Monday, September 29, 2014

Europe's Most Beautiful Villages

By: Prosperity Tech On: 11:02 PM

"යුරෝපයේ ලස්සණම ගම් 10"

පහත ඡායාරූපවල දැක්වෙන්නේ යුරෝපීය ගම්මාන 10 කි. මේවා අප්‍රකට වුවත් ඉතා අලංකාරය.
 පහත ඡායාරූපවල දැක්වෙන්නේ යුරෝපීය ගම්මාන 10 කි. මේවා අප්‍රකට වුවත් ඉතා අලංකාරය.



















Harin scold over hirunika & dayasiri photo

By: Prosperity Tech On: 6:36 AM

දයාසිරි සමග ජායාරූපයකට පෙනී සිටි හිරුණිකාට හරීන්ගෙන් දොස් මුරයක්

ඌව පළාත් සභා මැතිවරණයේදී ඌවට ගොස් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු කල හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය එම සමයේදී දයාසිරි ජයසේකර සමග ලබාගත් ජායාරූපයක් ෆේස්බුක් වෙත එක්කර තිබීම හේතුවෙන් හිරුණිකාගේ ලඟම හිතවතෙකු වන හරීන් ප්‍රනාන්දු දුරකතනයෙන් ඇයට බැන වැදී ඇතැයි වාර්තා වේ.

"මොකටද අර මිනිහ එක්ක ෆොටෝ එකකට හිටියේ..හිටිය විතරක් මදිවට ෆේස්බුක් එකටත් දාලා..මට පෙන්න වෙන්නැති...මගේ ඇඟට පැනල මාව හපාකපු මිනිහා..මාව පරද්දන්න මෙහෙට ඇවිත් ගේමක් දෙන්න හදපු මිනිහා..ලැජ්ජා නැද්ද ඔයාට..මීට පස්සේ මට කතා නොකරට කමක් නෑ..ඔය මිනිහටම කතා කරනවා.." යනුවෙන් හරීන් විසින් හිරුණිකා හට බැන වැදී අතර මේ හේතුවෙන් ඔවුන්ගේ හිත්වත්කම්ද පලුදුවී ඇතැයි වාර්තා වේ. 

හිරුණිකා විසින් ෆේස්බුක් එක්කල ජායාරූපය පහතින් බලන්න


 

Police assault on woman in Ratnapura

By: Prosperity Tech On: 5:29 AM

රත්නපුර බස්නැවතුම් පොලේ ගුටි කෑ තරුණියගේ විස්තර මෙන්න

රත්නපුර බස්නැවතුම්පල ඉදිරිපිට සිටින පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට පරුෂ වචනයෙන් බැන වදිමින් බිමදමාගෙන පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පිලිබඳ අප ඊයේ දිනයේ හෙලිකල අතර එම පහරකෑමට ලක්වූ තරුණිය පිලිබඳ තවත් විස්තර සොයාගැනීමට අපට හැකිවුණි. 

රත්නපුර බස්නැවතුම්පොලේ වැඩිපුරම ගැවසෙන මෙම කාන්තාව බොහෝ දෙනා අතර ප්‍රචලිතව ඇත්තේ "බට්ටී" ලෙසිනි. මෙයට පෙර ලිපියේ අප හෙළිකළ ආකාරයටම මෙම කාන්තාව බස්නැවතුම්පොලේ ගැවසෙමින් සිය ජීවිකාව ගෙන යන තැනැත්තියක වේ. 

සිදුවීම සිදුවූ දිනයේ එම කාන්තාව තවත් කාන්තාවක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය බේරීමට පැමිණි පොලිස් නිලධාරියාටද බට්ටී විසින් බැන වැඩි තිබේ. එවිට කුපිත වූ පොලිස් නිලධාරියා ඇයට බැන වැදී ඇතිඅතර එහි ප්‍රතිපහලයක් ලෙස ඇය පොලිස් නිලධාරියාට ගලකින් ගැසීමට උත්සාහ ගෙන තිබේ. 

එම උත්සාහය වළකාලමින් පොලිස් නිලධරියා විසින් මෙම පහරදීම සිදුකොට තිබේ. 

මෙම සිදුවීම විකාශය කල ස්වර්ණවාහිණියට පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා විසින් සිය අප්‍රසාදය ලිපියක් මගින් දන්වා තිබේ.

