


News, Gossip & Headlines in Sri Lanka. Sinhala & English news in sri lanka. gossipnews, gossip lanka, breaking news today, sinhala gossip, gossip lanka sinhala, lanka hot news, c news, e gossip
මියුරු ගීතමය ආශ්වාදයෙන් සුවහසක් ශ්‍රී ලාංකේය ජන හදවත් ප්‍රහර්ෂවත් කළ ඈ දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා මෙරට රියැලිටි ප්‍රසංග කලාවට නැවුම් හැඩයක් එක් කළ අපේ කාලයේ තරු කුමරියයි.
තරගකරුවන් හතළිස් එක් දහසක් අතරෙන් විශ්මිත වූ ගායන හැකියාවක් උරුම කර ගත් මේ යොවුන් සිහින තාරකාව ඉකුත් දා නිමා වූ දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසන් මහා තරගයේදී විජයග්‍රහණයේ කිරුළ පැළඳුවාය.
හැකියාවට එක් වූ උත්සාහයත්, උත්සාහයට එක් වූ කැප කිරිමත්, ඒ සියල්ල එක්තැන් වූ වාසනා මහිමයත් මතින් සුපුෂ්පිත වූ ජනතා ආශිර්වාදයෙන් නියත විවරණ ලැබ තවත් සුපිරි තාරකාවකගේ සුපසන් ගායන දිවි මගේ ඇරඹුම සටහන් වූයේ එලෙසිනි.
උපේඛා නිර්මාණි.
මේ ළබැඳි තරු කුමරිය සතු අපූර්ව ගායන හැකියාවන් දැන් මුළු රටම දනී. ඒ පිළිබඳ පුන පුනා කිව යුතු නොවේ. එනමුදු ඇයගේ හදවතට එබී බලන්නට ඔබ මහත් නොඉවසිල්ලෙන් පසු වන වග අප දනිමු. එනිසාවෙන් අද ‘සරසවිය’ පත් ඉරු අතරට ඈ කැඳවා ගන්නට අප කල්පනා කළෙමු.
උපේඛා නිර්මාණි . . .
භද්‍ර යෞවනයේ චමත්කාරය සිය ජීවිතයට තුරුළු කර ගත් ඒ තරු කැකුළිය නොඑසේ නම් සිහින තාරකාව මුලින්ම මෙලෙස සිය හඬ අවධි කළාය.
දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ ජයග්‍රාහිකාව වෙන්න ලැබීම ගැන මම අතිශයින්ම සතුටට පත් වෙනවා. ඒ වගේ දැවැන්ත අභියෝගයක් මා වගේ පුංචි කෙල්ලෙකුට ජය ගත හැකි වේ යැයි කියා මුලදී මට සිතුණේ නැහැ.
ඒ අවසන් රාත්‍රිය සොඳුරු, අවිනිශ්චිත වගේම කුතුහලය දෝරේ ගැලූ රාත්‍රියක්. ඒ සියල්ල මැද මගේ හිතේ ගොඩ නැගුණ දැඩි ආත්ම විශ්වාසය තමයි මම හිතන්නේ මේ ජයග්‍රහණයට මාවත විවර කර දුන්නේ.
හිතට බියක්, චකිතයත් දැනුණේ නැහැ?
නොදැනුණා නෙවෙයි. හැබැයි ඒ මට ඩ්‍රීම් ස්ටාර් කිරුළ අහිමි වේවි යැයි කියා තිබූ බිය නම් නෙවෙයි. ජනතාවගේ ආදරයෙන් ගිළිහෙන්නට වේදැයි කියන බියයි මගේ සිතට නැඟුණේ. ඒත් ගායනයේදී මට හැකි උපරිම අයුරින් ඒ ගීත ගයන්නටත්, ප්‍රාසාංගික ගුණය රැක ගන්නටත් මා උත්සාහ කළා. මම ඛ්ඹ්තන්නේ ඒ උත්සාහය සාර්ථක වුණා.
ජයග්‍රහණය ලැබූ මොහොතේ මොකද හිතුණේ?
මම කොයි තරම් වාසනාවන්තද කියා සිතුණා. ජයග්‍රහණය කළ මොහොතේ මගේ සතුට කඳුළකට පෙරළුනේ නිම්හිම් නැති ආශ්වාදයෙන්. අම්මයි, තාත්තයි වේදිකාව ඉදිරියේ නරඹන්නන් අතර හිඳ ඒ සතුට, ඒ අසිරිය විඳගන්න අයුරු මා දුටුවා. ඇත්තෙන්ම උදේශ් අයියත්, නිමේෂ් අයියත් සැබෑම දක්ෂයන්. ඒ අතරින් මේ කිරුළ මට හිමිවීම මා ලැබූ භාග්‍යයක්.
