Showing posts with label Muthu Tharanga. Show all posts
Showing posts with label Muthu Tharanga. Show all posts

Saturday, March 5, 2016

Muthu tharanga and nishantha boyfriend

By: Prosperity Tech On: 5:21 PM

uuhs ksYdka;hs fjkafj,d keye - uq;+

uq;= ;rx.d .ek fï ojiaj, l,d f,dfõ jf.au rislhka w;r;a l;d nyg ,lafjkjd' uq;= fg,s kdgH lsysmhla Tiafiau wm fk;=udkhg meñKkjd' uq;= .ek fï ojiaj, l;dny fjkafka fjk;au fya;=jla ksid njhs weh wm iuÛ mejeiqfõ'

“fï ojiaj, jeämqru l,d f,dfõ ñ;=re ñ;=ßhka iy rislhka ud .ek jeämqru l;dny lrkafka tla;rd fya;=jla ksid' fudlo uuhs uf.a fmïj;d ksYdka;hs fjkafj,d lsh,d rdjhla fï ojiaj, lafIa;%fha me;sfrkjd' wms fokakd lafIa;%fha ´ku fohlg hkafka tlguhs' kuq;a miq.sh udi fofla wms fokaku ld¾hnyq, jqK ksid idohkag" jevlghq;=j,g .sfha tlg fkfuhs' f.dvla wh ys;, ;sfhkafka uuhs ksYdka;hs fjkafj,d lsh,hs' fï ksid ;uhs tjeks rdjhla hkafka' th je/È rdjhla lsh,hs uf.a rislhkag uu lshkafka' wfkl ksYdka; lshkafka udj fyd¢kau f;areï .;a flfkla' wms fokakd w;r we;s wjfndaOh úYd,hs' tksid ta wdorh ljodj;a ì§ hkafka keye'" 

Monday, February 8, 2016

Muthu Tharanga brokeup with boyfriend

By: Prosperity Tech On: 3:51 AM
muthu tharanga

uq;=f.a fjkav lidfo;a ynla n¢k woyi;a w;yerf.k fmïj;d uq;+f.ka fjkafj,d

ckm%sh fg,s ks<shl jk uq;= ;rx.d .ek fkdokakd flfkla ke;s ;rï''' fg,s ks<shlg;a jvd uq;= oeka .dhkh yryd ld¾hnyq, fj,d'

újdy jk jhi miqlrñka isáh;a" ;uka fmïj;shla nj mjiñka uq;= miq.sh jir .Kkdjla ;siafia mqj;a m;aj,g wef.a fmïj;d y÷kajd § ;snqK w;r" weh Tyq iu. ksr;=rej W;aij ido wdÈhg m%isoaêfha iyNd.S ù isá whqre olakg ,enqKd'

ldh j¾Ok YQrhl= nj lshk ish fmïj;d iuÛ hq. Èúh wrnkakg Tyqj újdy lr.kakd nj mejiq kuq;a" jir .Kkdjla ;siafia jßkajr th l,af.dia ;snqKd' fmïjf;la isáh§;a újdy fkdjkafka ukaoehs úuiq ;ek uq;= mjid ;snqfKa ;ukaf.a újdyhg nd,.sß fodaI we;s njh'

fldfydñka fldfydu yß wmg oek.kakg ,enqfKa uq;=f.a fjkav ;snqKq lidfoa fï jkúg ke;a;gu ke;sù f.dia we;s njh'

jir .Kkdjla ;siafia n,d ys| wka;sug jißka jir l,a hk lido woyi o w;yer fmïj;d wef.ka fjkaj we;s njhs'

miq.sh udi lsysmfha weh m%isoa wjia:djkag ;ksj tlajQ kuq;a fofokdf.a inOlu .sh udih jkúg;a ;sî we;s nj fofokdf.a f*ianqla .sKqï idlaIs orhs'

 
 
 

