Saturday, August 15, 2009

නව සක්විතියෙක් සොයාගනී

By: Prosperity Tech On: 1:24 AM
දෙස් විදෙස් කිහිපයක විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු සහ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් රු. ලක්ෂ 500 ක පමණ මුදලක් වංචා කළ අයකු අති සුඛෝපභෝගී නිවෙසක භූගත කාමරයක සැඟවී සිටියදී නාවලපිටිය පොලිසිය මගින් පෙරේදා (13) අත්අඩංගුවට ගෙන ඇත.

උසස් සමාජ මට්ටමක ජීවත් වන පුද්ගලයකු ලෙස පෙන්වා මෙම පුද්ගලයා මුදල වංචා කර ඇත.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය සපුගස්ලන්ද ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවෙසක සැඟවී සිටියදීය.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව ගල්කිස්ස අධිකරණයේ පමණක් වරෙන්තු දහතුනක් තිබෙන බව සඳහන්වේ.

මෙයට අමතරව කොළඹ වංචා විමර්ශන ඒකකයට සහ රත්නපුර, කොහුවල පොලිස්ථානවලට ද මොහු අවශ්‍යවී තිබූ බවත් අනාවරණය වේ.

විවිධ පුද්ගලයන් හට විදේශ රැකියා හා මෙරට රැකියා ලබා දෙන බවට පොරොන්දු වී මෙම සැකකරු කෝටි ගණනක මුදලක් වංචා කැර ඇති බවත් මෙයට අමතරව වාහන ගනුදෙනු රැසක් සිදු කැර මූල්‍ය වංචා මෙන්ම වාහන හා දේපළ රැසක් සොරාගැනීමටද මොහු සම්බන්ධ වී ඇති බවත් පොලීසිය පවසයි.

සැකකරු හට කොළඹ බෞද්ධාලෝක මාවතේ අති නවීන නිවසක් හා නාවලපිටිය සපුගස්ලන්ද ප්‍රදේශයේ “මිලේනියම් සිටි” නමින් අති සුඛෝපභෝගී නිවෙසක්ද තිබෙන බව පොලිසිය තොරතුරු අනාවරණය කැරගෙන ඇති අතර නාවලපිටිය නිවසේ භූගත කාමරයක මොහු සැඟවී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ශරීර ඇප මත සිටි මෙම සැකකරු නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු තමාට පොලිස් ඇප ලබා දෙන ලෙස ඉල්ලා එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය වික්‍රමසේකර මහතාට ලක්ෂ ගණනක මුදලක් ලබාදීමට තැත්කළද ස්ථානාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කැර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු එංගලන්තය ඇතුළු විදේශ රටවල් කිහිපයක් සමඟද සමීප සබඳතා පවත්වන බවට හෙළි වී ඇති අතර ඔහු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න, නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් අධිකාරි කේ. බී. මහගෙදර යන මහත්වරුන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය වික්‍රමසේකර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.- දිණමිණ

Monday, August 10, 2009

අනර්කලී සන්ධානයෙන් චන්දෙට Anarkalli to take Bentara-Elpitiya

By: Prosperity Tech On: 4:34 AM

සිනමා නිලි අනර්කලී එකසත් ජනතා නිදහස් සංධානයෙන් බෙන්තර ඇලිපිටිය ආසනයෙන් චන්දයට ඉඩිරිපත් වීමට නියමිතය.ඇයට ජනපතිගේ අනුමැතිය ලැබී ඇත.

Popular actress and TV presenter Anarkalli Akarsha has been given the Presidential nod to contest the Bentara-Elpitiya polling division at the upcoming Southern Provincial Council polls, reveal sources close to her.

Though many were under the impression that she would be supportive of Mangala Samaraweera’s Ape Jathika Peramuna, the sources say that the President has agreed to let her contest under the UPFA banner.

Anarkalli Akarsha was Mr. Samaraweera´s Coordinating Secretary during his days as Minister in the UPFA government. - Ada Derana

Sunday, August 9, 2009

චාල්ස් කුමරුගේ සැඟවුණු පෙමක තතු හෙළිවේ Prince Charles's Gossips

By: Prosperity Tech On: 1:46 AM



බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු (ඔහුගේ පුත් විලියම් කුමරු නිසා ඔහුට ඔටුන්න හිමිවේදැයි සැකයකි) නීත්‍යානුකූලව විවාහ ජීවිතයට ඇතුළත් වූයේ ඩයනා කුමරිය සමඟය. ඒ 1981 ජූලි 29 වැනිදා ය. චාල්ස් කුමරු ඩයනා කුමරිය සමඟ විවාහ වන විටත් ඔහු දෙදරු මවක වන කැමිලා පාකර් බෝල්ස් සමඟ පෙමින් වෙලී සිටියේය. ඩයනා නිසා ඔවුනට එක්වීමට වරම් නොලැබිණි.