රත්නපුර බස්නැවතුම් පොලේ ගුටි කෑ තරුණියගේ විස්තර මෙන්න

Sunday, September 28, 2014

Police assault woman in Ratnapura (VIDEO)

By: Prosperity Tech On: 7:59 PM
රත්නපුරේදී කාන්තාවකට පහරදුන් සැරයන් හඳුනා ගැනේ 



රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට කෙරුණු පහරදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම පහරදීම දැක්වෙන වීඩියෝ දර්ශන ද ඒ සඳහා අදාළ කරගන්නා බවයි. 
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ වීඩියෝ පටය නිරීක්‍ෂණය කර තිබෙනවා. රත්නපුර නගරයේ ඇතිවූ සිද්ධියක් ගැනයි මෙහි සඳහන් වන්නේ. එහෙත් වීඩියෝ පටයේ ඇති කරුණු සම්බන්ධයෙන්ම සියයට 100ක් විශ්වාසය තබන්නේ නැහැ. අවශ්‍ය වන්නේ සිද්ධියට මුහුණපෑ කාන්තාවගේ ප‍්‍රකාශයක් ලබාගැනීමට. එම කාන්තාව දැනට සොයමින් පවතිනවා. එසේම අදාළ සිද්ධිය ඇසින් දුටුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමටද බලාපොරොත්තු වෙනවා. 
 
අදාළ පහරදීම සිදුකළ බව දැක්වෙන පොලිස් නිලධාරියා මේ වන විට හඳුනාගෙන ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 
 
මීට අදාළ පොලිස් සැරයන්වරයා හඳුනාගෙන තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කර තිබෙන්නේ මෙම ස්ථානයේ කාන්තාවන් දෙදෙනෙකු අසභ්‍ය වචන කියා යම් ආකාරයක දබරයක් ඇති කර ගත් අවස්ථාවේ තමා එම ස්ථානයට ගිය බව. ඒ අනුව අදාළ කාන්තාවන් සොයාගෙන විමර්ශනයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. එසේම එම විමර්ශනයේ ප‍්‍රතිඵල අනුව පොලිස් නිලධාරීයා බලය වැරදි ආකාරයෙන් භාවිත කර වීඩියෝ පටයේ ආකාරයෙන් පහරදී තිබෙනවා නම් ඔහුට විරුද්ධව විනයානුකූලව සහ නීත්‍යානුකූලව පියවර ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. 
   
රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් වූ මෙම සිද්ධිය මාධ්‍ය වෙත වාර්තා වූයේ වාරියපොල බස් නැවතුම්පොළේදී තරුණියක් විසින් තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ද ඇතිව තිිබියදීයි.

Wednesday, September 24, 2014

Real footage White tiger kills class 12 student inside Delhi zoo

By: Prosperity Tech On: 4:21 AM

"සුදු ව්‍යාඝ්‍රයෙකුට දිල්ලි පාසල් ශිෂ්‍යයෙකු බිලි(Video)"


ඉන්දියාවේ දිල්ලි සත්ත්වෝද්‍යානයේ සුදු ව්‍යාඝ්‍රයෙකු සපා කෑමෙන් එරට පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම සත්ත්වෝද්‍යානයේ කළමනාකරු පවසන්නේ, එම ශිෂ්‍යයා සුදු ව්‍යාඝ්‍රයින් රඳවා සිටින කුටිය වටා ඉදි කර ඇති තාප්පයෙන් එම කුටිය තුළට වැටුණු බව ය.

අද දහවල් 1.30ට පමණ එම සිසුවා ව්‍යාඝ්‍ර කුටියට වැටී ඇති අතර ව්‍යාඝ්‍රයාගෙන් බේරා ගැනීම සඳහා අවට සිටි පුද්ගලයින්ට කළ හැකි දෙයක් නොවීය.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, ව්‍යාඝ්‍ර කුටිය වටා ඉදි කර ඇති තාප්පය ඉතා පහත් එකක් හෙයින් ඔහු ලිස්සා වැටුණු බව ය.

එසේ මිය ගොස් ඇත්තේ, 12 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයෙකි.