Sunday, January 1, 2012

2012 මගේ විවාහ වසරයි

By: Prosperity Tech On: 5:54 PM

මුතු තරංගා

බොහෝ දෙනෙකුට ඇය මතකයට නැඟෙන්නේ මුතුකැට ඉසිරුණාක් වැනි ඇයගේ සිනහවත් සමඟ ය. ඇය අපට සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. ක්ෂේත්‍රයට පැමිණ කෙටි කලක් තුළ ම ප්‍රේක්ෂකයනට මතකයේ රැඳෙන චරිත කීපයකට ම ජීවය දෙන්නට ඇයට හැකි විය. ඇය මුතු තරංගා.
මුතු මොනවද ඔබ මේ දවස්වල කරන කලා කටයුතු?
සිරස නාලිකාවෙන් විකාශයවන ‘ආදරේ අහස තරම්’ දීර්ඝ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේ ම සංගීත ප්‍රසංගවලත් සහභාගි වෙනවා.
විකාශය වීමට නියමිත ඔබ රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය මොනවාද?
මම රඟපෑ ටෙලිනාට්‍ය 07 ක් පමණ විකාශය වෙන්න තියෙනවා. හැබැයි ඒ ටෙලිනාට්‍යවල නම් අමතකයි.
ඔබ රංගනයට පිවිසුණු ආකාරය...?
මීට අවුරුදු කීපයකට පෙර මට සංගීතය සහ නර්තනය ඉගෙන ගන්න ‘එල්ෆින්ස්ටන්’ එකේ සරසවිපායට ගියා. සංගීතය ඉගෙන ගත්තෙ පී.වී. නන්දසිරි සර්ගෙන්. නර්තනය ඉගෙන ගත්තෙ චන්න විජේවර්ධන සර්