මේ සොඳුරු රුවැත්තිය තවමත් දහ නව හැවිරිදි වියේ පසුවන්නීය. මීගමුව නිවුස්ටෙඩ් බාලිකා විදුහලේ ඉගෙනුම ලබන ඈ මේ වසරේ කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට සූදානම්ය.
උපේඛාට තම ගායන කුසලතාව උරුම වූයේ ආදරණීය පියාගෙන් යැයි පැවසීම නිවැරදිය. මෙරට ප්‍රසංග වේදිකාවේ දැවැන්ත පෙරළියක් සිදු කළ චන්ද්‍රා ද සිල්වා (ජොලි සීයා) උපේඛාගේ පියාය. ඇගේ මව උමංගා ද සිල්වායි. සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් මේ පවුලේ බඩපිස්සිය මේ සිහින තරු කුමරිය වූ උපේඛායි.
මම පුංචි කාලේ ඉඳන්ම ගෙදර තිබුණේ සංගීතකාමී පරිසරයක්. තාත්තා නිතරම ගීත අහනවා. ඒ වගේම ගීත ගායනා කරනවා. තාත්ති සිංදු කියන කොට මම එයා ළඟටම වෙලා ඒ සිංදු අහගෙන ඉන්නවා මට තාම මතකයි.
කලක් ගත වෙද්දී මටත් හොඳින් ගී ගයන්න පුළුවන් වුණා. මම මූලික අධ්‍යාපනය ලැබුවේ තිඹිරිගස්කටුව මහා විද්‍යාලයෙන්. ඊට පස්සේ තමයි නිව්ස්ටෙඩ් බාළිකා විදුහලට ගියේ.
පුංචි කාලේ ඉඳලම මම සංගීතය විෂයයක් විදිහට හදාරනවා මේ දක්වාම. ගෙදර අයගෙන් මගේ සංගීත කටයුතුවලට ලොකු සහායක් ලැබෙනවා. ලොකු අක්කා තමයි අයදුම්පතක් දාලා දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයට මාව යොමු කළේ.
උපේඛා ඔයා ගොඩක් වෙලාවට ගායනය සඳහා තෝරා ගත්තේ අසීරු ගීත. ඇයි එහෙම තෝරා ගැනීමක් කළේ?
තරගාවලිය පුරාවටම ගැයූ ගී තෝරා ගත්තේ මං විසින්මයි. තාත්තාගෙනුත් යම් යම් උපදෙස් ලැබුණා. මට අවශ්‍ය වුණේ අභියෝගාත්මක, අසීරු ගීත ගයමින් ඉදිරියට යන්න. නමුත් ඒ ගීත ජනතාව වැළඳ ගත් ජනප්‍රිය ගීත විය යුතුයි කියන මතයේ මම හැමදාම හිටියා.
උපේඛාගේ ගායන හැකියාව මෙන්ම තවත් දුලබ හැකියාවක් ද මුළු රටටම පෙන්වන්නට ඇයට මේ සිහින තරු වේදිකාව කදිම තෝතැන්නක් විය.
අපි ඒ ගැනත් කතා කරමු උපේඛා?
මට ඕනෑම තනුවක් නිවැරදි ස්වරවලට අනුව විසිල් කරන්න පුළුවන්. මම හිතන්නේ ගැහැනු ළමයකුට ඒ වගේ හැකියාවක් පිහිටනවා අඩුයි. මේ උරුවම්බෑමේ හැකියාව මට උරුම වුණේ තාත්තගෙන්.
මට මතකයි පුංචි කාලේ තාත්තා මාව පෙර පාසල් එක්ක ගෙන ගියේ බයිසිකලේ. ඒ යන එනකොට ලස්සන ගීත විසිල් කරන්න තාත්තා පුරුදු වෙලා හිටියා. මමත් හරිම ආසාවෙන් ඒවාට සවන් දුන්නේ.
කාලයක් ගත වෛද්දී මමත් ඉබේම වගේ නිවැරදි ස්වරවලට විසිල් කරන්න පුරුදු වුණා. තාත්තාටත් ඒ හැකියාව ගැන ගොඩක් ලොකු සතුටක් තිබුණා.
ඇත්තෙන්ම මගේ ඒ හැකියාවත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ පෙන්නන්න ඕනෑ කියලයි මම එහෙම කළේ. විනිශ්චය මණඩලයෙනුත්, ප්‍රේක්ෂක ජනතාවගෙනුත් මට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා.
කොහොම හරි නැවකත් සිංදු කියන්න ලැබුණා නේද?
අනේ ඔව්, ඒකත් හරිම නැවුම් සුන්දර අත්දැකීමක්. මටත් උදේශ්, නිමේෂ් අයියලාටත් පුහුණුවීම් කටයුතු සිදු කළේ ජෙට් ලයිනර් කියන නෞකාවේ. ගොඩබිම නොපෙනෙන තරම් ඈතක ඉන්දියන් සයුරේ තමයි මේ කාර්ය සිදු කළේ. දින හතරක කාලයක් ඒ පුහුණුවීම් කටයුතු තිබුණා.
