Showing posts with label Thanuja dilhani. Show all posts
Showing posts with label Thanuja dilhani. Show all posts

Monday, March 29, 2010

අපේ පැතුම ඒ අයුරින්ම ඉටුවුණා

By: Prosperity Tech On: 12:23 PM

තනූජා දිල්හානි

ඇය මෙරට සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරය දිනූ රුවැත්තියකි. රංගන ශිල්පිනියක, වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක සහ නර්තන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක යෙදෙන, කලා හැකියාවන් රැසකින් පිරිපුන් මේ යොවුන් තාරකාව කවුරුත් හඳුනන්නේ තනූජා දිල්හානි ලෙසයි. මේ දිනවල

රූපවාහිනිය ඔස්සේ දිග හැරෙන ටෙලිනාට්‍ය සහ වෙළෙඳ දැන්වීම් රැසක් සමඟ ඇය අපේ ආලින්දයට ගොඩවදින්නීය. කලා කටයුතු සමඟ කාර්ය බහුල දිවියක් ගත කළ ද තනූජා පසුගිය දිනෙක ඇයගේ නවතම කලා තොරතුරු පිළිබඳ අප සමඟ කතා බහ කරන්නට එක්වුණා. තනූජා ‘රසඳුන’ සතුටු සාමීචිය සමඟ එක්වුණු සොඳුරු මොහොතයි මේ.

ටෙලිනාට්‍ය කීපයක් සමඟ ඔබ ආයෙමත් කාර්යබහුල වෙලා වගේ?

ඇත්තටම ඔව්. මේ දවස් ටිකේ ම නවතම ටෙලිනාට්‍ය දෙකක රූපගත කිරීම් සඳහා මම සහභාගි වෙනවා. මේ දෙකම රූ ගැන්වෙන්නේ කොළඹින් පිට. ඒ නිසා තරමක් කාර්ය බහුලයි. ඒ වගේ ම වී. සිවදාසන් අධ්‍යක්ෂණය කරන ‘අළුපාට හීන’ ටෙලිනාට්‍යයත් මේ දිනවල විකාශනය වෙනවා. එය ස්වර්ණවාහිනිය ඔස්සේ මගේ රසික රසිකාවියන්ට දැක බලා ගන්න පුළුවන්.

‘අළුපාට හීන’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන්නේ සංකීර්ණ චරිතයක් ?

මේ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ විශ්වවිද්‍ය්‍යාල මහාචාර්යවරයෙක් සමඟ විවාහ වී සිටින තරුණ කාන්තාවක ගේ චරිතයක්. ඔවුන් අතර පවතින වයස් පරතරය, මත ගැටුම් රැසක් ඔස්සේ නවතම කතා තේමාවකින් යුතුව මේ ටෙලිනාට්‍යය දිග හැරෙනවා. කුතුහලය, සානුකම්පිත බව ඉස්මතු වෙන චරිතයක් එය. එය ප්‍රේක්ෂකයන්ට රසවත් කතාවක් වෙයි කියා මම හිතනවා.

ඔබ මීට පෙර ‘සක්විත්තෝ’ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වුණා. එහි රඟපෑ චරිතය ගැන ඔබ තෘප්තිමත් ද?

මට ලැබුණු චරිතය ගැන මම ඉතාම තෘප්තිමත් වෙනවා. මොකද ‘සක්විත්තෝ’ ටෙලිනාට්‍යයේ ‘චාරුණිකා’ කියන චරිතය තමයි මට රඟපාන්න ලැබුණේ. මේ චරිතයේ විශේෂත්වය තමයි තමන් විසින් ම දියුණු වෙන්න බලාගෙන වැඩ කරන තරුණියකගේ චරිතය. මේ චරිතයට හුඟාක් හොඳීන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා මම හිතනවා ඒ චරිතයට මම සාධාරණය ඉෂ්ට කළා කියලා.

මේ දිනවල රූපවාහිනී නාලිකා ඔස්සේ ‘සුපිරි තරු’ බිහිකරන රියැලිටි වැඩසටහන්වලට දායක වෙන්නට ඔබට ආරාධනා ලැබුණේ නැත් ද?