එහෙත් ඩයනා කුමරිය මෙයට අවුරුදු දොළහකට ඉහත දී රිය අනතුරකට මුහුණ පා මිය යෑමත් සමඟම චාල්ස් කුමරුට සිය පැරැණි පෙම්වතිය වන කැමිලා සමඟ විවාහවීමට මඟ පෑදිණි. ඒ 2005 දීය.

චාල්ස් කුමරු ඩයනා කුමරිය සමඟ විවාහ වුවද ඔහු ඒ දිනවල මුළුහදින්ම කැමිලාට ආදරය කළ බව මාධ්‍යවල පළවූ තොරතුරුවලින් හෙළිවිය. එහෙත් මේ කාලයේ ම චාල්ස්ට තවත් පෙම්වතියක් සිටිය බව මෑතකදී හෙළිවී තිබේ.

චාල්ස් හා එම පෙම්වතිය අතර 1976 සිට 1980 දක්වා පෙම්පත් හුවමාරු වූ බව මේ නොබෝදා මාධ්‍යවල පළවූ තොරතුරු වලින් පෙනේ. චාල්ස්ගේ මෙම අභිරහස් ප්‍රේමය පිළිබඳව ‘හෙලෝ’ සඟරාව පිංතූර සහිත පිටු හතරක ලිපියක් පළකරමින් ඔවුන් දෙදෙනා අතර හුවමාරු වූ පෙම්පත්වල ඡායාරූප ද පළ කළේය. As Prince Charle\s intimate letters are sold on EBAY – JANET JENKINS. The mystery woman behind them talks about their special friendship”යනුවෙන් එහි ශීර්ෂ පාඨය පළවී තිබිණි.

චාල්ස් කුමරු පිළිබඳව පුවත්පත් හා සඟරාවල පළවී තිබුණ මෙම තොරතුරු අනුව හෙළිවන්නේ ඔහු ජෙනට් ජෙන්කින්ස් (Janet Jenkins) නමැති කැනඩා ජාතික තරුණිය සමඟ සිව් වසරක් පමණ පෙමින් බැඳී සිටි බවයි.

ඔහු 1976 සිට 1980 දක්වා ජෙනට්ට පෙම් හසුන් ලියා තිබේ. (ඔහු ලියූ පෙම් ලිපි කීපයක් මේ සමඟ පළවෙයි).

අද හැටවැනි වියේ පසුවන ජෙනට්, තමා හා චාල්ස් කුමරු අතර සම්බන්ධයක් පැවැති බව පිළිගනියි. චාල්ස් සමඟ විනෝද සවාරි ගිය බවද සමහර දිනවලට නිවාඩු නිකේතනවල නතර වූ බවද කියා සිටියි.

චාල්ස් කුමරු විසින් ජෙනට්ට ලියන ලද
පෙම් හසුනක්

එක් දරු මවක වන ජෙනට් දැනට අන්තර්ජාතික කීර්තියක් උසුලන රූපලාවන්‍ය ආයතනයක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරයි.



චාල්ස් කුමරු සහ ජෙනට් අතර පැවැති ප්‍රේම සම්බන්ධය අවුරුදු ගණනක් අභිරහසක් හැටියට යටගොස් තිබිණි. එහෙත් මේ ‘පෙම් හසුන්’ හදිසියේම EBAY නමැති වෙබ් අඩවියේ පළවීමත් සමඟම යටගිය ප්‍රේම සම්බන්ධයක තතු එළියට ආවේය.

චාල්ස් විසින් ජෙනට්ට ලියන ලද මෙම පෙම්හසුන් කාලාන්තරයකට පසු වෙබ් අඩවියකට ගියේ කෙසේද? එම පෙම්හසුන් මෙම වෙබ් අඩවියට අලෙවි කළේ කවුරුන් විසින් ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන ජෙනට්, බොහෝ කලක් තමා ළඟ තිබුණ චාල්ස්ගේ පෙම්හසුන් “රාජකීය භාණ්ඩ එකතු කරන” මිතුරියක වන ඇලිසියා කැරොල්ට දුන් බව කියයි. ඇලිසියා සිය සේවයෙන් අස්වී පෞද්ගලික කෞතුකාගාරයක් ආරම්භ කිරීමට යන බව ජෙනට්ට කියා තිබිණි. මෙය හොඳ කටයුත්තක් බැවින් චාල්ස්ගේ ‘පෙම් ලිපි’ එහි තැන්පත් කරන ලෙස ඉල්ලමින් ජෙනට් මෙම ලිපි ඇයට දුන්නාය.

චාල්ස්ගේ පෙම් ලිපි වෙබ් අඩවියට ලිස්සා ගොස් ඇත්තේ ඇලිසියා ගේ කෞතුකාගාරයෙන් බව දැන් පැහැදිලිය. වෙබ් අඩවියක මෙම ලිපි පළවී තිබෙනු දැක තමා කලබලවූ බවත් ඉමහත් වේදනාවකට පත්වූ බවත් ජෙනට් කියා සිටියි. චාල්ස්ට මෙම ලිපි අමතක වී ඇති බැවින් ඔහු මේ ගැන තමාගෙන් නො ඇසූ බවද ජෙනට් සඳහන් කරයි.