ගෙන්. එල්ෆින්ස්ටන් එකේ දී මට මුණ ගැසුණා නික් ජයමහ කියන මෝස්තර නිරූපණ ගුරුවරයා. ඔහුගේ මඟ පෙන්වීම මත මෝස්තර නිරූපණය පිළිබඳව ඉගෙන ගෙන මෝස්තර නිරූපණයට සම්බන්ධ වුණා. ඉන්පසුව රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කීපයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. මම රංගනයෙන් දායක වුණු පළමු ටෙලිනාට්‍යය තමයි සෙනේශ් දිසානායක ගේ ‘පුලින ප්‍රාසාද’ කියන ටෙලිනාට්‍යය. ඒ; 2003 වසරේ. එම වසරේ ම මට ‘සෙව්වන්දි’ කියන චිත්‍රපටයට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. ඉන්පසුව මම ටෙලිනාට්‍ය ගණනාවකටත් චිත්‍රපට කීපයකටත් රංගනයෙන් දායක වෙලා තියනවා.
ඔබ ප්‍රේක්ෂකයින්ට වඩාත් ම ළං වුණේ කුමන ටෙලිනාට්‍යයෙන් ද?
මම හිතන විදියට ‘වසුදා’ ටෙලිනාට්‍යයෙන්. එහි මම නිරූපණය කළේ අහිංසක චරිතයක් නෙමෙයි. තම නැන්දම්මාට විරුද්ධව වැඩකරන සැර පරුෂ කාන්තාවකගේ චරිතයක්. වසුදා නැරඹූ ප්‍රේක්ෂකයින් මගේ චරිතය පිළිබඳව කතා කළේත් තරහින්. ඒ; මම එම චරිතය හොඳින් නිරූපණය කළ නිසා වෙන්න ඕන. වසුදා ටෙලිනාට්‍යයට වගේ ම සුදු හංසි ටෙලිනාට්‍යයේ මම කළ රංගනයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.
දැන් ඔබ අහිංසක චරිතවලටම කොටු වෙලා ද?
මටත් එහෙම හිතෙනව. හැබැයි මම රංගනයට පැමිණි මුල් කාලෙ මට විවිධ චරිත ලැබුණා. නමුත් පසුව මට අධ්‍යක්ෂවරු කතා කළේ අහිංසක චරිත රඟපාන්න. එන්න තියෙන මම රඟපෑ ටෙලිනාට්‍යවල මගේ විවිධ ආකාරයේ රංගන තියෙනව. ඒ ටෙලිනාට්‍ය තවම විකාශය නොවීම ගැන මම දුක් වෙනවා.
ගායනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවද?
මම සංගීතය හදාරපු කෙනෙක්. යම් කිසි ගායන හැකියාවක් මට තියෙනව කියලත් මම දන්නවා. ඒ හැකියාව රටටම පෙන්වන්න අවස්ථාව ලැබුණේ ‘මෙගාස්ටාර්’ තරගාවලියෙන්. හැබැයි මගේ විදෙස් සංචාර කීපයක් ම ඒ තරගාවලිය නිසා මට අවලංගු කරන්න සිදු වුණා. මගේ ම ගීත කීපයක් නිර්මාණය කරන්න කියල බොහෝ දෙනෙක් කිව්වත් ඒ ගැන මම තවම හිතල නැ.
සංගීත ප්‍රසංග සඳහා ඔබ රටවල් කීයකට විතර මේ වනවිට ගිහිං තියෙනවද?
මේ වනවිට මම රටවල් 15 ක විතර පැවැත්වුණු සංගීත ප්‍රසංගවලට සහභාගි වෙලා තියෙනව. ලංකාව තුළත් මම එළිමහන් ප්‍රසංගවල ගීත ගායනා කරනව.
විදෙස් ප්‍රසංගවලදී මොනවගේ ප්‍රතිචාර ද ඔබට ලැබී තිබෙන්නේ?
හරිම පුදුමයි ඒ ගැන මතක් වනවිටත්. මට මේ වනතෙක් කිසිම සම්මානයක් හිමිවෙලා නෑ. නමුත් විදෙස් රටවල ප්‍රසංගවලට ගියාම එහි සිටින ලාංකික රසික රසිකාවියන් අපට දක්වන ආදරය ගෞරවය මට ලැබුණු හොඳම සම්මානය විදියට මම සලකනවා. සමහරු විවිධ කෑම වර්ග හදාගෙන ඇවිත් අපට දෙනවා. සිහිවටන ලෙස තෑගි බෝගත් දෙනවා. ඒ ප්‍රතිචාර මතක් වනවිට හරිම සතුටුයි.
ඔබ ‘ගාමණී’ චිත්‍රපටයට දායක වුණා නේද?
මම හිතන්නෙ ‘ගාමණි’ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න ලැබීම මම ලද වාසනාවක් කියලයි. මම රඟපෑ චරිතය විශාල පරාසයක දිවෙන චරිතයක් නොවුනත් මම හරිම තෘප්තියකින් ඒ චිත්‍රපටයේ රඟපෑවා. එය හොඳ තේමාවක් සහිත නිර්මාණයක්. එහි අධ්‍යක්ෂවරයා දක්ෂ බුද්ධිමත් කෙනෙක්. ඒ වගේ ම එහි ප්‍රවීණ නළු නිළියන් රැසක් ම රඟපෑවා. ඒ නිසා ගාමණී චිත්‍රපටයට දායක වීම ගැන මට තියෙන්නෙ විශාල සතුටක්.
කලා ක්ෂේත්‍රය තුළ ඔබටත් කැපිලි කෙටිලි තිබෙනවාද?
අපොයි ඔව්. මුලදි නම් තිබුණේ නැහැ. ඒත් පසුව කැපිලි කෙටිලි හරියට ආවා. මට තේරෙන්නෙ නෑ මිනිස්සු ඇයි මෙහෙම කරන්නෙ කියල.
මොනවද ඔබේ පවුලේ තොරතුරු?
මගෙ අම්මයි තාත්තයි මමයි නංගියි තමයි පවුලේ අය. නංගි විවාහ වෙලා.
ඔබේ විවාහය ළඟදී සිදුවෙනවාද...?
ඔව්. බොහෝ දුරට ලබන අවුරුද්දෙ. 2012, මගේ විවාහය සිදුවේවි.
කවුද ඔබේ අත ගන්නෙ?
එයා නිශාන්ත අමුපිටිය. අපි හඳුනාගෙන දැන් අවුරුදු 8 ක් විතර වෙනවා. ඔහු මගේ සැමියා වීම මගේ වාසනාවක් ලෙසයි මම දකින්නෙ. ඔහු හොඳ අවබෝධයක් තියෙන මට උපරිම විදියට ආදරය රැකවරණය ලබාදෙන හොඳ කෙනෙක්. මගෙ යාළුවො නෑදෑයො දන්න කියන ගොඩක් දෙනා මට වඩා ආදරේ නිශාන්තට. ඒක මට හරිම සතුටක්.
විවාහයෙන් පසුවත් ඔබ රඟපානවද?
මම දිගටම රඟපානව. නිශාන්ත දැනුත් මාත් එක්ක ෂූටිංවලට එනව. එයා මගෙ කලා කටයුතුවලට විශාල සහයෝගයක් දක්වනවා.