ඉතින් තව මොනවද ඔයාට විශේෂයෙන් කියන්න තියෙන්නේ?
මේ අවස්ථාවේ මම ස්තූ®ති කළ යුතු පිරිසක් ඉන්නවා. දෙරණ නාළිකාවටත්, ගෞරවනීය විනිශ්චය මණ්ඩලයටත්, සියලුම තරගකරුවන්ටත්, මගේ ආදරණීය මවුපියන්ට හා රසික ජනතාවටත් මගේ ප්‍රණාමය පුද කරනවා. රසික ජනතාවගේ ආදරය නිසා තමයි මට මේ කිරුළ හිමි වුණේ.
මීගමුව පුරවරයෙන් ශ්‍රී ලාංකික ගී කෙතට දායාද වූ මේ යොවුන් ප්‍රතිභාසම්පන්න ගායන ශිල්පිනියට සිය සෞන්දර්ය චාරිකාවේ දිගු ගමනක් පියමං කරන්නට වාසනාව ලැබේවායි සරසවියේ අපේ පැතුමයි.
සටහන අසංක දේවමිත්ර පෙරේරා
ඡායාරූප ටෙනිසන් එදිරිසිංහ
මේ හැම දේකටම මුල මගේ කටකාරකම
උත්පලා ගුණතිලක
ආදරණීය පූර්ණිමා හි සඳුනි. ඒ මේ දිනවල බොහෝ දෙනා ඇයව හඳුන්වන නාමයයි. දෙරණ රූපවාහිනිය ඔස්‌සේ විකාශය වන ආදරණීය පූර්ණිමා ටෙලිනාට්‍යයට ඇය සඳුනි වුවත් සාමාන්‍ය ජීවිතේදී නම් උත්පලා ගුණතිලකයි. නොසිතූ මොහොතක හඳුනාගත් හැකියාව මුවහත් කරගනිමින් පැහැබර රංගන රිද්මයක යෙදෙන උත්පලා සමඟ අද මීවිත කතාබහට එක්‌වෙමු.
සඳුනි කියන්නද? උත්පලා කියන්නද?
ඇත්තටම සඳුනි කියන චරිතයට තියෙන ප්‍රතිචාර ගැන කිව්වොත් කෙනෙක් මාව තාම උත්පලා කියන නමින් දන්නේ නැහැ. ඒ නිසා මට අද ජනප්‍රියත්වයක් ලැබෙන්නේ ආදරණීය පූර්ණිමාගෙ නංගි සඳුනි නිසා. ඒ අතින් ගත්තහම සඳුනි කිව්වත් කමක් නැහැ.
මේ තැනට එන්න මග විවර වුණේ කොහොමද?
ඇත්තටම කලාවට එන්න නම් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මගෙ ලොකු අම්මගෙ දුව තමයි මම නොදැනුවත්වම සිරස කුමරිය තරගෙට මගෙ අයදුම් පත්‍රයක් යොමුකරලා තිබුණේ. ඒ තරගෙන් මාව ඡවි කල්‍යාණි හැටියට තේරුණා. ඊට පස්‌සේ සිරසෙන්ම නිෂ්පාදනය කරපු "පතිනි" ටෙලිනාට්‍යයට මාව තෝරගත්තට පස්‌සේ තමයි කලාවට මම ඇතුළු වුණේ.
ඒ වෙනකොට අනාගතේ ගැන තිබුණේ මොන වගේ සිහිනයක්‌ද?
මගේ ගම කුරුවිට, ගෝනපිටිය. පාසල් ගියේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයට. එහිදී සාමාන්‍ය පෙළ දක්‌වා නර්තනය විෂයක් විදිහට හැදෑරුවා. ඒකේ අරමුණ වුණේ කවදහරි නර්තන ගුරුවරියක් වීම.
අද ඒ බලාපොරොත්තුව නැද්ද?
පතිනි ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණාට පස්‌සේ ඉඳලා මම පාසලෙන් ඉවත් වුණා. 2011 අවුරුද්දේ උසස් පෙළ විභාගය ලියන්න සූදානම් වෙනවා කලා අංශයෙන්. එහිදී නර්තනයත් මම හදාරන එක විෂයක්. උසස් පෙළින් පස්‌සේ ඉදිරියටත් නර්තනය හදාරනවද කියලා තාම තීරණය කරලා නැහැ.
කලා අංශයට යොමුවීම ගැන අද මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි මේ අංශයට යොමුවීම ගැන. මොකද මමවත් දැනගෙන හිටියෙ නැති දක්‍ෂතාවක් මේ හරහා මට එළිදක්‌වන්න පුළුවන් වුණා.
