Tuesday, July 27, 2010

PABA is Upset about 360

By: Prosperity Tech On: 8:37 AM

Wednesday, July 21, 2010

PABA Goes to "Night Clubs"

By: Prosperity Tech On: 10:05 AM

Tuesday, July 13, 2010

සේමිණි සහ රංජන්

By: Prosperity Tech On: 1:07 PM



Monday, July 12, 2010

Saturday, July 10, 2010

තනිකඩ දිවියෙන් සමුගන්නවා

By: Prosperity Tech On: 10:36 AM

සමනලී ෆොන්සේකා

පරම්පරාවෙන් ම කලා ක්ෂේත්‍රයට උරුමකම් කියන්නට පියඹා ආ සමනළියක් ලෙස ඇය හැඳින්වූවාට වරදක් නැත. සමනලි ෆොන්සේකා, නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇගේ යොවුන් ජීවිතේ සොඳුරුතම පැතුමක් ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් සමනලී මේ දිනවල මෙරටට පැමිණ සිටියි. ඒ නිසා ම ඇය තරමක් කාර්යබහුලයි. ඇගේ දිවියේ සිදුවන මේ සුවිශේෂී වෙනස්වීමත් ඇගේ නවතම රංගන හා කලා තොරතුරු පිළිබඳවත් කතාබහ කරන්නට මෙවර ‘රසඳුන’ සතුටු සාමීචිය ඉඩකඩ වෙන් කළා.
ඉතිං... සමනලී හදිස්සියේම ලංකාවට ඇවිත් මේ දවස්වල මොකද කරන්නේ?
මම ලංකාවට ඇවිත් දැනට මාසයක් විතර වෙනවා. මට පැවැරී තිබෙන වැඩ කටයුතුත් එක්ක මේ දවස්වල තරමක් කාර්ය බහුලයි.
ඔබ ‘ආකාස කුසුම්’ චිත්‍රපටයෙන් පසුව නව සිනමා නිර්මාණයකින් තවම අප දුටුවේ නැහැ. ‘ආකාස කුසුම්’ චිත්‍රපටය ජාත්‍යන්තර ඇගැයීමට ලක්වීම පිළිබඳව ඔබ තුළ ඇත්තේ මොනවගේ හැඟීමක් ද?
‘ආකාස කුසුම්’ චිත්‍රපටය ජාත්‍යන්තරව සම්මානයට පාත්‍රවන මොහොතේ මම හිටියේ ලංකාවේ. ඒ නිසා එහිදී අපට ලැබුණු ඇගැයීම් ප්‍රතිචාරවල සතුට විඳගන්න මට අවස්ථාව උදා වුණා.
‘ආකාස කුසුම්’ හි ඔබේ චරිතය ‘බන්ටි’ මේ චරිතය ගැන ඔබ තෘප්තිමත් ද?
‘බන්ටි’ කියන්නේ රැඩිකල් චරිතයක්. ලෝකෙ දිහා පිරිමි ඇසින් බලන කෙනෙක් ඇය. එය ඇය මවාගත්ත දෙයක්. නමුත් ඇය ඇතුළාන්තයෙන් සානුකම්පිත හැඟීම් තිබෙන, මානුෂිකත්වය ඉහ වහා ගිය කෙනෙක්. මම හිතනවා, එහි අධ්‍යක්ෂකවරයා මගේ රඟපෑම් ගැන සෑහීමකට පත්වුණා කියා. ඒ චරිතය ගැන මම තෘප්තිමත්.
ඔබේ නැන්දනිය, හෙළ නිළි රැජන ආචාර්ය මාලිනී ෆොන්සේකා මහත්මිය අද වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරනවා. ඇය දේශපාලනයට පිවිසීම ගැන ඔබ සතුටු ද?
ඇය දේශපාලනයට පිවිසීම ගැන සතුටක් තිබුණත් මම වඩාත් ම කැමැති මාලිනී ෆොන්සේකා කියන රංගන ශිල්පිනියට. ඇය දේශපාලනයට පිවිසෙනවාට මගේ වැඩි කැමැත්තක් තිබුණෙ නැහැ. මම නිරතුරුව ම ඇයට කිව්වේ, දේශපාලනයට අවතීර්ණ වෙන්න එපා කියලයි.
