Monday, August 2, 2010
Saturday, July 31, 2010
තනිකඩ ජීවිතය වැඩිය හොඳයි - PABA
By:
Prosperity Tech
On: 6:47 AM
තනිකඩ ජීවිතය වැඩිය හොඳයි කියලා හිතෙන අවස්ථාත් තියෙනවා
(උපේක්ෂා ස්වර්ණමාලි ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිණියක,රංගන ශිල්පියක මෙන්ම අද වන විට ක්‍රියාකාරී දේශපාලනයක නියැලෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වෙයි.මෙවර ආලින්දයට ගොඩවදින්නේ ඇයයි.. )
*උපේක්ෂා, දේශපාලන වැඩ කටයුතු නිසා ඔබ කලා කටයුතු වලින් ඈත්වෙලාද?
ටිකක් විතර කලා කටයුත් වලින් ඈත්වෙලා ඉන්නේ.
*ඉදිරියේදී කලාව පැත්තෙන් මොනවගේ වැඩ කටයුතුද යෙදිලා තියෙන්නේ?
මේ දවස් වල මෙගා ස්ටාර් තරගය සහ සිටි ඔෆ් ඩාන්ස් වැඩ සටහන් වලට සහභාගි වෙනවා. ඒ වගේම ඉදිරියේදී අගෝස්තු මාසයේදී අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්සරහට බලමු.
*ඔබ ඉදිරියේදී ඔබේ වැඩි අවධානය ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ කලා කටයුතු වලටද? එහෙමත් නැත්නම් දේශපාලන වැඩ කටයුතු වලටද?
දේශපාලන වැට කටයුතු වලට. අඩුතරමේ ඉදිරි වසර 5 තුළවත් වැඩි අවධානය දේශපාලනයට යොමුකරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට වගකීම් රාශියක් තිබෙනවා. ඒ වගේම ඒ සඳහා ලොකු කාලයක් වැය කිරීමත් අවශ්‍යයි. කලාවට වැඩි නැඹුරුවක් දුන්නොත් දේශපාලනය වෙනුවෙන් වැයකිරීමට වැඩි කාලයක් නැති වෙන නිසයි මම තරමක් කලාවෙන් ඈත්වෙලා ඉන්නේ.
*ඔබේ වෘත්තීය වැඩ කටයුතු වලට ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැනත් කතාකළොත්?
විශාල සහයෝගයක් ලැබෙනවා. ඔහුගේ සහයෝගය නැත්නම් මට මේ වැඩ කටයුතු කරගෙන යන්න වෙන්නේ නෑ. මම දේශපාලනයට පිවිසුනෙත් මගේ ස්වාමි පුරුෂයාගේ කැමැත්ත නිසයි. මම එක්සත් ජාතික පක්ෂයට ඡන්දේ දුන්නට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. මගේ සැමියාගේ ශක්තිය මතයි මම දේශපාලනයට පිවිසුණේ. කලා කටයුතු වලදීත් ඔහු මාව හුඟක් අගය කරනවා.
*උපේක්ෂා, ඒ අතරම ඔබේ ප්‍රේක්ෂකයෝ කැමති වේවි ඔබේ ආදර කතාව ගැනත්, ඒ වගේම ඔබේ සැමියා ගැනත් වැඩි විස්තර දැනගන්න?
මගේ මුල්ම ටෙලි නාට්‍යයට ඔහුටත් ආරාධනා ලැබිලා තිබුණා. නමුත් ඔහු කලාව තුළ වැඩ කරගෙන යන පිළිවෙළට ඔහු තරමක් අකමැතියි. කලා කටයුතු කරගෙන යන්න ගොඩක් ඉවසීම තිබිය යුතුයි. ඒ අකමැත්ත නිසා ඔහු අයින් වුණා. මම දිගටම කරගෙන ගියා. අපි මුණ ගැහුණේ එහිදී. ඒ ඇතිවුණ ගැටුම ගැන සාකච්ඡා කරන්නයි අපේ දුක බෙදාගන්නයි පටන්ගත්තම අපි අතර ආදරයක් ගොඩ නැගුණා. දැන් අපි විවාහ වෙලා සතුටින් ඉන්නවා. තනිකඩ ජීවිතය වැඩිය හොඳයි කියලා හිතෙන අවස්ථාත් තියෙනවා. ප්‍රශ්න නැති ජීවිතයක් කාටවත් නෑ. දුක්බර අවස්ථා වලදී එහෙම හිතෙනවා. නමුත් එය තාවකාලිකයි.