කැමරාවක් ඉදිරියේ මුල්ම රංගනය ඉදිරිපත් කරද්දී දැනුණු හැඟීම?
පාසලේදිවත් විහිළුවට චරිතයක් රඟනොපාපු මට කැමරාවක් ඉස්‌සරහට ගියාම පුංචි චකිතයක් දැණුනා. සුසාර දිනාල් මහත්මා තමයි ඔයාට මේක කරන්න පුළුවන් කොහොමහරි රඟපාන්න කියලා මාව දිරිමත් කළේ.
මේ වෙනකොට නිර්මාණ කීයකට සම්බන්ධ වෙලා තියෙනවද?
ආදරණීය පූර්ණිමා, පතිනි, හංසි කියන තුනට තමයි ටෙලිනාට්‍යවලින් සම්බන්ධ වුණේ. ප්‍රසාද් ද සිල්වා අධ්‍යක්‍ෂණය කරපු වියපත් බඹරා චිත්‍රපටයටත් ප්‍රධාන චරිතයෙන් පසුගිය කාලේ සම්බන්ධ වුණා.
මේ නිර්මාණවල චරිත අතරින් සඳුනි ගැන කතා නොකරම බැහැ නේද?
ඇත්තටම ඔව්. මේ චරිතයට මාව තෝරගත්තේ නිශාන්ත රණසිංහ මහත්මායි. ටිකිරි රත්නායක මහත්මායි. මේ වෙනකොට ගොඩක් දෙනා අතර ජනප්‍රිය වෙලා තියෙනවා. චරිතයක් හැටියට ගත්තොත් මම හිතනවා හොඳ සාධාරණයක් ඉෂ්ඨ කළා කියලා.
මෙගා ටෙලිනාට්‍ය තුනකම රඟපාන්න ලැබුණ නිසා නවක රංගන ශිල්පිනියන් අතර තරමක් කැපී පෙනෙන චරිතයක් වෙන්න ඔබට හැකිවුණා කිව්වොත්?
ගොඩක් දුරට ඒකට හේතු වුණේ මට ලැබුණු චරිත කියලයි මට සිතෙන්නේ. මොකද සඳුනි කියන චරිතය ඇත්තටම මගේ සාමාන්‍ය ජීවිතේට ගොඩක්‌ම සමීපයි. හරිම කටකාර, අසාධාරණයට එරෙහිව වැඩිපුර කතා කරන චරිතයක්. ඒ වගේමයි ඉදිරියේදී තිරගත වෙන්න තියෙන වියපත් බඹරා චිත්‍රපටයේ ඩීනා කියන චරිතයක්. සාමාන්‍ය ජීවිතේ එක්‌කත් ගැලපීමක් තිබුණ නිසා මේ චරිත සාර්ථක කරගන්න මට පුළුවන් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා.
ඒ කටකාරකම නිසාමද වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වෙන්න අවස්‌ථාව ලැබුණේ?
හිතනවා එහෙම වෙන්න ඇති කියලා. ගොඩක් අය මගෙ මූණටත් කියලා තියෙනවා මම කටකාර අසාධාරණය වෙනුවෙන් නැගී සිටින කෙනෙක් කියලා. හංසි ටෙලිනාට්‍යය විකාශය වෙන කාලෙදි තමයි ස්‌වර්ණවාහිනියේ රසලිය වැඩසටහනේ නිවේදිකාවක් හැටියට මට ආරාධනා ලැබුණේ. එතැන් පටන් වසර එකහමාරක ඉඳලා මම ඒ වැඩසටහන ඉදිරිපත් කරගෙන එනවා.
වැඩසටහනක් ඉදිරිපත් කරනවා කියන්නේ ඔබ සිතන විදිහට හරිම පහසු දෙයක්‌ද?
රංගනය වගේම නිවේදනයත් මම කවදාවත් පුරුදු පුහුණු වුණු විෂයන් නෙමෙයි. මුලිනුත් කිව්වා වගේ මගෙ කටකාරකම නිසාද මන්දා වැඩසටන කරද්දි වචන ගලාගෙන එනවා. පුළුවන් උපරිමයෙන් මට පැවරිලා තියෙන වැඩ කොටස මම කරනවා.
ප්‍රවීණයන්ගෙන් ඔබට ලැබෙන සහය මොන වගේද සහ ඔබ ප්‍රවීණයන්ට දක්‌වන ගරුත්වය මොන විදියද?
ඇත්තටම අපට රංගනය ගැන බොහෝ දේ ඉගෙන ගන්න තියෙන්නෙ අපේ ප්‍රවීණයන්ගෙන්. සමහරු කියනවා ආධුනිකයන්ට ප්‍රවීණයන්ගෙන් සහයෝගයක් නැහැ කියලා. මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ වෙනකම් ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය මට අතිවිශාලයි. ඒ වගේම අනිවාර්යෙන්ම මුළු හදවතින්ම මම ඔවුන්ට ගරු කරනවා.
