Thursday, January 28, 2010

ෆොන්සේකා අතුරුදහන්

By: Prosperity Tech On: 12:10 AM
චන්දය දින සිට සිනමන් ග්‍රන්ඩ් හෝටලයේ ලැගුම් ගෙන සිටි සරත් ෆොන්සේකා මහතා ඉන් පිටවී ගොස් ඇත. ඔහු අගිය අතක් කිසිවකු නොදනී. ඔහුගේ ආරක්ශාවට සිටි හමුදා කන්ඩායම් ද ඉවත් වී ගොස් ඇත.

හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සැපයූ ආරක්ෂාව යළි පවරා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය ඔහුගෙන් ඉල්ලා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍ර්ගේඩයර් උදය නානයක්කාර මහතා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලැබූ ජයග්‍රහණයත් සමඟ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉන්දීය රජයෙන් ආරක්ෂාව පතා ඇතැයි ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.

Wednesday, January 27, 2010

Sarath Fonseka

By: Prosperity Tech On: 3:55 AM


සරත් ෆොන්සේකා මංගලට පහර දෙයි

By: Prosperity Tech On: 2:48 AM
සරත් ෆොන්සේකා මංගල සමරවීර මහතාට පහර දී එලවා ඇත. මෙය සිදුවී ඇත්තේ අද උදෑසන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තිලදීය. සරත් ෆොන්සේකා මහතා දැනට රැඳී සිටින්නේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුලයි. මෙමෙ හෝටලය හමුදාව විසින් වටලා ඇත. අද ප්‍රකාශිත ප්‍රතිපල අනුව සරත් ෆොන්සේකා මහතා ජනපතිවරනයෙන් අන්ත පරජයක් ලැබීය.


Sunday, January 24, 2010

Jaky's Hot Videos

By: Prosperity Tech On: 3:24 PM






Saturday, January 23, 2010

මගේ පෙම්වතා කලාවට සම්බන්ධයි - අමිෂා කාවින්දි

By: Prosperity Tech On: 1:36 PM

හැඩකාර යොවුන් නිළියන් ගොන්න අතරට එක්වූ සුන්දරතම තාරකාවකි ඇය. ඇය අද වන විට ජනාදරයට පත්ව ඇත්තේ මේ දිනවල තිරගත වන ‘සුදු හංසි’ චිත්‍රපටය හරහායි.



‘සුදු හංසි’ චිත්‍රපටයේ මලීෂාගේ චරිතය නිරූපණය කරමින් රසික සිත් අමන්දානන්දයට පත් කරන ඇය නමින් අමීෂා කාවින්දියි. මේ නවක යොවුන් නිළිය ගේ නවතම තොරතුරුයි අද ‘රසඳුන’ සතුටු සාමිචිය සරසන්නේ.

මේ දිනවල ඔබ රඟපෑ ‘සුදු හංසි’ චිත්‍රපටය තිරගත වෙනවා නේද?

ඔව්. පසුගිය 8 වැනිදා ‘සුදු හංසි’ රිලීස් වුණා. අසීමිතව ලැබෙන පේ‍්‍රක්ෂක ප්‍රතිචාර මැද්දෙ එය තිරගත වෙනවා.

ඔබට තවත් චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?

එහෙම විශේෂ ආරාධනා ලැබුණෙ නැහැ. මේ දවස්වල නිදහසේ ගෙදරට වෙලා කාලය ගත කරනවා.

ඔබේ ‘මලීෂා’ චරිතයට ලැබෙන පේ‍්‍රක්ෂක ප්‍රතිචාර කොහොම ද?

ඇත්තටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ චිත්‍රපටය මැද මාවතේ චිත්‍රපටයක්. චිත්‍රපටය අවබෝධ කර ගන්න නම් එය මුල සිට අග දක්වාම නැරැඹිය යුතුයි. මෙය ප්‍රධාන චරිත 4 ක් වටා දිවෙන චිත්‍රපටයක්.

ඔබ මීට පෙරත් චිත්‍රපට කිහිපයකටම දායක වුණා. ඒ ගැනත් කතා කරමු?

මේක මගේ තුන්වන චිත්‍රපටය. මම මීට පෙර ‘ඩබල් ගේම්’, ‘සර් ලාස්ට් චාන්ස්’ චිත්‍රපට වලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඒ වගේ ම මේ වසරේ සුනිල් සෝම පීරිස් ගේ ‘ජය පිට ජය’ චිත්‍රපටයටත් රංගනයෙන් එක් වෙනවා.