මීට පෙර දේශපාලනයට ආ කලාකරුවන්ට සිදුවුණු දේ මම දැකලා තියෙනවා. අනෙක ඇය වැනි අග්‍රගණ්‍ය නිළියකට මිනිසුන් ආදරය, ගෞරව කළේ කිසිදු දේශපාලන පක්ෂ භේදයකින් තොරවයි. කොහොම වුණත් මගේ නැන්දා මේ දක්වා රංගන ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රයේ ආ ගමන් මඟ දිහා බලපුවාම ඇය ඇගේ නාමයටත් ජීවිතයටත් හානියක් නොකරගෙන දේශපාලන කටයුතු කරයි කියා විශ්වාසයක් මා සිත තුළ තිබෙනවා.
ඔබේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය මොනවගේ ද?
තවම නම් එයින් ගත වුණේ එක අවුරුද්දක් පමණයි. මම ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඉන්පසු වසර දෙකක ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න තමයි ඕස්ට්‍රේලියාවට ගියේ. එහිදී මම පළමු අවුරුද්දේ දී ‘Salon Management’  පිළිබඳව හැදෑරුවා. දෙවන අවුරුද්දේ දී බොහෝ දුරට ඡායාරූපකරණය පිළිබඳව හදාරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ ලංකාවට ආවේ විශේෂ හේතුවක් නිසා නේද?
ඔව්. මගේ විවාහය සඳහායි. මේ දවස්වල වැඩිපුර වෙහෙසෙන්නේත් මගේ කාලය යොදවන්නේත් විවාහ මංගල උත්සවයේ වැඩකටයුතු සඳහායි. මේ මාසෙ මගේ විවාහය සිදුවෙන්න නියමිතයි.
ඔබේ අතගන්න මනාලයාගේ තොරතුරු මොනවද?
ඔහු ගයාන් ලක්රුවන්. ඔහුත් වෘත්තියෙන් රංගන ශිල්පියෙක්. දැනට ඒ ඇති.
ගයාන්ව ඔබට මුණගැසුණේ කොහොමද?
ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලදී තමයි මම ඔහු දැන හඳුනාගත්තේ. ඉන්පසු අපි දෙදෙනා හොඳම යහළුවන් බවට පත් වුණා. ඒ ආශ්‍රය දුරදිග ගියා. අපි දෙන්නාගේ අදහස් හොඳින් ගැලපෙන බව පෙනුණා. මේ නිසා අපි දෙන්නා පෙම්වතුන් ලෙසත් පසුව මවුපියන්ගේ ආශිර්වාදය ඇතිව විවාහ වෙන්න තීරණය කළා.
ඔබ සරසවි සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත වූ දක්ෂ නිළියක්. විවාහයත් සමඟ කලාවෙන් ඈත් වෙයිද?
එහෙම වෙන්නෙ නැහැ. මොකද ගයාන් මගේ කලා කටයුතුවලට උපරිමව සහයෝගය ලබා දෙනවා. එයා දන්නවා මම රංගන කටයුතු තෝරා බේරාගෙන සිදුකරන බව.
ඔබ ගයාන් ගෙන් දකින විශේෂ ගතිගුණ මොනවාද?
ගයාන් කියන්නේ හරිම ස්වාධීන මනුෂ්‍යයෙක්. ස්වාධීනත්වයට ගරු කරන කෙනෙක්. ඒ ගතිගුණවලට මම විශේෂයෙන් කැමැතියි.
ඔබගේ විවාහයෙන් පසුව නැවත විදේශගත වෙනවාද?
ඔව්. මගේ ඉතිරි අධ්‍යාපනික කටයුතු නිම කරන්න අවශ්‍ය නිසා අපි දෙදෙනාම විදේශ ගත වෙනවා.
ඔබ දෙපළ දීර්ඝ කාලීනව ම ඕස්ට්‍රේලියාවේ ම පදිංචි වේවිද?
විදේශ ගත වුණත් එහි පදිංචි වෙන අදහසක් අපේ සිත්වල නැහැ. අපි යම් ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන නැවත ලංකාවේ පදිංචියට ඇවිත් මෙහි කලා කටයුතු වලට දායක වෙලා ජීවත්වෙන්න තමයි බලාපොරොත්තුව ඉන්නේ.







Thursday, July 8, 2010

Wednesday, June 30, 2010