


News, Gossip & Headlines in Sri Lanka. Sinhala & English news in sri lanka. gossipnews, gossip lanka, breaking news today, sinhala gossip, gossip lanka sinhala, lanka hot news, c news, e gossip
| |
තවමත් බොහෝ යුවතියන්ගේ සිහින කුමරා ඔහු ය. ලැබූ ජනප්‍රියත්වයේ කියන්න බැරි තරමේ අඩුවක් ද නැත. ගායන විලාසයත්a, විලාසිතාවල ගැළපීමත්, කලින් කලට වෙනස් කරන කොණ්‌ඩ මෝස්‌තරත් ඔහු තුළ රැඳි ආකර්ශනය වැඩි කරගන්නට සමත් වෙනවා ඇත. ඔහු වෙන කවුරුත් නොව සිරස සුපර් ස්‌ටාර්ස් පළමු අදියර හරහා අතිශයින් ම ජනප්‍රියත්වයට පත් වූ ශිහාන් මිහිරංග යි.
කොහොමද ශිහාන්... කාලෙකට පස්‌සෙයි අපට හමුවුණේ ඔබ,
හොඳයි.. මාස හතරක් පහක් විතර මම මාධ්‍යයෙන් ටිකක් ඈත්වෙලා හිටියා. ඊට පස්‌සේ ඩුබායි, ජෝර්දාන්වල ප්‍රසංග කිහිපයක් තිබුණා. ඒ නිසා ලංකාවේ හිටියේ නැහැ. මේ දවස්‌වල මම වැඩියෙන්ම කරන්නේ මගේ තුන්වෙනි ගීත ඇල්බමයේ වැඩ. ඒ නිසා ස්‌ටුඩියෝවෙන් පිටතට යන්නේ නැති තරම්.
අලුත් ඇල්බම් එකේ වැඩ ඉවරද?
ඔව්.. සියයට අනූ පහක් විතර ඉවරයි. තව පොඩි වැඩ වගයක් ඉවර කරගන්න තියෙනවා. මගේ පළමු ගීත ඇල්බමය "ඩි්‍රම්ස් ඔෆ් ශිහාන්" දෙවන ඇල්බමය "ඩි්‍රම්ස් II මයි ලයිෆ්" අලුත්ම ඇල්බමය "එරස්"
ඇයි "එරස්" කියන නම යෙදුවේ..
මම සාමාන්‍යයෙන් මගේ ඇල්බම් එකකට නම දාන්නේ ඒ කාලය තුළ මගේ ජීවිතය තුළට එකතු වූ අත්දැකීම් එක්‌ක. ඒ අත්දැකීම්වල එකතුවත් සමගයි මම, මගේ ගීත හදන්නේ.
මොකද මගේ පළමු ඇල්බමයේ ගීත හැදුවේ මම 10 වසරේ ඉගෙන ගන්න කාලේ. එතකොට මගේ සිහිනය වෙලා තිබුණේ ඇල්බම් එකක් කරන්න. මම සුපර් ස්‌ටාර් හරහා සංගීත ක්‍ෂේත්‍රයට ආවාම ඒ සියල්ල එකතු කරගෙන "ඩි්‍රම්ස් ඔෆ් ශිහාන්", ශිහාන්ගේ සිහින නමින් මුල් ගීත ඇල්බමය කළේ.
දෙවැන්න කළේ සුපර් සුටාර් වලින් ජනතාව මාව දැනගෙන අවුරුදු දෙකක් විතර ඒ මාවතේ ආවට පස්‌සේ. ඒ වෙනකොට සංගීත කියන්නේ මගේ ජීවිතය වෙලා තිබුණා. ඒ හේතුව නිසා තමයි මම "ඩි්‍රම්ස් II මයි ලයිෆ්" ලෙස දෙවන ඇල්බමය නිර්මාණය කළේ.
මීට අවුරුදු 2 ක් ඇතුළත කාලයේ මම ගොඩක් හැල හැප්පිලිවලට මැදි වුණා. ඇතැම් කොටසකගේ කූට දේවල්වලට අහුවුණා. ප්‍රශ්න ගොඩක් මැද සමහර වෙලාවට ලොකු තරහකින්, සමහර වෙලාවට ලොකු වේදනාවකින් සිංදු හදපු වෙලාවල් තිබුණා. පෞද්ගලිකවම මම හිතන්න ගත්තා සංගීතය තුළදී ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒ පරිච්ඡේදය මට වැරදි වෙච්ච කාලය සලකලා එතනදී මා අතින් නිර්මාණය වූ සිංදු ගැන සලකලා මම අලුත් ගීත ඇල්බමය "එරස්" නමින් නම් කළා. මේ බව ගීත රසවිඳීමේදී මගේ රසික රසිකාවියන්ට අත්විදින්න පුළුවන් වේවි. වෙනසක් දැනේවි.
කවදාද අපට "එරස්" අහන්න ලැබෙන්නේ.
තව මාස දෙකකින් විතර.
ඇල්බමයත් සමග ප්‍රසංග පවත්වන්න බලාපොරොත්තුවක් තියෙනවද?
ඔව්. ඇල්බම් එකේ තේමාවත් එක්‌ක මම සාමාන්‍යයෙන් ප්‍රසංග පවත්වනවානේ. "එරස්" එක්‌කත් ප්‍රසංග මාලාවක් කරන්න හිතාගෙන ඉන්නවා. ඇල්බම් එකත් එක්‌ක මගේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමක්‌ද වෙනවා.
දැන්වීම්වලට අලුතෙන් එකතු වුණේ නැද්ද?
