Showing posts with label Damitha Abeyratne. Show all posts
Showing posts with label Damitha Abeyratne. Show all posts

Thursday, July 21, 2016

Damitha Aberathna wants to have an elephant

By: Prosperity Tech On: 11:26 PM

  ljoyß uu w,sfhla we;s lrkjd újdyh;a ,.§u lr.kakjd - oñ;d

wm ljqre;a yÿkk ks<shla jk oñ;d wfír;ak .ek wmsg iqN wdrxÑhla wykak ,enqKd' ta ;uhs wehf.a újdyh' oñ;d fï jk úg;a flfkl=g wdorh

lrkjd' thdf.a ku ;ñ f,ka,s fcdkaika' thd wjqreÿ 20la muK úfoaY.;j isá flfkls' oeka Tyq wjqreÿ 3la ;siafia Ôj;a fjkafka ,xldfõ' oñ;f.hs ) f,ka,s fcdkaikaf.hs wdof¾g wjqreÿ 13la fjkj lsh,hs oñ;d wm iu. lshd isáfha' fï fokak tl;=fj,d ,.§ we.Æï jHdmdrhla mgka.;a;d' f,fcdka lshk f,an,fhka'

wdorhg wjqreÿ 13la jqKdg fokak ;du újdy fjkak m%udo jqfKa wehs lsh, wms oñ;f.ka weyeõj' flakaorf¾ uf.a lidoh ;sfhkafka f.dvla mrlal=fj,d' yeu foau fjkafka fydogfka' yenehs fï wjqreoafoa kï wksjd¾hfhkau uf.a újdyh isoaOfjkjd'

oñ;d foúhka .ek f.dvla úYajdi lrkjd lsh,d wmg oek .kakg ,enqKd' ta .ek weh wm iu. fufia lshd isáhd' foúhkaj úYajdi lrkjd' ta;a ta miafia mkakkafka keye' foúhkaf.ka yeufoau b,a,kafk;a keye' ta;a fï f,dfl mj;skafka hï n,fõ.hla u; kï" ta n,fõf.a foúfhd ;ud' uu ta foúhkag .re lrkjd' wms Tjqkag mska Èh hq;=hs' ta;a fufyu

fohla lshkjd'

uu fmdäld, bo,d w,skag wdihs' fldákau lsõfjd;a w,skag fmf¾;hs' fmdä ldf,a uu wïug;a lshkjd w,sfhla wrka fokak lsh,d'

fydr w,s kï fkfjhs' ljoyß w,sfhla we;slrkak wdidjla ;sfhkjd' ta ksiduo fldfyo uu .K foúhkag mqÿu wdofrhs' wfma f.or f,dl= .Kfoõ rEmhla ;sfhkjd' uu ta rEmh w;.dkafka .re lrkafka w,skag ;sfhk fmf¾;lu ksidu fjkak we;s'

Sunday, November 15, 2015

Damitha Abeyratne FCID Case

By: Prosperity Tech On: 9:19 PM

දමිතාට මොකද වුනේ - Damitha Abeyratne 

Damitha Abeyratne FCID Case

Friday, October 17, 2014

දමිතා - සේමිණී නඩුව ඉල්ලා අස් කර ගනී.

By: Prosperity Tech On: 6:15 AM
දමිතා අබේරත්න සහ සේමිණී ඉද්දමල්ගොඩ අතර පසුගිය දවස්වල ඇතිවුණු ප‍්‍රශ්න ගැන නොදන්න කෙනෙක් නැහැ. අන්තිමට ඒ ප‍්‍රශ්නෙ නීතිය ඉදිරියට පවා ගියා. ඒත් අපිට ආරංචි වුණා ඒක සමථයකට පත්වෙලා කියලා. ඉතින් ඒ ගැන දැන ගන්න අපි සේමිණීට කතා කළා. එතකොට ඇය කිව්වේ ප‍්‍රවීනයන්ගෙන් ලැබුණු උපදෙස් සහ මාධ්‍යවලින් කළ ඉල්ලීම්වලට ගරු කිරීමක් ලෙස මෙම නඩුව ඉවත් කර ගත්තා කියලයි. ඒත් දමිතා කිව්වේ මේ වගේ දෙයක්. ‘‘මම හැමදාම කෙලින් කතා කරන කෙනෙක්. මම කාටවත් විරුද්ධව නඩුවක් ගොනු කරලා නැහැ. සේමිණීට මම කලින් කිව්වා මේක කතා කරලා විසද ගමු කියලා. ඒත් දැන් කියනවා ප‍්‍රවීනයන් නිසා නඩුව ඉල්ලා අස් කර ගත්තා කියලා. ඒක මට පිළිගන්න බැහැ. එයා නඩුව ඉල්ලා අස්කර ගත්ත නිසයි මම නඩුව ඉවත් කර ගත්තේ.’’