ඉදිරියටත් කලා ක්‍ෂේත්‍රයේ මේ අයුරින්ම ගමන් කිරීමට ද බලාපොරොත්තුව?
තව අවුරුදු දෙකකින් විවාහ වෙන්න තමයි බලාපොරොත්තුව. ඊට පස්‌සේ නම් ක්‍ෂේත්‍රයෙන් අයින් වෙන්න තමයි මම අදහස් කරලා තියෙන්නේ.
ඒකට හේතුව?
මම හිතනවා පවුල් ජීවිතයට මුල්තැන දිය යුතුයි කියලා. කොහොමත් කෙනකුගේ යටතේ වැඩ කරන්න මම කැමැති නැහැ. මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහසක් තියෙනවා. සමහර විට ඉදිරියේ මහත්තයාගෙ සහයත් ඇතුව ඒ අංශයට යොමුවෙයි.
ඒ කියන්නේ දැන් ඔබ විවාහයට සූදානම්ද?
ඔව්, එයාගේ නම සුරේෂ්. කලාවට සම්බන්ධයි. හැබැයි රංගනයෙන් නෙමෙයි.
ඔබ කලා ක්‍ෂේත්‍රය තෝරාගැනීම ගැන දෙමාපියන්ගෙන් ලැබුණු කැමැත්ත මොන වගේද?
මුලදි නම් තාත්තගෙ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් අම්මගෙ සිහිනයක් තිබුණා මාව කලාවට යොමු කරන්න. අම්මයි ලොකු අම්මගෙ දුවයි නිසා තමයි මම අද මෙතන ඉන්නේ. මට තව අයියා කෙනෙකුයි මල්ලියෙකුයි ඉන්නවා.
ඉදිරි වසර දෙක තුළදී සැබෑ කරගන්න බලාපොරොත්තු වෙන සිහිනයක් තියෙනවද?
හොඳ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න ආසාවක් තිබෙනවා කලාවෙන් ඉවත් වෙන්න කලින්. පසුගිය කාලේ ඒ සඳහා අවස්‌ථාවන් කිහිපයක්‌ම ලැබුණත් ආදරණීය පූර්ණිමා නිසා ඒ එකකටවත් සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ.
ඔබ වඩාත් ගරු කරන්නෙ?
මුලින්ම මවුපියන්ට. කලා ලෝකයට යන පාර පෙන්වලා දුන්න ටිකිරි රත්නායක, නිශාන්ත රණසිංහ මහත්වරුන්වත්, රුචිරා අක්‌කාවත් විශේෂයෙන් මතක් කරන්න කැමැතියි.
ලක්‌මිණී අතුකෝරල
ඡායා - සුජාතා ජයරත්න
හැඩගැන්වීම - සැලෝන් රුචිරා
ඒ සුන්දරත්වය නොගැලපීම නිසා මගහැරුණ
ශලනි තාරකා
තනූජා දිල්හානි
ඇය මෙරට සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරය දිනූ රුවැත්තියකි. රංගන ශිල්පිනියක, වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක සහ නර්තන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක යෙදෙන, කලා හැකියාවන් රැසකින් පිරිපුන් මේ යොවුන් තාරකාව කවුරුත් හඳුනන්නේ තනූජා දිල්හානි ලෙසයි. මේ දිනවල
රූපවාහිනිය ඔස්සේ දිග හැරෙන ටෙලිනාට්‍ය සහ වෙළෙඳ දැන්වීම් රැසක් සමඟ ඇය අපේ ආලින්දයට ගොඩවදින්නීය. කලා කටයුතු සමඟ කාර්ය බහුල දිවියක් ගත කළ ද තනූජා පසුගිය දිනෙක ඇයගේ නවතම කලා තොරතුරු පිළිබඳ අප සමඟ කතා බහ කරන්නට එක්වුණා. තනූජා ‘රසඳුන’ සතුටු සාමීචිය සමඟ එක්වුණු සොඳුරු මොහොතයි මේ.
ටෙලිනාට්‍ය කීපයක් සමඟ ඔබ ආයෙමත් කාර්යබහුල වෙලා වගේ?
ඇත්තටම ඔව්. මේ දවස් ටිකේ ම නවතම ටෙලිනාට්‍ය දෙකක රූපගත කිරීම් සඳහා මම සහභාගි වෙනවා. මේ දෙකම රූ ගැන්වෙන්නේ කොළඹින් පිට. ඒ නිසා තරමක් කාර්ය බහුලයි. ඒ වගේ ම වී. සිවදාසන් අධ්‍යක්ෂණය කරන ‘අළුපාට හීන’ ටෙලිනාට්‍යයත් මේ දිනවල විකාශනය වෙනවා. එය ස්වර්ණවාහිනිය ඔස්සේ මගේ රසික රසිකාවියන්ට දැක බලා ගන්න පුළුවන්.
