Showing posts with label Udari Warnakulasuriya. Show all posts
Showing posts with label Udari Warnakulasuriya. Show all posts

Saturday, July 23, 2016

Udari warnakulasooriya bikini underwater

By: Prosperity Tech On: 5:01 AM

Wodß Èh hg lrk foa

Wodß j¾Kl=,iQßh yeuodu;a mqj;a ujkakshla'

fkdfndaod weh ckm%sh PdhdrEm Ys,amsfhla jk bkaÈl u,a,jdrÉÑ tlal Èh hg rE.; lsßulg tla fj,d ;snqKd'

wkak ta wjia:dj my;ska ;shk úäfhdafjka oel .kak mq¿jka'

Tuesday, December 29, 2015

Udari warnakulasuriya says she is not going to divorce

By: Prosperity Tech On: 10:56 PM

Wodß újdyh .ek l,lsß,d o - Èlalido fjkak yokjd o'@

Wodß j¾Kl=,iQÍh Èlalido jk njg iy ;j;a wdor mg,eú,a,la we;s njg miq.sh ld,fha úúo wdrxÑ me;sr .shd' fï iïnkaOfhka we;a; fudloao lshk tl Wodß meyeÈ,s lr,d ;sfnkjd'

i;s wka;fha mqj;am;lghs weh fï meyeÈ,s lsÍu lr we;af;a' wmsg wdrxÑhs wx.ïfmdr w;f¾ wdor mg,eú,a,l=;a mgka wrf.k
lsh,d'@

Tfydu l;djla‌ ug;a wdrxÑ jqKd' uu fkdoekqj;aju tfyu fohla‌ jqfKa fldfyduo lsh,d ;uhs uu;a fï fydhkafka'

újdy Ôú;h .ek l,lsß,d lsh,;a wdrxÑhs@

miq.sh myf<dia‌jeksodg uuhs iqð;=hs ne|,d wjqreÿ y;la‌ fjkjd' uuhs iqð;=hs wfma tlu ¥ meáh;a tla‌l yßu i;=áka Ôj;a fjkjd'

ta lshkafka Èla‌lido l;dj fndrejla‌@
tal fndrejla‌' tfyu lsisu fohla‌ fjkafka keye'

Sunday, August 23, 2015

Udari Warnakulasooriya - Under Water Shoot

By: Prosperity Tech On: 1:52 AM
Exclusive Introduction - Indika Mallawaarachchi - Under Water Photography

Friday, February 20, 2015

I got so many proposals after the marriage

By: Prosperity Tech On: 10:18 PM

"බැන්ඳට පස්සෙත් ආදර යෝජනා අනන්තවත් ආවා..." 


"ඒත් හොඳ ගැහැනියක් කියලා කටපුරා මට කියන්න පුළුවන්.." - උදාරි කියයි! 

 'බිනර මලී' ටෙලි නාට්‍යය හරහා මේ දිනවල ඔබ හමුවන උදාරි කාලෙන් කාලෙට පුවත් මවන්නියක් වෙලා. පහුගිය දවසක ඈ පැදවූ රියට පුද්ගලයෙකු පවා හසු වී තුවාල ලැබූ බව කියවුණා. කොහොමින් කොහොමහරි උදාරි නම් මාධ්‍යට කියා තිබුණේ එවැනි අනතුරක් තමා අතින් සිදු නොවුණ බවයි. වසර දෙකකට පසු රංගනයට එක් වුණු උදාරි මේ වනවිට ඉන්නේ සැමියාගෙන් ඈත් වෙලා.


ඔහු රැකියාව කරන්නේ විදෙස් රටක නිසා උදාරිට රඟපෑම් කරන්න ලංකාවට ආපහු එන්න වුණාලු... උදාරි නම් කියන්නේ ගෙදරට වෙලා හිටියත් සැමියාව මුණ ගැහෙන්න තියෙන වෙලාව අඩු නිසා ඔහු ළඟ සිටියත්, දුරක සිටියත් වෙනසක් දැනෙන්නේ නැහැ කියලයි.. ඒ වගේම සැමියාගෙන් දුරස් වෙලා ඉන්න උදාරිට නොයෙකුත් පුද්ගලයින්ගෙන් එන අයුතු යෝජනා නම් අනන්තයි අප්‍රමානයිලු...