*අපේ සංස්කෘතිය තුළ තිබෙන යම් යම් වටිනාකම් නිසා විවාහය කියන සාධකයත් සමග වෘත්තීය ලෙස ඕනෑම ක්ෂේත්‍රයක නිරතවන කාන්තාවන්ට ඒ වෘත්තීය තුළ යම් සීමා පැනවෙනවා. එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර 2ක නිරතවන කාන්තාවක් විදිහට ඔබ මේ දකින්නේ කොහොමද?
මම රංගනයට පිවිසෙන විටත් මම මටම යම් යම් සීමා පනවාගෙන තිබුණා. මගේ ස්වාමි පුරුෂයා නිසා මට ඒ තුළින් ලොකු වෙනසක් වුණේ නෑ. අපේ අදහස් ඒ අතින් ගැළපෙනවා. ඔහු මට අවශ්‍ය නිදහස ලබාදුන්නා. මම සීමා පනවාගත්තෙත් මගේ ආත්ම ගරුත්වය ගැන හිතලා.
*සාමාන්‍යයෙන් රංගන ශිල්පිණියක් විදිහට ඔබ කිසියම් චරිතයක් තෝරාගැනීමේදී තෝරාබේරාගැනීමක් කරනවද? එහෙමත් නැත්නම් දර්ශන වලට පෙනීසිටීමේදී හෝ ඇඳුම් විලාසිතා වලදී යම් සීමා පැනවීමක් කරනවද?
එක් අවස්ථාවක මම බටහිර ඇඳුමකින් සැරසිලා එක්තරා ඡායාරූප දර්ශන කිහිපයකට පෙනී සිටියා. ඒ සඳහා මට ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර නිසා මම තීරණය කළා මම නැවත එවැනි අපේ සංස්කෘතියට පටහැනි දර්ශන වලට පෙනීසිටින්නේ නෑ කියලා. විනයක් ඇතිව මම මේ වෘත්තිය කළොත් මට සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. විනයක් නැති දේවල් කරලා මට තිබුණ ආදරය අහිමි කරගන්න, ආත්ම ගරුත්වයට හානියක් කරගන්න තිබුණ අකමැත්ත නිසයි මම එවැනි සීමාවක් පනවා ගත්තේ.
*උපේක්ෂා, ක්ෂේත්‍ර 2ක නියැලෙන කෙනෙක් විදිහට විවේක කාලයක් හොයාගන්න එක නම් ටිකක් අමාරු ඇති. නමුත් ඔබට යම් විවේක කාලයක් ලැබුණොත් ඔබ ඒ විවේකය ගතකරන්න කැමති මොන විදිහටද?
සැහැල්ලුවෙන් ගෙදරට වෙලා ඉන්න කැමතියි. ගෙදර තරම් දිව්‍ය ලෝකයක් මේ ලොකේ කොහේවත් නෑ.
*දේශපාලනය වගේම කලාව කියන ක්ෂේත්‍ර 2 ක තුළින් ඔබ හිතන විදිහට ඔබට වැඩිපුර ජනතාව අතරට යාමේ අවස්ථාව ලැබුණේ මොන ක්ෂේත්‍රය හරහාද?
කලා ක්ෂේත්‍රයෙන්. දේශපාලනයේදී ආදරයක් දිනාගන්න අමාරුයි. කලා ක්ෂේත්‍රය තුළ පමණයි මම හිතන විදිහට ඒ ආදරය දිනාගන්න පුළුවන්.