‘අළුපාට හීන’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන්නේ සංකීර්ණ චරිතයක් ?
මේ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ විශ්වවිද්‍ය්‍යාල මහාචාර්යවරයෙක් සමඟ විවාහ වී සිටින තරුණ කාන්තාවක ගේ චරිතයක්. ඔවුන් අතර පවතින වයස් පරතරය, මත ගැටුම් රැසක් ඔස්සේ නවතම කතා තේමාවකින් යුතුව මේ ටෙලිනාට්‍යය දිග හැරෙනවා. කුතුහලය, සානුකම්පිත බව ඉස්මතු වෙන චරිතයක් එය. එය ප්‍රේක්ෂකයන්ට රසවත් කතාවක් වෙයි කියා මම හිතනවා.
ඔබ මීට පෙර ‘සක්විත්තෝ’ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වුණා. එහි රඟපෑ චරිතය ගැන ඔබ තෘප්තිමත් ද?
මට ලැබුණු චරිතය ගැන මම ඉතාම තෘප්තිමත් වෙනවා. මොකද ‘සක්විත්තෝ’ ටෙලිනාට්‍යයේ ‘චාරුණිකා’ කියන චරිතය තමයි මට රඟපාන්න ලැබුණේ. මේ චරිතයේ විශේෂත්වය තමයි තමන් විසින් ම දියුණු වෙන්න බලාගෙන වැඩ කරන තරුණියකගේ චරිතය. මේ චරිතයට හුඟාක් හොඳීන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා මම හිතනවා ඒ චරිතයට මම සාධාරණය ඉෂ්ට කළා කියලා.
මේ දිනවල රූපවාහිනී නාලිකා ඔස්සේ ‘සුපිරි තරු’ බිහිකරන රියැලිටි වැඩසටහන්වලට දායක වෙන්නට ඔබට ආරාධනා ලැබුණේ නැත් ද?
මම මීට පෙර ‘සිරස’ රූපවාහිනිය ඔස්සේ ඉදිරිපත් කරපු ‘සිරස ඩාන්සින් ස්ටාර්ස්’ වැඩසටහනට සහභාගි වුණා. නමුත් ඒ වැඩසටහන ගැන මට යම් කල කිරීමක් ඇතිවුණා. ඒ තුළ විනිවිද භාවයක් මම දුටුවෙ නැහැ. ඒ තුළ කිසිම රියැලිටි බවක් මම දැක්කෙ නැහැ. ඒ හින්ද පසු කාලෙක විවිධ රූපවාහිනි නාලිකා හරහා විවිධ ගායන හා නර්තන වැඩසටහන්වලට සහභාගිවෙන්න කියලා මට ආරාධනා ලැබුණත් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කරන්නට මට සිදුවුණා.
ඔබේ සිනමා අත්දැකීම් පිළිබඳව කතාකළොත්?
මෙහෙමයි. මේ වෙනකොට ‘රෝස කැලේ’, ‘එකමත් එක රටෙක’ කියන චිත්‍රපට දෙකට මම දායක වෙලා තිබෙනවා. ඊට අමතරව ‘වියපත් බඹරා’ කියන චිත්‍රපටයටත් දායක වෙන්න ලැබුණා. සමහරක් චිත්‍රපටවලට මට ආරාධනා ලැබුණත් ආර්ථික සහ නිර්මාණාත්මක අතින් සතුටු වෙන්න බැරි නිසා ඒවා මට අත්හැර දමන්න සිදුවුණා.
ඔබ පසුගිය දිනෙක විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ ගැනත් කතාබහ කරමු.
මම විවාහ වුණේ පණ්ඩුක දයානන්ද සමඟ. ඔහු ජනප්‍රිය කැමරා ශිල්පි කීර්ති දයානන්ද මහත්මයාගේ පුතණුවන්. පණ්ඩුක ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරනවා. අපි විවාහ වුණේ ආදර සම්බන්ධතාවයකින්. ඇත්තටම අපේ මංගල උත්සවය ලස්සනට සිදු කරන්නට අපි දෙන්නගෙම හිත් තුළ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. එය ඒ අයුරින් ම ඉෂ්ට කර ගන්නට අපට හැකි වුණා. ඉතා හොඳ විවාහ ජීවිතයක් ගත කරන්නට අපි දෙදෙනාම බලාපොරොත්තු වෙනවා.
ඔබේ පෞද්ගලික ජීවිතයට වගේ ම කලා ජීවිතයට පණ්ඩුක ගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක් ද?
