Saturday, February 6, 2010

මං බන්ඳිනවා.. දමිතා

By: Prosperity Tech On: 1:34 PM

ඇය දශක තුනකට ආසන්න කාලයක් කලා ක්ෂේත්‍රයේ නියැලෙන ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රතිභා සම්පන්න රංගන ශිල්පිනියකි. සිනමා, ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක සහ නිෂ්පාදිකාවක ලෙස කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයට පත් ඇය දමිතා අබේරත්නයි. දමිතා ගේ නවතම ටෙලිනාට්‍ය නිෂ්පාදනය වන ‘රිදී තාරකා’ මේ වනවිට පුංචි තිරය ඔස්සේ දිග හැරෙයි. කලා කටයුතු ඔස්සේ කාර්ය බහුල දිවියක් ගත කරන දමිතා සිය නවතම තොරතුරු බෙදා හදාගන්නට ‘රසඳුන’ සතුටු සාමීචිය සමඟ එක් වුණේ මේ විදිහටයි.

‘රිදී තාරකා’ ඔබේ හතර වැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනය. කොහොමද එහි සාර්ථකත්වය?

කියන්න සතුටුයි අද රසික ජනතාව අතර ‘රිදී තාරකා’ හුඟාක් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් බවට පත්වෙලා. ඒ වගේ ම මෙය ස්වාධීන රූපවාහිනි ආයතනය සමඟ එකතුවෙලා නිර්මාණය කෙරෙන්නක්. එහි නිෂ්පාදිකාව විදිහට මේ ටෙලිනාට්‍යය ගැන මට තිබෙන්නේ සතුටක්.

මීට අමතරව ඔබ දායක වුණු කලා නිර්මාණ මොනවාද?

සුදත් රෝහණ මහතාගේ ‘ස්වයං ජාත’ ටෙලිනිර්මාණයට දායක වෙලා මේ දිනවල එහි රූගත කිරීමේ කටයුතු වලට සහභාගි වෙනවා. ඊට අමතරව ‘මෙගා ස්ටාර්’ රියැලිටි වැඩසටහනට දායක වෙමින් එහි පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා. මේ නිසා ම කාර්ය බහුලව තමයි ජීවිතය ගෙවෙන්නේ.

ඔබ ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා රංගන ශිල්පිනියක්. ප්‍රේක්ෂකයන්ට ළඟදීම දැකගත හැකි ඔබ දායක වූ නවතම සිනමා නිර්මාණ ගැනත් කතා කරමු.

නවතම චිත්‍රපට කිහිපයකටම පසුගිය දවස්වල දායක වෙන්න ලැබුණා. එයින් චිත්‍රපට කිහිපයක් ම මේ වනවිටත් තිරගත වෙලා. මේ අතර මට රඟපාන්න ලැබුණු අපූරු චරිතයක් රැගත් සිනමා පටයක් තමයි ‘ස්තුතියි නැවත එන්න’ කියන චිත්‍රපටය.

එහිදී යුද්ධයේදී අතුරුදන් වන තම හමුදා සැමියා නැවත ගෙදරට එයි කියන විශ්වාසයෙන් පසුවන ගැබිනි බිරියකගේ චරිතයක් තමයි මම නිරූපණය කළේ. යුද්ධයේ අමිහිරි බව කියාපාන ධෛර්යවන්ත බිරියකගේ චරිතයක් රඟපාන්න ලැබීම ගැන සතුටු වෙනවා.

ඔබ ගායිකාවක්. ඔබට හොඳ ගායන හැකියාවක් තිබෙනවා. ගායනයෙන් රසිකයන් අතරට යන්නට බලාපොරොත්තුවක් නැති ද?

කලකට ඉහත මම මගේ ම ගීත ඇතුළත් සීඩී තැටියක් නිර්මාණය කළා. ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකාවලටත් ලබාදුන්නා. ඒත් ඒවායින් මගේ ගීත ප්‍රචාරය වුණේ නැහැ.

