Showing posts with label Nadini Premadasa. Show all posts
Showing posts with label Nadini Premadasa. Show all posts

Tuesday, February 9, 2010

නදිනි ප්‍රේමදාසගෙන්සුබ ආරංචියක්‌

By: Prosperity Tech On: 1:17 PM
සිරස සුපර ¨ස්‌ටර්ස්‌ දෙවන අදියරේ වඩාත් කතා බහට ලක්‌ වූ ගායිකාව වුනේ නදිනි ප්‍රේමදාස. මේ වනවිට නදිනි සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌. මෙවර නවලිය කවරය සරසන ඇය අපි දුරකතනය ඔස්‌සේ සම්බන්ධ කර ගත්තේ අලුත් තොරතුරු ගැන ඔබ වෙනුවෙන් දැන ගන්නයි.

මේ දවස්‌වල මොනවද කරන්නේ නදිනි....

මේ දවස්‌වල මගේ කාලය වැඩියෙන්ම ගතවෙන්නේ මගේ කුළුදුල්ම ගීත ඇල්බමයේ වැඩවලටයි. තවම නමක්‌ යොදලා නැහැ. ගීත දොළහක්‌ ඇතුලත් වෙනවා. මගේ ජනප්‍රිය වූ ගීතත් අලුත්ම ගීත හයක්‌ විතරත් ඇතුලත් වෙනවා. ලබන අප්‍රේල් මාසයේ හෝ මැයි මාසයේ මගේ ගීත එකතුව නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ඇල්බමයේ මදෙස බලන්නයි, ගජමං නෝනා, ගුරු පාරට, යළි වඩින්න බුදු සාධු, සිත ආදරේ සොයා ගීත ඇතුලත් වෙනවා.

අලුතෙන්ම මොනවද කළ වැඩ...?

අලුත්තෙන්ම ඉංචි පිංචි කියලා ගීතයක්‌ කළා. ඊට අමතරව මගේ වෙබ් අඩවිය අඅඅගබ්dසබසකසඩැගජදප නමින් පටන් ගත්තා. ඊට අමතරව ජනාධිපතිතුමා වෙනුවෙන් මම කළ ගීතයක්‌ මේ දවස්‌වල ෂඔභ වල විකාශනය වෙනවා. ඒ ගීතය ලිව්වේ ඉත්තෑපානේ සද්ධාතිස්‌ස හිමි. සංගීතය සමන්ත පෙරේරා මහතා විසින්.

පිටරට සංචාරවලට ගියේ නැද්ද?

පසුගිය දෙසැම්බර් ජනවාරි මුල් කාලවල ජෝර්දානය, බහරේන්වල ගියා. මම සාමාන්‍යයෙන් අවුරුද්දේ එක කාලයකට තියෙන එතෙර ප්‍රසංගවලට පමණයි යන්නේ.

කැම්පස්‌ ජීවිතය කොහොමද?

දැන් නම් ගොඩක්‌ හොඳයි. මුල් කාලේ පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. දැන් මම ඉන්නේ දෙවන වසරේ. දැන් හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.

රඟපාන්න එහෙම ආරාධනා ලැබිලා නැද්ද?

ආරාධනා නම් ලැබුණා. මම වඩාත් කැමති සංගීතයටනේ. ඒ නිසා ඒ ආරාධනා බාර ගත්තේ නැහැ.

පෙම්වතෙක්‌ ඉන්නවද?

තවම නැහැ.

නො.179, මන්ඩාවිල පාර
වල්පල - අංගොඩ
[Nadini+Premadasa+Sri+Lanka.jpg]

Nadini Premadasa - Young Sri Lankan Music Mark