මම මීට පෙර ‘සිරස’ රූපවාහිනිය ඔස්සේ ඉදිරිපත් කරපු ‘සිරස ඩාන්සින් ස්ටාර්ස්’ වැඩසටහනට සහභාගි වුණා. නමුත් ඒ වැඩසටහන ගැන මට යම් කල කිරීමක් ඇතිවුණා. ඒ තුළ විනිවිද භාවයක් මම දුටුවෙ නැහැ. ඒ තුළ කිසිම රියැලිටි බවක් මම දැක්කෙ නැහැ. ඒ හින්ද පසු කාලෙක විවිධ රූපවාහිනි නාලිකා හරහා විවිධ ගායන හා නර්තන වැඩසටහන්වලට සහභාගිවෙන්න කියලා මට ආරාධනා ලැබුණත් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කරන්නට මට සිදුවුණා.

ඔබේ සිනමා අත්දැකීම් පිළිබඳව කතාකළොත්?

මෙහෙමයි. මේ වෙනකොට ‘රෝස කැලේ’, ‘එකමත් එක රටෙක’ කියන චිත්‍රපට දෙකට මම දායක වෙලා තිබෙනවා. ඊට අමතරව ‘වියපත් බඹරා’ කියන චිත්‍රපටයටත් දායක වෙන්න ලැබුණා. සමහරක් චිත්‍රපටවලට මට ආරාධනා ලැබුණත් ආර්ථික සහ නිර්මාණාත්මක අතින් සතුටු වෙන්න බැරි නිසා ඒවා මට අත්හැර දමන්න සිදුවුණා.

ඔබ පසුගිය දිනෙක විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ ගැනත් කතාබහ කරමු.

මම විවාහ වුණේ පණ්ඩුක දයානන්ද සමඟ. ඔහු ජනප්‍රිය කැමරා ශිල්පි කීර්ති දයානන්ද මහත්මයාගේ පුතණුවන්. පණ්ඩුක ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරනවා. අපි විවාහ වුණේ ආදර සම්බන්ධතාවයකින්. ඇත්තටම අපේ මංගල උත්සවය ලස්සනට සිදු කරන්නට අපි දෙන්නගෙම හිත් තුළ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. එය ඒ අයුරින් ම ඉෂ්ට කර ගන්නට අපට හැකි වුණා. ඉතා හොඳ විවාහ ජීවිතයක් ගත කරන්නට අපි දෙදෙනාම බලාපොරොත්තු වෙනවා.

ඔබේ පෞද්ගලික ජීවිතයට වගේ ම කලා ජීවිතයට පණ්ඩුක ගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක් ද?

පණ්ඩුකගෙන් විවාහ වන්නට පෙර සිටම මට ලැබුණු සහයෝගය අතිවිශාලයි. පණ්ඩුකගෙන් වගේ ම පණ්ඩුකගේ පියා ගෙනුත් නිතරම අවවාද උපදෙස් අරගෙන තමයි මම කලා කටයුතුවල නිරත වෙන්නේ.

ඔබේ කැදැල්ලට තුන් වැන්නෙක් එක්කර ගැනීමේ බලාපොරොත්තුවක් තවම නැද්ද?

ඇත්තටම එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. ඒත් තවම ඒ ලකුණු නම් නැහැ.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද? අපි ඒ ගැනත් කතා කරමු.

අපි පටන් ගත්ත විවාහ ජීවිතේ බාධාවකින් තොරව ගෙන යන්නත් මගේ කලා කටයුතු, ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.

Saturday, March 20, 2010

‘නිල් බලකායත්’ සමඟ එකතු වෙලා පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්න අපිට අවස්ථාව ලැබුණා.

By: Prosperity Tech On: 12:37 AM
තනුජා දිල්හානි

‘නිල් බලකායත්’ සමඟ එකතු වෙලා පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්න අපිට අවස්ථාව ලැබුණා.

එහිදී නාමල් රාජපක්ෂ සමඟ කලාකරුවන් විදිහට අපි ලොකු වැඩ කොටසක් ඉටු කළා. මම ඇත්තටම එහි දී දැක්ක දෙයක් තමයි නාමල් රාජපක්ෂ සතුව පවතින මනුස්ස ගති ගුණ. ඔහුගේ පියා වන ජනාධිපතිතුමන් සතු ගතිගුණ නාමල් තුළත් නොඅඩුව පිහිටා තිබෙනවා.

විශේෂයෙන්ම තරුණ තරුණියන් සමඟ ඉතාම එකමුතුව, නිහතමානීව, ලොකු පොඩි, දුප්පත් - පෝසත් භේදයකින් තොරව කාටත් එක වගේ සැලකීමට දක්ෂ කටයුතු කරන පුද්ගලයෙක් විදිහට නාමල්ව හඳුන්වන්න පුළුවන්.

