයේ ප්‍රභල චරතයක්ව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පසුගිය දිනක සිය පාසල් නිල ඇඳුමෙන් සැරසී නිවසින් පිටවූවා. කොළඹ විශාකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් වන හිරුණිකා විශාකා විද්‍යාලයීය නිල ඇඳුමෙන් සැරසී ගියේ විශාකාව වෙතමයි.
විශාකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයාවන් විසින් සංවිධානය කෙරුණු ‘බැක් ටු ස්කූල්’ (Back to School) ආකෘතියේ වැඩසටහනකටයි ඇය මෙලෙස සහභාගී වූයේ.

සුන්දර පාසල් දිවියට ඇලුම් කරන බොහෝ දෙනාට ඒ සොඳුරු අතීතයට නැවතත් එක් දිනකට හෝ යන්නට ඇත්නම් යයි සිතෙන අවස්ථා බොහෝමයි. එම සිහිනය සැබෑ කිරීමටයි මෙම ‘බැක් ටු ස්කූල්’ වැඩසටහන විවිධ පාසල්වල ක්‍රියාත්මක වෙන්නේ.

හිරුණිකා තම විශාකා විද්‍යාලයීය නිල ඇඳුමෙන් සැරසී එම අවස්ථාවට සහභාගී වූ ඡායාරූප පහත දැක්වේ.


























Hide mobile in the back

By: Prosperity Tech On: 9:10 PM

ඉඟ සුඟ ගත හැක ‘සෙල්’ මිටින

ජංගම දුරකථනය කාටත් නැතුවම බැරි උපකරණයක් බවට පත් වෙලා. ඒ වගේම ජංගම දුරකථනයක් නැති කෙනෙකුත් හොයා ගන්න අමාරුයි. ඉතිං මේ ජංගම දුරකථන හෙවත් හෑන්ඩ් ෆෝන් භාවිත කරන්නන් එහි ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම තමා ළඟම තබා ගන්නත් විවිධ උපක්‍රම භාවිත කරනවා.
ඒ වෙනුවෙන් විවිධාකාර පසුම්බි, ආවරණ යොදා ගන්නවා. ඒත් සමහර අයට මේක අතේම රඳවා ගැනීමත් තරමක් අපහසුයි. පසුගිය දවසක අපේ කලා ශිල්පිනියන් පිරිසක් එයට හොඳම විසඳුමක් හොයාගෙන තිබුණා.
අපේ රටේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකගේ විවාහ මංගල උත්සවයේදී එය සරසවිය මාලන්ගේ කැමරා කාචයේ මේ විදිහට සටහන් වුණා.

Saturday, May 16, 2015

Woman Has Twins Babies With Two Different Fathers

By: Prosperity Tech On: 9:24 PM

නිවුන් දරුවන් දෙදෙනා තාත්තලා දෙන්නෙකුගේ

අම්මා කෙනෙකුට දුර්ලභ නිවුන් දරු උපතක් - දරුවන් දෙදෙනා තාත්තලා දෙන්නෙකුගේ

ගැබි‚ මවක් විසින් නිවුන් දරු උපතක් සිදුකර එම දරුවන් පිළිබඳව පරීක්ෂා කිරීමේදී සිදුවූ දුර්ලභ සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ ඇමරිකාවේදීයි. ඇය විසින් දරුවන් දෙදෙනා ප්‍රසූත කිරීමෙන් අනතුරුව පෙම්වතා සමඟ තිබූ සම්බන්ධය අවසන් වී තිඛෙනවා.ඒ අනුව ඔහු ඇයගෙන් වෙන්වී ගොස් ඇති නමුත් දරුවන් වෙනුවෙන් නඩත්තු මුදල් ගෙවීමට ඔහුට සිදුවී තිඛෙනවා.

මෙලෙස දරුවන් දෙදෙනෙකුට නඩත්තු මුදල් ගෙවන්නට නියමිතව තිබුණත් ඒ සඳහා දරුවන්ගේ ඩි එන් ඒ පරීක්ෂා කිරීම සිදුකර තිඛෙන්නේ දරුවන්ගේ සැබෑ පියා ඔහුමද යන වග දැන ගැනීමටයි

එහිදී තොරතුරු අනාවරණය වී ඇත්තේ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් ඔහුගේ ජාන හා සමාන වන බවයි. ඒ අනුව අනෙක් දරුවා වෙනත් අයෙකුගේ බවට හෙළිවී තිඛෙනවා. මවද එය පිළිගෙන ඇති අතර අධිකරණය විසින් තීරණය කර ඇත්තේ එක් දරුවෙක් සඳහා පමණක් ඉහත කී පුද්ගලයා හට නඩත්තු මුදල් ගෙවන ලෙසයි.මෙලෙස දරු උපත් සිදුවන්නේ ගැබි‚ මව්වරුන්ගෙන් ලක්ෂ 10න් එක් අයෙකුට බවත් වෛද්‍යවරුන් පවසනවා.

Natasha & Prihan | Pre-Wedding Photo Shoot

By: Prosperity Tech On: 9:04 PM