ඇත්තටම මට එතැන දී කලකිරීමක් ඇති වුණා. කලා ක්ෂේත්‍රයේ අවුරුදු ගණනාවක සිට නියැලිලා ඉන්න මට එවැනි තත්ත්වයක් ඇති වුණා නම් අනෙක් නවක ශිල්පීන්ට මොනවගේ අසාධාරණකම් වෙනවා ඇත් ද කියලා මට හිතුණා. ඒ නිසා තිබුණු ආශාව උනන්දුව මගෙන් දැන් අඩුවෙලා.

ඇත්තටම ඒ සීඩී එක කරලා මට ලංකාවේ ඉන්න හොඳම ගායිකාව වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මම මගේ ආශාව ඉෂ්ට කර ගැනීමට පමණයි එය නිර්මාණය කළේ. කොහොම නමුත් මම ඉදිරියේදි තවත් නිර්මාණයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙනවා.

දඬුබස්නාමානය වැනි අර්ථවත්, සංක්ෂිප්ත ටෙලිනාට්‍යවල අපූරු රංගනයක නියැළුණු ඔබ බට්ටී වැනි මෙගා ටෙලිනාට්‍යවලටත් දායක වුණා. මෙගා ටෙලිනාට්‍ය ඔබ වැනි නිළියකට සුදුසුයි කියා ඔබ සිතනවාද?

බට්ටී ටෙලිනාට්‍යය මෙගා ටෙලිනාට්‍යයක් වුවත් එය රටේ අතිශය ජනප්‍රිය වුණා. මම මෙගා ටෙලිනාට්‍යවලට දොස් කියන්නේ නැහැ. රංගනය කියන්නේ වෘත්තියක්.

මම හිතන්නේ මෙගා නාට්‍යයත් අනෙකුත් නාට්‍ය වගේ ම ලංකාවේ තිබිය යුතුයි කියලයි. මම මෙගා නාට්‍යයක නිෂ්පාදිකාව විදිහට එයින් සමාජයට වෙන යහපත දැක තිබෙනවා. මෙගා නාට්‍ය විරෝධයක් මගේ නැහැ.

අද ‘රිදී තාරකා’ නාට්‍යය නිපදවන්න ශිල්පී ශිල්පිනියන් සියයකට වැඩි පිරිසකගේ දායකත්වය ලැබෙනවා. ඒ වගේ ම මෙහි අයහපත් පැත්තකුත් තිබෙනවා.

ඒ තමයි හොඳ අර්ථවත් නිර්මාණ කරන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට තමන්ගේ නිර්මාණ එළිදක්වන්නට මෙගා ටෙලිනාට්‍ය නිසා අවස්ථාව මඟ හැරිලා තිබෙනවා. මේ නිසා ඒ පිළිබඳව රූපවාහිනී නාලිකා සලකා බලා ඔවුනට සාධාරණයක් ඉටු කළ යුතුයි කියන මතයේ මම සිටිනවා.

ඔබ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වන බව පැවසුවා. ඒ කුමක්ද?

වසර ගණනක් කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් ලැබුණු කලා ශිල්පිනියක් විදිහට මගේ හිතේ හීනයක් තිබෙනවා. කවදා හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ යුතුයි කියලා.

ඒත් එය ඉතාම ඉක්මනට සිදුවන දෙයක් නොවෙයි. තවම එය සිතුවිල්ලක් පමණයි. මේ දක්වා මම හිතපු දේවල් කළා. මම තව ටෙලිනාට්‍ය දෙක තුනක්වත් අධ්‍යක්ෂණය කිරීමෙන් අනතුරුව තමයි සිනමා අධ්‍යක්ෂණයකට යොමු වන්නේ.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

ගොඩක් ආසයි හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න. අපි වයසට යන්නෙ නැහැ කියන තැන ඉන්න රංගන ශිල්පිනියක් නෙවෙයි මම. මේ ලෝකෙ සියලු ම දේ අනිත්‍යයි.

තත්පරයෙන් තත්පරය හැමදේම වෙනස් වෙනවා. අපිට හැමදාම මේ තත්ත්වයෙන් ඉන්න බැහැ. මේ වෙනස්වෙන තරුණ කාලෙ ආයෙමත් එන්නෙ නැහැ. ඒ නිසා ආපස්ස බලල දුක්වෙන නිර්මාණවලට දායක වෙනවට වඩා අර්ථවත් නිර්මාණශීලී චිත්‍රපටයකට දායක වෙන්න හුඟාක් ආසාවෙන් ඉන්නවා.