Wednesday, November 17, 2010

මුතු තරංගා හෙළිදරව් කරයි

By: Prosperity Tech On: 9:49 AM

මුතු තරංගා හෙළිදරව් කරයි


‘පුංචි දවස්වල නින්දට යද්දී
පීතු පාදං නමා මහං කියලා
වැන්ද දෙපා යළි අදත් වඳින්නම්
මංගල ගමනට යන්න අවසරයි
පියාණෙනී’
මනාලියක ලෙස සැරසුණු සුන්දර යුවතිය වරෙක ගීතය ගයන්නේ හැඟීම් බරවයි. තවත් වරෙක ඈ සිය පියාණන්ගේ පපුතුරෙහි මුහුණ සඟවමින් හඬා වැටෙයි.
අදත් ඈ හරියටම මනාලියක් වගෙයි.
‘අදත් පෙර පුහුණුවීමක් ද?’
ඇගේ දෙතොලඟින් මතු වුණේ සුන්දර සිනහවක්.
‘ඒ පුහුණුවීම් සියල්ල දැන් අවසානයි. මෙගා ස්ටාර් මතකය මගේ ජීවිතයේ එක් කඩඉමක්. පසුගිය කාලයේ මම කැපවෙලා හිටියේ මෙගා ස්ටාර් වැඩසටහනට නිසා අනිත් නිර්මාණවලට දායක වෙන්නට නොහැකි වුණා. ඒ කාලයටත් එක්කම හරි යන්න වගේ මේ දවස්වල මම හරිම කාර්යබහුලයි.
දෙස් - විදෙස් ප්‍රසංග කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙන නිසා ඒ කටයුතුවල පෙර පුහුණුවීම් කරනවා. චිත්‍රපට දෙකකටත්, ටෙලි නාට්‍ය කිහිපයකටත් රංගනයෙන් දායක වෙන්න ආරාධනා ලැබුණා.
රංගනයෙන් දායක වුණු චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය කිහිපයකුත් ඉදිරි කාලයේදී මගේ ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට ලැබේවි. මේ හැම කටයුත්තකටම අමතරව මගේ නිවෙසේ වැඩ කටයුතු මේ අවුරුද්දෙවත් අවසාන කළ යුතුයි.’
මුතු තරංගා, ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වූ සුන්දර යුවතිය තම හඬ අවදි කරයි.
මැණික් පුරවරයෙහි ඇහැලියගොඩ ප්‍රදේශයේ සුන්දර ගම් පියසක වෙසෙන මුතූ ඉක්මනින්ම තම කැදැල්ල තනන්නේ කූඩු වෙන්නට වගෙයි.
‘ඇත්තටම මේ රහස මොකක් ද?’
‘කලබලකාරී නගරයට වඩා මේ සුන්දර වටපිටාව මගේ සිත නිවනවා. ඒ නිසා මම ගමට බොහොම කැමැතියි. මේ හදන්නේ මමත්, අම්මත්, තාත්තත් ඉන්න මගේ නිවහනයි. පසුගිය කාලයේ තිබුණු අවිවේකී බව නිසාම ගෙදර වැඩ කටයුතු අතපසු වුණා.
ඉතිරි වැඩ ටික අවසාන කරන්න මේක හොඳ කාලයක්. මගේම කියලා ගෙයක් හදන්නත් ඕන තමයි. ඒත් ඊට තව කාලයක් ගතවේවි. අම්මත්, තාත්තත් මගේ නංගිත් සමඟ ගෙවන මේ සුන්දර කාලය අතහැරලා අලුත් ජීවිතයක් ආරම්භ කරන්නත් ඕන.’
මුතූගෙ හදවත බැඳුණු ඒ සිතැත්තා කවුද?
මගේ සිතෙහි නැ¼ගුණේ පැනයක්.
‘ඒ විස්තර දැන්ම කියනවට වඩා ලබන වසරේ මුලදී හෙළි කරන්නට මම කැමැත්තෙන් ඉන්නවා. ඒ වෙනකම් මගේ ආදරය රහසක්.’
ඕ පවසන්නේ මතුවට අප සිත්හි කුහුලක් ඉතිරි කරමින්.
මේ කොහොම වුණත් මුතූ තුළ තව එකෙකු ජීවත් වෙයි.
ඒ සුභා . . .
‘සුභා’ හි අසාධාරණයට එරෙහිව නැඟී සිටින පොලිස් නිලධාරිනිය ඇයයි.
මේ දවස්වල තිරගත වන ‘සුභා’ චිත්‍රපටය ඇයට අලුත් අත්දැකීමක් වගෙයි.
