Showing posts with label Sampath Jayaweera. Show all posts
Showing posts with label Sampath Jayaweera. Show all posts

Sunday, February 15, 2015

Actor Sampath Jayaweera

By: Prosperity Tech On: 6:50 PM

පේ‍්‍රම්කුමාර් වූ සම්පත් ජයවීර

Actor Sampath Jayaweera

 මං පුංචි කාලයේ ඉඳලා හැදුණෙ බාලිකාවක.
ආ... කලබලයට වැරදි එකයි කියැවුණේ.
පුංචි කාලයේ ඉඳන් මං හැදුණෙ බාලිකාවට අල්ලපු ගෙදර.
ඉතිං මං පුංචි කාලයේ ඉඳලා වැඩිපුර උන්නෙ, ගැහැණු ළමයින්ගෙ ඔඩොක්කුවල. ඉතිං මට හිතෙන්නෙ තවමත් මං ගැහැණු ළමයෙක් කියලයි.
මෙහෙම කියන්නෙ පේ‍්‍රම්කුමාර්. ඔහු ඒ විදියට කියන්නෙ ඬේසිට. අන්තිමට පේ‍්‍රම්කුමාර් මෙන්න මේ විදියටත් කියනවා.
”මගේ අංකය 168. ලෝරන්ස්ගෙයි - ඬේසිගෙයි කසාදෙ කෙරුණේ නැහැ.
මට හරි සතුටුයි ඇත්තටම මං මගේ ඬේසිට පණටත් වඩා ආදරෙයි.”

 
2
 

පේ‍්‍රම්කුමාර් ලෙස මේ විදියට චරිත රංගනයක යෙදෙන්නෙ සම්පත් ජයවීරයි. ඔහුගෙ ඒ අපූරු රංගනය අපට දැකගත හැකිවන්නේ, ලෝරන්ස්ගෙ මනමාලි නාට්‍යය සමගයි. ඒ අපූරු චරිතයට අමතරව, සම්පත් රූපවාහිනි තිරයේ විකාශය කෙරෙන විෂ්ණු සංක‍්‍රාන්තිය, හඳුනා ගත්තොත් ඔබ මා හුස්ම සහ ඔක්සිජන් යන ටෙලිනාට්‍ය සමග අප හමුවට පැමිණෙනවා. මේ හැම දෙයක් ගැනම අපි සම්පත් සමග ටිකක් කතා බහකරමු.

   

button සම්පත්, මේ දිනවල රඟපාන මේ චරිත අතරින් ඔබට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ?
හුස්ම සහ ඔක්සිජන් ටෙලි නාට්‍යයේ චරිතයට වගේම ”ලෝරන්ස්ගෙ මනමාලි” නාට්‍යයේ සජීවී අත්දැකීමටත් බොහෝදෙනා ප‍්‍රිය කරන වග පෙනෙනවා.
 

button සම්පත් ජයවීර කියන ඔබ, නළුවකු වුණේ කොහොමද?
පාසැල් අධ්‍යාපනය හමාර වුණාට පසුව ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධවී රංග කලා අංශයෙන් නාට්‍ය හා රංග කලාව ගැන පාඨමාලාවක් හැදෑරුවා. ඒ විදියට පටන් ගත්ත ගමන තමයි මේ
 
5
button ඒ කාලයේදී වෙන රැකියාවක් ගැන හිතුවෙ නැද්ද?
රස්සාවක් කරන්න හිතුණා. නමුත් නළුවකු වීමේ අදහස තමයි ඇතුළාන්තයේ තිබුණෙ. නළුවකුට එහා ගිය රංග ශිල්පියකු කියන තැනට ආවේ.
 

buttonනළුවා සහ රංග ශිල්පියා අතර වෙනස?
ඒක හරි සරලයිනෙ. නළුවෝ සෑම තැනකදීම හමුවේවි. බස් හෝල්ට් එකේ ඉඳලා  ඕනෑ තැනක සිටින්න පුළුවනි. නමුත් රංග ශිල්පියා යනු ඊට වඩා වෙනස් රංගනයට සහ රංග කලාවට වැදගත් වන චරිතයක්.
 