ඔබේ විවාහය තවත් ප්‍රමාද වෙයිද?

නැහැ. එයත් මේ වසරේ අග සිදුවේවි.

දමිතාගේ ලිපිනය - 297/ 1, නුගේගොඩ, පැපිලියාන.

තුෂාරි වික්‍රමසිංහ
ඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ




Sri Lankan popular Film & Teledrama Actress Damitha Abeyratne's photos. She is famous as "Batti" these days. Kanchana Mendis also in this photos.

Friday, February 5, 2010

එච්. ඒ. පෙරේරා මහතා පෙරේදා (04) අභාවප්‍රාප්ත විය

By: Prosperity Tech On: 1:59 PM

එච්. ඒ. පෙරේරා

ප්‍රවීණ රංගණ ශිල්පී එච්. ඒ. පෙරේරා මහතා පෙරේදා (04) අභාවප්‍රාප්ත විය. කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගියේ දරුණු පිළිකා රෝගයක් හේතුවෙන් වන අතර මිය යන විට 58 වැනි වියේ පසු විය.

1974 වර්ෂයේදී වීදි නාට්‍ය ශිල්පියකු ලෙස රංගනයට පිවිසි එච්. ඒ. පෙරේරා මහතා රංගන ශිල්පියකු, සංගීතඥයකු ඇතුළු අංශ කීපයකින්ම දශක තුනක පමණ කාලයක් තිස්සේ කටයුතු කැර ඇත.

වෙඩික්කාරයෝ, සෙක්කුව, ජුලියස් සීසර්, මාවතේ අපි, හිට්ලර්, වරෙන්තු, උක්දඬු ගින්න ඇතුළු වේදිකා නාට්‍ය ගණනකට රංගනයෙන් දායක වූ ඒ මහතා යශෝරාවය, කඩ ඉම, බුමුතුරුණු, සිටුවරයෝ, සූරිය දරුවෝ ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපෑම් කැර තිබේ.

වසර 30කට ආසන්න කාලයක් ඒ මහතා ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කොට ඇත. එච්. ඒ. පෙරේරා මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කැර ඇති අතර ඒ පිළිබඳ අවසන් කටයුතු හෙට (07) පස්වරුවේදී මාදම්පිටිය පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

පතිරාජ එල්. එස්. දයානන්ද

ප්‍රවීණ කලා ශිල්පී පතිරාජ එල්. එස්. දයානන්ද මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට 65 වැනි වියෙහි පසු වූ ඒ මහතා රංගන ශිල්පියකු, අධ්‍යක්‍ෂවරයකු මෙන්ම නාට්‍ය ශිල්පියකු වශයෙන්ද ප්‍රකටව සිටියේය.

1956 වර්ෂයේදී යැංකි හටන වේදිකා නාට්‍යයෙන් කලා ලෝකයට පිවිසි දයානන්ද මහතා ගොළු බිරිඳ, සිත් පෙරළිය, කවුරුත් එන්නේ නැහැ, යකාගේ කම්මල ඇතුළු නාට්‍ය කීපයකම රංගනයෙන් දායක වී ඇති අතර වනගත කොල්ලා, රෑන ගිරව්, හත්දින්නත් තරු, අහස් ගව්ව, සෙලීනාගේ වලව්ව, ප්‍රදීපා, ජෝඩු වළලු, සිංහබාහු ඇතුළු චිත්‍රපට රැසකට දායක වී ඇත.

පතිරාජ එල්. එස්. දයානන්ද මහතාගේ දේහය ගල්කිස්ස කලාපුර පිහිටි ඒ මහතාගේ නිවෙසේ තැන්පත් කැර ඇති අතර ඒ පිළිබඳ අවසන් කටයුතු හෙට (07) පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූ®මියේ දී සිදු කෙරේ.

Wednesday, February 3, 2010

Roshini Madam Devoice?