‘මේ චිත්‍රපටයේ මේ චරිතය සඳහා මුලින්ම පෙනී සිටියේ වෙනත් කෙනෙක්. ප්‍රශ්නයක් ඇති කරගෙන ඈ ගිය නිසා මේ චරිතය මට කරන්න කියලා ආරාධනා කළේ ක්ලීටස් මෙන්ඩිස් මහත්තයයි, මංජුල මොරගහයි.
ඒ වෙනකොට මම කිසිම වැඩක් භාර අරගෙන හිටියේ නම් නැහැ. මොකද මුහුණේ ආලේපනය කරපු ආලේපනයක් නිසා මුළු මුහුණෙම කුරුලෑ ඇවිත් කැත වෙලයි තිබුණේ. කොහොම වුණත් ඔවුන්ගේ ඉල්ලීම අහක දමන්න බැරි වුණා. මම සුභා චරිතයට පණ දුන්නේ් ඒ විදියටයි. චිත්‍රපටය නරඹපු බොහොම දෙනෙක් කියන්නේ මගේ ස්වරූපය බොහොම වෙනස් ආකාරයකින් එහි පෙනුණ බවයි.’
සොඳුරු රුවැත්තියක වූ මුතූගේ සොඳුරු රුවට ඇත්තටම කුමක් වීදැයි ප්‍රශ්නයක් මා සිත්හි උපදී.
මේක තාක්ෂණික ගැටලුවක් ද?
‘බොහොම දෙනෙක් ඒ රූප රාමු තුළ දැකලා තිබුණු මගේ් රූපයත් මගේ රූපයෙහි සැබෑ සුන්දරත්වයත් අතර වෙනසක් තිබෙන වග මට ප්‍රකාශ කළා. ඒත් සමහරෙක් ඔය ප්‍රශ්නයමත් මගෙන් ඇහුවා.’
සුභා නම් පොලිස් නිලධාරිනිය සිය අතැති රිවෝල්වරය උස්සා වෙඩි තබයි. විටෙක මේ නිලධාරිනිය බෝම්බ අටවා තිබූ තැනකින් දුව එන්නේ තම සගයා බේරා ගැනීමටයි.
දැන් නැවතත් වෙඩි තැබීමට ඇය රිවෝල්වරය ඔසවයි. සියල්ල සූදානම්ය.
‘පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න’
සුභා කෑ ගසන්නේ තම ආත්මාරක්ෂාව සඳහායි.
‘ඒ සිදුවීම මතක් වෙන කොටත් මගේ් ඇඟේ හිරිගඩු පිපෙනවා. ඇත්තටම තවත් ජීවත් වෙන්න මට පින තියෙනවා. ඒ අවස්ථාවේ රූගත කළේ වෙඩි තැබිය යුතු සිදුවීමක්. වෙඩි තියන්නට ප්‍රථමයෙන් රිවෝල්වරයට සම්බන්ධ කරන වයර් මගේ ඇඟ හරහා සම්බන්ධ කරලා තිබුණා. මේ වයර්වලින් විදුලිය ගමන් කරන නිසා හරිම පරස්සමෙන් තමයි කටයුතු කළ යුතුව තිබුණේ.
මේ කියන අවස්ථාවේදී මම අහම්බෙන් වගේ තමයි දැක්කේ මගේ ඇඟට සම්බන්ධ ඒ එක තැනක වයර් ටික ගැලවිලා කියලා. ස්විච් එක දාන්න ඉස්සෙල්ලා ඒක කියා ගන්න පුළුවන් වුණ නිසා මම එදා බේරුණා. එහෙම නොවුණා නම් මට එදා විදුලි සැර වැදෙනවා.’
සුභා චිත්‍රපටයේ ඈ මුහුණ පෑ ඒ භය මුසු සිදුවීම අද ද මුතූ සිහිපත් කරන්නේ බියපත් බව දෙනෙතෙහි රඳවමින්.
‘මේ ජවනිකා අතර බෝම්බ අතරින් දුවන සිදුවීමත් හරිම ත්‍රාසජනකයි. මෙ අවස්ථාව සජීවී ආකාරයෙන්ම රූගත කළ යුතු නිසා ඇත්තටම බෝම්බ අටවලා තිබුණා. ඒවායෙන් හැරි හැරී දුවන්න ඕන.
වැරැදිලාවත් බෝම්බයකට කකුළ තිබ්බොත් ඇතිවන තත්ත්වය විස්තර කරන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. එත් එක්කම ඒ සැනින් අතුරුදහන් වෙන්නත් ඕන. මේ සිදුවීම් මගේ ජීවිතයට හරිම අපූරු අත්දැකීම් රාශියක් එක් කළා.’
ඈ පවසන්නේ සිනාමුසුවයි.
මුතූ හරි ද?
ඒ හඬ ඈ නියැළෙන කටයුත්තේ අධ්‍යක්ෂවරයාගෙනි.
මනාලියක් ලෙස කළ එළි බසින්නට ඇයට වෙලාව ළං වී හමාරයි.
ඉතින් මුතූ . . .
ඔබගෙන් සමු ගන්නට අපට අවසරයි.