*උපේක්ෂා, අනිවාර්යයෙන්ම ඕනෑම රටක ඕනෑම ක්ෂේත්‍රයකින් ජනතාව අතර ජනප්‍රියත්වයක් ලබාගන්නා පුද්ගලයින්ට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විවිධ කටකතා වලට ලක්වීමට සිදුවෙනවා. කාන්තා පාර්ශවයට ඒ තත්ත්වය තරමක් වැඩියි. කටකතා සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් මොනවගේද?
කටකතා හැදිලා තියෙනවා. සමහර දේවල් අමූලික බොරු. සමහර දේවල් වල යම් තාක් ඇත්ත තිබුණත් පුංචි දේවල් ලොකු කරලා පෙන්නනවා. ඒ වගේ බොහෝ දේවල් තියෙනවා. මුල් කාලේ හුඟක් සැලුණා. දුක් වුණා. පසුව ඒ දේවල් වල තාවකාලික බව තේරුණා. දේශපාලනය තුළ ඒ තත්ත්වය දරුණුයි. ඒ සඳහා ඔරොත්තු දීමට පුරුදු වෙනවා.
*කලාව හෝ දේශපාලනය කියන ක්ෂේත්‍ර තුළ රැඳිසිටීම තුළින් ඔබ ඉටුකරගැනීමට බලාපොරොත්තුවන අරමුණු මොනවගේද?
දේශපාලනය බලාපොරොත්තුව නම් ළමා හා කාන්තා පාර්ශවය පැත්තෙන් හැකි උපරිමය කරන්න. කලාව පැත්තෙන් නම් හොඳ නිර්මාණයක් කළොත් ඊට උපරිම සාධාරණය කිරීමයි බලාපොරොත්තුව.
HARD TALK *ඔබ හිතන විදිහට වඩාත් සාර්ථක රංගන ශිල්පිණියක් විදිහට ද නැතිනම් දේශපාලන ක්‍රියාකාරිණියක් විදිහටද?
රංගන ශිල්පිණියක්.
*ජ්‍යොතිෂය විශ්වාස කරනවද?
නැහැ.
*යම් අවස්ථාවක ඔබේ සැමියා ඉල්ලීමක් කළොත් රංගනය හෝ දේශපාලනය කියන ක්ෂේත්‍ර 2න් එක් ක්ෂේත්‍රයක් අතහරින්න කියලා. ඔබ අතහරින්නේ කුමන ක්ෂේත්‍රයද?
කලා ක්ෂේත්‍රය.
*රංගන ශිල්පිණියක් ලෙස ඔබ බලාපොරොත්තු වෙන්නේ මුදල් ඉපයීමද? ජනප්‍රියත්වයද?
ජනප්‍රියත්වය.
*රංගන ශිල්පිණියකට වඩා වැදගත් රූපයද? හැකියාවද?
හැකියාව.
*ඔබ හිතන විදිහට ආදරය විවාහයෙන් කෙළවර විය යුතුද?
ඔව්.
Thursday, July 29, 2010
Samanali's Wedding
By:
Prosperity Tech
On: 1:38 AM
සමනලී - ගයාන් දෙපළට සුබ මංගලම්
ඇය පුංචි තිරය වර්ණවත් කළ කටකාර, දඟකාර , සුරූපී සමනලී ය. ඔහු ද පුංචි තිරය ඉතා ම සීරුවට ආක්‍රමණය කළ ගයාන් ලක්‌රුවන් ය.
මීට වසර හතරකට පමණ ඉහත දී එක ම දර්ශන තලයක දී එක ම ටෙලි නාට්‍ය කැමරාවක් ඉදිරියේ රූපගත කිරීම්වලට එකතු වූ මොවුන් සංසාර ගමනේ එක්‌වන්නට පතාගෙන ආ දෙදෙනෙකු බව කිසිවිටෙකත් නොසිතන්නට ඇත.
පසුගිය 21 වෙනි බදාදා සොඳුරු රාත්‍රියේ ඔවුන්ගේ සිහින සැබෑ කරමින් පෝරු මස්‌තකය මත්තේදී දෑතට දෑත බැදෙමින් අතපැන් වක්‌කරමින් නව දිවියක සොඳුරු මොහොත උදා විය.
