ළඳ බොළඳ චරිත බාර ගන්න මගේ කැමැත්තක් නැහැ - පුංචි තිරේ මලී සමාධි අරුණචායා
මලී ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා ගත් සමාධි අරුණචායා මව් පදවිය ලැබීමෙන් පසු රංගනයට කෙටි විරාමයක් තැබුවා. නමුත් ඒ නිහැඩියාවට සමු දෙමින් මලී හෙවත් සමාධි නැවත ඔබේ ආලින්දයට ගොඩවදින්නේ මේ දිනවල විකාශය වන මලී තුන හෙවත් සිඳු ටෙලි නාට්‍ය ඔස්සෙයි.සමාධි නැවත කාර්යබහුල වෙලා?
ඔව් නේ.
මලී දැන් මවක්?
ඔව්. එය නම් ලොකු වෙනසක්. මගේ පොඩි වයසට වඩා තරමක් මුහුකුරා ගිය චරිතයක් නිසා මුල් කාලේදී තිගැස්මකුත් තිබුණා. මට වයසට සමිප වයසක ඉන්න නංගිලා මල්ලිලාට තමයි මේ චරිතය තුළ මට දුව පුතා කියලා කතා කරන්න වෙන්නේ.. ඉතින් යම් නුහුරු ගතියකුත් තිබුණා.හැබැයි මමත් මේ වෙනකොට මව් පදවිය ලැබූ කෙනෙක් ඉතින් ඒ තුළ යම් මුහුඛුරා ගිය මානසික මට්ටමකට මට එන්න පුළුවන් වුණා.. අනික අම්මා කෙනෙක් වෙන්නම ඕනේ මවකගේ හැඟීම හරියටම තේරුම් ගන්න. ඉතින් ඒ දැනෙන මවකගේ හැඟීම එක්ක මට මේ චරිතයට අවතීර්ණ වෙන්න තරමක් පහසු වුණා.