Monday, February 8, 2010

මුතූ

By: Prosperity Tech On: 5:13 AM

මුතූ







She has won quite a number of awards in beauty contests like the Capri Queen and Miss Sri Lanka contests. Her full name is Muthu Tharanga Sri Nilupuli Peiris...



Muthu as she is popularly known started her career as a dancer. She had her education at the Roman Catholic School, Kadawatha and finally at the Holy Family Convent, Kirimateiyagara. Having passed her Ordinary Level examination she joined "Channa and Upuli" where she went through the paces of oriental dancing. During the period she was dancing with Channa & Upuli's troupe a chance meeting with another student who came for the classes led her to the fashion world. She was then invited by Nilhan Seneviratne to take part in Tele-dramas' which brought her much fame and acclaim.



Her father is <> Mr. M. D. B. Peiris now in retirement and mother Mrs. Rita Juliet Peiris. She is the eldest in a family of two girls and her younger sister Harshini, is married to a businessman and they have two children.

Though Muthu Tharanga became popular through TV and modeling her first love is something else. She has studied under Maestro P. V. Nandasiri and her first love is to be a singing sensation. You got to listen to her to believe us. Hopefully in the near future we will make available couple of her songs on this site. She says she has no one special in her life but we have our doubts. Still an eligible lass!







හැමෝම ඇයට ආදරේට කියන්නේ මුතු කියලා. ඇගේ සැබෑ නමත් මුතු තරංගා. මුතු මේ දවස්‌වල දකින්න ලැබෙන්නේ සුදුහංසි චිත්‍රපටයෙන් වගේම පුංචි තිරයේ දිස්‌වන රිදී තාරකා ටෙලියෙනි. හැබැයි ගොඩක්‌ දෙනෙක්‌ නම් කියන්නේ ඇයට ලස්‌සනට සින්දු කියන්න පුළුවන් කියලයි. එහි විනිශ්චය අපි මෙගා ස්‌ටාර් වේදිකාවට භාරදීලා ඇගේ තොරතුරු විමසන්න අදහස්‌ කළා.