පණ්ඩුකගෙන් විවාහ වන්නට පෙර සිටම මට ලැබුණු සහයෝගය අතිවිශාලයි. පණ්ඩුකගෙන් වගේ ම පණ්ඩුකගේ පියා ගෙනුත් නිතරම අවවාද උපදෙස් අරගෙන තමයි මම කලා කටයුතුවල නිරත වෙන්නේ.
ඔබේ කැදැල්ලට තුන් වැන්නෙක් එක්කර ගැනීමේ බලාපොරොත්තුවක් තවම නැද්ද?
ඇත්තටම එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. ඒත් තවම ඒ ලකුණු නම් නැහැ.
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද? අපි ඒ ගැනත් කතා කරමු.
අපි පටන් ගත්ත විවාහ ජීවිතේ බාධාවකින් තොරව ගෙන යන්නත් මගේ කලා කටයුතු, ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.
තුෂාරි වික්‍රමසිංහ
කොහොම නමුත් මෙදා පාර
මේ ගැරඬි කතාවත් එක්‌ක සම්බන්ධ
වෙන්නේ මෙවර සුමති ටෙලි සම්මාන
ප්‍රදානයේදී ජනප්‍රියම නිළිය ලෙසින්
අභිෂේක ලද නෙහාරා. වංගු නොදමා මේ
කතාවේ ඇත්ත නැත්ත අපි නෙහාරා
ගෙන් කෙළින් ඇහුවා.
| | |
මෙච්චර දේවල් පේන්න තියෙද්දි මොකද නෙහාරා හැමදාම ගැරඬි හීනෙන් පේනව කියන්නෙ?
අනේ.. හැමදාම නම් පේන්නෙ නෑ.
එහෙනම් කෙම්මුර දවස්‌වලටද?
එහෙම නෙමෙයි. ගැරඬියෙක් දැක්‌කොත් ඌ හීනෙනුත් පෙනෙනවා.
එච්චරටම ගැරඬින්ට කැමතිද? මොකද එක පාරක් දැක්‌ක ගමන් හීනෙනුත් පෙනෙන්නෙ තමන් ආසා කරන දේවල් නෙ?
ආසා කරන නිසා නෙවෙයි. මම ඔය බිම දිගේ ඇදිල යන සතුන්ට ලොකු බයක් තියනව. ඒ වගේ සතෙක් දැක්‌කොත් මට නින්ද යනකොට නිකං මගෙ ළඟ ඌ ඉන්නව වගේ පෙනෙනව. බාත්රූම් එකට ගියත්, තනියම කාමරයකට ගියත් සතෙක් ඉන්නව වගේ දැනෙනවා. ටික දවසක් යනකන් ඒ බය ඇරෙන්නෙ නෑ.
නෙහාරා එහෙම කියනකොටත් මුහුණෙන් පෙනුනෙ හරියට ඩයිනොසිරස් යුගයේ සතෙකුට බයවෙල වගෙ පෙනුමක්. ඒ නිසා ඒ කතාවෙ ඉතිරි හරිය සම්පූර්ණ කළේ නෙහාරගෙ ආදරණීය මව.
මෙයා පුංචි කාලේ ඉඳලමයි ඔය බය තියෙන්නෙ. ඒකට හේතුවක් තියෙනව. පුංචි කාලෙ මෙයාගෙ ඩැඩයි එයාගෙ යාළුවෙකුයි ඉඳගෙන ඉන්නකොට නෙහාරා එතනට ගිහින්. ඒ යනකොටම වහළයේ ඉඳපු ගැරඬියෙක් අර යාළුවගෙ කරට වැටිල තියනව. හරියට මාලයක් දැම්ම වගෙ. ඕක තමයි මෙයාගෙ හිතේ තියෙන්නෙ.
නෙහාරා වැඩියෙන්ම කැමැති කුකී කියල කතා කරනවටද නෙහාරා කියනවටද?
කොහෙන්ද ඔය නම හොයාගත්තෙ. මගේ පවුලෙ ළඟම හිතවත් අය තමයි කුකී කියල කතා කරන්නෙ.
ඔය නම තිබ්බෙ කවුද?
මගේ බාප්පි තමයි ඔය නම දාල තියෙන්නෙ. පුංචි කාලේ මම හරිම චබීලු. රවුම් මූණ නිකං කුකී බනිස් එකක් වගේලු. ඒ නිසා ආදරයට තමයි "කුකී" කියල දාල තියෙන්නෙ.
ආදරේ වැඩි වුණාම මිනිස්‌සුන්ව හපන්නෙ මොකද?
මිනිස්‌සුන්ව හපනවා... නෑ නෑ... ඒක ලොකු වැරදීමක්. ඔයාට වැරදි තොරතුරක් දීල තියෙන්නෙ.