"රඟපෑමට අමතරව දුවගේ වැඩ කටයුතු එක්ක ටිකක් කාර්ය බහුලයි. චූටි දුව දැන් මොන්ටිසෝරි යනවනේ.
අලුතින් ගෙයක් ගත්තා කියලා ආරංචි වුණා. අලුතින් ගෙයක් අරගත්තා... මේ දවස්වල ඒ වැඩ කටයුතු සම්පූර්ණ කරගන්න වැඩ තමයි කරන්නේ. ඇත්තටම ගේ ගත්තේ දුව ෂෙනාර්යා වෙනුවෙන්. එයා කොයි රටේ හිටියත් තමන්ගේ රටට ඇවිත් ඉන්න එයාගේම කියලා දෙයක් තියෙන්න ඕන.... ඒ නිසා මේක දුව වෙනුවෙන් දෙමව්පියන් විදියට මම සහ සුජිත් කළ ආයෝජනයක්.
 

මම ආයෙමත් මාස කිහිපයකට කලා කටයුතුවලින් ඈත් වෙනවා. දුව මෙහේ මොන්ටිසෝරි දැම්මත්, එයාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සිංගප්පූරුවේ දී සිදු කරන්න තමයි මමයි, සුජිතුයි කල්පනා කළේ...  

ඒ නිසා ඒ වැඩ කටයුතුවලට මාස තුනක් විතර කාලයක් මට එහේ ඉන්න වෙනවා... ඒ ගිහින් ඇවිත් නැවත කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

දුව කියන්නේ ඇත්තටම ලොකු වගකීමක්. එයාගේ හැම දෙයක්ම කරන්න ඕන මම. හැම වගකීමක්ම තියෙන්නේ මට. ඒක ‍ලේසිදෙයක් ‍නෙවෙයි. ඉතින් ඒ වගකීම් සියල්ලක්ම දරාගෙන රංගන ජීවිතේ වැඩ කටයුතුත් කරන එක ලොකු අභියෝගයක් තමයි. මේ තාක් දුරට ඒ හැමදේම මම කරගත්තා. ඉස්සරහටත් කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.

විවාහයෙන් පස්සේත් ආදර යෝජනා නම් අනන්තවත් ලැබිලා තියෙනවා. මම හිතන්නේ කලාකරුවෝ විදියට ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙන එක සාමාන්‍ය දෙයක්... 



අපි කවුද කියන එක දැනගෙන ජීවත් වෙනවා නම්, ඒ වගේ දේවල්වලින් බේරිලා ඉන්න එක අමාරු දෙයක් ‍නෙවෙයි. අපි ඒවට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඒ අය සාමාන්‍ය ප්‍රේක්ෂකයො විදියට ගණන් ගත්තහම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ...

මමත්, සැමියත් ඉන්නේ රටවල් දෙකක. නමුත් එහෙම දුරස් බවක් නැහැ... හැම සති දෙකකට සැරයක් සුජිත් ලංකාවට එනවා... ගිය සතියෙත් එයා ඇවිත් ගියා... 


අපි දෙන්නම කාර්යබහුල ජීවිත ගෙවන්නේ ඒ නිසා දුරස් බවක් දැනෙන්නේ නැහැ... අනිත් එක, එක රටේ හිටියත් අපි හම්බවෙන්නේ අඩුවෙන්. එයා ශල්‍ය වෛද්‍යවරයෙක් නිසා ගොඩක් වෙලාවට ඉන්නේ තියටර් එකේ. අනිත් එක දුව නිසා තනිකම පාළුව දැනෙන එක අඩුයි. නැතුව නොවෙයි. ඒ වුණාට අපි දෙන්නටම ඒක දැන් පුරුදු වෙලා.