මොනවද අලුත්ම වැඩකටයුතු ?

මේ දවස්‌වල නම් මෙගා ස්‌ටාර් වැඩසටහනේ පටිගත කිරීම්වලට සහභාගිවෙලයි ඉන්නේ. ඊට පස්‌සෙ සතියක්‌ විතර ලංකාවෙන් බැහැරවෙන්න වෙලත් තිබෙනවා. මොකද සින්දු කියන්න සංදර්ශන කිහිපයකටත් ආරාධනා ලැබිලා තිබෙනවා.



මෙගා ස්‌ටාර් වේදිකාවෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම?

එහෙම කියන්න තරම් විශේෂයක්‌ නම් නැහැ. හැබැයි කාලයක්‌ මම ටී. වී. ප්‍රොaග්‍රෑම්වලට විතරයි සහභාගි වුණේ. ඒත් එක්‌කම මම රඟපෑ නාට්‍ය ඔක්‌කොම වගේ විකාශනය වෙලත් අවුරුදු දෙකක්‌ විතර වෙනවා. තවද ලංකාවෙනුත් බැහැර වෙලයි හිටියෙ. කාලයේදී මගේ රසික රසිකාවියන් කිව්වේ මුතු දැන් නාට්‍යවල වැඩිපුර දකින්න නැහැ කියලයි. ඔහොම ඉන්න කොට තමයි මෙගා ස්‌ටාර් වේදිකාවට ආරාධනා ලැබුණේ. හරහා ප්‍රේක්‍ෂකයන් ආයෙත් මට ආදරය කරන්න පටන් ගත්තා.



මෙගා ස්‌ටාර් වීමේ සිහිනයකුත් ඇති නේද?

මගේ ජීවිතේ කොහොමත් සිහින නැහැනේ. අනික මම ටිකක්‌ තරගවලට ඉදිරිපත් වෙන්න කැමැති නැති කෙනෙක්‌. මොකද දන්නවද ඒවට මගේ උනන්දුවක්‌ නැති නිසා. මේ වැඩසටහනට නම් කැමැති වුණේ ගායනයට කැමැති නිසයි. ස්‌වර්ණවාහිනියට ස්‌තූති කරන්න ඕන මාව වැඩසටහනට සම්බන්ධ කරගත්තාට.



වැඩිපුර ටෙලිනාට්‍යවල දකින්න නැත්තේ ?

මම රඟ පෑ ටෙලිනාට්‍ය එක දිගට විකාශනය වුණා. ඊට පස්‌සේ කාලයක්‌ දකින්න ලැබුණේ නැහැ. මෙගා නාට්‍යවලට නම් ආරාධනා ලැබුණා. මූල්‍යමය හේතු නිසා ඒවාට මම අකමැති වුණා. තව මම රඟ පෑ නාට්‍ය හතරක්‌ විතර විකාශනය වෙන්නත් තිබෙනවා.



එතකොට රිදී තාරකා මෙගා නාට්‍යයේ රඟපාන්නේ?

ඒක දමිතා අක්‌කාගේ ඉල්ලීමක්‌. වචනය අහක දාන්න බැරි නිසයි රිදී තාරකා නාට්‍යයේ රඟපාන්න කැමැතිවුණේ.



ළඟදී විවාහවෙනවා කියන්නේ ඇත්තද?

ඔව්. මේ අවුරුද්ද අන්තිම තමයි විවාහවෙන්න හිතාගෙන ඉන්නේ.



කවුද වාසනාවන්තයා?

එයාව අනාගතයේදී දැනගන්න ලැබේවි.



ජීවිතය ගැන හිතන පතන විදිහ?

මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැනේ.

එක බලාපොරොත්තුවයි තියෙන්නෙ.



මොකක්‌ද ?

මගේ නංගිවයි අම්මවයි තාත්තවයි සතුටෙන් තියන එක.

ඒක තාම මට හරියට කරන්න බැරිවුණා.