button එතැනින් එහාට ඔබට පුද්ගලික ජීවිතය ගැන කිව්වොත්?
මම විවාහකයි. බිරිඳගෙ නම රුවිනි. සිරස ගුවන් විදුලියේ සේවය කරන්නෙ. අපට පුතෙක් සිටිනවා. පුතාගෙ නම මේඛන ආදිත්‍ය.
 

button සම්පත්ගෙ ජීවිතය අද ගෙවෙන්නෙ මොන විදියටද?
සංකීර්ණ නැහැ. සමාජයට ඉතිරි කළ දෙයක් සමග සරලව ජීවිතය ගලාගෙන යනවා. සජීවීව අද ලෝරන්ස්ගෙ මනමාලි නාට්‍යය වෙතින් ලබන ප‍්‍රතිචාර එහි රඟපාන අපි හැමෝටම අමුතු ජීවයක් ගෙන දෙනවා. බොළඳ මට්ටමින් තොරව එකිනෙකාගෙ අභිමතාර්ථ වලට වඩා ගුණාත්මක නාට්‍යයක් හැටියට පවත්වාගෙන යන ඒ නාට්‍යයට දර්ශන වාර 50 පිරෙන්නෙ මෙම 14 වැනිදාටයි. එදාට ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේදී සවස 3.30 ට සහ 6.30 ට මේ නාට්‍ය වේදිකාගත වෙනවා. ඊටත් අමතරව එය නිමිති කරගෙන ප‍්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කීපදෙනෙකුට මෙම නාට්‍ය කණ්ඩායමේ අපි විසින් උපහාර සම්මාන උළෙලක්ද පවත්වනවා.
 

button මේ නාට්‍යයේ පේ‍්‍රම්කුමාර් ගැන ඔබට හැෙඟන්නෙ මොන විදියටද?
අවංක ගම්බද පේ‍්‍රමය ගැන ලොකු කැපකිරීමක් කරන, එය ජයගන්න උත්සාහ කරන තරුණයෙක්.
 

button පේ‍්‍රම්කුමාර් ඬේසිට (දුලීකාට) කියන අපූරු දෙබස් අතරින් ඔබට එක්වර මතකයට එන දෙබස් කිව්වොත්?
මම ආපහු ඬේසිව හොයාගෙන ඇවිල්ලා, එයාව බඳින්න  ඕනෑ කියලා එයාගෙ මමීට කිව්වා, වාසනාවකට වගේ එයාලා ඒකට කැමති වුණා. අර මෙලෝගෙ කැමැත්ත ගන්න රුපියල් 5000 ක් විතරයි මට ගියේ. අන්න දැන් ඒකා කොරියාවේ රස්සාවක. කොහොම හරි අන්තිමට මට මගේ ඬේසිව ලැබුණා. අද අපි දෙන්නගෙ වෙඩින් එක.
 

button ලෝරා ඇන්ටිට කාරයක් නැහැලූ. මල්සර අංකල් බලා ගන්නම් කිව්වෙ.
එයාලා පල්ලිය ළඟ බලාගෙන ඉන්නවා. මං සුරුස් ගාලා යන්න  ඕනෑ. ආ එක දෙයක් කියන්න අමතක වුණා. ”එදා අර වතුර ලයින් එක කැපුවෙ මං”
 

button මෙහෙම කියන මේ පේ‍්‍රම්කුමාර්ට (ඔබට) බිරිඳගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
ඇය සාමාන්‍ය බිරිඳක්. මට සහයෝගය දෙනවා. වෙනත් චරිතයක් ලෙස අපි දෙන්නා සමාජ ගත වෙලා නැහැ. සරලයි සාමාන්‍යයයි.
DSC_5497
 