තමන්ට චාල්ස් කුමරු මුලින්ම මුණගැසුණේ 1975 දී මොන්ට්‍රියල්වලදී බව ජෙනට් මතක් කරයි.

මෙම හමුවෙන් පසු දිනක් චාල්ස් කුමරු තමන්ට දුරකථනයෙන් කතා කළ බවත් රාත්‍රි කෑමකට හා චිත්‍රපටයක් බැලීමට යෑමට ආරාධනා කළ බවත් ඇය කියා සිටියි. චාල්ස්ගේ මෙම බලාපොරොත්තු නොවූ ආරාධනයෙන් ජෙනට් තරමක් කලබල වූවාය. එහෙත් චාල්ස්ගේ ආරාධනය ප්‍රතික්ෂේප නොකිරීමට ඇය වග බලා ගත්තාය. ඔවුහු සිනමා හලකට ගොස් ’The Pink Panther’ නමැති චිත්‍රපටය නරඹා ඉන්පසු රාත්‍රි භෝජනය සඳහා හෝටලයකට ගියහ. චාල්ස් හා ජෙනට් අතර සමීප සම්බන්ධයක් ගොඩනැඟීමට පටන්ගත්තේ එතැන් සිටය.

අද 60 වැනි වියේ පසුවන ජෙනට්

මෙම සම්බන්ධය කොයිතරම් දුර ගියාද කියතොත් තවත් දිනක චාල්ස්ගෙන් ජෙනට්ට රාත්‍රි භෝජන සංග්‍රහයක් සඳහා බකිංහැම් මාළිගාවට එන ලෙස ආරාධනාවක් ලැබිණ. ඔහු කළ ආරාධනා හැම එකකටම යෑමට ඇය අමතක නොකළාය.

චාල්ස් ඩයනා සමඟ හෝ කැමිලා සමඟ හෝ සම්බන්ධයක් ඇතිකරගෙන සිටින බව මේ වන විටත් ජෙනට් නොදැන සිටියාය.

චාල්ස් කුමරු, ඩයනා කුමරිය සමඟ විවාහ ගිවිස ගැනීමට යන බව ජෙනට් දැන ගත්තේ දිනකට ඉහතදීය. මෙම ආරංචිය, ඇයට කියන ලද්දේ චාල්ස් කුමරු විසින් මය. ආරංචිය ඇසූ ජෙනට් කලබල නොවූවාය. ඇය ඔහුට සුබ පැතුවාය.

චාල්ස් කුමරු හා ඩයනා කුමරියගේ විවාහ මංගල්‍යයට ජෙනට්ට ද ආරාධනාවක් ලැබිණ. ඉන්පසු චාල්ස්ගේ සහ ඩයනාගේ උපන් දින සාදවලට ද ජෙනට් සහභාගි වූවාය.

මේ සියල්ලටම ඇය සහභාගි වූයේ චාල්ස් කුමරු සමඟ කිසිම සම්බන්ධයක් නොතිබූ ගාණටය.

අද තමන්ට ඉතිරි වී ඇත්තේ රසවත් අතීතයක මතකයක් පමණක් බව ඇය කියා සිටියි.

ආතර් උස්මීයගේ

සිළුමිණ පුවත් පතෙනි

Saturday, August 8, 2009

බූර මියයයිArtist Fazal boora passed away

By: Prosperity Tech On: 6:42 AM

කලා කරු ෆzඅල් බූර අභාවප්ප්‍රප්ත වේ. ඔහු මියගියේ හුර්දයබදයකිනි.

Boora in Raja Kaduwa Teledrama

Thursday, August 6, 2009

ප්‍රභා ගේ ගෝල කේ.පී ගැන විස්තර සහ දර්ශන L.T.T.E. New Leader K.P Arrested

By: Prosperity Tech On: 2:45 PM

කොටි සංවිධානයේ නව නායකයා යැයි කියාගන්නා කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් අත් අඩන්ගුවට ගන්නා ලද බව රජයේ මාධ්‍ය තහවුරු කරයි. ඒ අනුව ඔහු අත් අඩන්ගුවට ගන්නා ලද්දේ තායිලන්තයේ බැංකොක් නගරයේ දී ය. මොහු කොටින්ගේ ජාත්‍යන්තර කටයුතු මෙහෙයවූ නායකයද විය.

කේ.පී, විදේශයන් හි වෙසෙමින් දෙමළ ජනතාවගෙන් කප්පම් එකතු කිරීම ජයටම කලේය. ඊට අමතරව නොයෙක් කූට ව්‍යාපාර කරමින් මුදල් උපයමින් එල්.ටී.ටි. ඊ සංවිධානය පෝෂනය කලේය. එම ඉපයූ මුදල් වලින් ජාත්‍යන්තර අවි ජාවාරම ද ජයටම කරමින් කොටින්ට අවි සපයන ලද්දේ ද මොහු විසිනි.

