Showing posts with label Pabodha Sandeepani. Show all posts
Showing posts with label Pabodha Sandeepani. Show all posts

Sunday, October 2, 2011

පබෝදාට, ගීතා සහකරුවෙක් සොයයි

By: Prosperity Tech On: 2:43 PM
ජනපි‍‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීට ඇගේ මව වන ගීතා කාන්ති ජයකොඩි සහකරුවෙක් සොයමින් සිටින බව ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
 
ගීතාට සිය දියණිය ලබන ජූලි මාසයට පෙර විවාහ කර දෙන ලෙස ජෝතිෂ්‍යවේදීන් විසින් ලබාදී ඇති උපදෙසක් අනුව ඇය මීට මාස කිහිපයකට පෙර සති අන්ත පුවත්පතක මංගල යෝජනා තීරයේ දැන්වීමක් පල කර ඇතැයිපැවසේ.

වයස අවුරුදු 29ක් වන නිවාස වාහන දායාද හිමි රූමත් පවුලේ එකම දියණියට සහකරුවෙකු සොයන බවට මෙය පලවී තිබූ බව‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

රොෂාන් පිලපිටිය, අරවින්ද ලොකුගේ හා කි‍‍්‍රකට් කී‍‍්‍රඩක ගිහාන් රූපසිංහ සමග ද පබෝධාගේ සමීප සම්බන්ධකම් තිබූ බව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.

එසේම යොවුන් නළු විශ්වනාත් කොඩිකාර සමඟ හාදකමක් ඇතැයිපසුගිය කාලයේ රාවයකි තිබිණි.

ඉකුත් රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී පබෝධා දක්ෂතම නිළිය ලෙස ද සම්මානයට පාත‍‍්‍ර වූවාය.

පබෝධා, මේ වසරේදී සිය රංගන දිවියට වසර 25 ක් සම්පූර්ණ කළාය.

ඇය මුලින්ම රංගනයට අත්පොත් තැබුවේ ‘යශෝරාවය’ ටෙලිනාට්‍යයේ ළමා රංගන ශිල්පිනියක ලෙස වයස අවුරුදු හතරේදී ය.

පබෝධා වයස අවුරුදු හයේදී හඬ කැවීම් ශිල්පිනියක් ලෙස ‘ඔෂීන්’ නාට්‍යයේ ඔෂීන්ගේ චරිතයට හඬ කැවමින් පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට වූවාය.

කෙසේවුවද ඇය වසර අටක පමණ දීර්ඝ කාලයක් සිනමා රංගනයට විරාමයක් තබා මෑත කාලයේදී වැඩි කතාබහට ලක්වූ ‘සුපර් සික්ස්’ චිත‍‍්‍රපටයේ චරිතයක් සඳහා රංගනයෙන් දායක වූවාය.

‘බහු භූතයෝ’ චිත‍‍්‍රපටය ඇය අවසන් වරට රඟපෑ සිනමා පටය වූ අතර, එම චිත‍‍්‍රපටයේ ඇයගේ රංගනය එක් දෙබස් කණ්ඩයකට පමණක් සීමාවීමවිශේෂිතය.