  (lankadeepa.lk)

sadun-gamage
 

Monday, October 6, 2014

Sampath Jayaweera speak about flying fish movie

By: Prosperity Tech On: 6:36 PM

ලිංගික දර්ශන සහිත චිත්‍රපටයකට ආයෙත් ආරාධනා ලැබුණොත් දෙපාරක් හිතනවා - සම්පත් ජයවීර

ශ්‍රී ලංකාව තුළ විකාශනයට වාරණය වූ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය තරමටම එහි ප්‍රධාන චරිතයට පණ දුන් සම්පත් ජයවීරත් පසුගිය කාලය පුරාවට ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා. පුංචි තිරයෙන් හා වේදිකාවෙන් විවිධ චරිත ඔස්සේ නිතර දකින  සම්පත් රංගන ශිල්පීන් අතර දක්ෂ රංගන ශිල්පියෙක්. මේ ඔහු සමග කළ සංවාද සටහනයි.
සම්පත් මේ දිනවල වේදිකාව නිසා කාර්ය බහුල වෙලා නේද?
‘ලෝරන්ස්ගේ මනමාලි’ එක්ක කාර්යබහුල වෙනවා සති අන්තයේ දී. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයක රූපගත කිරීම් කරනවා. රූපගත කළ ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා.

සම්පත් ජයවීරව රිදී තිරයෙන් දැන් ප්‍රතික්‍ෂේප වෙලාද?
‘සුළඟ අප රැගෙන යාවි’ ළමා චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඊට අමතරව චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැහැ. මට ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. කිසිම නිර්මාණයක් මම ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. ඒ සඳහා කොහොම හරි කාලය හදාගන්නවා. රිදී තිරයෙන් මාව ප්‍රතික්‍ෂේප වෙලා නැහැ.

ඔබ කලාව තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණේ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය නිසා කිව්වොත්?
ඊට කලින් ඉඳලා සම්පත් ජයවීර කියන්නේ කවුද, මොනාද කළේ කියන කාරණා හා මගේ දක්ෂතා ප්‍රේක්ෂකයන් දන්නවා. ඉගිලෙන මාළුවෝ නිසා මම ජනප්‍රිය වුණේ නැහැ. නමුත් කතාබහට ලක්වුණා.

ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර ගැන දැන් මොකද හිතන්නේ?
ප්‍රතිචාර විවිධයි. මේ චිත්‍රපටය නිර්මාණයක් විදියට බැලුව අයගේ ප්‍රතිචාර හොඳයි. කිසි දෙයක් නොදන්න අය විවිධ මත පළ කළා. ඒ ප්‍රතිචාර නිසා ඇත්තටම මම කරදර ගොඩකට මුහුණ දුන්නා. දැන් නම් කතා කරන්න අකැමැති නීරස අත්දැකීමක් ඒක.

නැවතත් ලිංගික දර්ශන සහිත චරිතයක් ලැබුණොත් ඔබ එය භාරගන්නවාද?
රංගන විෂය තුළ මම වාරණ දාගෙන නැහැ. ඒත් මම හිතනවා ඒ වගේ චරිතයක් ලැබුණොත් සැලකිලිමත් වෙන්න ඕන චරිත තෝරා බේරාගැනීම ගැන. මීට පස්සේ එවැනි චරිත ලැබුණොත් ඒ ගැන හොඳින් හිතලා බලනවා. හොඳයි කියලා හිතුණොත් විතරක් භාරගන්නවා. නැත්නම් ප්‍රතික්‍ෂේප කරනවා.

ඔබ විවාහකයෙක්. ඔබේ බිරිඳ ඔබට දැක්වූ ප්‍රතිචාර කොයි වගේද?
එයත් හුඟක් අපහසුතාවට ලක් වුණා. නමුත් මම ඔය චරිතය භාරගන්නකොට ඇය මගේ පෙම්වතියවත් බිරිඳවත් නමෛයි. චිත්‍රපටය රූගත කරලා කාලයක් ගියාට පස්සේ තමයි මට මගේ බිරිඳව මුණගැහෙන්නේ. චිත්‍රපටය නිසා එයා අපහසුතාවකට පත් වුණත් මට දොස් කීවේ නැහැ. එය නිර්මාණයක්, නිර්මාණ දායකත්වයක් කියන එක තේරුම් ගත්තා.