Tuesday, September 23, 2014

Reaction for TB's broken shoes

By: Prosperity Tech On: 9:36 AM

ටී.බී ගේ කැඩුණු සපත්තුවට ජනපතිගේ ප්‍රතිචාරය

චීන ජනාධිපතිවරයාගේ ලංකා සංචාරයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ගිවිසුම් අත්සන් කිරීමේදී සංස්කෘතික කටයුතු ඇමති ටී.බී.ඒකනායකගේ සපත්තු යුගලය කැඩීයාම දෙස් විදෙස් මාධ්‍ය මගින් අවධානයට ලක්විණි. 

මේ සම්බන්ධව අමාත්‍යවරයා විසින් පසුව පාරම්බෑවද ජනපතිවරයාගේ ප්‍රතිචාරය වී ඇත්තේ වෙනස්ම එකකි. 

ජනපතිවරයා ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී ටී.බී ඒකනායකගේ සපත්තුවේ අඩි ගැලවූ පුවත දැක අරලියගහ මන්දිරයේ නිලධාරීන්ගෙන් විමසා ඇත්තේ "කවුද මේක ගත්තේ?" යනුවෙනි. එහිදී එම නිලධාරින් පවසා ඇත්තේ ජායාරූප ශිල්පින් විශාල ප්‍රමාණයක් සිටිහෙයින් එම ජයාරූපය ලබාගත් පුද්ගලයා ගැන හරියටම දන්නේ නැති බවයි. 

ජනාධිපතිවරයාට තැතිගත් ලෙසින් පිළිතුරු ලබාදුන් එම සේවකයා වෙත ජනපතිවරයා පවසා ඇත්තේ "ඒක ඒ මනුස්සයාගේ දක්ෂතාවය, අපේ බූරුවා දැනගන්න ඕන හොඳට ඇඳලා එන්න..". 

තත්වය මෙසේ තිබියදී මෙම සිදුවීමෙන් වූ ලැජ්ජාව වසාගැනීම සඳහා අමාත්‍යවරයා පවසා ඇත්තේ මේ වන විට ජාත්‍යන්තර සංවිධාන මගින් එම සපත්තු යුගලය වෙන්දේසි කිරීම සදහා ඉල්ලා ඇති බවය.

ප්‍රංශය, ජර්මනිය යන රටවල් දෙකෙහි මෙවැනි විශේෂ අවධානයට ලක්වූ පුවත් සම්බන්ධයෙන් අවධානය දක්වන ආයතන මගින් එය වෙන්දේසි කිරීම සදහා ඉල්ලා ඇති බවත් තමාගේ කැඩුණු සපත්තු යුවලට අමෙරිකන් ඩොලර් මිලියන 1000 ක් ලන්සුවක් ලැබී ඇති බවත් පවසා තිබුණි. 


එවැනි වෙන්දේසියකදී ලැබෙන මුදල අතිවිශාල මුදලක් වන බැවින් එම මුදල් කුරූණෑගල දිස්ත්‍රික්කයේ සපත්තු දෙකක් දෙපයට නොමැති පාසල් ළමුන් සදහා සපත්තු ලබාදීමට යෙදවීමට අමාත්‍යවරයා බලාපොරොත්තුවන බවද මාධ්‍යය වෙත අදහස් දක්වා තිබුණි. 

අප දන්නා තරමින් මෙම පුවත විදෙස් පුවත් වල එතරම් ආකර්ශනීය පුවතක් බවට පත්වුයේ නැත. ඇමතිවරයාගේ කැඩුණු සපත්තු කුට්ටමට ඩොලර් මිලියනයක ලන්සුවක් ලැබීමටනම් ඇමතිවරයා මයිකල් ජැක්සන් වැනි තරුවක් විය යුතුය. අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේම විවේචන එල්ලවී ඇතිබව වාර්තා වේ.

Sunday, September 21, 2014

Preferential vote results - Badulla District - Provincial Council election 2014

By: Prosperity Tech On: 9:30 AM
බදුල්ල දිස්ත්‍රික්කය - එක්සත් ජනතා නිදහස් සන්ධානය 
අනුර විදානගමගේ          59316
චාමර සම්පත් දසනායක    34337
සෙන්දිල් තොණ්ඩමන්        31858
සුදර්ශන දෙනිපිටිය          28187
ඒ එම් බුද්ධදාස             25193
වඩිවේල් සුරේෂ්              21967
හේමා රත්නායක            20536
එම් පී ලීලසේන              20282
ආර්මුගම් ගනේෂ මූර්ති      19262  
එක්සත් ජාතික පක්ෂය
හරීන් ප්‍රනාන්දු               173993
වේලායුදන් රුද්‍රදීපන්        30457
ජයන්ත කන්නන්ගර         28290
උපාලි සමරවීර              28229
රවීන්ද්‍ර  සමරවීර            25580
සෙනරත් ජයසුරිය           24218
උපාලී සේනාරත්න           22272
රා.මු රත්නායක              20249