එහිදී පබෝධා භූතයෙකුගේ චරිතයකට පණ පෙවූ අතර, ඇය එහිදී උච්චාරණය කළ එකම දෙබස් කණ්ඩය ‘තෙලට ද? මිරිසට ද?’ යන්න පමණි.
[paboda+2.jpg]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/47778_129338367113547_126690277378356_135777_8257995_n.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvbIBrkLfdiCLAhxdWBEiODb0ybLXUc-J0y41kTVtPrtBIvJtwZ637hGfOOLQceNcvtZ3m5ZxL3evcCrChzm61A_3aNOCTs9hqkmckpbp10F0gdCI8tQlDU8xQUTie4212gDFV0oyug_k/s1600/zillion_zoom1.jpghttp://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/183345_161239670596083_114455931941124_323413_6943007_n.jpgSinhala Film Super Six by Udaya Palliyaguruge at Sandeshayahttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbxgRlM4DKgu4EN0cpW_HaoPP8T6Q7eo70SfUKOP049JGB3j3SgjycwN4AlhABJ5FqphubQuoQW-GS6uYgEzXeUJBgly_IhykskHXQyfYHdYJX7kqegOP8g2Zy7mckj9DW47K08ZrJ4t3V/s1600/a_005.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5n4LpmxB4ODhc7UJDmhF__HBzzJ0JEk0YbNy0sGNQyiRoYf4nh5GB7xxsvheyznXOGAoY5qW6VEzP7lmovJzcpjDReX1YBvtNZ5DIetA4bykmk9dXn70fKGrVQ9AXfFLv1-l4UcIXQXQ/s1600/zillion_zoom1454.jpgsuper six sinhala film sandeshaya image010 Sinhala Film Super Six by Udaya Palliyaguruge at Sandeshaya Udaya Palliyaguruge Suneth Chithrananda Sinhala Film Super Six Saranga Disasekara Sanath Gunathilake Roshan Ranawana Roodney Warnakula Priyantha Senevirathne Gaminda Priyaviraj Aruni RajapakseMahendra Perera  sinhala film super six image photoshttp://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/74060_165486006807465_111006008922132_394564_2475019_n.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6ghwUHoFEDlLRRUHWZ4et5SZHEpBA3MTXbUeHBwgykmNyJibsI5N0dKRKlwI3K_X1DNn1vV-zaPQFou4y0m6RKicL7DHbijQ0uWzmke79EnONM29MqxIvKGkoClR4-s7RIPkIV6tOC7Q/s1600/zillion_zoom13.jpghttp://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/168434_153741044679279_114455931941124_282148_5843675_n.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8jt2x-0Xk7aD1RCre-zZ-5E7FvHXui8fYJqI3MBetiOwPOTsQ97o1kObGUZMLdudedwMZg-Ov0p2KVM-SvU5iw4Lh2_tBzz5GY2ZYsdDcEZtUaeri6Vbzg86_8itCc7g0XSWyLmA16NI/s1600/zillion_zoom168.jpghttp://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/155135_168796103143122_111006008922132_411149_7330641_n.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3EI2uTp1XCguhaHMbcnQiMAo-PdrKLSVFeS3qTnOLsghXv_kJeTyGWBjQDb1qkkaGaUhZLdYQhytwyon8mA2tyKdBDTUlspGpKb3HwSbgedK1jRWsC8ZHLzwF9o7WAozpW3hKBIryMGqa/s1600/pabo1.jpgsuper six sinhala film sandeshaya image011 Sinhala Film Super Six by Udaya Palliyaguruge at Sandeshaya Udaya Palliyaguruge Suneth Chithrananda Sinhala Film Super Six Saranga Disasekara Sanath Gunathilake Roshan Ranawana Roodney Warnakula Priyantha Senevirathne Gaminda Priyaviraj Aruni RajapakseMahendra Perera  sinhala film super six image photoshttp://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/155211_168795986476467_111006008922132_411145_3055197_n.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEBWgfb07TowsEvB9l2biL-Srxp7JIU-1uNSFqRcBsfd6nTNNwHA39vceagbsVqEljQpOS6myfd7lFTFKdjSuWk4UB4bf1lIAapKnVjEppNL1gMGR_dWfOiDjniqymKAj0Uj20EXFqRcWb/s1600/pabo4.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiy1d8OFKL6syDsXHQgBrQP1x4GpMmhSndnxD6vmHdvPQOBWCApIdXnG_hyphenhyphen2YnIL4RFpFsy8aXDTbfpnVG3N1_6vpCY9CNSvUSWBWElr0btdMD82Z1jBb2fER0YTptOyGAhIMq-i26EVKea/s1600/paboda1.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI1NFIRS21_WxHVlPCtOoyIpHWmI2k4hd1aHRRIr5wJ2N6HhOfhkugdCyokXEMKtExH6aUmllTKcV_0Fa0jBW3t8fD1K7xcrQSmJpDap1r-JMTfx3JkDwm7WGnUijfXxmGxq1uyjXZ74iO/s1600/paboda2.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAc0PLXUsuPQKo85ddZJnS9mWgUCmu6suCv9TbX6gJV8zv03odvWgLAtCsofNIDfR3XuXaMU-z0EiMQ-1i0_4jr0nidlzHiVog7_XP3lWIqIRkRTBpb-b85fWT83kCUoJOUB0svy7mtafx/s1600/paboda8.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2pObdA0UMnsvffnp5vCh_yZKJMfhQ4ldtwH3r0B3uX6P1MUGPStpZYTI06j2P1wJUPpBrNCggRCssB7YR5SL7TTe5tvEy98DK24QmRHxM1pmaiHkvr3JX5bTRf6XBWEuo6OhnkmoF6EUc/s1600/paboda9.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZlNTDZ-TsCTcwOoxqKlav_Xjd_cRfGjBJ_FpYFtc5wrOXCso-4Rv5IAgGh_ZJ4ITzuNotEjQT71oZzZ8Uqd7P5KyJ6Uw3TUUgP67TszrscYlBq3mBjIMspN_uNJ3OfDp71kPUjmZPz-gV/s1600/paboda3.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEZOcplPSQBz5WGjVg0qFiPvFzuBpznGSyDRR_uk2KkdYzpEmOeXkzqKyVhtJ5Vqxy2MzzU7kdFDFNjYDGyNz8rwXrrKAnUtXsu_5U_h5nqElcu2NAJIikZW9eoJN4PDSBQXaOwh0gl2o/s1600/Paboda_sandeepani+%2812%29.jpeghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTPWx1OXTOUxzWgM3XdDBCt10LwLgRLsdbVx9Ey_wsfzxu7JulkRE06ysaIqMoUNKLMnA1qXpwGzsaLbAJ2Jj4D4obG6EhdZypdPalCsqaI8NLXhyphenhyphenFpK42SAPHoNFsP5sS1NtjBOR0YzY/s1600/Paboda_sandeepani+%2811%29.jpghttp://gossips.srilankaactress.info/wp-content/uploads/2010/10/paboda.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBQbf5wNZA-B3b5ONPvt0PeAnyWZK_BoPECnRx4Y6KHO2z7mBXhyphenhyphenQJRqH46OmjpdVFPNCeHSDUPRWkuTMRnRqarpbxhzXdGxTFffP5RScxdhDFtfM-BqjgaWckQik0J0FS5VewQhBmo1c/s1600/Paboda_sandeepani+%289%29.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirzjzYAJDDF7v3PTe3RapCD8rGy7ilpxMjvcmtWKJs3w7JGAs09iwsPloLRlXTEMKOr1wmxPK2Ysc14uZYLVPTTlLpjNE11jbaPtSc0BmCUvpMaXcjjCwcntMPn8hArs3Az5tMCEQ09qc/s1600/Paboda_sandeepani+%282%29.jpeghttp://srilankaactress.info/wp-content/uploads/2011/03/paboda-sandeepani7.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhshltFGZ-k-fRYXLTZgSwgLwTpf1HyGPitd1ANIBMUg4pYHI9E1ut71SDK74qMeHQzakURMp0MgC6aaNslNrdvifeTZWIcKGZst_Je80iWKdq8Y4z9nndKbUW1uzueKnVC58cuZ5hy_cM/s1600/Paboda_sandeepani+%288%29.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_z4NAUCO3ZvGJ_3u6UQeHSWaBCkpBGCAJ0fWMn-rjZECNEps5Cxr-ZnizF07ZGLMgbBYHIaf95gPKCWKUOhyphenhyphencJsXplbUoFr14MJoBa3nqg8-2fqg9uCyS-ce9uEpYsJ1wKywlhyphenhyphenc3cfk/s1600/Paboda_sandeepani+%2810%29.jpeg