ටෙලිනාට්‍ය නිළියක් ලෙසත් ඔබ රසිකයන් අතර ජනපි‍්‍රයයි නේද?

ඔව්. මම දැනට ටෙලිනාට්‍ය තුනකට පමණ රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඒවායින් මට පේ‍්‍රක්ෂකයන් අතරට ගිහින් ඔවුන්ගේ අවධානය දිනාගන්න පුළුවන් චරිත රඟපාන්න ලැබුණා. ‘නිලංජනා’, ‘කාව්‍යා’, ‘සෙනෙහස කොතැන ද’ කියන ටෙලි නාට්‍ය තුනක මම රඟපෑවා.

නිළියක ලෙස ඔබට ලැබෙන ඕනැම චරිතයක් රඟපාන්න ඔබ ලෑස්ති ද?

එහෙම නැහැ. මොකද මම හොඳින් පිටපත කියවලා මට කරන්න පුළුවන් දෙයක් ද නැද්ද කියලා බලනවා. ඒ වගේ ම අවසානයක් තිබෙන ටෙලිනාට්‍යයක් ද කියලා බලනවා.

කොටස් තිහට වැඩිනම් මම බාරගන්නේ නැහැ. කල්පනා කරලා බලලා තමයි අදාළ චරිතය තෝරා ගන්නේ. මේ හින්දා මට ලැබෙන්නං වාලේ ලැබෙන හැම චිත්‍රපටයකම, ටෙලිනාට්‍යයකම රඟපාන්න මම සූදානම් නැහැ.

ඔබ නියැළී සිටින ‘කලා ක්ෂේත්‍රය’ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම නිළියක් වෙන්න හැම කෙනෙකුටම බැහැ. එයට දක්ෂතාවයක් තිබිය යුතුයි. මම ඒ අතරින් වාසනාවන්තයි. මට නිළියක් විදිහට කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නට ලැබුණේ ‘සඳ දෙව්දෝණි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාමින්. ඒ නිසා මට කලා ක්ෂේත්‍රය ගැන තිබෙන්නේ සුබවාදී හැඟීමක්.

ඔබේ කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේ ද?

ගෙදරින් ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා. මාව චිත්‍රපට සඳහා උනන්දු කළේ මගේ සොයුරිය සහ මවයි. ඒ දෙන්නා මට අවශ්‍ය හැමදේම ලබා දෙමින් මාව දිරිමත් කරනවා. ඒ වගේම මගේ තාත්තත් උපරීම ලෙස මට උදව් උපකාර කරනවා.

මගේ පියා මර්වින් පෙරේරා ඔහු ටෙලිකොම් ආයතනයේ සේවය කළා. දැන් විශ්‍රාමික සුවයෙන් පසුවෙනවා. මව ගීතාංජලී පෙරේරා. සහෝදරිය විවාහකයි. අපි ඉතාම සතුටින් ජීවිතය ගත කරනවා.

ඔබේ පෙම්වතා කලා ක්ෂේත්‍රයේම කෙනෙක් නේද?

ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. ඔහු කලාවට සම්බන්ධයි. අපේ ආදරයට දෙපැත්තෙම, මවුපියන්ගෙන් ආශිර්වාද ලැබිලයි තියෙන්නේ. ඇත්තටම ඔහු හොඳ කෙනෙක්.

මාව ඉතාම හොඳින් අවබෝධ කරගත් කෙනෙක්. මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නට ඔහු මට උදව් කරනවා. එක් අතකින් ඔහු මට සැබෑම ශක්තියක්.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවා ද?

කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

අමීෂාගේ ලිපිනය.

‘ශාන්ති සෙවණ’, ‘වැල්ලබඩ, උස්වැටකෙයියාව.

Thursday, January 21, 2010

Nathasha's Boy Friend ???