හොඳට මතක් කරන්න. බබෙකුගෙ මූණට කිස් එකක් දෙන්න කීවාම හැපුවෙ නැද්ද?
ආ... ඒක පුංචි කාලෙ දෙයක්‌නෙ. මම බය උණ තරමක්. එතකොට මට අවුරුදු දෙකක් විතර ඇතිලු. පවුලේ වැඩිමලා වගේම අපේ පවුලට ලැබුණ පළවෙනි මිනිපිරියත් මමනෙ. ඉතිං හැමෝගෙම ආදරේ මට ලැබුණා. දවසක් අම්මි වෙන බබෙක් වඩාගෙන මට කියල තියෙනව එයාට කිස් එකක් දෙන්න කියල. මට තරහ ගිය පාර අර බබාගෙ මූණ හැපුවලු.
පුංචි කාලේ වගේම දැනුත් තරහ යනවද?
දැනුත් තරහ යන අවස්‌ථා තියෙනව. ඒත් ඕන දේට විතරයි.
ජීවිතේ ලස්‌සනයි ෂූටිං කරනකොට ඔබව ගඟට උස්‌සල දාන දර්ශනයක් තිබුණද?
එහෙම සීන් එකක් තිබුණෙ නෑ. ඒත් හැමෝම එකතුවෙලා මට ඊළඟට කරන්න තියෙන්නෙ ඒ සීන් එක කියල මාව බය කළා. ඒක මගේ දෙවැනි නාට්‍යය නෙ. මට ලොකු අත්දැකීම් තිබුණෙ නෑ. නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ රවීන්ද්‍ර අයියත් කිව්ව ඊළඟට නෙහාරව ගඟට වීසි කරන සීන් එක තියෙන්නෙ නාන්න ලෑස්‌ති වෙලා ඉන්න කියල. ජගත් අයියත් (ජගත් චමිල) මාව ගඟට දාන්න වගේ ලෑස්‌ති වුණා. නමුත් පස්‌සෙයි ඒක බයිට් එකක් කියල තේරුනෙ.
නිතරම ඔය "ස්‌වීටි" කියන වචනය කියන්නෙ ඇයි?
හස්‌නා කියන මගේ ළඟම මිතුරියක් නිසා. පාසල් යන කාලේ මම එයාගෙ ළඟින්මයි හිටියෙ. එයාගෙ කටේම තියෙන්නෙ. ඔය "ස්‌වීටි" කියන වචනය. ඒක මටත් නොදැනිම මට හුරු වුණා. අදටත් මම ඒක පාවිච්චි කරනවා.
ඔය වචනය වගේම නෙහාරා අතින් උයන කෑමත් හරිම "ස්‌වීට්" කියන්නෙ ඇත්තද?
අනේ ඔව්. මට රසට උයන්න පුළුවන්. බොරු නම් අම්මිගෙන් අහන්න. මම හදන චිකන් කරි එකටයි සැමන් බැදුමටයි ගෙදර අය හුඟක් කැමැතියි. ඒ වගේම මගෙත් එක්‌ක රසට රොටි හදන්න ගෙදර කාටවත් බෑ.
ඔබ මේ වසරේ ජනප්‍රියතම නිළිය (ටෙලිනාට්‍ය) නිසා මේ දවස්‌වල හොඳ ප්‍රතිචාර ලැබෙනව ඇති.
ඇත්තටම ඔව්. මට ගොඩක් අය හරි ආදරෙයි. විශේෂයෙන් කාන්තා පක්‍ෂය. මට මුණගැහුන එක ආන්ටි කෙනෙක් කීවා "මුතුකිරිල්ලි" එකේ මම අඬනව තිබිච්ච හැම සීන් එකකදිම එයත් ඇඬුවලු.
රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් වඩාත්ම සංවේදී මතකය මොකක්‌ද?
මට ලැබුණු ලිපියක් නිසා බොහොම සංවේදී වූ අවස්‌ථාවක් තියෙනව. හමුදාවෙ අයිය කෙනෙක් මට එවපු ලියුමක මෙහෙම ලියල තිබුණා. "නෙහාරා මේකට මට පිළිතුරක් ලියන්න එපා. ඔයා පිළිතුරක් එවනකොට මම ජීවතුන් අතර ඉඳියිද දන්නෑ" කියල. ඒක අදටත් මට හරිම සංවේදී මතකයක්.
ඔබේ මේ කලා කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
නෙහාන් මගෙ මල්ලි, අම්මි, ඩැඩී වගේම මගේ සැමියගෙන් ලැබෙන සහයෝගය නිසයි මේ හැම දෙයක්‌ම ගැටලුවකින් තොරව සාර්ථකව කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. විශේෂයෙන් මගේ සැමියා මටත් වඩා හොඳට මාව තේරුම් අරන් තියෙනවා.
Get our all latest update from our facebook page, Its free and speedy