අවසානයට මම බාරගෙන කළේ මංචි රෝලෝ වෙළදනාමය. මම අවුරුදු කිහිපයකට ඒ වෙළදනාමය ප්‍රවර්ධනය සඳහා ගිවිසුම් අත්සන් කරලා තිබුණත් මීට මාස අටකට විතර කලින් මම එයින් ඉවත් වුණා. සාමාන්‍යයෙන් මගේ පෞද්ගලික නීති කිහිපයක් මම හදාගෙන තියෙනවා. ඊට පිට මම වැඩ කරන්නේ නැහැ. ඊට එහා නීතිරීති දාන තැන්වලදී මම මොනතරම් මුදල් ලැබුණත් ඉල්ලා අස්‌වෙනවා. ඒක මගේ පෞද්ගලික තීරණයක්. අද වෙනත් දෙන්නෙක් ඒ වෙළඳනාමය ප්‍රවර්ධනය සඳහා වැඩ කරනවා. ඔවුන්ට කාර්යබාරය පවරලා මම ඉවත් වුණා. ඉදිරියේදී තවත් වෙළදනාම තුනක විතර ප්‍රවර්ධන තානාපති ලෙස කටයුතු කරන්න ආරාධනා ලැබිලා තියෙනවා. රටේ තියෙන මේ වාතාවරණය ටිකක් හොඳ අතට හැරුණාම අපි ඒ වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා.
ශිහාන් මේ වෙනකොට ව්‍යාපාරික කටයුතුවලටත් සම්බන්ධවෙලා කියලා ආරංචියක් තියෙනවා.
ව්‍යාපාරයක් කරන්න ලොකු වුවමනාවක් නම් තියෙනවා. මගේ මාමා, තවත් ඔහුගේ හිතවතුන් දෙදෙනෙක් සමග එකතුවෙලා පටන් ගන්න සූදානම් වුණ ව්‍යාපාරයටම මමත් එකතු වුණා. ඒක රෙස්‌ටොරන්ස් එකක්. නමුත් මම මීට ටික දවසකට පෙර එයින් ඉවත් වුණා. මොකද ඒකට හේතු කිහිපයක් බලපෑවා. මගේ මියුසික් එක්‌ක ඒ වගේ නිතරම ඇහැ ගහගෙන ඉන්න ඕන ව්‍යාපාරික කටයුත්තක නියෑලෙන්න අමාරු නිසා. මොකද ලාභය ගන්න විතරක් මම එතනට යාම අනෙක් තුන්දෙනාටම මම කරන අසාධාරණයක් නිසා.
නමුත් ව්‍යාපාරයක් කරන්න ඕන මතේ මම ඉන්නවා. නැත්නම් ලංකාව වගේ රටක සංගීතයෙන් පමණක්‌ම ජීවත් වෙන්න අමාරුයි. අපට හොඳ නිෂ්පාදනයක් සංගීතය පැත්තෙන් එළියට දාන්නත් ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ නිසා මුදල් ඕන.... මම දැනටත් වැවිලි සම්බන්ධ මම ගොඩක් කැමති ව්‍යාපාරික කටයුත්තක් කරගෙන යනවා.
වැඩියෙන්ම ඉන්නේ කොහේද?
මේ දවස්‌වල වැඩියෙන්ම වැලිවේරියෙත් ඉන්නවා. මොකද මම මේ දවස්‌වල වැඩියෙන්ම ඉන්නේ හලාවත මේරියන්ස් ස්‌ටුඩියෝ එකේ නිසා. අලුත් ඇල්බමයේ වැඩ නිසා. වැඩත් තියෙන දවසට විතරක් කොළඹට එනවා.
ගෙදර අය ගැනත් කියමු.
තාත්තා ළඟදී ඇවිල්ලා ආපහු රට ගියා. අම්මා සැපෙන් සනීපයෙන් ගෙදර ඉන්නවා. අක්‌කා කැම්පස් ගිහින් ඉවරයි. රැකියාවක් කරනවා. ළඟදී එයා විවාහවෙන්න යනවා.
තවමත් ගැහැනු ළමයි ආදරය ඉල්ලගෙන ලියුම්, SMS, කෝල්ස් වලින් ආරාධනා එවනවද?
තවමත් ඒකේ අඩුවක් නැහැ. එදා වගේමයි.
එදා වගේම තවමත් නොවත්වා ෆොන් එක රිං වෙනවා. SMS එනවා. ලියුම් ගෙදරට එනවා. ඒ ගැන මම ගොඩක් සතුටුවෙනවා. යම් දවසක උදේ ඉඳලා මගේ ෆොaන් එක රිං වේවි තිබුනේ නැත්නම්, මගේ රසික රසිකාවියන්ගෙන් SMS ආවේ නැත්නම්, ලියුම් ගෙදරට ආවේ නැත්නම් මට හිතාගන්න වෙන්නේ ඔවුන් මටත්, මගේ සංගීතයටත් කැමති නැහැ කියන ඇත්ත තත්ත්වය. එහෙම දවසක ශිහාන් මිහිරංග මියුසික් කරන එක නවත්වනවා.
ආදරය කරන විශේෂ කෙනෙක් නැද්ද?
පෙම්වතියන් ඉන්නවා. මෙහෙමයි මගේ හිතේ විශේෂ අය ඉන්නවා. නමුත් ඒක හරියට කියන්න බැහැ. මොකද හේතුව මම ඒ ළමයාගේ නම කියලා යම් විදිහකින් ඒ ළමයා මට බාර ගන්න බැරුව ගියොත් ඒ ළමයා අසරණ වෙනවානේ. එහෙම වුණත් ඒ ළමයාට සමාජයෙන් ප්‍රශ්න ඇතිවෙනවානේ. ඒ නිසා ඒ නම හරියටම කියන්න වගකීමක් මට තියෙන දවසට හරියටම මම ඒ කවුද කියලා අනිවාර්යයෙන්ම කියනවා.