By: Prosperity Tech On: 3:48 AM


Tuesday, January 19, 2010

සනා දේශපාලනයට

By: Prosperity Tech On: 12:33 PM

Sunday, January 17, 2010

පබා චන්දය ඉල්ලයි

By: Prosperity Tech On: 3:15 PM

Saturday, January 16, 2010

මට කට කතා නෑ- නයනා කුමාරි

By: Prosperity Tech On: 3:11 PM


කලකට පෙර පුංචි තිරය හැඩ වැඩ කළ නයනා කුමාරි ඔබට මතකද? නයනා මේ දිනවල වැඩිපුර පෙනෙන්න නැත්තෙ ඇයි?. පුංචි තිරයෙන් පායන තරුවලට ආදරය කරන ඔබ ඒ විස්‌තර දැනගන්න කැමැත්තක්‌ දක්‌වනවා ඇති නේද? . මීට වසර විස්‌සකට උඩදී ඔතෙලෝ වේදිකා නාට්‍යයෙන් රංගනයේ මුලකුර කියවූ ඇය කස්‌තිරම ටෙලි නාට්‍යයේ ලතාගේ චරිතයෙන් පුංචි තිරයේ දස්‌කම් පා ප්‍රේක්‍ෂක හිත උදුර ගත්තා කියලයි අපිට හිතෙන්නේ. චාතුර්යා, ගජමන් නෝනා, අසනි වැහි, මං හින්දා වැනි ටෙලි නාට්‍ය
වලින් තව තවත් රසික හද උදුරා ගත් ඇය මේ දිනවල මොනවද කරන්නේ කියලා දැනගන්න අදහස්‌ කළා.

අලුත් නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒවායේ දින වකවානු නම් හරියට කියන්න බැහැ. සමහර විට පෙබරවාරි මාර්තු මාසවල රූගත කිරීම් සිදුකෙරෙයි. රූගත කළ නාට්‍ය දහයක්‌ විතර තිබෙනවා විකාශනය වෙන්න. ඒවායේ රඟපෑ චරිත එකකට එකක්‌ වෙනස්‌. මගේ පුතා නිසා ගොඩක්‌ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙනවා අඩුයි. කොළඹ අවට රූගත කෙරෙන ටෙලි නාට්‍යවලට විතරයි සම්බන්ධ වෙන්නෙ. කොළඹින් පිට සිදුවෙන රූගත කිරීම්වලට නම් සම්බන්ධ වෙන්නේ නැහැ.

පවුලේ වැඩකටයුතු එහෙම කොහොමද?
පුතාට අවු. 4 ක්‌ විතර වෙනවා. එයා ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නවා. මහත්තයා ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙලයි ඉන්නේ. එයයි මමයි එකතුවෙලා තමයි ව්‍යාපාර කටයුතු කරන්නේ. දරුවාගේ වැඩත් සැමියාගේ වැඩ ටිකත් වගේම මගේ වැඩ කටයුතුත් කරගන්න පුළුවන් විදිහට කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා.

ඇයි පුංචි තිරයේ වැඩිපුර දකින්න නැත්තේ?
මම දැන් විවාහකයි. අනික මගේ පුතාත් අධ්‍යාපන කටයුතුවල නියෑලෙනවා. එයාව දාලා කොහෙවත් යන්න මම කැමැති නැහැ. ඒ නිසා තමයි කොළඹ අවට රූගත කරන ටෙලි නාට්‍යවලට විතරක්‌ දායක වෙන්නෙ. එහෙම නැතුව ටෙලි නාට්‍ය වල රංගනයට ආරාධනා ලැබෙනවා නම් නොවෙයි.

ගොඩක්‌ විලාසිතාවටත් කැමැතියිලු නේද?
ගැහැනු කවුද අකැමැති විලාසිතාවට. අනික අද ගැහැනුන්ට වඩා ගොඩක්‌ පිරිමිනෙ විලාසිතාවට ඇල්මක්‌ දක්‌වන්නෙ. මම ගැහැනියක්‌ විදිහටත් රංගන ශිල්පිනියක්‌ විදිහටත් විලාසිතාවට කැමැතියි. හැබැයි මිනිසුන්ගේ උපහාසයට ලක්‌ නොවන විලාසිතා තමයි මම කරන්නේ.