ඒත් අපි දෙන්නාගේ ආදරයේ නම් කිසිම අඩුවීමක් වෙලා නැහැ.... ඒ ආදරය හැමදාම අපි දෙන්නා අතර තියෙනවා. අපි, අපිට හරිම ආදරෙයි.

රංගනය පැත්තෙන් මම හොඳද, නරකද කියන එක මට තීරණය කරන්න බැහැ.... ප්‍රේක්ෂකයෝ තමයි ඒක තීරණය කරන්නේ. ඒත් මම හොඳ බිරිඳක්, මවක් සහ හොඳ ගැහැනියක් කියලා කටපුරා මට කියන්න පුළුවන්..."












Thursday, October 2, 2014

I will answer any call if i am not bussy

By: Prosperity Tech On: 4:39 AM

Busy නැත්නම් ඕනෑම Call එකකට මම Answer කරනවා

උදාරි වර්ණකුලසූරිය
* උදාරි ගැන පොඩි අලුත් ආරංචියක් මේ දිනවල පැතිරෙනවා?
කියන්නකො බලන්න මටත් දැනගන්නත් එක්ක.
* ඔයා නොදන්නවා වෙන්න විදිහක් නැහැ. ඔබ කාටත් හොරෙන් අංගම්පොර ශිල්ප ක්‍රමය ඉගෙන ගන්නවලු නේද?
මේ මේ මේ . හොරෙන් නම් නෙවෙයි. හැබැයි මං අංගම්පොර ඉගෙනගන්නවා නම් තමයි. ඒ ජනක චමින්ද අත්තනායකගේ කේෂරි නාට්‍යවෙනුවෙන්. මා එහි රඟපාන්නේ බිනරි. තමන්ගේ වරිගය වෙනුවෙන් කතාකරන කෙනෙක්. ජගත් චමිල තමයි මගෙ අයියා සහ බුද්ධදාස විතානාච්චි මහත්මයා මගෙ තාත්තා.
* උදාරි ආයෙත් බොහොමත්ම කාර්යබහුල වෙලා?
ඔව් අනේ. විදෙස්ගත වෙලා ඉඳලා ලංකාවට ආවා විතරයි නාට්‍ය ගොඩක් ලැබුණා. ඒ හින්දා නිවාඩුව දීර්ඝ කරගෙන ලංකාවෙ හිටියා.
* චිත්‍රපටයකුත් ලැබුණානේද?
ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන ආදරණීය කතාවක්. ඒක සංගීතමය චිත්‍රපටයක්. හරිම සුන්දරයි.ළඟදීම එය තිරගත වේවි.
* උදාරි දැන් රඟපානවා රඟපානවා ඉවරයක් නැහැ. ඒ ජීවිතය එපාවෙලා නැතිද?
මං හිතන්නේ මේ වෘත්තිය පෙර වාසනාවකට මට හිමිවෙච්ච දෙයක් කියලයි. රංගනය නිසා මට ලැබිලා තියනදේ බොහොමයි. ඉතින් ඒ වාසනාවට පයින් ගහනවා වගේ වැඩකරන්න වෙන්නේ මං රංගනයෙන් ඈත් වුණොත්. මට කොච්චර රඟපෑවත් කිසිම වෙහෙසක් නැහැ. මං මේ වෘත්තියෙ නියැලෙන්නේ හරි ආදරයන්.
* උදාරි දැන් මවක්, ගෘහනියක්. නමුත් ඔබ ජනප්‍රිය නිළියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නවා. කොහොමද එහෙම වුණේ?