ශිහාන් මිහිරංග කියන තරුණ ගායකයා හරහා කොණ්‌ඩ විලාසිතාවන්ට අපූරු තැනක් ලැබෙනවා. මොකක්‌ද මේ ඇති කරලා තියෙන වෙනස...
මම පිළිගන්න දෙයක් තමයි තනි පුද්ගලයෙක්‌ව හැමදාම එකවිදිහට බලන්න බැහැ කියන තත්ත්වය. ජනප්‍රිය පුද්ගලයෙක් වුණාම මේ තත්ත්වය ගොඩක් බලපානවා කියලා මම හිතනවා. ශිහාන් මිහිරංග එකම විදිහට ඉඳගෙන ගීත කියනවට මම හිතන්නේ නැහැ කවුරුවත් කැමති ඇති කියලා. කෑමක් වුණත් එහෙමනේ. කලාකාරයෙක් කියන්නේ තවත් කෙනෙක් පිනවන්නෙක්. ඔහු තුළින් වින්දනයක් ලබන්නයි ඔහුගේ ෂෝ එකකට ජනතාව එන්නේ. ඒ නිසා ඔහු කාලෙන් කාලෙට ගැළපෙන විදියට වෙනස් වෙන්න ඕන කියන තැන මම ඉන්නවා. සමහර වෙලාවට තමන් අකමැති දේ කරන්න වෙනවා. රසිකයාගේ කැමැත්ත වෙනුවෙන්. මම කරන හැමදෙයකින්ම සියයට සියයක් රසිකයන් කැමති වෙන්නේ නැහැ. සමහර වෙලාවට ටික කාලයක් තුළ කැමති දෙයකට තවත් කාලයකදී අකමැති වෙන්නත් පුළුවනි. ඒ නිසා මට අලුත් අලුත් විදියට එන්න කැමතියි. මට වෙනත් විලාසිතා කලත් ගොඩ දෙනෙත් මාගේ කතා කරන්නේ කොණ්‌ඩ විලාසිතා ගැන. ඒක මං බිහි කරපු එකක් මම අවුරුද්දකට සැරයක් කොණ්‌ඩ විලාසිතා වෙනස් කරනවා. මගේ අම්මි, තාත්තා, අක්‌කිවත් මේවාට මොනවත් කියන්නේ නැහැ.
මොනවද ශිහාන්ගේ රසිකා රසිකාවියන්ට කියන්නේ
එයාලා නිසා තමයි අපි මේ තැන ඉන්නේ. ඔවුන්ගේ ආදරය හැමදාම තියාගන්න හොඳ නිර්මාණ කරන්නයි මම කාලය ගන්නේ. දෙවන ඇල්බමයෙන් අවුරුදු දෙකකට පස්‌සෙයි තුන්වෙනි ඇල්බමය මම කරන්නේ. හොඳ දෙයක් ඔවුන්ට දෙන්න ඕන නිසා. තුන්වෙනි ඇල්බමයත් අහලා අදහස් ඉදිරිපත් කරන්න ඉදිරිගමන සඳහා.
නො. 132/25 හේනේගම පාර වැලිවේරිය
සාකච්ඡා කළා
හරින්දි ලියනගේ
February 21, 2010
අප ඈ හඳුන්වන්නේ සිංහල සිනමාවේ වාසනාවන්තම නිළිය ලෙසිනි.
ඒ ගීතා සමන්මලී කුමාරසිංහ බව නොදන්නා කිසිවකුත් නැත.
පසුගිය කාලයේ ඈ අපේ සිනමාවෙන් මඳක් දුරස්ව සිටිය ද, ඈ පිළිබඳ සොඳුරු මතකයන් ප්‍රේක්ෂක මනසෙන් බැහැරව ගොස් නොතිබිණ. ඒ සිනමා නිළියක ලෙසින් ඈ ගොඩ නගා ගත් ආකර්ෂණීය ප්‍රතිරූපය සැමදාමත් විරාජමාන වූ නිසාය.
ඉකුත් ජනාධිපති මැතිවරණ සටනේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට සහාය පළ කළ කලාකරුවන් අතර ගීතා ද පෙරමුණේම සිටි බව කිසිවකුට රහසක් නොවේ. ඈ එසමයෙහි දේශපාලන පොර පිටිය උණුසුම් කළ අපූර්ව, පෙරළිකාර චරිතයක් වූවාය.
අද අප මේ කතාබහ කරන්නට සැරසෙන්නේ ඒ දේශපාලන ප්‍රවණතාවේ ඇගේ අලුත්ම භූමිකාව පිළිබඳය.
‘දකුණෙන් අපේ ගීතා ගාලු දිසාවට සත්තකින්ම ඔබ වෙනුවෙන්’.
පොදු ජන වරම පතමින් මෙවර මහ වැතිවරණයට ඈ ඉදිරිපත්ව සිටින්නේ ඒ ආදර්ශ පාඨය සමඟිනි. එය අපේ දේශපාලන පොර පිටියේ තවත් එක් හුදු සටන් පාඨයක් නොවනා වග නම් මට විශ්වාසය.
මුලින්ම කියන්න ඇයි ඔබ මේ වගේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්න තීරණය කළේ?