Uva Provincial council election 2014 - Monaragala District - Preferencial Votes

By: Prosperity Tech On: 3:31 AM

මොණරාගල ශෂීන්ද්‍ර 1ට - සම්පූර්ණ මනාප ලැයිස්තුව මෙන්න

මොණරාගල මනාප ප්‍රතිඵලවලින් හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මනාප 96,619ක් ලබා පළමු තැනද, එක්සත් ජාතික පක්ෂයෙන් ආනන්ද කුමාරසිරි මනාප 24,421ක් ලබා පළමු තැනද, ජනතා විමුක්ති පෙරමුණෙන් ආර්.එම් ජයවර්ධන මනාප 5785ක් ලබා පළමු තැනටද පත්ව තිබේ.
මොණරාගල සන්ධාන මනාප ලැයිස්තුව පහත පරිදිය.

01 - ශෂීන්ද්‍ර රාජපක්ෂ. මනාප -96,619යි

02 - ආනන්ද කුමාරසිරි රත්නායක. මනාප - 59,285යි.

03- උදාර සොයිසා. මනාප - 48,512යි

04 - සාලිය සුමේධ. මනාප - 21,206යි

05 - සෙනරත් අත්තනායක. මනාප - 19,448

06 -විමල් ගලගම ආරච්චි. මනාප - 17,725

07 - හරේන්ද්‍ර ධර්මදාස. මනාප - 15,843

08 - පද්ම උදයශාන්ත ගුණසේකර. මනාප - 12,412

09 - දයා රත්න බණ්ඩාර. 12,046


තේරී පත් නොවූ අපේක්ෂකයින්

01 - චන්දන වැලිවිට. මනාප - - 11,925

02 - සමන් වර්ණකුලසූරිය. මනාප - 7876

03 - කුඩා බණ්ඩාර මැදවෙල. මනාප - 6724


එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව

01 - ආනන්ද කුමාරසිරි. මනාප - 24.421යි

02 - ඩබ්ලිව් එච්.එම් ධර්මසේන. මනාප - 18,400යි

03 - ජානක තිස්සකුට්ටිආරච්චි. මනාප - 18,265යි

03 - ජයසිංහ බණ්ඩාර. මනාප - 16,437යි

04 - සම්පත් ජයසූරිය. මනාප - 15,835යි

05 -රෝයි ද සිල්වා. මනාප - 13,619යි


ජනතා විමුක්ති පෙරමුණෙන් තේරී පත්වූ අපේක්ෂකයා

01 - ආර්.එම් ජයවර්ධන. මනාප - 5785යි

Saturday, September 20, 2014

Final Results : Uva Provincial Council Election 2014

By: Prosperity Tech On: 9:20 PM

ඌව පළාත් සභා මැතිවරණයේ සමස්ථ ප්‍රතිපලය

ඊයේ (20) පැවැත්වූ ඌව පළාත් සහා මැතිවරණයේ සමස්ථ ජන්ද ප්‍රතිඵලය මේවනවිට නිකුත් වී තිබේ. ඒ අනුව බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහනයකොට තිබේ. දිස්ත්‍රික්ක දෙකම සන්ධානය ජයග්‍රහණය කලත් එම ජයග්‍රහණය වෙනදා මෙන් නොව ඉතා අඩු පරතරයක් සහිතව ලබාගත් ජයක් බව පෙන්නේට තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල දිස්ත‍්‍රික්කයේ ආසන 6 ක ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂය ආසන 3 ක් ජය ගැනීමට සමත් විය.


එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ලේ පස්සර, බණ්ඩාරවෙල, ඌව පරණගම, හපුතලේ, මහියංගනේ හා වියලුව යන ආසන ජය ගැනීමට සමත් විය.


එක්සත් ජාතික පක්ෂය හාලිඇල, බදුල්ල හා වැලිමඩ යන ආසන ජය ගැනීමට සමත් විය.