By: Prosperity Tech On: 11:11 AM
සුදු හංසි හරහා රිදී තිරයට කතා නායිකාවක වූ සේමිණී ඉද්දමල්ගොඩ කියයි

තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් වෙනුවෙන් උපරිමයෙන් කැප වෙන්නත්, ඒ කැපවීම තුළින් අදාළ චරිතයට මනා සාධාරණයක් ඉටු කරන්නත් ඈ දක්වන්නේ සැබෑම උනන්දුවක්. තරුවක පමණක් නොවී ප්‍රේක්ෂකයන් වෙත වඩාත් නිර්මාණශීලී රංගනයන් ඉදිරිපත් කරන්නට ඈ දැක්වූ උනන්දුව නිසාම ඈ මේ වන විට දක්ෂ චරිතාංග නිළියක ලෙසත් අපේ සිත් පුරා සෙනහසින් ලැඟුම් අරගෙන.

සේමිණී ඉද්දමල්ගොඩ

යළිත් ඈ පිළිබඳ, මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ සුවිශේෂ අවධානයක් යොමු වෙලා. ඒ “සුදු හංසි” චිත්‍රපටයේ ඈ රඟන අපූර්ව චරිතය නිසාවෙන්. අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද සතුටෙන් කල් ගෙවන සේමිණී ඒ සතුට, සොම්නස අප හා බෙදා හදා ගන්නට අපත් සමග එක් වුණේ මේ විදිහට.......

“සුදු හංසි” මගේ සිනමා ජීවිතයේ මුල්වරට මම ප්‍රධාන චරිතයක් රඟපෑ චිත්‍රපටය. ඒ ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්. ගාමිණී වාසලසූරියගේ නව කතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටයේ තිර පිටපත ලියැවී තිබෙන්නේ. “සුදු හංසි” ප්‍රධාන චරිතයට මට ආරාධනා කළේ අධ්‍යක්ෂ සෆ්රාස් සහ ප්‍රධාන චරිතය රඟන අර්ජුන් කමලනාත්.

“සුදු හංසි” නව කතාව ඔයා කියවලා තියෙනවා ද.....?

ඇත්තෙන්ම මම නව කතාව කියවලා තිබුණේ නැහැ. මම චරිතය ලැබුණාට පස්සේ ඒක කියෙව්වෙත් නැහැ. තිර පිටපතේ තිබුණ විදිහටයි චරිතය රඟපෑවේ. කොහොම වුණත් මේ මම හරිම ආසාවෙන් රඟ පෑ චරිතයක්. සිනමාවේ මගේ හොඳම චරිතයත් මේක කියලා මම විශ්වාස කරනවා.

සේමිණි රඟපාන්නේ චරිත තෝරා බේරා ගෙනද.....?

මගේ සීමාවන් ඇතුලේ කරන්න පුළුවන් ඕනෑම චරිතයක් මම බාර ගන්නවා.

මොනවද ඔය සීමාවන් කිව්වේ.....?

මම දියණියකගේ මවක්. ඒ නිසා චරිතයක් බාර ගැනීමේ දී මම ඒ ගැන දෙපාරක් හිතනවා. මම විසින්ම පනවා ගත් නීතිරීතිවලට එකඟව තමයි ඒ දේවල් කරන්නේ. අනෙක රඟපෑම කියන්නේ මට නම් මුදල්ම නෙවෙයි. යම් භූමිකාවකට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හැඟුණොත් විතරයි මම චරිතයක් බාර ගන්නේ. මගේ සැමියාවත් කිසි දවසක මට එහෙම වාරණයක් පනවලා නැහැ. එයා මට මේ කාර්යයේදී සම්පූර්ණ නිදහස දීලයි තියෙන්නේ. මම දන්නවා මම කරන්නේ මොනවාද කියලා. එහෙම අවබෝධයක් නැති අය අතරේ ප්‍රශ්න, ගැටලු ඇති වෙනවා ඇති. හැබැයි මට එහෙම නැහැ.

එතකොට පහුගිය දවස්වල පැතිරිලා තිබුණේ කට කතාවක්?

ඒ මොකක්ද?