මටම ආවේනික වෙච්ච දේශපාලනයක් හැමදාම මගේ ජීවිතය පුරාම තිබුණා. මම හිතනවා මම කිසියම් දේශපාලනයක් කළා කියලා. මගේ චරිත ස්වභාවයේම ඒ දේ තිබුණා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මම නිතරම අසාධාරණයට එරෙහිව සටන් කළා. සමහර විට මම එවැනි දේ නොකළා නම් මීට වඩා චිත්‍රපට රැසක රඟපාන්න මට අවස්ථාව ලැබෙන්න තිබුණා. මම හිතන්නේ දේශපාලනය කියන්නේ අපි අනෙකා කෙරෙහි මනුෂ්‍යත්වයකින් සිතීම. ඒ මනුෂ්‍යත්වයෙන් සිතීමේ ගුණය මා තුළ මුල සිටම තිබුණ දෙයක්.
සිනමා නිළියක වෙන්නටත් පෙර සිටම?
මගේ ගෙදරදිත් තිබුණා. මම කිසි දවසක ජාති, කුල, ආගම් බේද තුට්ටුවකටත් ගණන් ගත්තේ නැති කෙනෙක්. මුළු මනුෂ්‍යය වර්ගයාම එකම ජාතියකට, කුලයකට අයත් පිරිසක් කියන තැනයි මම හිටියේ. මගේ ගෙදර අය විතරක් නෙවේ ගමේ උදවිය පවා ඒ ගැන දන්නවා. යන්තම් අවුරුදු දාහත වෙද්දී මම සිනමාවට ආවා. සිනමාවේ මම මේ තරම් දුරක් ආවේ මගේ දක්ෂතාවය නිසාමයි කියලා මම දන්නවා. සත්තකින්ම කලාවට මගේ තිබුණ දක්ෂතාවය, කැපවීම නිසයි මේ තැනට මට එන්න පුළුවන් වුණේ.
සිනමාවේ ඔබ සොඳුරු රුවත්තියක් වගේම පෙරළිකාර චරිතයක්?
සිනමා දිවියේ මගේ යම් යම් රැඩිකල් වැඩ තිබුණා. ආ(ර්)ට් ඩිරෙක්ටර්ට ගෙව්වේ නැතිනම් මම ඔහු වෙනුවෙන් නිෂ්පාදකත් එක්ක කතාවට යනවා, ඇයි එයට එහෙම කළේ කියලා. කෑම හොඳ නැතිනම් අනෙක් අය මට කියනවා ගීතා ඔයා ගිහින් කියන්න කියලා. මෝඩකමට කරපු දේවල් නෙවේ. අනෙක් අය වෙනුවෙන් මම නායකත්වය අරගෙන කටයුතු කළ වෙලාවල් අනන්තවත් තියෙනවා. මට දැක්මක් තිබුණා. ඒ දැක්මේදී හැම වෙලේම මම හිතුවේ මෙන්න මේ දේ හරියි කියලා. හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම තමයි මගේ පළමුවැනි ව්‍යායාමය වුණේ. එහෙම ඉඳලා සම්පූර්ණයෙන් තෘප්තිමත් වෙන්න පුළුවන් සිනමා ගමනක් තමයි මම ආවේ.
ඔබ සාර්ථකත්වය හා ජනප්‍රියත්වය එක ලෙස රැක ගත් නිළියක් බව බොහෝ දෙනාගේ මතයයි?
දක්ෂකම නිසාම ජනප්‍රියත්වය ලබලා ඒ දක්ෂතාවන් නිසා ඇගයීමට ලක් වුණා. විචාරක - ප්‍රේක්ෂක ආදරය එක විදිහට දිනා ගත්තා. ඒ නිසා සිනමාවේ මට තවත් ලබා ගත යුතුª දෙයක් තියෙනවාද කියන ප්‍රශ්නය මගෙන්ම අහන්න ඕනෑ. ඊට පස්සේ මම තීරණය කළා හොඳම චිත්‍රපටවල විතරක් රඟපාන්න. ගිය වසරේ ඉඳන් මේ වෙන කොට මට චිත්‍රපට දහයකට ආරාධනා ලැබුණා. ඒ දහයම මම ප්‍රතික්ෂේප කළා.
ඇයි ඒ?
ඒ මගේ ලොකුකමකටවත්, ආඩම්බරයකටවත් නෙවේ. මානසික තෘප්තියක් ඒ තුළින් මට නොලැබෙන බව පෙනුන නිසා. සත්‍යාදේවි ගත්තත්, පාලම යට ඩොටී ගත්තත්, ලොකුªදුව, රන්දිය දහර, රාජ්‍ය සේවය පිණිසයි වැනි චිත්‍රපටවල චරිත ගත්තත් හැම වෙලේම මම කතා කළේ අසාධාරණයට ලක් වූ වනිතා චරිතයක් ගැන. මගේ රංගනය තුළින් මම කළේ ඒ අසාධාරණකම් ලොවට හෙළි කිරීම.
දේශපාලනය ගැන ඔබට මුලින්ම හැඟීමක් ඇති වුණේ කොහොමද?
ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මල්ලී සීවලී රත්වත්තේ සහ ඒ මැතිණිය මට මගේ දෙමවුපියො වගේ. මං රඟපෑ දෙවැනි චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වුණේ රත්වත්තේ මැතිණිය. ඈ මට තමන්ගේම දියණියකට වගේ ආදරය කළා. පසුව උපාලි විජේවර්ධන මහතා සමඟ විවාහ වුණේ ඔවුන්ගේ දියණිය ලක්මිණි. ඇයත් මගේම වයසේ රූමත් තරුණියක්. මාවත් දරුවෙක් වගේ ඔය ගෙදර තියා ගත්තා. එතකොට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තමයි මේ රටේ අග්‍රාමාත්‍යවරිය. එතුමිය වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක නිතර ඒ නිවසට එනවා. නොයෙක් දේශපාලන සාකච්ඡා පැවැත්වෙනවා. එවැනි දේශපාලන පසුබිමක් තමයි ඒ ගෙදර තිබුණේ. මගේ් තරුණ විය ගෙවුණේ එවැනි පරිසරයක.
ඔබේ පවුලේ දේශපාලන නැඹුරුවක් තිබුණේ නැද්ද?
මගේ පියා පුවත්පත් කලාවේදියෙක් සහ ගුරුවරයෙක් හැටියට කටයුතු කළ කෙනෙක්. ඔහුට වාමාංශික දේශපාලන නැඹුරුවක් තිබුණා. මගේ සීයා ඕදිරිස් රාලහාමි, බෙන්තර ඇල්පිටියේ බෙන්තර පහල ගම් හයේ ගම් සභාවේ ගම් සභාපති ධුරය ඉසිලූ කෙනෙක්. විදාන ආරච්චි, වෙද ආරච්චි අපේ පවුලේ කට්ටිය හිටියා ඒ වගේ. ගම් සභාපති ධූරයට තාත්තාගේ අයියා කෙනෙක් පත්වුණා. ඊට පස්සේ තාත්තගේ මල්ලී කෙනෙක් පත් වුණා ප්‍රාදේශීය සභා පළාත් සභාවලට මෑත කාලයේදී. ඒ වගේ කුමාරසිංහ පවුල බෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේ දේශපාලන ව්‍යුහයක් තිබුණ පවුලක්.
මා දන්නා තරමින් සහෝදර නළු විජය කුමාරතුංගයන්ගේ ඇසුරත් යම් තරමකින් හෝ බලපෑවා ඔබේ දේශපාලන සිතැඟියාවන්ට?
එක් කාලයක් චිත්‍රපට රැසක ප්‍රධාන චරිත රඟපෑවේ විජයයි – මමයි. අපි හැම වෙලේම එකට කාරෙකේ යන්නේ. සමීප ඇසුරක් මගේත් ඔහුගෙත් තිබුණා. හැම වෙලේම ඔහු හමු වෙන්න එන්නේ් දේශපාලනය වටා රොක් වෙච්ච අය. අනිවාර්යයෙන්ම ඒ කතාවලට සවන් දෙන්න, ඒවාට සහභාගී වෙන්න මටත් සිද්ධ වෙනවා. නිකං ඉන්න වෙලාවල ඔවුන් කතා කළේ දේශපාලනය ගැන. අපි මීටින්ස් බලන්න යනවා. මම හිතන්නේ මගේ භද්‍ර යෞවනයේ දී දේශපාලන හැඟීම් වඩාත් උද්දීපනය වෙන්න ඇත්තේ ඒ අවධියේ. නමුත් විජයගේ වියෝවත් එක්ක දේශපාලනය කියන්නේ මහ භයානක දෙයක් කියන එක ඔළුවට ආවා.
ඉන් පස්සේ දේශපාලනය ගැන කලකිරුණා?
කලකිරීමක් නෙවේ. ඇයි මේ අහිංසකයව මරල දැම්මේ කියන සංවේගය සිතට දැනුණා. ඒ කම්පාව අදටත් මගේ සිතට දැනෙනවා. ඊට පස්සේ චන්ද්‍රිකා නෝනා දේශපාලනයට ආවා. අපි ඇයටත් සහයෝගය දැක්වූවා. නමුත් කියන්න කනගාටුයි, අපි එතුමියගෙන් වඩාත්ම බලාපොරෙත්තුවෙන් සිටි සාමය මේ රටට උදා කර දෙන්න ඇයට බැරි වුණා. විශේෂයෙන්ම ඇයට ළෙන්ගතුකමක් අපේ හිතේ තිබුණා විජය කුමාරතුංගයන් හරහා. ඒ නිසා අපි ඇයට වැඩ කළා. නමුත් අපි බලාපොරොත්තු වුණ කිසි දෙයක් ඈ ඉෂ්ට කළේ නැහැ. අන්න එතනදී නම් දේශපාලනය ගැන කලකිරීමක් ඇති වුණා.
නමුත් අද වෙන කොට ඔබ බොහෝ උද්යෝගයෙන් දේශපාලනය කරන කෙනෙක්. මම හිතන්නේ වර්තමානයේ අප අත් විඳීන නව දේශපාලන සංස්කෘතිය නිසයි ඒ පිබිදීීම ඇතිව තිබෙන්නේ?
ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව බොහෝ කලක ඉඳන් අප දන්නවා. එතුමා හමුවී තිබෙනවා. එතුමාත් සමඟ කතාබහ කර තිබෙනවා. තරුණ දේශපාලනඥයෙක් හැටියට 1970 දී එතුමා බෙලිඅත්ත ආසනයෙන් පාර්ලිමේන්තුවට එද්දී එතුමා වටා ජනතා බලවේගයන් පෙළ ගැසී තිබුණා.
එතුමා කම්කරු ඇමතිවරයාව සිටින කාලේ කම්කරු ජනතාවගේ් සුබ සිද්ධිය තකා විශාල වැඩ කොටසක් කළා. අපේ ඇඟලුම් කම්හලක සේවිකාවන්ගේ ප්‍රශ්නයක් වෙනුවෙන් එතුමා මැදිහත් වුණා. මෙවර මැතිවරණයේදී මම ඒ සේවක පිරිසට ඒ ගැන මතක් කළා.