Saturday, February 6, 2010

මං බන්ඳිනවා.. දමිතා

By: Prosperity Tech On: 1:34 PM

ඇය දශක තුනකට ආසන්න කාලයක් කලා ක්ෂේත්‍රයේ නියැලෙන ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රතිභා සම්පන්න රංගන ශිල්පිනියකි. සිනමා, ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක සහ නිෂ්පාදිකාවක ලෙස කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයට පත් ඇය දමිතා අබේරත්නයි. දමිතා ගේ නවතම ටෙලිනාට්‍ය නිෂ්පාදනය වන ‘රිදී තාරකා’ මේ වනවිට පුංචි තිරය ඔස්සේ දිග හැරෙයි. කලා කටයුතු ඔස්සේ කාර්ය බහුල දිවියක් ගත කරන දමිතා සිය නවතම තොරතුරු බෙදා හදාගන්නට ‘රසඳුන’ සතුටු සාමීචිය සමඟ එක් වුණේ මේ විදිහටයි.

‘රිදී තාරකා’ ඔබේ හතර වැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනය. කොහොමද එහි සාර්ථකත්වය?

කියන්න සතුටුයි අද රසික ජනතාව අතර ‘රිදී තාරකා’ හුඟාක් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් බවට පත්වෙලා. ඒ වගේ ම මෙය ස්වාධීන රූපවාහිනි ආයතනය සමඟ එකතුවෙලා නිර්මාණය කෙරෙන්නක්. එහි නිෂ්පාදිකාව විදිහට මේ ටෙලිනාට්‍යය ගැන මට තිබෙන්නේ සතුටක්.

මීට අමතරව ඔබ දායක වුණු කලා නිර්මාණ මොනවාද?

සුදත් රෝහණ මහතාගේ ‘ස්වයං ජාත’ ටෙලිනිර්මාණයට දායක වෙලා මේ දිනවල එහි රූගත කිරීමේ කටයුතු වලට සහභාගි වෙනවා. ඊට අමතරව ‘මෙගා ස්ටාර්’ රියැලිටි වැඩසටහනට දායක වෙමින් එහි පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා. මේ නිසා ම කාර්ය බහුලව තමයි ජීවිතය ගෙවෙන්නේ.

ඔබ ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා රංගන ශිල්පිනියක්. ප්‍රේක්ෂකයන්ට ළඟදීම දැකගත හැකි ඔබ දායක වූ නවතම සිනමා නිර්මාණ ගැනත් කතා කරමු.

නවතම චිත්‍රපට කිහිපයකටම පසුගිය දවස්වල දායක වෙන්න ලැබුණා. එයින් චිත්‍රපට කිහිපයක් ම මේ වනවිටත් තිරගත වෙලා. මේ අතර මට රඟපාන්න ලැබුණු අපූරු චරිතයක් රැගත් සිනමා පටයක් තමයි ‘ස්තුතියි නැවත එන්න’ කියන චිත්‍රපටය.

එහිදී යුද්ධයේදී අතුරුදන් වන තම හමුදා සැමියා නැවත ගෙදරට එයි කියන විශ්වාසයෙන් පසුවන ගැබිනි බිරියකගේ චරිතයක් තමයි මම නිරූපණය කළේ. යුද්ධයේ අමිහිරි බව කියාපාන ධෛර්යවන්ත බිරියකගේ චරිතයක් රඟපාන්න ලැබීම ගැන සතුටු වෙනවා.

ඔබ ගායිකාවක්. ඔබට හොඳ ගායන හැකියාවක් තිබෙනවා. ගායනයෙන් රසිකයන් අතරට යන්නට බලාපොරොත්තුවක් නැති ද?

කලකට ඉහත මම මගේ ම ගීත ඇතුළත් සීඩී තැටියක් නිර්මාණය කළා. ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකාවලටත් ලබාදුන්නා. ඒත් ඒවායින් මගේ ගීත ප්‍රචාරය වුණේ නැහැ.

ඇත්තටම මට එතැන දී කලකිරීමක් ඇති වුණා. කලා ක්ෂේත්‍රයේ අවුරුදු ගණනාවක සිට නියැලිලා ඉන්න මට එවැනි තත්ත්වයක් ඇති වුණා නම් අනෙක් නවක ශිල්පීන්ට මොනවගේ අසාධාරණකම් වෙනවා ඇත් ද කියලා මට හිතුණා. ඒ නිසා තිබුණු ආශාව උනන්දුව මගෙන් දැන් අඩුවෙලා.