Friday, February 12, 2010

අම්මා මට මනාලයෙක් හොයනවා

By: Prosperity Tech On: 1:19 PM

පබෝධා සංදීපනී

පරම්පරාවෙන්ම කලාවට උරුමකම් කියන්නට සමත් වූ වාසනාවන්තියන් අතර ඇය සැබෑම වාසනාවන්තියක වන්නීය. මවගේ සුරතේ එල්ලී කලාව උරුම කරගත් ඇයට කලා ක්ෂේත්‍රය ආගන්තුක නොවේ.


ඇගේ සුසුමද, කඳුළ ද, ආත්මය ද කලාව හා බද්ධව පවතී. පබෝධා සංදීපනී අද වන විට කලා අඹරේ දිදුළන තාරකාවක්. පබෝධා ‘රසඳුන’ සතුටු සාමීචිය ආලෝකවත් කළ මොහොතයි මේ.

පබෝධා ගැන ආයෙමත් රසික රසිකාවියන් කතාබහ කරන්නට පටන් අරගෙන නේද?

“මේ දිනවල මම රංගනයෙන් දායක වුණු ශි‍්‍රයානි අමරසේන ගේ ‘සිවුපත් රෑන’, ෂර්ලී පී. දෙලංකාවල ගේ ‘දෙගම්මැදියාව‘ ටෙලිනාට්‍ය රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වෙනවා. මේ හින්දම රසික රසිකාවියන් මගේ රඟපෑම් ගැන කතාබහ කරන බව මා දන්නවා. ඔවුන් ගෙන් ලැබෙන උණුසුම් ප්‍රතිචාර මැද මගේ රංගන කටයුතු සිදුවෙනවා.

ඔබ මේ දිනවල ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රූගත කිරීම් සඳහා ද සහභාගි වනවා ද ?

‘රංගිර’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුවන්නේ නුවර ප්‍රදේශයේ. එයට සහභාගි වෙනවා. ගැමි තරුණියකගේ චරිතයක් තමයි මම එහිදී රඟ දක්වන්නේ. මේ චරිතයත් මගේ රසික රසිකාවියන් අතර ජනපි‍්‍රය වේවි කියා මම හිතනවා.

ඒ වගේ ම රොහාන් වැලිවිටගේ ‘සුසීමා’ චිත්‍රපටයේ ‘සුසීමා’ ලෙස රංගනයෙන් දායක වුණා. එහි රූගත කිරීම් මේ වන විට බොහෝදුරට නිමයි. තව ගීත කිහිපයකම රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා.