ඔයයි, ධම්මිකයි නීතියෙන් වෙන් වෙන්න යනවා කියලා?

මම දන්න තරමින් නම් එහෙම දෙයක් නැහැ. මගේ මහත්තයා දන්න තරමිනුත් එහෙම දෙයකුත් නැහැ. එහෙම ප්‍රශ්නයක් තිබුණා නම් මම පැකිලෙන්නෙත් නැහැ ඒක එළිපිට කියන්න.

අපේ කතාව වෙන පැත්තකට ගියා. ඒක නෙවෙයි කොහොමද ‘සුදු හංසි’ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එහෙම?

හුඟාක් හොඳයි. ඇත්තෙන්ම සතුටුයි. ‘සුදු හංසි’ චිත්‍රපටය සාර්ථක වෙනවා නම් ඒක තමයි මේ දවස්වල මගේ හිතේ තියෙන ලොකුම ආසාව. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා ‘සුදු හංසි’ නරඹලා මට ඒ ගැන අදහස් දක්වන්න කියලා. ඒක මට ලොකු දෙයක්.

වෙන චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?

කතා කරපු චිත්‍රපට තුනක් තියෙනවා. මේ අවුරුද්ද මගේ් සිනමා දිවිය පැත්තෙන් ඉතා හොඳ වේවි. තවමත් සාකච්ඡා මට්ටමේ අපි ඉන්නේ. කොහොම වුණත් මම ඒවාට දායක වුණොත් මගේ රංගන දිවියේ සුවිශේෂී කඩඉමක් වේවි එය.

දැන් කොහොමද ‘ස්වයංජාත’ රූගත කිරීම් ඉවරද?

මේ දවස්වල හික්කඩුව ප්‍රදේශයේ රූගත කිරීම් සිදු කෙරෙනවා. මම රඟපාන්නේ පබිලිනා ගේ චරිතය. මේ චරිතය රඟපාන්න ලැබීම මගේ ලොකු භාග්‍යයක්. මුලින්ම ‘පබිලිනා’ ගේ චරිතය රඟපාන්න හිටියේ කාංචනා මෙන්ඩිස්. ඒත් එයාට බබා හම්බ වෙන්න තිබුණ නිසා ඒ චරිතයට මට කතා කළා. ඒක මගේ ලක් එක. කාංචනා කළා නම් මේ චරිතය ඒක එයාගෙත් ලක් එක. පබිලිනා ගේ චරිතය ‘කළුවර ගෙදර’ ටෙලි නාට්‍යයේ මම රඟපෑ පොඩි හාමිගේ චරිතය වගේ ප්‍රබල භූමිකාවක්.

‘ස්වයංජාත’ සම්මානනීය නවකතාවක් වගේම අතිශය ජනප්‍රිය නවකතාවක්. ‘පබිලිනා’ එහි කේන්ද්‍රී‍්‍රය චරිතයක්. ඒ නව කතාවෙන් ඔයාට පබිලිනා ගේ චරිතය ගොඩ නගා ගන්න පිටුබලයක් ලැබුණාද?

මම මේ නවකතාව කියවලා නැහැ. තිර පිටපත කියෙව්වට පස්සේ මට හිතුණා නවකතාව කියවන්න අවශ්‍යය නැහැ කියලා. එතකොට ඒ දෙක පැටලෙනවා. මොකද නව කතාවේ යම් යම් දේවල් වෙනස් කරලයි තිර පිටපත සකස් කරලා තිබෙන්නේ කියා අධ්‍යක්ෂ සුදත් රෝහණ මට පැවසුවා.

‘කළුවර ගෙදර’ වගේම ‘ස්වයංජාත’ අපේ රටේ විශිෂ්ටතම නවකතා දෙකක්. ඒ ඇසුරෙන් තැනුණ ටෙලි නාට්‍ය දෙකක රඟපාන්න ලැබීම ගැන ඔයාට මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. ඒත් මම ‘කරුවල ගෙදර’ නවල් එකත් බලලා නැහැ. කොහොම වුණත් මේ නවකතා දෙකම ලොකු පාඨක ප්‍රසාදයක් ලබා ගත් ජනප්‍රිය නවකතා බව මම දන්නවා.