කේ. පී උපත ලබා ඇත්තේ යාපනයේ දීය. ඔහු කොටින්ට සම්බන්ධ වී ඇත්තේ 1983 පමන වේ. ඒ වන විට ඔහු 28 වන වියේ පසුවිය.

විවිධ නම් වලින් පෙනී සිටිමින්, විවිධ ගමන් බලපත් භාවිතා කරමින් විවිධ රටවල් වල සැරි සැරූ ඔහුට දෙමළ, ඉංග්‍රීසී, ප්‍රංශ සහ සිංහල යන භාශාවන් ඉතා හොඳින් කතා කිරීමට හැකි බව පැවසේ.

මයිකල් ජැක්සන්ගේ මරණින් පසු ගිය කටකතා Gossip of the World

By: Prosperity Tech On: 12:55 AM

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් ජීවත්ව සිටියදී ඔහුගේ ගීත ඇල්බම මිලියන ගණනින් ලොව පුරා අලෙවි වුණු අතර ජැක්සන්ගේ මරණින් පසුව ඔහු පිළිබඳ වූ කටකතා ද ඊට නොදෙවෙනි වේගයෙන් ලොව පුරා ව්‍යප්ත විය.

ඒ අනුව මුලින්ම බිහිවූ කටකතාවන් ලෙසින් විදෙස් වාර්තාවන් හුවා දක්වනුයේ ජැක්සන් පරිහරණය කළ ඇදුම් පැලදුම් හා ඔහුගේ මුහුණු සහ සමෙහි වර්ණය වෙනස් කිරිම පිළිබඳ තොරතුරය.

ඉන්පසුව ව්‍යප්ත වූයේ මයිකල් ජැක්සන් නැමති සුපිරි පොප් තරුව මිය ගියාද? නැතිනම් ඔහුව මරණයට පත් කළාද? යන්නයි. එමෙන්ම ඔහුගේ ලමයින්ගේ සැබෑම පියා ජැක්සන් ද යන්න පිළිබඳ ප්‍රශ්ණාර්ථය ද ලොව හමුවේ ඇති වූයේ ඇසි පිය හෙළන වේගයෙනි.

මීට අමතරව ජැක්සන්ගේ අනුස්මරණ දේව මෙහෙය පැවැත්වීම සම්බන්ධයෙන් ද අපූරු කතාවක් ගොඩ නැඟුනි. එනම් දේව මෙයෙට රැගෙන ආ රන්ආලේපිත මිනී පෙට්ටිය තුළ දේහය නොතිබුණු බවටත් එම පෙටිට්ය හිස් එකක් බවටත් ඇතැම් විදෙස් මාධ්‍යයන් වාර්තා කර තිබෙනු දක්නට ලැබුණි. කෙසේ වෙතත් ‘මොර්ටවුන්’ නිර්මාතෘ බෙරී ගෝර්ඩි මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ එය මුළුමණින්ම අසත්‍ය බවයි. ජැක්සන්ගේ දේහය එම මොහොතේ දේවමෙහෙයට රැගෙන ආ බව ඔහු එක හෙලා ප්‍රකාශ කර තිබේ.

ජැක්සන්ගේ රසිකයින්ගෙන් සඟවා තැබීම පිණිස මෙම දේහය රහසිගත ස්ථානයක මේ වන විට මිහිදන් කර ඇති බවද ප්‍රකාශ වේ.

එමෙන්ම තවත් ස්ථානයන්හී දරුණු ලෙසින් ගොස් ඇති කටකතාව නම් මෙම “සුපිරි පොප් තරුව” තවමත් ජීවතුන් අතර සිටින බවයි. එම කටකතාවද විදුලි වේගයෙන් ව්‍යප්ත වී ඇති බව විදෙස් පුවත් අණාවරණය කරයි.

කෙසේ වෙතත් පසුගිය ජුනි 25වනදා පනස්වන වියෙහි පසුවුණු ජැක්සන් ලොස්ඇන්ජලීස් හී ඔහු නැවතී සිටි කුලී නිවහනේදී මිය ගිය බව එහි හදිසි මරණ පරීක්‍ෂකවරයා සිරුර පරික්‍ෂා කොට නිල වශයෙන් ප්‍රකාශ කළේය. එම පළමු මරණ පරීක්‍ෂණයෙන් අනතුරුව ජැක්සන්ගේ සිරුරද පවුලේ උදවියට ලබා දීමට පියවර ගෙන තිබුණි. ඉන් අනතුරුව දෙවන මරණ පරීක්‍ෂණය වාර්තාවද නිකුත් වුණු බව ඒජන්සි වාර්තා සඳහන් කර තිබුණි.