  • අවසන් ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 209,056 (47.37%) ක් වන අතර හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 09 කි.
  • එසේම බදුල්ල දිස්ත්‍රීක්කය තුළ එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 197,708 (44.79%) ක් වන අතර එම පක්ෂයට හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 කි.
  • ජනතා විමුක්ති පෙරමුණ බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 20,625 ( සියයට 4.67) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 1කි.

මොණරාගල දිස්ත්‍රික්කය
මොණරාගල දිස්ත‍්‍රික්කයේ බිබිල ,මොනරාගල , වැල්ලවාය යන ආසන තුනේම ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවී තිබුණි. 



  • මොනරාගල අවසන් ජන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 140850 (58.34%) ක් වන අතර හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 08 කි.
  • එසේම මොණරාගල දිස්ත්‍රීක්කය තුළ එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 77065 (31.92%) ක් වන අතර එම පක්ෂයට හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 5 කි.
  • ජනතා විමුක්ති පෙරමුණ මොණරාගල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 15955( සියයට 1.14) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 1කි.

2009 මැතිවරණය හා සැසඳීමේදී ප්‍රතිඵල
පසුගියවර (2009) පැවති ඌව මැතිවරණය හා සැසදීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විශාල පසුබෑමක් ලබා ඇත.එම මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රීක්කයට මන්ත්‍රී ආසන 21ක් හිමිව තිබිණ.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 2,59,069 (සියයට 67.79) ක් වන අතර එම පක්ෂයට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 14 කි.

එක්සත් ජාතික පක්ෂය එහිදී ලැබූ ඡන්ද සංඛ්‍යාව 98,635 (සියයට 25.81) ක් වන අතර එම පක්ෂයට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 05කි.

ජනතා විමුක්ති පෙරමුණ එම අවස්ථාවේදී බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 9,007 ( සියයට 2.36) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් ඔවුනට මන්ත්‍රී ආසනයක් හිමිවිය.

මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වී තරඟ කල කඳුරට ජනතා පෙරමුණ 2009 මැතිවරණයේදී වෙනම තරඟ කර බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 9,227( සියයට 2.41) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් ඔවුනට ද මන්ත්‍රී ආසනයක් හිමිවිය.


මාධ්‍යය ආයතන වලට බලපෑම් 
ඌව පළාත් සභා මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත්වෙමින් පවතින අතර මැතිවරණ ප්‍රතිඵල විග්‍රහකිරීමේදී 2009 ප්‍රතිඵල නොගෙන 2004 වසරේදී පැවති පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල සමග සංසන්දනය කරන ‍ලෙස  මාධ්‍ය ආයතන වෙත ඉහළ නියෝගයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.


මැතිවරණ මහලේකම් කාර්යාලයට මොනරාගල්ක අවසන් ප්‍රතිඵලය වරදී
ඌව පළාත් සභා මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිඵලයට අනුව ආසන 1ක් සමග ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ගණන දැක්වුණේ 14,960ක් ලෙස දැක්වුණු අතර පසුව මැතිවරණ මහ ලේකම් කාර්යාල විසින් නිවෙදනයකොට ඇත්තේ එම ප්‍රත්ඵලය ඔවුන්ට වැරදුණු බවකි. ඒ අනුව නිකුත් කල නව ප්‍රතිඵල අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ගණන දැක්වුණේ 15,955ක් ලෙස ය.
- See more at: http://www.gossipbook.lk/2014/09/Uva-Provincial-Council-Election-Final-Result.html#sthash.qF6onhU4.dpuf

Incredible story of the woman raised by monkeys!