කාන්තාවක්‌ සමාජයේ ගෞරවය තබාගන්න මොනවිදිහට ජීවත්විය යුතුයි

කියලද හිතන්නේ ?

මෙහෙමයි. ඒක තමන්ගේ ඇඟෙන් එන්න ඕන දෙයක්‌. ගෞරවය ලබාගන්නම කියල ඕන කමින් මවාපාල හැසිරෙන්න නරකයි. එහෙම චරිතවලට මම කැමැතිත් නැහැ. ගැහැණියක්‌ හැමවිටම තමන්ගේ ආත්ම ගරුත්වය හා නම රැකගෙන වැඩකළ යුතුයි.



ඔබේ හැකියාවන් දකින්නේ ?

ඇත්තටම මම නම් දකින්නේ හැමවෙලේම වැරදියට. අනික මම හිතන්නේ නැහැ මට හැමදේම පුළුවන් කියලා. වෙලාවකට හිතෙනව එහෙම හිතෙන එකත් හොඳයි කියලා. එතකොට මට පුළුවන් දේ විතරයිනේ කරන්නේ.



රංගනය කියන විෂය ගැන හිතන විදිහ?

මටත් රංගනය විෂයක්‌ හැටියට ඉගෙන ගන්න බැරිවුණා. වුණාට මම හිතන්නේ රංගනය කියන දේ අපි හරියට හදාරලා ආවොත් හොඳ දක්‍ෂ තැනකට යන්න පුළුවන්. හොඳ රංගන ශිල්පියෙකු නම් නිතරම රංගනය අධ්‍යයනය කළ යුතුයි.



ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ගරු කරනවාද?

ප්‍රවීණයන්ට මම ගරුකරනවා වගේම ඔවුනුත් මට ආදරෙයි. ප්‍රවීණයන් හරහා තමයි අපේ ගමන බිහිවෙන්නෙ. මම හැමවෙලේම ප්‍රවීණයන් සමග වැඩකරන කොට මගේ අඩුපාඩු ඔවුන්ගෙන් අහනවා. ඔවුන් කියාදෙන දේ පිළිපදිනවා. නිසා ඔවුන් මට ආදරෙයි.



රඟපාන්න හිතුණේ ?

මෝස්‌තර නිරූපණය තමයි මුලින් කළේ. කාලෙදි මට නාට්‍යවලට ආරාධනා ලැබුණා. නමුත් මම කැමැති වුණේ නැහැ මාස ගණන් රූගත කිරීම්වලට සහභාගි වෙන්න ඕන නිසා. පස්‌සේ තාත්තාගේ බල කිරීමටයි රංගනයට ආවේ. දෙමව්පියෝ නිසා තමයි මට මේ තැන ලැබුණේ.



නිළියක්‌ නොවුණා නම්?

සමහර විට ගායිකාවක්‌ වේවි.



ගොඩක්‌ දෙනෙක්‌ කියන්නේ ගායනයට දක්‍ෂයි කියලා නේද?

ඒක නම් එහෙම තමයි. නමුත් මම හිතන්නේ ගායනයෙන් මම ඉන්නේ ළදරු වයසේ කියලා. තව ටිකක්‌ උනන්දු වෙලා පුරුදු පුහුණු වෙන්න වෙනවා.



විවාහයෙන් පසු රංගනයෙන් ඈත්වෙනවද?

කොහෙත්ම නැහැ. හොඳ දෙයක්‌ ආවොත් භාරගන්නවා. එහෙම බලපෑමක්‌ නැහැ.



සිනමාව, ටෙලිනාට්‍ය මෙයින් වඩාත්ම කැමැති ?

මම මුලින්ම ආවේ ටෙලිනාට්‍ය වලින්. දැන් නම් චිත්‍රපට වලටත් දායක වෙනවා. විශේෂයක්‌ නැහැ. දෙකටම කැමැතියි.



සුදුහංසි චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර?

ඉතාමත් ඉහළයි.



සුදුහංසි ප්‍රධාන චරිතයේ අර්බුද මතුවෙලා කියලත් ආරංචියි ?

ආරංචි නම් එනවා. ගැන කියන්න මම නම් දන්නේ නැහැ.