එතකොට ගයත්‍රිත් සමග පටන් ගත්ත අලුත් වැඩසටහන ?
ගයත්‍රි කියන්නේ හොඳ පළපුරුදු රූපලාවන්‍ය ශිල්පිනියක්‌. මමත් ඒ ගැන නිහඬව ඉගෙන ගත්තා. අපි දෙන්නාගේ තිබෙන යාළුකමත් සමග තමයි රූපලාවන්‍ය පිළිබඳ වැඩමුළු පවත්වන්න අදහස්‌ කළේ. අපි දෙන්නගේ විලාසිතා දැකල ගොඩක්‌ දෙනෙක්‌ අපට යෝජනා කළා අපිටත් මේ දේවල් කියල දෙන්න කියලා. ඊට පස්‌සෙ අපට හිතුනා වැඩමුළුවක්‌ පවත්වන්න. ඒක මුලින්ම කළේ පොළොන්නරුවේ. එය අතිසාර්ථක වුණා. ඒක දැකල ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක්‌ පවා අපිට ආරාධනා කළා ඒ අයත් සමග එකතුවෙලා වැඩ කරන්න කියලා. ඉදිරියේදී රූපලාවන්‍ය ගැන හරි දේ හොඳ දේ ගැන ආසාවක්‌ දක්‌වන අයට අපේ දැනුම ලබාදෙනවා.

ගයත්‍රිත් සමග තිබෙන මිතුදම ගැනත් නොකියාම බැරි ඇති නේද?
එය ගොඩක්‌ අයට හරි ප්‍රශ්නයක්‌ වෙලා. මොකද මේ වගේ යාළුකමක්‌ මෙච්චර කාලයක්‌ තියාගන්නෙ කොහොමද කියලා. ගැහැනු දෙන්නෙකුට මෙච්චර කාලයක්‌ ආදරෙන් ඉන්න බැහැ කියලයි සමාජයෙන් නිතරම කියන්නේ. නමුත් අපේ යාළුකමට අවුරුදු දහසයක්‌ වෙනවා. පාසල් වියේදීමයි ඒ මිතුදම ඇතිවුණේ. ඒකට හේතුව අපි දෙන්න අතර බොරුව වංචාව නැහැ. අපි දෙන්නට අපි දෙන්න හරි විවෘතයි.

ගොඩක්‌ නපුරුයි කියන්නේ?
මෙහෙමයි. මම කලාවට ඇවිල්ලා අවුරුදු විස්‌සක්‌ විතර වෙනවා. තවම මම කිසිම කතාවකට ලක්‌ව නැති නිළියක්‌. මට තිබෙන ඉහළම සම්මානයත් ඒකයි. වෙන අය වගේ නොමෙයි මම හරි විවෘතයි. ඇත්ත මිසක්‌ මගේ ළඟ බොරුව නැහැ. පවුල් ජීවිතයේදීත් සමාජයේදීත් කලා ජීවිතයේදීත් බොරුවෙන් ජීවත් නොවූ ගැහැනියක්‌. වැඩකදී වුණත් සුහදව කතා කර වැඩ අවසන් වූ පසු බායි කියලා ගෙදර එනවා. අනෙක්‌ ගැනු වගේ තොදොල් වෙන්න කියන දේ මා ළඟ නැහැ. ඒ දේවල් තිබෙන්නේ මගේ සැමියා සහ දරුවා සමගයි. ඒ නිසා වෙන්න ඇති ඔහොම කියන්නේ. කොහොමටත් මට අනික්‌ කාන්තාවන් වගේ අනවශ්‍ය බැඳීම් අවශ්‍ය නැහැ. මට කිසිම කෙනකුට චෝදනා කරන්නත් බැහැ.

ආමන්තගේ අලුත් පෙම්වතිය ගැන මොකද හිතෙන්නේ?
මම රඟපෑ නාට්‍යවලින් නොබලපු නාට්‍යයත් ඒක තමයි. ඒ නාට්‍ය මට බලන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන කියන්න දන්නෙ නැහැ.

සමහරු රූපය ගැන මිසක්‌ දරුවන් ගැන නොවෙයි හිතන්නේ?
එහෙම කියන්න අමාරුයි. සමාජයේ ඕනෑම කාන්තාවක්‌ විවාහ වෙලා දරුවෝ හදන්න තමයි කැමැති. ඔය කියන ආකල්පයේ එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ ඉන්න පුළුවන්. ඕකට හොඳම උදාහරණයට මාව ගන්න පුළුවන්නේ. මගේ ස්‌වරූපය වෙනස්‌ වෙලා නැහැනෙ දරුවන් හැදුවා කියලා. ඒ දේ අපි විඳින්නේ නැතුව අපිට මොන දේ ලැබුණත් වැඩක්‌ නැහැ.