නාමල් හැම වෙලාවෙම රට ගැන හිතන තරුණයෙක්. ඔහුගේ පළමු උත්සාහය රට රැක ගැනීම. ඒ වෙනුවෙන් ඔහු ඉදිරිපත් කරන, ව්‍යාපෘති, සැලසුම් තුළින් ම ඒ බව පෙනෙන්නට තිබෙනවා.

ඒ වැඩපිළිවෙළ තුළ ඔහු තාරුණ්‍යයට විශාල ඉඩක් ලබා දෙනවා. ඔහු හැම විටම හිතන දෙයක් තමයි තරුණ පරපුර ඉදිරියට ගෙන එන්නේ කොහොමද කියන එක. ඒ ගැන ඔහු මේ වෙනකොට බොහෝ ව්‍යාපෘති සැලසුම් සකස් කර අවසන්.

මම හිතන්නේ නාමල් වගේ තරුණයෙක් දේශපාලනයට එනව කියන්නේ මේ මුළු රටට ම සේවයක් වෙනවා කියලයි. මම ඔහුට එකසිතින්ම සුබ පතනවා රට ගොඩනගන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා.


සුහද හමුවක හමුවීම ආදරයක්‌ වුණා



තනුජා දිල්හානි නම කියූ පමණටත් වඩා ඇය රුව නෙත ගැටුන විට ඔබ හොදාකාරවම ඇය හඳුනනවා ඇත. අද වනවිට රූපවාහිනි නාලිකා රැසක ටෙලි නාට්‍ය කිහිපයකත් දැන්වීම් කිහිපයකත් කතා නායිකාව වන ඇය පසුගියදා තම ජීවිතයේ සොඳුරුතම දවස උදාකර ගත්තාය.

තනුජා කොහොමද අලුත් ජීවිතය

ගොඩක්‌ හොඳයි. ටිකක්‌ වෙනදට වඩා වැඩ වැඩියි. වගකීම් වැඩියි. නමුත් සතුටින්, සැහැල්ලුවෙන් ගෙවිලා යනවා.

තනුජා වෙඩින් එක තිබුණේ කවදාද? කොහේද?

දෙසැම්බර් 26 වෙනිදා, වාද්දුව බ්ලුවෝටර්ස්‌ හෝටලයේ.

මොන විදිහටද ඔබ සැරසුණේ...

මම සැරසුණේ උඩරට මනාලියක්‌ විදිහට. මාව ලස්‌සනට හැඩ කළේ චම්පි සිරිවර්ධන. ඇය මගේ මංගල උත්සවය වෙනුවෙන් විශේෂ කැපවීමක්‌ කළා. මම ඇන්දේ ලා කහපාට ඔසරියක්‌. මට අලුත්ම සාරිය ලබා දුන්නේ සරිටා ආයතනය මගින්. මල් කළඹ කළේ හසිත ගුණසේකර විසින්. වෙඩින් කේක්‌ එක කළේ හසිතගේ ආදරණිය බිරිද. මංගල උත්සවයේ සියලුම නර්තන නිර්මාණයන් කළේ තුෂාර.

අපි අපේ වෙඩින් එකේ තේමාව ලෙස යොදා ගත්තේ මානෙල්මල. ඒ නිසා මංගල උත්සවය තවත් හැඩ කරන්න මම එකතු කර ගත්තේ. මල් කුමාරියන් හයක්‌ සහ මල් කුමාරයන් දෙදෙනෙක්‌ විතරයි. ඔවුන්ගේ ඇඳුම් නිර්මාණය කළෙත් දම් සහ කහ පාට ලෙස මිශ්‍ර කරගෙනයි. සියලුම ඇඳුම් නිර්මාණය කළේ ඇනස්‌ටා රංජනි සහ නිරෝෂා ජයසේකර. උත්සව ශාලාව මාළිගාවක්‌ විදිහට සරසන්න සියලු නිර්මාණයන් කළේ මල්ෆාන් ෆ්ලෝරාවල රොෂාන්. මේ සියලුදෙනාම මගේ මංගල උත්සවයට මම හිතුවටත් වඩා සාර්ථක කරගන්න ගොඩක්‌ උදව් කළා. ඔවුන් සියලු දෙනාටම මම මෙය ස්‌තුති කරන්න අවස්‌ථාවක්‌ කර ගන්නවා.