By: Prosperity Tech On: 10:15 AM

වානරයන් සමග පස් වසරක් දිවි ගෙවූ දැරිය වසර 50කට පසු යළි වනගත වෙයි

වානරයන් රංචුවක හැදී වැඩී මුළු වන පෙතම තම අණසකට නතු කරගත් ‘ටාසන්’ ගේ වික්‍රම පිළිබඳ ත්‍රාසජනක කතා අනන්තවත් ඔබ අසා ඇතුවාට සැක නැත. එඩ්ගාර් රයිස් බොරොස් නම් ‍ලේඛකයාගේ විශිෂ්ට ප්‍රබන්ධයක් වූ ටාසන්ගේ කතාවට බොහෝ සමාන පුවතක් පසුගියදා මෙක්සිකෝවෙන් වාර්තා වුණා. මේ පුවත හෙළිකරන කතා නායිකාව 63 හැවිරිදි චරිනා චැප්චන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. එහෙත් ඇයගේ කුඩා අවදිය ගෙවා දමා ඇත්තේ කොලොම්බියාවේ වැසි වනාන්තරයකට මායිම් වූ කුඩා ගම්මානයකයි.
චරිනාගේ මතකයට අනුව ඇය උපත ලබා ඇත්තේ 1950 දශකයට පෙරය. ඒ 1948 වැනි වසරක විය හැකිය. මේ යුගයේ කොලොම්බියාව දරුණු සිවිල් යුද්ධයකට පැටලී සිටියහ. දහස් ගණන් අහිංසක දරුවන් සන්නද්ධ කණ්ඩායම් මගින් පැහැර ගැනීම මේ කාලයේ සාමාන්‍ය පුවතක් බවට පත්ව තිබුණා. එක් දිනක ඇය තම ගෙමිදු‍ලේ ධාන්‍ය වර්ගයක් වේලමින් සිටිනා කල එහි පැමිණි සන්නද්ධ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ඇය ගණ වනාන්තරය තුළට පැහැර ගෙන ගොස් තිබෙනවා. මේ සිදුවීම  වන විට තමා පස්වැනි වියේ පසුවූ බව ඇය පවසනවා. ගණ වනාන්තරය තුළදී ඔවුන් තමා අතහැර දැමූ බව ඇයගේ මතකයයි. එතැන් සිට ඇය හැදී වැඩී ඇත්තේ කැපුචින්  නම් දකුණු ඇමෙරිකානු වානර රංචුවක් සමගයි.
වසර පහකට පමණ පසු දඩයක්කරුවන් දෙදෙනකු ඇය වනයෙන් පිටතට ගෙනවිත් තිබෙනවා. ඔවුන් ඇය ගණිකා නිවාසයකට විකුණා මුදල් ලබාගෙන තිබෙනවා. මෙම ගණිකා නිවාසයේ කෙටි කලක් සිටි කුඩා දැරිය පසුව මෙක්සිකෝවේ ව්‍යාපාරික පවුලක් විසින් ලබා ගෙන තිබෙනවා. ඒ නමක් හෝ උපන් දිනයක් නොමැති දැරියක් ලෙසයි. ඇය චරිනා ලෙස නම් කර ඇත්තේ ඔවුන් විසින්. ඇගේ වයස අවුරුදු 27දී පමණ මේ මෙක්සිකෝ පවුල ඇය කැටිව බ්‍රිතාන්‍යයට එනවා. එහිදී ඇය ජෝන් චැප්චන් නමැත්තෙකු හා විවාහ වුණ අතර එංගලන්තයේම නතර වූ බව වාර්තා වෙනවා.
එහෙත් තමා කුඩා කල දිවි ගෙවූ මෙක්සිකෝවේ වැසි වනාන්තරය ඇගේ මතකයෙන් ගිලිහී නෑ. “මා නිතර එහි යාමේ උමනාවෙන් පසු වුණා. මා රැකබලාගත් වානර මිතුරන්ගේ මුහුණු මට මැවී පෙනුණා.” යැයි ඇය පවසයි. ඇය තම ජීවන අත්දැකීම් අලලා ලියූ කෘතියට හොඳ අලෙවියක් ලැබි තිබෙනවා.
නැෂනල් ජෝග්‍රෆි රූපවාහිනී නාලිකාවට ඇය පිළිබඳ ආරංචිය ලැබෙන්නේ මේ කෘතිය මගින්. ඔවුන් ඇය සමග මෙක්සිකෝවට යන්නට තීරණය කරනවා. ඇය සැතපුම් 5000කට වඩා දුර මේ ගමන පිටත් වනුයේ ඇගේ දියණිය වන වෙනිස් සමගයි.
