Showing posts with label Slider. Show all posts
Showing posts with label Slider. Show all posts

Tuesday, January 27, 2015

Jennifer Lopez calls out her critics in new issue of Complex

By: Prosperity Tech On: 10:34 PM

Complex සඟරාවට ජෙනිෆර් ලෝපේස් ඇඟ පෙන්නුවේ ඇයි?


පෙබරවාරි හා මාර්තු මාසය ඉලක්ක කොටගෙන නිකුත්වීමට නියමිත සුප‍්‍රසිද්ධ ‘Complex’
සඟරාව වෙනුවෙන් ජනප‍්‍රිය ගායිකා ජෙනිෆර් ලෝපේස් තම සිරුර ප‍්‍රදර්ශනය කොට තිබීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. කිසිදු යට ඇදුමකින් නොසැරසුන ඇය එහි අන්තර්ගතවූ ඡායාරූප සියල්ල සදහා පෙනී සිට ඇත්තේ සිය සිරුරේ සුන්දරත්වය ස්වභාවිකව ඉස්මතු වන ආකාරයෙන්. මෙහි ඇති විශේෂත්වය වන්නේ බොහෝ කාන්තාවන් තමන් වයසට ගොස් ඇතැයි නිගමනය කරන වයස අවුරුදු 45 වයසේදී ජෙනිෆර් තම සරාගී සිරුර වඩාත් හොදින් නඩත්තු කොට පවත්වාගෙන යාමයි. ජෙනිෆර් මෙම ඡායාරූප සදහා පෙනී සිට ඔප්පු කිරීමට උත්සහ කර ඇත්තේද තමන් තවමත් තාරුණ්‍ය උතුරා යන සුන්දරියක් ලෙස බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඉතාමත් මෑතකදී පැවති සම්මාන උළෙලට සහභාගී වූ ඇය එම අවස්ථාවට හැද සිටියේද ඇයගේ සිරුර නිරාවරණය වූ ගවුම් විලාසිතාවක්. එහිදී සියලු දෙනාගේම අවධානය යොමු වුනේ ජෙනිෆර් දෙසටයි.

(Shaafm.com)

 

Sunday, January 25, 2015

Dilani Abeywardena's daughter to Sinhala cinema

By: Prosperity Tech On: 6:05 AM

ඇමරිකාවේ සිටින ඩිලානිගේ 18 වියැති දුව සිංහල සිනමාවට 

ඇමරිකාවේ පදිංචිව සිටින ප්‍රකට ටෙලි හා සිනමා නිළි ඩිලානි අබේවර්ධන හා ගායක සමන් පුෂ්පවර්ණගේ දියණිය 18 හැවිරිදි කවීෂා කාවින්දි සිංහල චිත්‍රපටයක ර`ගපෑම සඳහා දැන් ලංකාවට පැමිණ තිබේ. ලාල් වීරසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලබන සිංග මචන් චාලි නමැති චිත්‍රපටයට රංගනයෙන් දායකවන්නට නියමිත ඇය ලංකාවේ සති තුනහමාරක සංචාරයෙන් පසු නැවත ඇමරිකාවට යනු ඇත. ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්