සැමියා ගැන හිතෙන්නේ ?
අවුරුදු නවයක ආදර සම්බන්ධයකින් තමයි අපි විවාහ වුණේ. 2010 වෙනකට අපේ හැඳුනුම්කමට අවුරුදු 17 ක්‌. ඉතිං අපි දෙන්න ගොඩක්‌ දුරට අවබෝධයෙන් තමයි වැඩකරන්නේ.

කාන්තාවක්‌ විදිහට සිතුවිලි පාලනය කරගන්නේ ?
ඒකට තමයි බුද්ධියක්‌ කියලා දෙයක්‌ තියෙන්නේ. සමාජයත් සමග ජීවත්වීමේදී සිතුවිලි ඕනෑතරම් හිතට මනසට නැගෙනවා. අපිට තිබෙන බුද්ධියෙන් ඒවා පාලනය කරගෙන වටහාගෙන ජීවත් විය යුතුයි. අපට එන සිතුවිලිවලට ඉඩ දුන්නොත් කොහෙන් කොතැනින් නවතීද දන්නේ නැහැ.

Friday, January 15, 2010

මම රඟපෑමෙන් ඉවත්වුණා පූජා උමාශංකර්

By: Prosperity Tech On: 2:04 PM

මම රඟපෑමෙන් ඉවත්වුණා පූජා උමාශංකර්

දෙවියන් විසින් මිහිමතට එවූ සුරඟනක් ද එසේත් නැත්නම් ස්වාභාව ධර්මයේ අපූර්වතම දායාදයක් දැයි කිසිවෙකුටත් කිව නොහැකි ය. එතරම්ම ඈ සුන්දරයි.

කුමන ඉරියව්වකින් සිටිය ද ඇගේ සුන්දරත්වයේ බිඳකුඳු අඩුවක් නොවේ. දුටුවන් නෙත් වශීකරන ඇයටම හිමි වූ රන්වන් රූ සපුවත් කාන්තිමත් නෙත් සඟළ, රෝස පැහැති වළ ගැසෙන දෙකොපුල් ඒ සොඳුරු වතට ගෙන එන්නේ නැවුම් ආකර්ෂණයකි. ඉන්දු - ශ්‍රී ලංකා සම්භවයක් සහිත මේ අපූරු රුවැති කලාකාරිය අද වනවිට මෙරටේත් ඉන්දියාවේත් රසික ජනතාවගේ සිහින කුමරියක වී අවසානය.

පූජා උමාශංකර් නමින් ලොවක් හඳුනන ඇය කා අතරත් ජනප්‍රියත්වයට පත් ව ඇත්තේ දෙමළ සහ සිංහල සිනමාවේ රංගන ශිල්පිනියක ලෙසයි. මේ ඇගේ නවතම තොරතුරුයි.

පූජා මේ දවස්වල කාර්ය බහුලයි වගේ?

තරමක් කාර්ය බහුලයි. මොකද මම ලංකාවට ඇවිත් ඉන්නේ විශේෂයෙන් ම මගේ අම්මාට උදව් කරන්න. මගේ සීයයි, ආච්චියි දෙන්නම මේ වෙන කොට පසුවෙන්නේ අසනීප තත්ත්වයෙන්. ඔවුන්ගේ වැඩකටයුතු තනිවම කරන්න අම්මට විතරක් බැහැ. ඉතින් ඇයට උදව් කරන්නත් සීයයි, ආච්චියි බලා කියා ගන්නත් මගේ උදව් මේ මොහොතේ අවශ්‍යමයි. ඒ නිසා මම ඔවුන් සමඟ ලංකාවේ ඉන්නවා.

ඔබ රඟපෑමෙන් සමුගන්න යන බව ඇත්තද?