මං ඕන කෙනෙක් එක්ක බොහොම සුහදශීලියි. මොන නම්බරයකින් කෝල් එකක් ආවත් කාර්යබහුල නැතිනම් ඒකට පිළිතුරු දෙනවා. ඒ හින්දා මිනිස්සු මගෙත් එක්ක ඉන්නවා. තැනකට ගියත් අක්කේ, නංගී කියලයි මට කතා කරන්නේ. කවදාවත් කිසිම කෙනෙක් මට මිස්වත් මැඩම්වත් කියලාවත් නැහැ. එහෙම කතා කරනවට මං ආසත් නැහැ. මං ජනප්‍රිය මේ කරුණු නිසා වෙන්න ඇති.
* ඇතැම් අය කියනවා උදාරි එකම රාමුවක කොටුවෙලා කියලා. මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?
මගෙ වයසට මට ලැබෙන්නේ පෙම්වතියගෙ චරිතය. මං ඒකට මක්කරන්නද?
* ඔබට පුළුවන්නෙ පෙම්වතිය වුණත් වෙනස් කරමින් රඟපාන්න. අඩුමගානේ කොණ්ඩා මෝස්තරයවත් වෙනස් කරන්නකො.
නළුවකුගේ හෝ නිළියකගේ කොණ්ඩා සැකසුම කරන්නට වෙනම කෙනෙක් ඉන්නවනෙ. එයා නාට්‍යයට ඕන විදිහට හදයි. කටහඬින් හෝ අංග චලනවලින් මට පෙම්වතියව වෙනස් කරන්න අමාරුයි. මොකද මට ලැබෙන පෙම්වතිය සාමාන්‍ය ජීවිතයෙ හමුවන අය නිසා හැබැයි කේෂරි නාට්‍යයේ බිනරි සමඟ මගෙ රංගන ජීවිතයේ වෙනසක් වේවි.
* ඒත් ඔබ ආදර දෑසක් හි රඟන චරිතය ඔය කියන සාමාන්‍ය පෙම්වතියගෙන් වෙනස්නෙ. ඇය මානසික චිත්ත පීඩාවලට හසු වූ තැනැත්තියක්. ඔබට තිබුණනේ ඔයිටවඩා යමක් එකතුකරමින් රඟපාන්න.
අනේ මට තේරෙන්නේ නැහැ ඔබ අදහස් කරන්නේ මොකද්ද කියලා. හැබැයි ඒ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම ඉහළයි.
* ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් චරිතයක සාර්ථකත්වය මනින්න බැහැ නේද.
නැහැ මං ප්‍රේක්ෂකයින්ගෙ ප්‍රතිචාර වලින් චරිතයේ සාර්ථකත්වය මැනීම නෙවෙයි ඒ කළේ. මං ඔබට ඇත්ත තත්ත්වය කිව්වේ.
* උදාරි රඟපෑවෙම පෙම්වතියගේ චරිතය කියලා කිව්වනේ. එහෙම පෙම්වතිය වෙලා ආදරබර ජවනිකා රඟපාද්දී පෙම්වතා වන නළුවට ඇත්තටම ආදරේ හිතිලා නැතිද?
රඟපෑම කියන්නේ රඟපෑමනෙ. එතනින් එහාට ඒ හැඟීම් යන්නේ නැහැ. මං කොච්චර පෙම් ජවනිකාවලට ඉදලා තියනවද? ඒත් ගානක් නැහැ. දැන් ඒවා සාමාන්‍ය දේවල්.
* උදාරිගේ පුංචි දෝණි ටික ටික ලොකුවෙද්දී පෙම් ජවනිකාවල පෙනී සිටීම ප්‍රශ්නයක් නෙවෙයිද?
දෝනි නෙවෙයිනෙ මමනෙ රඟපාන්නෙ. අනික දැනුම් තේරුම් වයසට පත් වුණාම දෝණි තේරුම් ගනිවි අම්මගෙ වෘත්තිය.