ඇත්තටම ඒ සීඩී එක කරලා මට ලංකාවේ ඉන්න හොඳම ගායිකාව වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මම මගේ ආශාව ඉෂ්ට කර ගැනීමට පමණයි එය නිර්මාණය කළේ. කොහොම නමුත් මම ඉදිරියේදි තවත් නිර්මාණයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙනවා.

දඬුබස්නාමානය වැනි අර්ථවත්, සංක්ෂිප්ත ටෙලිනාට්‍යවල අපූරු රංගනයක නියැළුණු ඔබ බට්ටී වැනි මෙගා ටෙලිනාට්‍යවලටත් දායක වුණා. මෙගා ටෙලිනාට්‍ය ඔබ වැනි නිළියකට සුදුසුයි කියා ඔබ සිතනවාද?

බට්ටී ටෙලිනාට්‍යය මෙගා ටෙලිනාට්‍යයක් වුවත් එය රටේ අතිශය ජනප්‍රිය වුණා. මම මෙගා ටෙලිනාට්‍යවලට දොස් කියන්නේ නැහැ. රංගනය කියන්නේ වෘත්තියක්.

මම හිතන්නේ මෙගා නාට්‍යයත් අනෙකුත් නාට්‍ය වගේ ම ලංකාවේ තිබිය යුතුයි කියලයි. මම මෙගා නාට්‍යයක නිෂ්පාදිකාව විදිහට එයින් සමාජයට වෙන යහපත දැක තිබෙනවා. මෙගා නාට්‍ය විරෝධයක් මගේ නැහැ.

අද ‘රිදී තාරකා’ නාට්‍යය නිපදවන්න ශිල්පී ශිල්පිනියන් සියයකට වැඩි පිරිසකගේ දායකත්වය ලැබෙනවා. ඒ වගේ ම මෙහි අයහපත් පැත්තකුත් තිබෙනවා.

ඒ තමයි හොඳ අර්ථවත් නිර්මාණ කරන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට තමන්ගේ නිර්මාණ එළිදක්වන්නට මෙගා ටෙලිනාට්‍ය නිසා අවස්ථාව මඟ හැරිලා තිබෙනවා. මේ නිසා ඒ පිළිබඳව රූපවාහිනී නාලිකා සලකා බලා ඔවුනට සාධාරණයක් ඉටු කළ යුතුයි කියන මතයේ මම සිටිනවා.

ඔබ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වන බව පැවසුවා. ඒ කුමක්ද?

වසර ගණනක් කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් ලැබුණු කලා ශිල්පිනියක් විදිහට මගේ හිතේ හීනයක් තිබෙනවා. කවදා හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ යුතුයි කියලා.

ඒත් එය ඉතාම ඉක්මනට සිදුවන දෙයක් නොවෙයි. තවම එය සිතුවිල්ලක් පමණයි. මේ දක්වා මම හිතපු දේවල් කළා. මම තව ටෙලිනාට්‍ය දෙක තුනක්වත් අධ්‍යක්ෂණය කිරීමෙන් අනතුරුව තමයි සිනමා අධ්‍යක්ෂණයකට යොමු වන්නේ.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

ගොඩක් ආසයි හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න. අපි වයසට යන්නෙ නැහැ කියන තැන ඉන්න රංගන ශිල්පිනියක් නෙවෙයි මම. මේ ලෝකෙ සියලු ම දේ අනිත්‍යයි.

තත්පරයෙන් තත්පරය හැමදේම වෙනස් වෙනවා. අපිට හැමදාම මේ තත්ත්වයෙන් ඉන්න බැහැ. මේ වෙනස්වෙන තරුණ කාලෙ ආයෙමත් එන්නෙ නැහැ. ඒ නිසා ආපස්ස බලල දුක්වෙන නිර්මාණවලට දායක වෙනවට වඩා අර්ථවත් නිර්මාණශීලී චිත්‍රපටයකට දායක වෙන්න හුඟාක් ආසාවෙන් ඉන්නවා.

ඔබේ විවාහය තවත් ප්‍රමාද වෙයිද?

නැහැ. එයත් මේ වසරේ අග සිදුවේවි.

දමිතාගේ ලිපිනය - 297/ 1, නුගේගොඩ, පැපිලියාන.

තුෂාරි වික්‍රමසිංහ
ඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ




Sri Lankan popular Film & Teledrama Actress Damitha Abeyratne's photos. She is famous as "Batti" these days. Kanchana Mendis also in this photos.