ඔබේ මවත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගෙන් මොන වගේ සහයෝගයක් ද ඔබට ලැබෙන්නේ?

මගේ කලා ජීවිතයේ ජීවය අම්මා. පුංචි කාලෙ ඉඳලම අම්මත් එක්ක ඇගේ රූගත කිරීම් සිදුවන ලොකේෂන් වලට මමත් ගියා. ගෙදර වේවා පිට වේවා අපි සහභාගිවුණු විවිධ උත්සවවලදී නෑදෑයන් හැරුණු කොට මට දකින්නට, අහන්නට, කතාබහ කරන්නට සිදුවුණේ කලා ක්ෂේත්‍රයේ ශිල්පී ශිල්පිනියන් සමඟ. ඔවුන් මගේ නෑදෑයන් තරමටම මට සමීපයි.

අම්මා නිසා කලා ක්ෂේත්‍රයත් මට ගෙදර වගේ ම හුරුපුරුදු තැනක් බවට පත්වුණා. කලා ක්ෂේත්‍රයේ බොහෝ දේ මට ඇගෙන් උරුම වුණා පමණක් නෙවෙයි බොහෝ දේ මා ඇගෙන් උගත්තා.

මම පුංචි කාලෙ ඉඳලම තරමක් කම්මැලි දරුවෙක්. විශේෂයෙන්ම අදටත් මට ලැබෙන ටෙලිනාට්‍ය, චිත්‍රපට, කලා කටයුතුවලට මම සහභාගි වෙන්නෙ අඩුවෙන්. මට ඒ ගැන උනන්දුවක් නැහැ.

නමුත් අම්මා මගේ පිටුපස හෙවණැල්ලක් වගේ ඉඳගෙන මාව කලාවට තල්ලු කිරීමේ වගකීම ඉටු කරනවා. මට බනිමින් මාව දිරිමත් කරන්නේ අම්මා. මම හිතන්නේ කලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්නට, මේතාක් දුරක් එන්නට අම්ම තමයි මාව මෙහෙයවූයේ.

මේ ක්ෂේත්‍රයේ පැතිරෙන කටකතා ඔබ විශ්වාස කරනවා ද?

කටකතා නම් නැත්තේ කොතන ද? ඒවා හැමතැනම තියෙනවා. ගමක් ගත්තත් කාර්යාලයක් ගත්තත් ඒ හැම එකකම හැම තැනම කටකතා කියන දේ පැතිරෙනවා. අද ලංකාවේ කටකතා ඒ තරමටම සාමාන්‍යකරණයට ලක්වෙලා.

එක අතකට ලංකාවේ කටකතා කියන දේ අද සමහරක් ඒ අයගේ ප්‍රසිද්ධියට රුකුලක් කරගන්න අවස්ථාත් තිබෙනවා. මම විශ්වාස කරන්නේ අපි කවුරුත් මැරෙන දවසට අරගෙන යන්නේ අපි කරපු හොඳ නරක විතරයි. මේ හින්ද කටකතා ගැන නම් මම එතරම් තැකීමක් කරන්නෙ නැහැ.

ඔබ පියා බලන්නට ළඟදී ප්‍රංශයට ගියේ නැද්ද?

මේ අවුරුද්දේ නම් තවම යන්න බැරිවුණා. මට යෙදෙන වැඩ කටයුතුත් එක්ක ඒ පිළිබඳව ඉදිරියේදී තීරණය කරනවා.

ඔබ දැන් විවාහ පත් වන වයසේ පසුවන තරුණියක්. නැද්ද තවමත් ආදර කතාවක්?

අප්පේ තවම නම් නැහැ. මට ගැළපෙන පෙම්වතෙක් තවම හමුවුණේ නැහැ. ඒත් අම්මා නම් මේ දවස්වලට මගේ විවාහය ගැන උනන්දුයි. ඇය මට ගැළපෙන සහකරුවෙක් හොයමින් ඉන්නවා. සුදුසු කෙනෙක් ලැබුණොත් විවාහ වෙනවා.

ඉතිං පබෝධා ඔයාට අනාගතේ බලාපොරොත්තු බොහොමයකුත් ඇති නේද?

මහා ලොකු බලාපොරොත්තු නම් නැහැ. ඒත් කලා ක්ෂේත්‍රයේ හොඳින් නිර්මාණ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේ ම මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරන්නටත් බලාපොරොත්තුවක් තිබෙනවා. විශේෂයෙන්ම මම ප්‍රංශ භාෂාව හදාරමින් සිටිනවා. ඒ වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්නටත් බලාපොරොත්තුවක් තිබෙනවා.