* උදාරි පසුගිය කාලෙ ගායනයටත් යොමුවෙලා හිටියා. අලුත් ගීතයක් ඉදිරිපත් කරනවත් කිව්වා. කෝ තවම නැහැනේ?.
මගෙ පරක්කුව තමයි තියෙන්නෙ. අලුත් ගීතයක් මට ලැබිලත් තියනවා. එය පටිගත කරන්න විදිහක් නැතුව ඉන්නේ රංගන කටයුතුවල කාර්යබහුලකම නිසා.
* මේ කාර්යබහුලකම මැද ගෙදර වගකීම් ඉටු කරන්නෙ කොහොමද?
සිංදු කියන්න වෙලාවක් හොයාගන්න බැරිවුණාට ගෙදර වැඩවලටනම් කෙසේ හෝ වෙලාවක් හොයා ගන්නවා. දුවට සමහර දවස්වල කවන්නෙත් මං. එයාට දවසට එකපාරක් හරි හුරතල් කරනවාමයි. මේ වගේ දේවල් කළේ නැත්තම් මං කොතරම් කේෂත්‍රයේ ඉහළට ගියත් වැඩක් නැහැ.
* යොවුන් නිළියන්ගේ පවුල් ජීවිත ඉතා ඉක්මනින් බිඳීයාමේ ප්‍රවණතාවයක් තියනවා. ඒ ගැන මොනවද උදාරිට කියන්න තියෙන්නේ?
ඒකට ප්‍රධානම හේතුව එකිනෙකා තේරුම් නොගැනීම. ඒවගේම එකිනෙකා අභිබවායන්න උත්සහ කරන්නත් හොඳ නැහැ. අනික සැමියා බිරිඳටත් බිරිඳ සැමියාටත් ගරු කළ යුතුයි. මේ වගේ ගතිගුණ හීන වුණාට පවුල් ජීවිත ගෙනියන්න අමාරුයි.
* ආයෙ කවදද උදාරි සිංගප්පූරුවට යන්නෙ?
මටත් හිතාගන්න බැහැ. මං මෙහෙ ටික දවසක් ඉන්නවායි කියලා මහත්තයාට කිව්වෙ. මං ඔහුට කිව්වා ඉක්මනට බලන්න එන්නම් කියලත්. දැන් ඒකෙ අනෙක් පැත්ත එයා දැන් සැරින්සැරේ මාව බලන්න ලංකාවට එනවා.
* ඔබ මෙතක් කතාබහ කරපු විදිහෙන් ඔබට හොඳ ජනරැල්ලක් ඉන්නවා කියලා හැඟෙව්වා. ඒ තත්ත්වය මත කෙදිනක හෝ දේශපාලනයට එන්න හිතක් නැතිද?
බුදු අම්මෝ. දේශපාලනය මට අරහං. දන්න කලාව හොඳයි.
* කලාවෙන් ලැබෙන්නෙ ජනප්‍රියත්වය පමණයි. නමුත් දේශපාලනය මගින් බලයත් ලැබෙනවනේ.
මට මේ තියෙන බලය හොඳයි. කලාවේ බලය දේශපාලන බලයට වඩා ප්‍රබලයි. ඒක නිසා මේ ඉන්න විදිහ හොඳා.
* මේ තියන ජනප්‍රියත්වය කවදා හෝ ගිලිහුණොත් මොකද කරන්නේ?
මොනවා කරන්නද? හිතහදාගෙන ඉන්නවා ඇරෙන්න. මගේ සැමියා සුජිත් ඉන්නකම් මට බයවෙන්න දෙයක් නැහැ.
* හරි ජනප්‍රියත්වය ගිලිහීම සමඟ ඔබවටා ඉන්න හැමෝම ඈත් වුණොත්?
කිසි ප්‍රශ්නයක් නැහැ. රටකජු විකුණලා හරි මං ජීවත් වෙනවා.

Tuesday, September 30, 2014

Udari Warnakulasuriya's latest photoshoot

By: Prosperity Tech On: 9:49 AM

උදාරි වර්ණකුලසූරියගේ නව චායාරූප එකතුවක්