බොහෝ දෙනා චරිනාගේ කතාව ගැන සැක කළත් ජෝග්‍රෆි රූපවාහිනී කණ්ඩායම එය විශ්වාස කරන බව වාර්තා වෙනවා. ඔවුන් මේ ගමනට එක්වන්නේ එනිසා බව පවසනවා. මේ ගමනේදී චරිනාගේ හැසිරීම් සහ වානරයන්ගේ තොරතුරු කැටිකර චිත්‍රපටයක් සෑදීමට ඔවුන් බලා‍පොරොත්තු වෙනවා. මෙම සිනමාපටයේ අධ්‍යක්ෂ ටොබි ට්‍රැක්චන් පවසනුයේ චරිනාගේ කතාව සත්‍ය බවයි. “අපි ඇය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළා. වෛද්‍යවරු තහවුරු කරනවා ඇගේ අස්ථි පද්ධතිය වයස අවුරුදු පහ දහය අතර හොඳින් වැඩීනැති බව. එමෙන්ම ඇගේ මොළය ආශ්‍රිතව සිදු කළ විද්‍යුත් සංඥා පරීක්ෂාවෙන් ද ඇයගේ කතාව තහවුරු වෙනවා.” යැයි ටොබි ට්‍රැක්චන් පවසනවා.
තමා කැපුචින් වානරයන් සමග දිවි ගෙවූ වසර 5 තුළ ආහාර සොයාගැනීමට ඔවුන් උදව් කළ බව ඇය පවසනවා. උස් තුරු මුදුන්වල තමා ඔවුන් සමග දිවි ගෙවූ බව ඇය පවසනවා. ප්‍රයිවේටාවන් පිළිබඳ විශේෂඥයකු වන වෛද්‍ය තෝමස් ඩෙෆ්ලර් ඇගේ කතාව ගැන සැක පළකරනවා. ‘කැපුචින් වඳුරන් ඉතා ඉහළ තුරු මුදුන්වල සිටින්නේ. ඔවුන් මිනිස් පවුලක සාමාජිකාවක්    ‍පෝෂණය කිරීම සැක සහිතයි.” තෝමස් ඩෙෆ්ලර් පවසනවා. නැෂනල් ජෝග්‍රෆි කණ්ඩායම සමග මෙම චාරිකාවට එක්ව සිටිනා චරිනාගේ දියණිය චෙනීස් පවසනුයේ තම මව කුඩා කල සිට සමාජයෙන් ඈත්වී සිටි බවත්, වඳුරන් සමග ගෙවූ    ළමා කාලය ගැන පුවත් නිතර කියූ බවත්ය.
මෙක්සිකෝ වැසි වනාන්තරය තුළ චරිනාගේ හැසිරීම ඉතා පුදුම සහගත බව ඔවුන් පවසනවා. “ඝන කටු පඳුරු අතරින් ඇය ගිය ආකාරය පුදුම සහගතයි. එමෙන්ම ඇය උස් තුරු මුදුන්වලට බඩ ගා ගිය හැටි අප පුදුමයට පත් කළා. ඇය අතු දිගේ ඇවිද ගිය ආකාරය පුදුම සහගතයි. අඩි 50ක් වගේ උස ගසක අතු දිගේ ඇවිද යෑමට ඇය පෑ දස්කම වානරයෙකුට දවෛනි නෑ. ඒ විතරක් ද ඇය ගෙඩි වර්ග ආහාරයට ගත්තේ වානරයෙකු ලෙසයි. ඉතා ඝනකම් ලෙල්ලක් සහිත බධබභථධ පලතුරුවල ‍පොත්ත ඇය ඉවත් කළේ කටින්. අපිට එය සිතන්නටවත් බැහැ. පලතුරු බිම දමාගන්නට ඇය ගස්වල අතු සෙලවූයේ වානරයන් කේන්ති ගිය විට අතු සොලවන ආකාරයටමයි.” නැෂනල් ජෝග්‍රෆි කණ්ඩායමේ චිත්‍රපට අධ්‍යක්ෂ ටොබි ට්‍රැක්චන් පවසයි. වනාන්තරයට ඇය දැක්වූ හුරුපුරුදු බව සහ ගස් නැගීමට පෑ හපන්කම නිසාම මුලදී ඇය ගැන සැක කළ වෛද්‍ය තෝමස් ඩෙෆ්ලර් පවා මෙම පුවතේ යම් සත්‍යතාවක් ඇති බව පිළිගෙන තිබෙනවා. එමෙන්ම ඇය බ්‍රිතාන්‍යයේ සිට කියූ බොහෝ මංසළකුණු තවමත් මෙක්සිකෝ වනාන්තරයේ තිබෙන බව තහවුරු වී තිබෙනවා.