පළමුවෙන් ම මම රංගනයට අවතීර්ණ වුණේ මගේ ර්ඕඒ උපාධිය අවසන් වූ අවස්ථාවේමයි. මගේ තාත්තා මම රඟපානවට කැමැති වුණේ ම නැහැ. ඔහු මම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවට හරියට විරුද්ධ වුණා. ඔහු කිව්වේ ‘රඟපාන්න ගියොත් ඔයා ඉගෙන ගත්ත දෙයින් වැඩක් වෙන්නෙ නැහැ පූජා’ කියලයි. මගේ තාත්තා බැරිම තැන මගේ ඉල්ලීමට ඉඩ දුන්නා. ඔහු මට අවුරුදු 5 ක කාලයක් ලබාදුන්නා රඟපාන්න. ඒ අවුරුදු 5 ඇතුළත රංගන කටයුතු ඉවර කරන්න මමත් ඔහුට පොරොන්දු වුණා. මම තාත්තට පොරොන්දු වුණු කාල සීමාව දැන් ඉවරයි. ඒ නිසා මම තීරණය කළා සිනමා කටයුතුවලින් ඉවත් වෙන්න. ඒ නිසා ම මම ඉන්දියාවෙවත් - ලංකාවෙවත් කිසිම චිත්‍රපටයකට සම්බන්ධ වුණේ නැහැ.

ඔබ සිනමා රංගනයෙන් සමුගැනීමට තීරණය කිරීමෙන් මෙරට සහ ඉන්දීය සිනමා කර්මාන්තයට වගේ ම ඔබේ රංගන කුසලතාවයන්ටත් අසාධාරණයක් සිදුවන්නේ නැති ද?

එය අසාධාරණයක්, පාඩුවක් වුණත් මගේ පියාගේ කැමැත්ත වෙනුවෙනුත් මගේ අනාගතය වෙනුවෙනුත් මම ඒ තීරණය ගත යුතුයි. මං මේ තීරණය ගන්න කොට හුඟාක් දෙනෙක් එයට එකඟ වුණේ නැහැ. ඔවුන් එරෙහි වුණා.

ඔවුන් හැම දෙනාම කිව්වේ ඇයි අයින්වෙන්නේ? ඒක අපිට ලොකු පාඩුවක් කියලයි. ඒත් මම මේ වෙනකොට ඉන්දියානු සිනමාවේත් සිංහල සිනමාවේත් රඟපෑ චිත්‍රපට ගැන මට ලොකු සතුටක් තිබෙනවා. ඒවාට ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබුණා. ඉතින් මම ගත් මේ තීරණය ගැන පසු තැවෙන්නේ නැහැ.

මෙවර සරසවිය සම්මාන උලෙළේ දී ‘හොඳම නිළිය’ සම්මානයට ඔබේ නමත් නිර්දේශ වුණා හොඳම නිළිය සම්මානය ඔබට හිමිවේවි කියා හිතුණේ නැද්ද?

ඇත්තටම මම එතැන දී සම්මානයක් ගැන හිතුවේ නැහැ. මගේ නම හොඳම නිළිය සම්මානයට නිර්දේශවීම ගැන මට ඇති වුණේ ලොකු සතුටක්. ඇත්තටම ඒ සතුට මට ඇති.

සරසවිය සම්මාන උලෙළ ගැන ඔබට හිතෙන්නේ කුමක්ද?

ලංකාවේ පවත්වන හොඳම සම්මාන උලෙළ තමයි ‘සරසවිය’ සම්මාන උලෙළ. එය ඉතාම ලස්සනට සංවිධානය කරල තිබුණා. එයට සහභාගි වෙන්න ලැබීම මට සතුටක්.

ඔබ සිනමාවෙන් සමුගන්නේ ඔබේ විවාහය මේ වසරේ සිදුවෙන නිසා ද?

ඒ නිසාමත් නෙවෙයි. මම පියාට වුණු පොරොන්දුව ඉටු කළා. මගේ පියා මට ගැළපෙන සහකරුවෙක් සොයනවා. මට ගැළපෙන කෙනෙක් හමු වුණොත් මගේ විවාහයත් මේ වසරේදී සිදුවේවි.

ඔබේ සහකරුවා මොනවගේ කෙනෙක් විය යුතුයි කියා ද ඔබ සිතන්නේ?

ඔහු මට ගැළපෙන කෙනෙක් විය යුතුයි. දුම්පානය කරන මත්පැන් බොන කෙනෙකුට නම් මම කිසිසේත් ම කැමැති නැහැ. ඔහු දුම් නොබොන මත්පැන් පානය නොකරන කෙනෙක් වගේ ම යහපත් කෙනෙක් විය යුතුයි. සාමාන්‍ය පවුලක, බුද්ධිමත්, ගුණගරුක, ප්‍රිය මනාප පුද්ගලයෙක් විය යුතුයි.