නවකතා පොත් කියවලා තිබුණා නම් පොඩි හාමිනේගේත්, පබිලිනාගේත් චරිත වඩාත් හොඳින් නිරූපණය කළ හැකිව තිබුණා කියලා හිතෙන්නේ නැතිද?

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියලා කතාවක් තියෙනවානේ. මම අර මුලින් කිව්වා වගේ අයියේ, මුල් කෘතිය කියවලා තිබුණා නම් චරිතය රඟපාද්දී මට අසීරුවක් වෙන්න ඉඩ තිබුණා. මොකද රංගන ශිල්පියාට වඩා වැදගත් තිර පිටපත. රංගනයට අදාළ දේවල් තිර පිටපතෙන් ලබා ගන්න පුළුවන්. මට හිතෙන්නේ එහෙමයි.

සේමිණී වඩා කැමැති සිනමාවට ද නැතිනම් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද?

ටෙලි නාට්‍යවලට වඩා සිනමාවට මම ආසයි. එක දිගට චිත්‍රපටවල රඟපාන්න මට අවශ්‍ය නැහැ. අවුරුද්දකට චිත්‍රපට තුනක විතර රඟපෑවොත් මට ඇති.

එහෙම නොලැබුණොත් මට අනිවාර්යයෙන්ම ටෙලි නාට්‍යවල රඟපාන්න වෙනවා. ඒ මොකද මම වෘත්තීය නිළියක් නිසා. ඒත් ලැබෙන ලැබෙන හැම දේම බදාගන්න මම සූදානම් නැහැ.

ඉදිරියේදී තිරගත වෙන්න නියමිත චිත්‍රපට මොනවාද?

සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ‘දකින දකින මල්’ චිත්‍රපටයේ මම රඟපානවා. ළඟදීම එය තිරගත වේවි.

ඔයා නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයට මොකද වුණේ?

ඒ ටෙලි නාට්‍යය මම නිෂ්පාදනය කළේ අවුරුදු දෙකකට විතර කලින්. එයාර් ටයිම් එකත් දුන්නා. ඒත් තාම ඒක පෙන්නගන්න මට බැරි වුණා. ඒ වියදම් කරපු ලක්ෂ හතළිස් අට මගේ පෞද්ගලික මුදල්. ඒවාට මේ වෙනතුරුම ප්‍රතිලාභයක් ලැබිලා නැහැ. මට පස්සේ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරපු අයත් අනියම් ක්‍රමවලින් ඒවා විකාශය කරගෙන තිබෙනවා.

කලා කටයුතු අතරේ ගෙදර දොරේ වැඩ කටයුතු අතපසු වෙන්නේ නැහැ . . .?

කොයි තරම් කාර්යබහුල වුණත් ඒවා ගැන මම හොයලා බලනවා. මගේ සැමියාටයි, දියණිය කුමලිටයි හැම යුතුකමක්ම මම ඉටු කරන්න පැකිලෙන්නේ නැහැ.

අපි බොහොම සතුටෙන් ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරනවා.කුමලි ඉගෙන ගන්නේ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ තුන්වැනි ශ්‍රේණියේ. එයා ඉගෙන ගන්නත් දක්ෂයි. මට අවශ්‍ය එයා ලොකු කෙනෙක් කරන්න නෙවේ, හොඳ කෙනෙක් කරන්නයි.

Monday, February 1, 2010

ෆොන්සේකා දියණියෝ රට හැරයති

By: Prosperity Tech On: 12:26 PM

ෆොන්සේකා දියණියෝ රට හැරයති

ෆොන්සේකා දියණියෝ රට

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දියණියන් දෙදෙනා වන අප්සරා ෆොන්සේකා සහ අපර්ණා ෆොන්සේකා යන අය ඊයේ උදෑසන යළි ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇති බව ගුවන්තොටුපළ ආරංචිමාර්ග සඳහන් කරයි.

තමන්ට හෝ තම පවුලේ උදවියට රටින් පිටවීමට නොහැකි ලෙස කටයුතු කරන ලෙස ගුවන්තොටුපළේ බලධාරීන්ට උපදෙස් දී ඇතැයි ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයන් පසුගිය දිනවල ප්‍රවෘත්ති ලෙස පළ විය.