එතුමා තමයි ඔයාලා ගේ ඉල්ලීම් දිනා දෙන්න මැදිහත් වුණේ කියලා. ඒ වගේ මානුෂික ගුණාංග ඔහු ළඟ තිබුණා. ඒක ලෙහෙසියෙන් අපේ දේශපාලන නායකයන් තුළ ඇති වන ගුණයක් නෙවේ. එතුමා මිනිසුන්ට ඇහුම්කන් දෙන, කලාකරුවන්ට සලකන කෙනෙක්. ඒ නිසා මම තීරණය කළා 2005 ජනාධිපතිවරණයේදී එතුමාට සම්පූර්ණ සහයෝගය දෙන්න.
වසර ගණනක් පැවැති යුද්ධය එතුමාට මෙතරම් ඉක්මණින් නිමා කළ හැකි වේ යැයි කියන විශ්වාසය එදා ඔබට තිබුණාද?
නැහැ. ඇත්තටම ඒ ගැන නම් එතරම් විශ්වාසයක් මගේ් සිතේ තිබුණේ නැහැ. ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංගට බැරි වුණ දේ මෙතුමාට කළ හැකි යයි කියා බොහෝ අය විශ්වාස කළේ නැහැ. ඒත් අපට මෙතුමා හැර වෙනත් බලාපොරොත්තු තැබිය හැකි නායකයෙක් හිටියෙත් නැහැ. 2005 ඉඳන් මේ යුදමය ප්‍රශ්නය ටිකින් ටික ඇවිලීගෙන, ඇවිලීගෙන ආවා.
එක පිට එක ජයග්‍රහණ ලබමින් අපේ රණවිරුවන් ඉදිරියට යද්දී, පිටරට ගුවන් විදුලියකට සවන් දෙද්දී මට ඇහුණා ඉන්දියාවේ නළු, නිළියෝ අපේ හමුදාවට විරුද්ධව පාරට බැස්සය කියලා. මම ඒ වෙලාවේ කල්පනා කළා දැන් අපි මේ නළු නිළියෝ ගෙවල්වලට වෙලා ඉන්න හොඳ වෙලාවක් නෙවෙයි කියලා.
ඒ අවබෝධය සෙසු කලාකරුවන්ටත් ලබා දෙන්න ඔබ උත්සාහ කළා?
ඔව්, ‘දිවයින’ පුවත්පතෙන් මට සම්මුඛ සාකච්ඡාවකට කතා කළ ;වලාවේ මම ඒ මාධ්‍යවේදියාට කිව්වා ‘සහෝදරයා අපි ඒ වැඩේ පස්සට දාමු. පුළුවන් නම් මේ වෙලාවේ මට මගේ සහෝදර කලාකරුවන්ව දැනුවත් කරන්න අවස්ථාවක් ලබා දෙන්න’ කියලා. අපේ සෙබළුන් කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් ඉදිරියට යන කොට ඒ මානුෂීය මෙහෙයුම හෙළා දකිමින් රැජිනි කාන්ත්, කමලා හසන් වගේ දැවැන්ත නළුවන් උද්ඝෝෂණය කළා. ඒ වෙලාවේ මම අපේ කලාකරුවන්ගෙන් ඇහුවේ අපේ රණවිරුවන්ට එරෙහිව ඒ වගේ් ක්‍රියාදාමයක් සිදු වෙන වෙලාවේ අපි ගෙවල්වලට වෙලා කකා බිබී ඉන්න එක හරිද කියන කාරණාවයි. අපි වහාම එකතු වෙමු. අපි මේ සම්බන්ධයෙන් ලොකු වැඩ පිළිවෙලක් දියත් කරමු කියලා පළමුවැනි ගල මම තමයි ගැහුවේ.
කලාකරුවන් සිය දහස් ගණනින් එකතු වී නිදහස් චතුරශ්‍රයේ පැවැත් වූ ‘අධිෂ්ඨාන පූජාව’ පවා ආරම්භ වුණේ එතනින්?
මුලින් මේ වැඩේට හිටියේ බොහොම ටික දෙනයි. ඩග්ලස් සිරිවර්ධන, සිරිල් වික්‍රමගේ මහත්වරු හිටියා. පස්සේ මේක දෙකට කැඩෙන්න ගියා. එතකොට තමයි මම කිව්වේ නැහැ අපි හැමෝම මේ ගමන එකට යමු කියලා. රවීන්ද්‍ර රන්දෙණිය මහත්තයාත් අපට එකතු වුණා. ඊට පස්සේ චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමාටත් අපි ආරාධනා කළා. මමම තමයි අයි. ටී. එන් එකට ගිහින් නළු නිළියන්ට ආරාධනා කළේ චිත්‍රපට කරන එක නතර කරලා හරි හෙට එතෙන්ට එන්න කියලා. මොකද චිත්‍රපට කරන්නත් අපට රටක් තියෙන්න ඕනෑ.
මාලිනී අක්කා, රවී අයියා මේ වැඩේට ඉතාමත් කැප වුණා. සියලුම කලාකරුවන් අපිත් එක්ක අත්වැල් බැඳ ගත්තා. මම නිවසේ පහනක් පත්තු කළා.
මම මේක නිවන්නේ අපේ හමුදාව මේ යුද්ධය ජයග්‍රහණය කළාට පස්සේ කියලා. මේ ජයග්‍රහණය සඳහා අපේ රණවිරුවන් මෙහෙය වූවේ වෙන කවුරුත් නෙවේ, සේනාධිනායකයා වූ අපේ ජනාධිපතිතුමා. එදා තමයි මට හිතුණේ මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ දේශපාලනයට සහාය දෙන්න මා ගත් තීරණය හරියි කියන එක.
