Showing posts with label Sadhani Pathiranage. Show all posts
Showing posts with label Sadhani Pathiranage. Show all posts

Thursday, April 7, 2016

Sadhani Pathiranage : Sinhala teledrama actress

By: Prosperity Tech On: 9:14 AM
සෙල්ෆි ටෙලි නාට්‍යයේ දඟකාර, විසේකාර, කාගේවත් ඔවදන් මායිම් නොකරන සුකීට ඇය පණ ‍පොවයි. ඇය සඳනි පතිරණගේ. රිවිසරසි අපට ඇය සමග සොඳුරු කතාබහක නිරත වෙන්නට හැකි වුණා.
සැබෑ ජීවිතයේ සුකී වගේ දඟකාර කටකාර ද ඔබ?
ඒ වගේ ‍පොඩ්ඩක් කටකාරයි. ඒ ඉතින් මගේ හැටි.
මේ දවස්වල වැඩකටයුතු මොනවගේද?
ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. මොකද විශ්ව විද්‍යාලයේ වැඩකටයුතුවලට තමා මුල්තැන දීලා ඉන්නේ. ඒ වගේම ටෙලි නාට්‍ය දෙක තුනක වැඩ කටයුතුත් ඒ අතරතුරේ දී කරගෙන යනවා.

ගුරු වෘත්තිය වෙනුවෙන් මහන්සි වෙනවා කියන්නේ ඇත්තද?
ඔව්. ගොඩක් මහන්සි වෙනවා. ලබන මාසයේ දී මගේ ඊඥචජඩඪදඨ පචජබඪජචත පටන් ගන්නවා. ඒ වෙනුවෙනුත් සූදානම් වෙමින් ඉන්නේ.
ගුරු වෘත්තියට සඳනි ඇයි මෙච්චර කැමැති?
චූටි කා‍ලේ ඉඳන්ම මගේ තිබුණ හීනය තමයි මේක. මොකද ගොඩක් අයගේ හීන කාලෙන් කාලයට වෙනස් වෙනවා. මගේ බලා‍පොරොත්තුව වෙනස් වුණේ නැහැ. මං ‍පොඩි ළමයි එක්ක ඉන්න තමයි කැමැති.
බටහිර පන්නයට හුරු චරිත රඟපාන්න අකැමැති ඇයි?
මම රඟපාන සුකීගේ චරිතය බටහිර පන්නයට හුරු චරිතයක්. නමුත් මං කොටට ඇඳුම් අඳින්න අකැමැතියි. ඒ නිසා බටහිර පන්නයට හුරු චරිත භාරගන්නේ අකැමැත්තෙන්.
ගුරු හීනය සැබෑ වුණු දාට රංගනයෙන් සමුගනීවිද?
කාලය තිබුණොත් රඟපෑමත් කරනවා. මං වැඩිම කාලය යොදවන්නේ ගුරු වෘත්තියට. මගෙන් ඉගෙනුම ලබන දරුවන්ට හානිදායක නොවෙන විදියට කාලය බෙදාගෙන වැඩ කරන්නයි ඉන්නේ.
රූප රචනාවලට ලැබෙන ආරාධනා නම් වැඩියි නේද?
ඔව්. ගොඩක් ආරාධනා නම් ලැබෙනවා. ගැළපෙන හොඳ දෙයක් හම්බවුණොත් කරනවා.
ඇත්තම කියන්න. සඳනිට මාධව විශේෂයි නේද?
එයා මගේ හොඳම යාළුවෙක්. මම ආදරවන්තයෝ ලෙස මුලින්ම රඟපෑවේ එයා එක්ක. මට එයාව විශේෂ නැහැ.
සඳනි විලාසිතා තෝරාගන්නේ කොහොමද?
ගවුම් අඳින්න කැමැතියි. ලස්සනට ඉන්න ගොඩක් කැමැතියි. ඒ වුණාට විලාසිතා පස්සේ එළවන්නේ නැහැ. තියෙන ලස්සන පරිස්සම් කරගන්නවා.
ආදරය ගැන මොකද හිතෙන්නේ?
ආදරය හැමෝටම අවශ්‍ය දෙයක්. විශ්වාසය, තේරුම් ගැනීම මත තමයි ආදරය රඳා පවතින්නේ.
පෙම්වතා කරගන්න කැමැති කොයිවගේ කෙනෙක්ද?
මං කැමැති උස, රැවුල තියෙන කෙනකුට. ගතිගුණ ගත්තම මාව බලාගන්න ඕන. මං එයාට ආදරය කරන තරමටම එයත් මට ආදරය කරන්න ඕන.
මේ ආපු ගමනේ ස්තුති කරන්න පිරිසකුත් ඇති නේද?
අම්මා, තාත්තා පවු‍ලේ හැමෝම. ඒ වගේම රවීන්ද්‍ර විජේරත්න, සන්ධ්‍යා මෙන්ඩිස්, තරංග දිසානායක. මේ අය මට ශක්තියක්.
චරිතා උපකල්පනා
ඡායාරූප: චමිල කරුණාරත්න
sadini  (1) sadini  (2)