එහෙත් මෙම දියණියන් දෙදෙනා ට ගුවන්තොටුපළේ දී කිසිදු ආකාරයක බාධා කිරීමක් ඇති වී නැති බව දැනගන්නට ලැබී තිබේ.

සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතා පිළිබඳ විමසූ කළ මොවුන් සමග ඔහු ගමන් කර නැතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. Ada Deranen....


A kiss from her affectinate father


Lighting of the oil lamp



Sunday, January 31, 2010

Lasith Malinga's Love

By: Prosperity Tech On: 11:52 AM

Saturday, January 30, 2010

Sanga's Twins

By: Prosperity Tech On: 3:41 PM


පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

By: Prosperity Tech On: 1:14 PM
(කොළඹ, ලංකාපුවත්, ජනවාරි 29) – පෙබරවාරී මාසයේ මුලදී ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුව බොහෝ දුරට විසුරුවා හරිනු ඇතැයි වාර්තාවේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ පෙබරවාරි 04 වැනිදාට යෙදෙන ජාතික නිදහස් දින උත්සවයෙන් පසුව මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇත.

ලබන අප්‍රේල් 02 වැනිදිනේ වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට නියමිතයි. එබැවින් ඉදිරි මාස තුන ඇතුළත මහ මැතිවරණයක් පැවැත්වීම ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු බව දේශපාලන විචාරකයන් සඳහන් කරති.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ තවත් සති කිහිපයකින් මහ මැතිවරණයකට රජය සූදානම් වන බවය.

Friday, January 29, 2010

ලසිත් - ටානියා යුවළට සුබ මංගලම්!

By: Prosperity Tech On: 4:16 PM

ලසිත් - ටානියා යුවළට සුබ මංගලම්!

ශ්‍රී ලංකා මාතාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍ෂෙත්‍රයට තිළිණ කළ සුපිරි පන්දු යවන්නකු වූ ලසිත් මාලිංග පසුගිය 22 වැනිදා යුග දිවියට ඇතුළත් වුණා.

ලසිත් ගේ අතගත් වාසනාවන්තිය වූයේ ටානියා මිනෝලි පෙරේරා මෙනෙවියයි.

ලසිත් දකුණේ වෙළෙඳ ව්‍යාපාරිකයකු වන වරුසවිතාන භද්‍රසෝම සහ ආර්.ජී. නම්මි පත්මා යුවළගේ වැඩිමහලු දරුවා. ටානියා ඇමරිකාවේ ව්‍යාපාර කටයුතු කරන ලලිත් පෙරේරා සහ කාන්ති පෙරේරා යුවළගේ දියණියක්.

ලසිත්ට ටානියා මුණ ගැසී ඇත්තේ ඔහු සහභාගි වූ උත්සවයකදී. ඉන්පසු දැන හඳුනාගත් ඔවුන් පෙම්වතුන් බවට පත්වුණා. වසර දෙකහමාරක පමණ කාලයක් ආදරයෙන් කල් ගෙවූ ඔවුන් මවුපියන්ගේ ආශීර්වාදය මැද එකම කැදැල්ලකට කූඩු වුණා.

කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ පැවැති මේ විවාහ මංගල උත්සවයට වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම සහභාගි වුණා.

ජනපතිතුමා සමඟ මනාල යුවළ සහ පිරිස

දකුණු ප්‍රදේශයෙන් බිහිවුණු ක්‍රිකට් ක්‍රීඩකයකු වන ලසිත් සිය මනාලිය ටානියා සමඟ මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුªªමාගෙත් ආශීර්වාද ලබා ගන්නට ද අමතක කළේ නැහැ.

රූපලාවණ්‍ය ශිල්පී ධනංජය බණ්ඩාර විසින් ටානියා හැඩගන්වා තිබුණු අතර, වැල්ලවත්තේ සාරි මන්දීර් හි සනත් රණවීර විසින් ටානියාගේ මංගල සාරිය ධනංජයගේ උපදෙස් අනුව නිර්මාණය කර තිබුණා.