ඔබ මේ විදිහට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුණෙත් එතුමාගේ ආරාධනාවෙන්?
එතුමාගේ් ආරාධනාවෙන්. පක්ෂයේ ආරාධනාවෙන්. මම රට වටේම මැතිවරණ වේදිකාවලට ගියා එතුමා වෙනුවෙන්. මම හිතන්නේ් එතුමන්ටත් වඩා ජනතාවයි මාව ඉල්ලුවේ. ඒ ගිය හැම තැනකදීම මාව වට කරගෙන ඔයා දේශපාලනයට එන්න කියලා මේ රටේ පොදු ජනතාව එක හෙළාම මගෙන් ඉල්ලා සිටියා.
ඔබේ උපන්ගම් පළාත නියෝජනය කරමින් මෙසේ දේශපාලන කරළියට එක් වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
අපේ ගමේ බෙන්තර – ඇල්පිටියට අවුරුදු දොළහකින් මන්ත්‍රී ;කනෙක් ඉඳලා නැහැ. පක්ෂය දිනනවා. රජය තියෙනවා. නමුත් මන්ත්‍රී කෙනෙක් නෑ. මම උපන් හබුරුගල කියන ගමට අවුරුදු දොළහක් මන්ත්‍රී කෙනෙක් ඉඳලා නැහැ. මම ජනාධිපතිතුමාගේ මැතිවරණ වේදිකාවේ කතා කරනවා දැකලා මිනිස්සු කිව්වා ඔබතුමිය තමයි අපේ කෙනා. බෙන්තරින් පාර්ලිමේන්තුවට යන්න ඕනෑ කෙනා ඔබතුමිය. ඇල්පිටිියේ මිනිස්සු කියන්න පටන් ගත්තා. ඔබතුමිය අපේ සම්පත. එන්න අපිත් එක්ක මේ මැතිවරණයට තරග කරන්න කියලා ඔවුන් තමයි මාව දිරිමත් කළේ.
ගාලු දිස්ත්‍රික්කයේ කාන්තා නියෝජනයක් තිබී නැහැ. මම හිතන්නේ ඉතිහාසය පුරාවට?
ඉතිහාසයේ කවදාවත් ගාලු දිස්ත්‍රික්කයෙන් තරග කරලා කාන්තාවක් පාර්ලිමේන්තුවට ගිහින් නැහැ. මහත්තයා නැති වුණාට පස්සේ එක් කාන්තාවක් මාසයක විතර කාලයක් මන්ත්‍රී ධූරයක් දරලා තිබෙනවා. ඒත් ඒ මැතිවරණයකට ඉදිරිපත් වෙලා නෙවෙයි. ජනාධිපතිතුමන්ට වැඩිපුරම ඡන්දය දීලා තියෙන්නේ කාන්තාවෝ. අපේ රටේ දකුණෙන් හඬක් නගන්න පුළුවන් එකම කාන්තාව මම කියලා මම විශ්වාස කරනවා. මම මේ රටේ දහසය දාහකට රැකියා ලබා දෙන්න මුල් වෙච්ච, ඒ අය වෙනුවෙන් කටයුතු කරපු කෙනෙක්. නමුත් ඒ එකක්වත් දේශපාලනයට එන්න බලාපොරොත්තුවෙන් කළ කී දෑ නෙවෙයි.
බොහෝ දෙනෙකු නොදන්නවා වුණත් ඔබ බෞද්ධාගමට ලැදිව කටයුතු කළ කෙනෙක්?
ඇත්තෙන්ම හුඟ දෙනෙක් නොදන්නවා වුණාට මම හොඳ බෞද්ධ පසුබිමක් තියෙන කෙනෙක්. මගේ තාත්තාගේ අක්කා අරුණා වික්‍රමපාල මහත්මිය කලක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිනිය ලෙස කටයුතු කළා. ඒවාට දායක වෙන්න මටත් අවස්ථාව ලැබුණා. අඟුරුගල විහාරයේ චෛත්‍ය මම තනියෙන් හැදුවේ. එතකොට වෙහෙර, විහාර හදන්න මම තව ගොඩක් උදවු, උපකාර කර තිබෙනවා. මගේ සීයාගේ මල්ලී තමයි දකුණු පළාතේ අධිකරණ සංඝ නායක හබුරුගල විපස්සී කියන හාමුදුරුවෝ. ඉතින් අපි පාරම්පරිකව බෞද්ධාගමත් එක්ක බොහෝ සමීපව කටයුතු කළ අය. හාමුදුරුවරු පවා මට ආරාධනා කළා දේශපාලනයට එන්න කියලා. අවසානයේදී මම සත්තකින්ම ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සේවය කරනවා කියලා හිත හදාගෙන තමයි දේශපාලනයට ආවේ.
මේ කරුණු නොදන්නා නිසාදෝ ඔබේ දේශපාලන ප්‍රතිවාදීන් අහනවා ගීත කුමාරසිංහට දේශපාලනය කරන්න තිබෙන සුදුසුකම් මොනවද කියලා?