කෙසේ වුවද තවමත් මෙම සුපිරි තරුවේ මරණය කුම්න හේතුවකින් සිදුවීද යන්න නිවැරදිව ප්‍රකාශ කර නොතිබීම බොහෝ දෙනාගේ අවධානයට මෙන්ම කුතුහලයට ද ලක්ව තිබේ.

එමෙන්ම මයිකල්ගේ මරණයට හේතුව වේදනා නාශක වැඩි මාත්‍රා ප්‍රමාණයක් ශරීරගත වී යැයි ද කටකතාවක් ව්‍යප්ත වෙමින් පවතී. මේ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වනු ලබන නිලධාරීන් තවමත් මුණිවත රකින අතර ජැක්සන්ගේ මරණය සිදුවීමට පැය 24ක් ඇතුළත කාලය තුළ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍ය කොන්රඩ් මරේ පිළිබඳ කතාබහට ලක්වන තොරතුරු එතරම් සුබදායී නොවේ.

මේ අතර ලා ටෝයා ජැක්සන්, තම සොහොයුරාගේ මරණය සැක සහිත යැයි මුලින්ම ප්‍රකාශ කරනු ලැබූ තැනැත්තිය වේ.

එමෙන්ම තවත් බොහෝමයක් කටකතාවන් මයිකල් ජැක්සන්ගේ දරුවන් පිළිබඳව විදෙස් මාධ්‍යයන් පසුගිය දිනයන්හී දිගින් දිගටම වාර්තා කර ති‍බෙනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් මෙවායෙන් සත්‍යය කුමක්ද යන්න කවුරුන්වත් නොදනී.

‘ත්‍රිලර්’ සිට ‘බෑඩ්’ හරහා ‘හිස්ට්‍රි’ දක්වා ජැක්සන් සිය සංගීත දිවියේ මං සළකුණු තබන විට ඔහුට මල් මෙන්ම ගල් වරුසාද එල්ල විය. කෙසේ වෙතත් මේවායේ සත්‍ය කුමක් දැයි දැනගෙන සිටින්න ඇත්තේ ජැක්සන්ගේ හෘද සාක්‍ෂිය හා දෙවියන් පමණකි.-ලංකා පුවත්

Sunday, August 2, 2009

පොප් රජුගේ මුල් බිරිය කියන අලුත්ම කතාව Michael Jackson’s ex-wife

By: Prosperity Tech On: 4:31 AM


මතබේදයට තුඩුදුන් මරණයකට මුහුණ පෑ ‘පොප් රජා’ මයිකල් ජැක්සන් මුලින් ම විවාහ වී සිටියේ ලීසා මාරි පෙ‍්‍රස්ලි (Lisa Marie presley) සමඟ ය. 60 - 70 දසකවල පොප් කරළියේ දැවැන්ත පෙරළියක් කළ එල්විස් පෙ‍්‍රස්ලි ඇගේ පියායි.

පොප් ගායක මයිකල් ජැක්සන් සමඟ ඈ විවාහ වූයේ 1993 දීය. සිය එකම දියණිය මයිකල් සමඟ විවාහ වනු දැකීමට එල්විස් කැමැති නොවීය.

එයට හේතුව මයිකල් ගැන කිසිම පැහැදීමක් එල්විස් තුළ නොවූ හෙයිනි. කෙසේ වෙතත් සිය පියාගේ අමනාපය නොතකා ලීසා ජැක්සන් සමඟ එක්වූවා ය. එහෙත් ඒ දීගය පැවතුණේ වසර 3 ක් පමණි. 1996 දී ඔවුහු දික්කසාද වූහ.

මෙම විවාහය කැඩී යෑමත් සමඟ ම ජැක්සන්, සාත්තු සේවිකාවක වන ඩෙබී රෝව් ගේ අත ගත්තේ ය.

දරුවන් තිදෙනෙකු ලැබීමෙන් පසු එම විවාහය ද දෙදරා ගියේ ය.

මයිකල්ගේ අවමංගල්‍ය උත්සවය ලීසා මාරි පෙ‍්‍රස්ලි මෙන් ම, ඔහුගේ දෙවෙනි බිරිඳ වන ඩෙබී රොව් ද සහභාගි නොවීම සුවිශේෂ සිද්ධියක් ලෙස මාධ්‍යකරුවෝ සඳහන් කරති. එමෙන් ම මයිකල් ජැක්සන්ගේ අතිජාත මිතුරියක වන සුපිරි හොලිවුඩ් නිළි එළිසබත් ටේලර් ද අවමඟුල් උත්සවයට සහභාගි නොවූවා ය.

මාධ්‍යකරුවන් විසින් වටකරගත් අවමඟුලක කොටස්කාරියක වීමට අකමැති නිසා තමා මෙයට සහභාගි නොවූ බව එළිසබත් ටේලර් කියා සිටියා ය.