ඇත් දළ පැහැති නෙට් සාරිය බ්‍රොකේඩ් ක්‍රමයට සකස් කර, ගෝල්ඩ් සහ සිල්වර් වර්ක් කර ගල් අල්ලා විශේෂයෙන් නිර්මාණය කර තිබුණේ ඉන්දියාවට යැවීමෙන්.

ටානියගේ යෙහෙළියන් වූයේ යානා විජේතුංග සහ හෂිනි ජාසිං ආරච්චි. ඔවුන්ගේ් පීච් වර්ණ සාරියට පබළු වැඩ දමා එක් කොටසක් ඇත් දළ පැහැය එන ලෙස නිර්මාණය කර තිබුණේ ඒවා මනාලියගේ සාරිය හා ගැළපෙන ලෙසයි.

මල් කළඹ සහ උත්සව ශාලාවේ මල් සැරසිලි සෙකන්ඩ් චාන්ස් වෙතින් නිර්මාණය කර තිබූ අතර, සෙටි බෑක් එක නිර්මාණය කිරීමේදී විකට්ටුවක ආකෘතියක් ආකාරයට සකස් කර තිබුණා. ලසිත්ගේ ඇඳුම් ඉම්තියාස් විසින් නිර්මාණය කර තිබූ අතර මනාලයාගේ යහළුවන් වූයේ ඇන්ජලෝ මැතිව්ස් සහ චාමර කපුගෙදරයි.

දිවිමඟ අලෝක කිරීමට මංගල පහන් සිළුව දල්වමින්...

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමා සංගක්කාර සමඟ

දිල්හාර ප්‍රනාන්දු සුබ පැතීමට ආ මොහොත

සුබ පැතීමට ආ නුවන් සොයිසා සහ මහේල

Thursday, January 28, 2010

පහර දුන්නොත් පහර දෙනවා - ප්‍රතිඵල බාරගැනීමට සූදානම් නෑ -සරත් ෆොන්සේකා

By: Prosperity Tech On: 5:54 AM
තමන් ඉවතට පැමිණෙන මොහොතක කිසියම් ප්‍රහාරයක් එල්ලවූවහොත් ඊට එරෙහිව තමන්ටද අවි ආයුධ පාවිච්චි කිරීමට සිදුවන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කෙළේය.

එවැන්නක් සිදු නොවුණහොත් සියලු දේ පවරාදී බාරවීමට කටයුතු කරන බවත් වඩාත් උචිත තීරණය තමන් එම මොහොතේ ගන්නා බවත් හෙතෙම කීය.
කොළඹ සිනමන් ලේක් හෝටලයේ ඊයේ (27) පැවැති පුවත්පත් සාකච්ඡාවේදී හෙතෙම එසේ කීය.

මැතිවරණය සාමකාමී වුවත් ඉන් ලැබූ ප්‍රතිඵල බාරගැනීමට සූදානම් නැති බව පවසන ෆොන්සේකා මහතා ප්‍රතිඵලවලට විරුද්ධව අධිකරණයට යන බවද කීය.

ෆොන්සේකා මහතාගේ ආරක්ශාව ඉවතට

By: Prosperity Tech On: 5:09 AM
ෆොන්සේකා මහතාට සපයා තිබූ 70 ක පමන බළ ඇණිය සහ වෙඩි නොවඩින රථ 5 අද සිට ඉවත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාව ලබා දෙන ලෙස දී තිබුණු නියෝගයට අදාල කාලපරිච්ඡේදය නිමා වී ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි පළ වන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ සඳහන් කරන ලදී.

ජනාධිපතිවරණ සමයේ ඒ මහතාට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කරනු ලැබූ බව ද එකී නියෝගයට අනුව එතුමාට ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා තිබුණු බවත් මේ වන විට ජනාධිපතිවරණයද නිමා වී ඇති බැවින් විශේෂ ආරක්ෂාවක් පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවන බවද හෙතෙම කියා සිටියේය.

එහෙත් ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස යළි ඉල්ලා සිටිනු ලැබුවහොත් ඒ පිළිබඳ සලකා බලන්නට සූදානම් බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.