මේ සමනලී ෆොන්සේකා නම් යොවුන් රංගන ශිල්පිනිය සමග නවලිය සතුට බෙදාගත් මොහොත යි.
සමනලි කොහොමද ජීවිතය...
බොහොම සුන්දර යි. පසුගිය දවස්‌වල මගේ විවාහ උත්සවය සඳහා කාර්යබහුල වුණා.
විවාහය කවදා, කොහේද පැවැත්වුණේ...
මගේ විවාහ උත්සවය පැවැත් වුණේ ජුලි 21 වෙනිදා රාත්‍රියේ කොළඹ "රමාඩා" හෝටලයේ.
විවාහ උත්සවය ගැන විස්‌තර කිව්වොත්...
මම පළමු දිනයේ සැරසුණේ පහතරට මනාලියක් විදිහට. මගේ සාරිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්නේ සරීටා ආයතනය. මාව හැඩගැන්වූයේ සමන්ත ප්‍රනාන්දු මහතා. මල් සැරසිලි සහ පෝරුව මල්ෂාන් ෆොaලෝරා ආයතනය. කේක් නිර්මාණය කළේa ආර්.එල් ක්‌ලෙමන්ට් මහතා.
මෙහි තිබුණ විශේෂත්වය තමයි මගේ මංගල ඡායාරූපය කළේa මගේ තාත්තා, ආනන්ද ෆොන්සේකා. ඊට අමතරව අනෙකුත් ඡායාරූප චිත්‍රාල් අමරසිsරි මහතා විසින් කළා.
මුළු විවාහ උත්සවය ම සුදු වර්ණය සහ සමනලුන් ගේ තේමාවට අනුවයි කරලා තිබුණේ. මල් කුමර කුමරියන් සහ දෙවන මනමාලියන් සහ මනාලයන් ඇතුලු කණ්‌ඩායමට දාහතර දෙනෙක් හිටියා. එයාලා සියලුදෙනා ම සැරසුණේ සුදු පැහැයෙන් සහ පැස්‌ටල් ෂෙඩ් වර්ණය මිශ්‍ර වූ ඇඳුම් වලින්. දෙවනි දවස තිබුණේ 24 වෙනිදා. ගයන්ලගේ ගෙදර. එදා මම සැරසුණේa උඩරට මනාලියක් විදිහටයි. කලා කේෂත්‍රයේ මගේ හිතවතුන් වෙනුවෙන් අපේ නිවසේ සාදයක් 31 වෙනිදා තියෙනවා. ඒකට කේක් නිර්මාණය කරන්නේ ලංකා චන්දි කියන ශිල්පිනිය
කොහොමද ගයාන්ව හමුවුණේ
ගයාන්ව හමුවුණේ රඟපාන්න ගිහිල්ලා. අපි දෙන්නා දැන හඳුනගෙන වසර හතරක් පමණ වෙනවා.
සමනලීගේ පවුලේ අයගෙන් මොනවගේ සහයෝගයක් ද විවාහයට ලැබුණේ.
මම මගේ විවාහය සඳහා මාසයකට කලියෙනු යි ලංකාවට ආවේ. මම හිටියේ ඔස්‌ටේ්‍රලියාවේ. මගේ අධ්‍යාපන කටයුතුවලට ගිහිල්ලා.
විශේෂයෙන් මගේ අම්මා, තාත්තා, මගේ අයියලා දෙන්නා වගේ ම නෑනලා මගේ වැඩවලට උදව් කළා. ඒ වගේ ම මගේ යහළුවන්, කලා ක්‍ෂේත්‍රයේ මගේ හිතවතුන් විශේෂයෙන් මගේ නැන්දා මාලනී ෆොන්සේකා ගොඩක් උදව් කළා. මගේ මංගල සාරිය තෝරා ගන්නත් නැන්ද යි, සමන්ත යි තමයි මට උදව් කළේa. නැකැත් කියන්න මුලින් ම අපි බුලත් දුන්නෙත් නැන්දට. ඊට අමතරව පවුලේ අනෙක් නෑදෑයන් සියලු දෙනාම පුළුවන් විදිහට මට උදව් කළා.