සිය සැමියාගේ අවමංගල්‍ය උත්සවයට ලීසා මාරි සහභාගි නොවීම ගැන මාධ්‍යකරුවෝ ඇගෙන් නොයෙක් ප‍්‍රශ්න ඇසූහ. එහෙත් හැම මාධ්‍යකරුවෙකුට ම ඇය පිළිතුර දුන්නේ නිහඬව සිටීමෙනි.

“ඔහු සංගීත ලෝකයේ පුරාවෘත්තයක්. ඔහුගේ නම කිසිම දිනක පොප් සංගීත ක්ෂේත‍්‍රයෙන් මැකී යන්නේ නෑ. කවදා හෝ ජීවිතයේ මැදියම් වයසට පත් වූ මොහොතක මයිකල්ගේ අකල් මරණය මට අදහා ගැනීමට බැරි දෙයක් වේවි” ලීසා හැඟීම්බරව කියයි.

ලීසා මාරි මුලින් ම විවාහ වී සිටියේ ඩැනී කියෝ සමඟ ය.

මෙම විවාහයෙන් ඇයට රිලේ (වයස 19) නමින් දියණියක ද, බෙන්ජමින් (වයස 16) නමින් පුතෙකු ද සිටී.

අවුරුදු හයක් ඩැනී සමඟ පවුල්කමින් සිටියදී ය මයිකල් ජැක්සන් ඇයට හමුවූයේ.

අවුරුදු තුනක් මයිකල් සමඟ ජීවත් වූ ලීසා ඉන්පසු හොලිවුඩ් හි සුපිරි නළුවෙකු වන නිකොලස් කේජ් (Nicolas Cage) සමඟ එක්වීමට තීරණය කළා ය.

2002 දී ඔහු සමඟ විවාහ වූ ලීසා දින එකසිය අටක් (108) කේජ් සමඟ එකට ජීවත් වූවා ය.

ලීසා සිය නිවුන් දියණියන්ගේ සුරතලය විඳිමින්

එම විවාහය ද ලීසා ගේ පෙර විවාහයන් මෙන් අසාර්ථක විය. විවාහ තුනක් අසාර්ථක වීමෙන් පසු ලීසා 2006 දී මයිකල් ලොක්වුඩ් (Michel Lockwood) සමඟ විවාහ වූවා ය.

“මගේ ජීවිතයට නව එළියක් හා පූර්ණ සතුටක් ලැබී තිබෙන්නේ දැනුයි” හතරවන සැමියා මයිකල් ලොක්වුඩ් හා එක්වෙමින් ලීසා මාරි කියා සිටියා ය.

තමා ගෙවූ අසහනකාරි ජීවිතයෙන් ගැලවී ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට හැකියාවක් උදා වූයේ අලුත් සැමියා නිසා බව ද ඇය සඳහන් කරයි.

ලීසා දැන් නිවුන් දරුවන් දෙදෙනකුගේ සුරතල් බලන මවක වී සිටියි. පස් හැවිරිදි මෙම දරුවන් දෙදෙනා (පිස්ලේ සහ හාපර්) දූවරුන් ය.

ලීසා ගායිකාවක මෙන් ම ගීත රචනයට කුසලතා දක්වන්නියකි.

සිය පියා නිසා තමන්ට ගායිකාවක වීමට පුළුවන්කම ලැබුණ බව ඇය කියයි. ඇයගේ ගීත තැටි සහ ඇල්බම් කීපයක් ද පසුගියදා නිකුත් විය.

දරුවන්ගේ වැඩවලට වැඩි කාලයක් මිඩංගු කිරීමට සිදුවී ඇති නිසා සංගීත ක්ෂේත‍්‍රයෙන් ටික කාලයකට ඉවත් වී සිටීමට ලීසා තීරණය කර සිටියි.

ලීසාගේ මව ප‍්‍රිසිල්ලා (priseilla) දැනට සිටින්නේ ඇය සමඟ ය.

දරුවන් දෙදෙනාගේ වැඩකටයුතු වැඩි වශයෙන් ම සිදුවෙන්නේ ප‍්‍රිසිල්ලා අතිනි.

මේ නිසා ඉක්මනින් ම තමන්ට යළිත් සංගීත ක්ෂේත‍්‍රයට ඒමට පුළුවන් කමක් ලැබෙනු ඇතැයි ඇය කියා සිටියි.

ආතර් උස්මීයගේ

සිළුමිණ පුවත් පතෙනි

Saturday, August 1, 2009

ලෝකයේ සිටින නො 1 දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගනී

By: Prosperity Tech On: 1:20 PM

ලබන වසරේදී ශ්‍රී ලංකාවේ දී පවත්වන බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් තරඟා වලියන් පසුව ටෙස්ට් තරඟ වලින් සමු ගන්නා බව මුරලි පැවසීය. නමුත් 2011 දී වවත්වන ලෝක කුසලනය දක්වා තමන් එක්දින තරඟ වලට සහ 20*20 තරඟ සඳහා ක්‍රීඩා කරන බව ඔහු පැවසීය. මුරලි ලොකයේ සිටින ටෙස්ට් කඩුළු වැඩුම සංඛ්ය්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා ද වේ.