පණ්‌ඩුක සැරසුණෙත් ආරිය සිංහල ඇඳුමින්. මුලින්ම මම කැමති වුණේ පණ්‌ඩුක මුල් ඇඳුමින් සැරසිලා ඉන්නවට. නමුත් ඔසරියට වඩාත් ගැළපෙන්නේ ආරිය සිංහල ඇඳුම බව අපි රූපලාවන්‍ය ශිල්පිනිය සමග කතා කරද්දී තීරණය කළා.

ඒ අනුව ඔහුත් ඒ විදිහට සැරසුණා. මගේ මංගල උත්සවය මේ තරම් සාර්ථකව සැලසුම් කළේ හිමේෂා රාජපක්‌ෂ මගේ මිතුරිය බ්ලූ වෝටර්ස්‌වල සපුමල් ගොඩක්‌ උදව් කළා. හෝටලය ලබා ගැනීමේදී ලක්‌ෂ්මන් හුණුගල්ල මහතා, ඇතුලු බ්ලූ වෝටර්ස්‌ කළමනාකාරිත්වයෙන් ලොකු සහයෝගයක්‌ මට ලැබුණා. මේ සියලුදෙනාගේම සහයෝගයෙන් තමයි මගේ විවාහ උත්සවය ගොඩක්‌ ලස්‌සනට සැලසුම් වුණේ.

මංගල උත්සවය තුළදී ලොකු විශේෂත්වයක්‌ තිබුණාලු නේද?

ඔව්. මට ඕනවුණා මගේ විවාහය මගේ උපන්දිනය දවසේ කරන්න. නමුත් අපි මුලින් දැනගෙන හිටියේ නැහැ එදා නැකැත් දවසක්‌ කියලා. ගෙදරින් පිටවෙන්න නැකතක්‌ හදන්න ගියාමයි අපි දැන ගත්තේ 26 නැකැත් දවසක්‌ බව. එහෙම හිතලා අපි දෙසැම්බර් 18 විවාහ වුණා. අපි විවාහ උත්සවය පැවැත් වූවේ රාත්‍රියේ නිසා මධුසමයට පිටත්වීමද මංගල උත්සවය මගේ උපන්දින උත්සවය බවට පත් වුණා. එක හරිම විශේෂ අවස්‌ථාවක්‌ වුණා. මගේ ජීවිතයේ සුන්දරම අවස්‌ථාව මාත් එක්‌ක ගත කරන්න එකතු වූ මගේ ක්‍ෂේත්‍රයේ සියලු දෙනාටත් දේශපාලන ක්‍ෂේත්‍රයේ සියලු දෙනාටත්, මගේ ළඟින්ම ඉඳලා උදව් කළ මුතුටත් අපි දෙන්නගේම පවුල්වල අයත් ආදරයෙන් මතක්‌ කරනවා.

පණ්‌ඩුකව හමුවුණේ කොහොමද තනුජා...

මගේ අක්‌කා කෙනෙක්‌ ඉන්නවා ලයන්ස්‌ ක්‌ලබ් එකේ. මම දවසක්‌ ලයන්ස්‌ලගේ ගෙට්‌ටු ගෙදර් එකකට ගියා. එතනදී තමයි අපි දැන හැදින ගත්තේ. නමුත් මම ඒ වෙනකොටත් ටෙලිනාට්‍ය දෙක තුනක්‌ කරලා තිබුණත් පණ්‌ඩුක මම රඟපාන බව දැනගෙන හිටියේ නැහැ. එදා දැන හැදිනගෙන කතා බහ කරලා පස්‌සේ ඒක ආදරයක්‌ බවට පෙරලුණා.

විවාහයෙන් පස්‌සෙත් රඟපානවාද?

ඔව්... පණ්‌ඩුකවත් එයාගේ අම්මා, තාත්තා, එකම සහෝදරියවත් මම රඟපානවට අකමැති නැහැ. ඔවුන් හැම දෙනාම මගේ කලා කටයුතුවලට ගොඩක්‌ උදව් කරනවා. ඒ අතින් මම හරිම වාසනාවන්තයි.

නමුත් කවදාහරි දවසක යහපත් පවුල් ජීවිතයක්‌ වෙනුවෙන් කලාවෙන්ම සමුගන්න සිද්ධ වුණොත් ඒකත් මම හරිම කැමැත්තෙන් කරන්න සූදානමින් ඉන්නවා.

තනුජාගේ ලිපිනය
නො. 794, "ටියුලිප්" නිවාස
තෙවන කලාපය, මිලේනියම් සිටි, අතුරුගිරිය