විවාහයෙන් පස්‌සෙත් රඟපානව ද?
ඔව්.. ගයාන් කැමතියි මම දිගට ම රඟපානවට. මම රංගනයෙන් ඉවත් වෙන්න හිතුවත් ගයාන් ඒකට අකමැති වෙන බව මම දන්නවා.
සමනලී නැවතත් ඔස්‌ටේ්‍රලියාවට යනව ද?
ඔව්... අපි දෙන්න ම තව මාසයකින් විතර ඔස්‌ටේ්‍රලියාවට යනවා. මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා නැවත ලංකාවට එන්න තමයි අපි හිතාගෙන ඉන්නේ.

Tuesday, July 27, 2010
Friday, July 23, 2010
Wednesday, July 21, 2010
Tuesday, July 13, 2010
Monday, July 12, 2010
Saturday, July 10, 2010
තනිකඩ දිවියෙන් සමුගන්නවා
By:
Prosperity Tech
On: 10:36 AM

සමනලී ෆොන්සේකා
ඉතිං... සමනලී හදිස්සියේම ලංකාවට ඇවිත් මේ දවස්වල මොකද කරන්නේ?
මම ලංකාවට ඇවිත් දැනට මාසයක් විතර වෙනවා. මට පැවැරී තිබෙන වැඩ කටයුතුත් එක්ක මේ දවස්වල තරමක් කාර්ය බහුලයි.
ඔබ ‘ආකාස කුසුම්’ චිත්‍රපටයෙන් පසුව නව සිනමා නිර්මාණයකින් තවම අප දුටුවේ නැහැ. ‘ආකාස කුසුම්’ චිත්‍රපටය ජාත්‍යන්තර ඇගැයීමට ලක්වීම පිළිබඳව ඔබ තුළ ඇත්තේ මොනවගේ හැඟීමක් ද?
‘ආකාස කුසුම්’ චිත්‍රපටය ජාත්‍යන්තරව සම්මානයට පාත්‍රවන මොහොතේ මම හිටියේ ලංකාවේ. ඒ නිසා එහිදී අපට ලැබුණු ඇගැයීම් ප්‍රතිචාරවල සතුට විඳගන්න මට අවස්ථාව උදා වුණා.
‘ආකාස කුසුම්’ හි ඔබේ චරිතය ‘බන්ටි’ මේ චරිතය ගැන ඔබ තෘප්තිමත් ද?
‘බන්ටි’ කියන්නේ රැඩිකල් චරිතයක්. ලෝකෙ දිහා පිරිමි ඇසින් බලන කෙනෙක් ඇය. එය ඇය මවාගත්ත දෙයක්. නමුත් ඇය ඇතුළාන්තයෙන් සානුකම්පිත හැඟීම් තිබෙන, මානුෂිකත්වය ඉහ වහා ගිය කෙනෙක්. මම හිතනවා, එහි අධ්‍යක්ෂකවරයා මගේ රඟපෑම් ගැන සෑහීමකට පත්වුණා කියා. ඒ චරිතය ගැන මම තෘප්තිමත්.
ඔබේ නැන්දනිය, හෙළ නිළි රැජන ආචාර්ය මාලිනී ෆොන්සේකා මහත්මිය අද වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරනවා. ඇය දේශපාලනයට පිවිසීම ගැන ඔබ සතුටු ද?
ඇය දේශපාලනයට පිවිසීම ගැන සතුටක් තිබුණත් මම වඩාත් ම කැමැති මාලිනී ෆොන්සේකා කියන රංගන ශිල්පිනියට. ඇය දේශපාලනයට පිවිසෙනවාට මගේ වැඩි කැමැත්තක් තිබුණෙ නැහැ. මම නිරතුරුව ම ඇයට කිව්වේ, දේශපාලනයට අවතීර්ණ වෙන්න එපා කියලයි.