Friday, July 31, 2009

සිතුවමට ද, රංගනයට ද උපන් හපන්කම් ඇති ආකාස කුසුම් හි පුංචි සන්ධ්‍යා රාණී

By: Prosperity Tech On: 4:30 PM



මේ හැඩකාර රුවැත්තිය සඳුනිය. ඇය අපේ නිළි රැජනගේ අති විශිෂ්ට රංගනය රැගත් ආකාස කුසුම් හි සංධ්‍යා රාණි ගේ තරුණ කාලය නිරූපණය කළාය.

සඳුනි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘වෑකන්ද වලව්ව’ සිනමා පටයෙන් රිදී තිරයේ අත්පොත් තැබුවාය.

සැබෑ දිවියේදී හෙළ නිළි රැජණ ඇගේ ලොකු නැන්දාය. දමයන්ති ෆොන්සේකා පොඩි නැන්දාය. කලා ලොවේ නමක් දිනා ගත් කලා ශිල්පීන් රැසකගෙන් සැදුම් ලත් කලා පරපුරක එක් පුරකක් සඳුනි නමින් ලියවේ. ඒ ඇය රඟපෑමට මෙන්ම සිතුවම්කරණයෙහි ද හපන්කම් පානා සැබෑම හපනියක නිසාය.

අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගය දක්වා මීගමුව ශාන්ත ෆ‍්‍රැන්සිස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය දැන් අ. පො. ස උසස් පෙළ හදාරමින් සිටින්නීය. කුඩා කළ සිටම රැඟුමට හපන් ඇය හා බද්ධ වූ තවත් එක් සුවිශේෂී කුසලතාවක් වූ ‘සිතුවම්කරණය’ ට සඳුනි වඩාත් ප‍්‍රිය කළේ තමාට ඉදිරි අනාගතය ජය ගත හැකි හොඳ මඟ මෙයම බව වටහා ගත් නිසාය.

කියා ගත නොහැකි බොහෝ දේ ඇයගේ දෙනෙතේ ලියැවුණ ද ඒවා වදනට පෙරළන්නට ඇය දැරූ ආයාසයෙහි ලියැවුණේ සඳුනි වඩාත් ප‍්‍රිය කරන්නේ සිතුවම්කරණයට බවයි.

සඳුනිට කලා ක්ෂේත‍්‍රයේ මෙතරම් දුර ගමනක් ඒමට ඇගේ මවුපියන් සේම නැන්දලා, අක්කලා බොහෝ සෙයින් අත දුන්න ද දළුගම ශ‍්‍රව්‍යාබාධිත පාසලෙන් සඳුනිට ඉටු වූ මෙහෙය අපරිමිත විය. එහි කන්‍යා සොහොයුරිය වන ග්‍රේටා නාලවත්ත සඳුනිගේ දස්කම් හොඳින් හැඳිනූ තැනැත්තියකි. කථනයෙහි අපහසුතාවකින් පෙළෙන සඳුනි අද තරමක් දුරට හෝ කතා කරන්නේ ඒ කන්‍යා සොහොයුරියගේ දැඩි කැප වීම නිසා බවත් සඳුනිගේ මව අප හා පැවසීය.

ආයාසයෙන් සඳුනි ගලපන වදන් එක දෙක අතරට සඳුනිගේ මවගෙන් සඳුනිට ශක්තියක් ලැබිණ. ඒ අතරතුර සඳුනි ගැන අකුරු කරනා අපට සඳුනිගේ අලුත්ම චිත‍්‍ර ප‍්‍රදර්ශනය ගැන ද දැනගන්නට ලැබිණ.

ලබන මස 7, 8, 9 යන තෙදින කොළඹ කලා භවන විවර වන්නේ සඳුනිගේ හා ළහිරුගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනය සඳහාය.

සඳුනිගේ මිතුරකු වන ළහිරු හෙට්ටිආරච්චි සිතුවම් කළ සිතුවම් ද මෙහි දී ප‍්‍රදර්ශනය වේ.

‘ළා සඳ කිරණ’ ලෙසින් නම් කර ඇති මේ සිතුවම් දැක්ම දිය සායම්, ඇක‍්‍රලික්, පාට හුණු, දිය සායම් පැන්සල්වලින් කළ චිත‍්‍රවලින් මෙන්ම රේඛා චිත‍්‍ර ඇතුළු තව බොහෝ මාධ්‍යයන් උපයෝගයෙන් කළ චිත‍්‍රවලින් සමන්විත වේ.

දෙදෙනාම ඇඳි සිතුවම් සියයකට ආසන්න ප‍්‍රමාණයක් මෙහිදී ප‍්‍රදර්ශනයට නියමිත අතර එකී 7, 8, 9 යන තෙදින පුරා පෙ. ව. 9.00 සිට රාතී‍්‍ර 8.00 දක්වා කලා භවන ඒ සඳහා විවෘතව පවතී.