එතකොට ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය නිසා ඔබේ පවුල දෙකඩ වුණා කියන කතාව බොරුවක් ද?
ඒක බොරුවක්. මට අද වෙනතුරු අනවශ්‍ය විදියට කටකතාවක් හැදිලා නැහැ. එහෙම කටකතාවක් තිබුණා කියලත් මම ඇහුවමයි. ඔය කටකතාවක් මිසක ඇත්තක් නමෛයි. මගේ පුංචි පවුල තවම සුරක්ෂිතයි.

ඔබේ බිරිඳ මාධ්‍යයට සම්බන්ධයි. ඒ ගැනත් කියමු..
මගේ බිරිඳ රුවිනි හේවගේ. ඇය සිරස ගුවන්විදුලියේ නිවේදිකාවක්. එයාව මට මුණගැහෙන්නේ 2012 අවුරුද්දේ සිරසට ගිය වෙලාවක. එතැන දී හඳුනාගෙන ආදරය කළා. 2013 අවුරුද්දේ අපි විවාහ වුණා. අපිට දැන් පුංචි පුතෙක් ඉන්නවා. අපේ පුතා මේඝන ආදිත්‍ය ජයවීර. වයස මාස නවයයි.

දරු සුරතල් බලන්න සම්පත්ට වෙලාවක් නැතිව ඇති නේද?
අපි දෙන්නම කාර්ය බහුලයි. ඒත් බිරිඳ රුවිනි හවස් වරුව  පුතා එක්ක කාලය ගත කරනවා. මමත් පුළුවන් හැම වෙලාවකම දරුවා එක්ක ඉන්නවා. එයා හුරතල් වයසක ඉන්නේ. ඒ හුරතල් බලන්න කොහොම හරි වෙලාව හදා ගන්නවා. වැඩි කාලයක් දරුවා එක්ක ඉන්න ලැබෙන්නේ නැති එක ගැන නම් දුකක් තියෙනවා.

සම්පත් නිර්මාණයක් භාර ගනිද්දී නිර්මාණයේ හා චරිතයේ ගුණාත්මක බව බලනවද?
මීට පෙර බිහි වුණ නිර්මාණවලට සාපේක්ෂව හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයි. නමුත් මම නම් නිර්මාණයක හොඳ නරක බලනවා අඩුයි. ලැබෙන ඕනෑම නිර්මාණයක් භාරගන්නවා. මොකද මම දන්න කර්මාන්තය මේක. මෙයින් පිට පනින්න මට බැහැ. මට මුදල් ඕන නම් තෝරාබේරා ගැනීම් කරන්න බැහැ. නිර්මාණයේ ගුණාත්මක බව තේරුම් අරගෙන මම මගේ චරිත කොලිටියට කරනවා. මම මුල්තැන දෙන්නේ චරිතයට

නිර්මාණයට වඩා මුදලට මුල්තැන දෙන නිසා ගාස්තුව වැඩි ඇති?
නළුවන් අතර ඉහළ මිලක් අය කරන අයගේ නම් ලැයිස්තුවට මගේ නම තියන්න මම හීන දකින්නේ නැහැ. මම සාධාරණ මුදලක් අය කරන්නේ. අපිට වටිනාකමක් නිකම් ලැබෙන්නේ නැහැ. ඒක ඇති කරගන්න ඕන. මම මගේ වටිනාකම රඳවාගන්න උත්සාහ ගන්නවා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප-ප්‍රදීප් දඹරගේ
http://www.rivira.lk/online/images/2014/09/28/img_7067.jpg

(rivirahttp://www.rivira.lk/online/images/2014/09/28/img_7107.jpg.lk)