මීට පෙර දේශපාලනයට ආ කලාකරුවන්ට සිදුවුණු දේ මම දැකලා තියෙනවා. අනෙක ඇය වැනි අග්‍රගණ්‍ය නිළියකට මිනිසුන් ආදරය, ගෞරව කළේ කිසිදු දේශපාලන පක්ෂ භේදයකින් තොරවයි. කොහොම වුණත් මගේ නැන්දා මේ දක්වා රංගන ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රයේ ආ ගමන් මඟ දිහා බලපුවාම ඇය ඇගේ නාමයටත් ජීවිතයටත් හානියක් නොකරගෙන දේශපාලන කටයුතු කරයි කියා විශ්වාසයක් මා සිත තුළ තිබෙනවා.
ඔබේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය මොනවගේ ද?
තවම නම් එයින් ගත වුණේ එක අවුරුද්දක් පමණයි. මම ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඉන්පසු වසර දෙකක ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න තමයි ඕස්ට්‍රේලියාවට ගියේ. එහිදී මම පළමු අවුරුද්දේ දී ‘Salon Management’ පිළිබඳව හැදෑරුවා. දෙවන අවුරුද්දේ දී බොහෝ දුරට ඡායාරූපකරණය පිළිබඳව හදාරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ ලංකාවට ආවේ විශේෂ හේතුවක් නිසා නේද?
ඔව්. මගේ විවාහය සඳහායි. මේ දවස්වල වැඩිපුර වෙහෙසෙන්නේත් මගේ කාලය යොදවන්නේත් විවාහ මංගල උත්සවයේ වැඩකටයුතු සඳහායි. මේ මාසෙ මගේ විවාහය සිදුවෙන්න නියමිතයි.
ඔබේ අතගන්න මනාලයාගේ තොරතුරු මොනවද?
ඔහු ගයාන් ලක්රුවන්. ඔහුත් වෘත්තියෙන් රංගන ශිල්පියෙක්. දැනට ඒ ඇති.
ගයාන්ව ඔබට මුණගැසුණේ කොහොමද?
ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලදී තමයි මම ඔහු දැන හඳුනාගත්තේ. ඉන්පසු අපි දෙදෙනා හොඳම යහළුවන් බවට පත් වුණා. ඒ ආශ්‍රය දුරදිග ගියා. අපි දෙන්නාගේ අදහස් හොඳින් ගැලපෙන බව පෙනුණා. මේ නිසා අපි දෙන්නා පෙම්වතුන් ලෙසත් පසුව මවුපියන්ගේ ආශිර්වාදය ඇතිව විවාහ වෙන්න තීරණය කළා.
ඔබ සරසවි සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත වූ දක්ෂ නිළියක්. විවාහයත් සමඟ කලාවෙන් ඈත් වෙයිද?
එහෙම වෙන්නෙ නැහැ. මොකද ගයාන් මගේ කලා කටයුතුවලට උපරිමව සහයෝගය ලබා දෙනවා. එයා දන්නවා මම රංගන කටයුතු තෝරා බේරාගෙන සිදුකරන බව.
ඔබ ගයාන් ගෙන් දකින විශේෂ ගතිගුණ මොනවාද?
ගයාන් කියන්නේ හරිම ස්වාධීන මනුෂ්‍යයෙක්. ස්වාධීනත්වයට ගරු කරන කෙනෙක්. ඒ ගතිගුණවලට මම විශේෂයෙන් කැමැතියි.
ඔබගේ විවාහයෙන් පසුව නැවත විදේශගත වෙනවාද?
ඔව්. මගේ ඉතිරි අධ්‍යාපනික කටයුතු නිම කරන්න අවශ්‍ය නිසා අපි දෙදෙනාම විදේශ ගත වෙනවා.
ඔබ දෙපළ දීර්ඝ කාලීනව ම ඕස්ට්‍රේලියාවේ ම පදිංචි වේවිද?
විදේශ ගත වුණත් එහි පදිංචි වෙන අදහසක් අපේ සිත්වල නැහැ. අපි යම් ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන නැවත ලංකාවේ පදිංචියට ඇවිත් මෙහි කලා කටයුතු වලට දායක වෙලා ජීවත්වෙන්න තමයි බලාපොරොත්තුව ඉන්නේ.

Friday, July 9, 2010
Subscribe to:
Posts (Atom)