Showing posts with label Shihan Mihiranga. Show all posts
Showing posts with label Shihan Mihiranga. Show all posts

Wednesday, April 1, 2015

Shihan Mihiranga Stage Incident

By: Prosperity Tech On: 6:57 PM

ප්‍රවීන ගායකයෙක් ශිහාන් මිහිරංගට ප්‍රසිද්ධ වේදිකා‍වේ බැන්න හැටි - වීඩියෝ සහිතයි


ශිහාන් මිහිරංග කියන්නේ මේ වෙනකොට අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් රැසක් ඔහුගේ රසික රසිකාවියන්ට තිළිණ කරපු අපූර්ව ගායකයෙක්.

ඒ නිසාම සජීවී ප්‍රසංගයකදී ශිහාන්ටත් වේදිකාවට ආරාධනා කරන්න ගොඩක් දෙනෙක් කැමති වෙලා හිටියා.

දවසක් ඔය වගේ සජීවී ප්‍රසංගයකට සහභාගී වුණු ශිහාන් මිහිරංග ඇතුළු නවක පරපුරේ ගායකින් අතර හිටිය ප්‍රවීන ගායකයෙක් ඔහුට වේදිකාවේ ගීත ගායනා කරන්න අවස්ථාව නොදුන්නු නිසා පොඩ්ඩක් හිත් අමනාපෙන් ඉඳලා තියෙනවා.
ඒ ගැන වටේ ඉන්න අයත් එක්ක බැණ බැණ ඉන්න ගමන් ශිහාන් එතන්ට ඇවිත් තියෙනවා. එකපාරටම කතාව අනිත් පැත්ත හරවපු මෙයා ශිහාන් එක්ක පොඩි කතාවක් පටන් අරන් එයාගේ නම මොකක්ද කියලා අහලා. ඊට පස්සේ තමයි හොඳම සිද්ධිය වෙලා තියෙන්නේ.

මේ ගැන ශිහාන් අපිට කීවේ පසුගිය සතියේ විකාශය වුනු හිරු ටීවී Copy Chat වැඩසටහනේදී. අහලා බලන්නකෝ මොකක්ද ඇත්තටම එදා වුනේ කියලා පහත වීඩියෝ එකෙන්ම..

Monday, March 30, 2015

Nadesha Hemamali loves Shihan Mihiranga

By: Prosperity Tech On: 3:31 AM

නදීෂා ශිහාන්ට ආදරේ කරන බව ඔහු ඉදිරියේම හෙලිකළ හැටි - වීඩියෝ

නදීෂා හේමමාලී, ශිහාන් මිහිරංග කියන්නේ මේ වෙනකොට ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රියත්වයට පත්වුණු කලාකරුවන් දෙදෙනෙක්. නදීෂා තමන්ගේ රංගන හැකියාවෙන් රසික සිත් වසඟ කරනකොට ශිහාන් ඔහුගේ මිහිරි කටහඬින් ගායන ක්ෂේත්‍රයේ නොමැකෙනා නමක් තබා අවසානයි.
ඔය අතරේ නදීෂාට ශිහාන් ගැන පොඩි ආදරයක් ඇතිවෙලා තියෙනවා. මේ ගැන ඇය තාත්තටත් කියලා.
අපිට මේ ගැන ආරංචි වුනේ ඊයේ (29) දිනයේ හිරු ටීවී තුලින් විකාශය වුනු Copy Chat වැඩසටහනේදී. බලන්නකෝ නදීෂා ශිහාන්ට තියෙන ආදරේ තාත්තාට කීව විදිය ගැන පහත වීඩියෝ එකෙන්ම.