ඒ සුදුසුකම් මොනවද කියලා මම දැන් කියලා ඉවරයි. තවත් සුදුසුකමක් එහෙනම් මම කියන්නම්. මම ජීවිත කාලය පුරා සාමාන්‍ය මිනිසුන් හා ඇසුරු කළ කෙනෙක්. මෙහේ විතරක් නෙවෙයි මට ඕනෑ නම් අනුරාධපුරේ ගිහිල්ලත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. රත්නපුරයට ගියත් පුළුවන්. මුළු ලංකාවේම මට ආදරය කරන මිනිස්සු ඉන්නවා. මොකද මම ජනතාවත් එක්ක ජීවත් වෙච්ච ගැහැනියක්. මම ගමෙන් ආව කෙනෙක්. අනෙක මම දේශපාලනයට ආවේ හම්බ කර ගන්න නෙවෙයි. මම ආවේ හම්බ කරගෙන, කීර්තියක් ලබා ගන්න නෙවෙයි.
කීර්තියක් ලබාගෙන. මට මුදල් අවශ්‍ය නැහැ. ඒ වගේම මට හදන්න විශාල පවුලකුත් නැහැ. ඒ කියන්නේ මගෙන් රක්ෂාවක් ගන්න හරි, මගේ් ඇඟේ එල්ලිලා එන්න හරි කවුරුවත් නැහැ. එහෙම නම් මම තමයි සුදුසුම කෙනා ගාලු දිස්ත්‍රික්කයෙන් පළමුවැනි වතාවට කාන්තා හඬක් නගන්නට.
කලාව කියන්නේ බොහොම සුන්දර තැනක් කියනවනේ. නමුත් දේශපාලනය එහෙම තැනක් නෙවේ?
කලාව සුන්දර වුණාට එහි නියැළි බොහෝ දෙනා තුළ ඒ සුන්දරත්වය නැහැ. කැපිලි, කෙටිලි, අප්‍රසන්න සිදුවීම් දහස් ගණනින් හෙම්බත් වුණ කෙනෙක් මම. ඒක නිසා දේශපාලනය මට බොහොම පුංචි දෙයක්. අපහාස, කතන්දර හැදීම් මේවා දේශපාලනයේත් තියෙනවානේ. මඩ ගැහිලිවලට සෙළවෙන කෙනෙක් නෙවෙයි මම. ඒවාට අපි හොඳට පදම් වෙලා. ඒ පන්නරය ඇත්තටම මට ලැබුණේ සිනමාවේ අත්දැකීම්වලින්.
සංලාපය – අසංක දේවමිත්ර පෙරේරා
Geetha Kumarasinghe is one of SriLanka’s leading actresses who has consistently brought recognition and glory to the country over three decades.
She showed an inborn talent for singing and dancing. Her gentle rebellion brought her both fame and fortune at the tender age of 16, a rural beauty pageant transforming her entire life. She was crowned the “Beauty Queen” out of 100 contestants ,the contest was organized by “Dawasa” Newspaper.
Before she could grasp the situation, she had signed too many film contracts, and was effectively propelled into the world of tinsel, destined for dizzy heights in cinema.
Her performance in Palama Yata (Under the Bridge) where she plays the role of a woman in the slums earned raving reviews both in Sri Lanka and overseas.
She manifested a remarkable facet of her career with "Pembara Madhu", “Podi malli”,"Siribo Ayya", "Sathara Diganthaya" , "Karumakkarayo", "Palama Yata", "Loku Duwa" & "Ran Diya Dahara" .
විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්නට අයත් ආරක්ෂිත ලාච්චු හතරක තිබී රුපියල් කෝටි හතහමාරක මෙරට හා විදේශ මුදල් තොගයක් තමන් බාරයට ගත් බව රහස් පොලිසිය ඊයේ (15) සවස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැන්වීය.
මෙම ආරක්ෂක ලාච්චු හතර පෞද්ගලික බැංකුවකට අයත්ව තිබිණි.
මහේස්ත්‍රාත්තුමියගෙන් ලබාගත් අධිකරණ නියෝගයක් අනුව කොළඹ තිඹිරිගස්යායේ පිහිටි සම්පත් බැංකු ශාඛාවේ වූ ආරක්ෂිත ලාච්චු හතර ධනුන තිලකරත්නගේ මව වන අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරියේ විවෘත කළ බවද රහස් පොලිසිය පවසයි.
ඉන් ආරක්ෂිත ලාච්චු දෙකක් අශෝකා තිලකරත්න මහත්මිය නමින් වූ බවත්, ඉතිරි ලාච්චු දෙක ධනුන තිලකරත්නගේ ළඟම ඥාතීන් බව කියන සේපාල හා ජයවර්ධන මහත්මීන් නමින් තිබූ බවත් අධිකරණයට දැන් වු රහස් පොලිසිය එම ආරක්ෂිත ලාච්චු හතරම පරිහරණය කිරීමේ බලය අශෝකා තිලකරත්න මහත්මියට තිබූ බවද පැවැසීය.
අමෙරිකා එක්සත් ජනපද ඩොලර් 525000ක්ද ස්ටර්ලින් පවුම් 2000ක් ඇතුළු මෙරට මුදල් එම සොයාගත් මුදල් අතර වූ බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
මේ මුදල් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට අයිති බව අශෝකා තිලකරත්න මහත්මිය රහස් පොලිසියට දන්වා සිටි බව ඊයේ (15) සවස වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය පැවැසීය.
විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ඉල්ලීම මත තම පුතා වන ධනුන තිලකරත්නට අයත් ආරක්ෂිත ලාච්චු හතරේ එසේ එම මුදල තැන්පත් කළ බවද ඇය රහස් පොලිසියට වැඩිදුරටත් පවසා සිටි බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
මේ මුදල් සම්බන්ධව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
Get our all latest update from our facebook page, Its free and speedy