සඳුනිගේ දෙවැනි චිත‍්‍ර ප‍්‍රදර්ශනය මෙය වන අතර ඇය සිය කුලුඳුල් චිත‍්‍ර ප‍්‍රදර්ශනය පැවැත් වූයේ වයස අවුරුදු 11 දීයි. ඒ ඇගේ ශ‍්‍රව්‍යාබාධිත පාසලේ දරුවන් කීප දෙනෙක් සමඟ එක් වෙමිනි.


සඳුනි කුඩා කළ සිටම චිත‍්‍ර ඇඳීමට දැක් වූ දක්ෂතාව නිසාම ඇයට වයස අවුරුදු හතරේ දී සංජීව මෙන්ඩිස් සමස්ත ලංකා චිත‍්‍ර තරගයේදී ළාබාලතම චිත‍්‍ර ශිල්පිනියට හිමි ත්‍යාගය හිමි වූ අතර වයස අවුරුදු පහ වන විට සෙලින්කෝ කැලණි කලාප ප‍්‍රථම ස්ථානයත් හිමි වූ බව ඇගේ මව පැවසුවාය.

එසේම එදා පස් හැවිරිදි සඳුනිට ඉන්දියානු ශංකර් චිත‍්‍ර ප‍්‍රදර්ශනයේ රිදී පදක්කම හිමි වූ බවත් 2007 වසරේදී රාජ්‍ය ළමා චිත‍්‍ර උළෙලේ දී දෙවැනි ස්ථානයත් ඇතුළු ඇය ඇඳි බොහෝ චිත‍්‍ර සඳහා සම්මාන හා ත්‍යාග හිමි වී ඇති බවත් ඇගේ මව අප හා පැවසුවේ ඉමහත් සතුටකිනි.

සඳුනිගේ පිය පාර්ශවයේ බොහෝ පිරිසක් රංගනයෙන් දස්කම් පෑ දෙස් විදෙස් පතල රංගන ශිල්පීන් හා ශිල්පිනියන් වූ අතර සඳුනිගේ මවු පාර්ශවයේ චිත‍්‍ර වලින් දෙස් විදෙස් සුපතල චිත‍්‍ර ශිල්පීන් සිටී. ඒ නිසා සඳුනිගේ විශ්වාසය තමාට රංගන හැකියාවන් පිය පාර්ශවයෙන් ලැබී ඇති බවත් මවු පාර්ශවයෙන් චිත‍්‍ර කිරීමේ හැකියාව උදා වී ඇති බවත්ය.

වදනකින් තෙපිළිය නොහැකි බොහෝ දේ ලොවට හෙළි කිරීමට සඳුනි තෝරා ගත් මාධ්‍ය සිතුවම්කරණය විය. වදනින් හෙළි නොවනා, තෙලිතුඩින් එළි දකිනා සඳුනිගේ හා ළහිරුගේ සිතුවමෙන් ඒකාලෝක වන කලා භවනට ඒ දිනයන්හිදී එන්න යැයි සඳුනි ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතරතුරම ඇයට මෙතෙක් දුර ඒමට අත හිත දුන් අයව ද මතක් කිරීමට අමතක නොකළාය.

චමිලා සේනපාල නම් වූ ඇගේ මුල්ම චිත‍්‍ර ගුරුවරියව සෙනෙහසින් මතක් කළ ඇය ජෝ දඹුළුගල ගුරු පියාණන්වත්, රවීන්ද්‍ර ගුරු පියාණන්වත්, පුලස්ති එදිරිවීර ගුරු පියාණන්වත් සිහි කළේ ඇයට චිත‍්‍ර කලාව හැදෑරීමට නිබඳ සහයක් වූ ගුරුවරුන් බව පවසමිනි.

‘ඒ වගේම ප‍්‍රසන්න විතාන මමාටත්, දළුගම ශ‍්‍රව්‍යාබාධිත පාසලේ ඇලෝයි පීරිස් පියතුමාවත් මගේ මවුපියන්, නැදෑ හිතවතුන් වගේම මිතුරු මිතුරියන්ටත් මේ වෙලාවේ මම ස්තූතිවන්ත විය යුතුම යැයි’ ඇය අවසාන වශයෙන් පවසා සිටියාය.

සිය ගමනේ දී තමාට සවියක් වූ අය අමතක නොකළ සඳුනි නැවතත් සිය දස්කම් දැක ගැනීමට ඔබ සැමට විවෘත ආරාධනාවක් කරමින් අපෙන් සමු ගත්තා.

සඳුනිගේ ලිපිනය - 1/299, මිහිඳු මාවත, මාකොළ උතුර, මාකොළ.

දුරකතන අංක: 0602059253

සටහන
හර්ෂනී රුද්‍රිගූ

ඡායාරූප
ටෙනිසන් එදිරිසිංහ

උපුටා ගැනීම - සරසවිය