ඇ`ග නිරාවරණය වන ලෙස ඇඳුම් අඳින එක සංස්කෘතියට ගැළපෙනවා කියලද හිතන්නේ?
ඕනම කෙනකුට එළියෙන් ඉඳන් කියන්න පුළුවන් මේ ඇඳුම ඇන්දහම මේ අය හොඳ නෑ කියලා. තරගෙට ඇ`ග නිරාවරණය වන ඇඳුම් ඇන්දම අපි ඒවා පාරේ ඇඳන් යන්නේ නෑ. ඒ නිසා ඇඳුමෙන් පැලඳුමෙන් මිනිසුන්ව මනින්න හොඳ නෑ. ඕනම කෙනකුට විවිධ මත කියන්න පුළුවන්. ඒත් ඒ හැම මතයක්ම ඇත්ත වෙන්නෙ නෑ.
රූ රැජිනන්ට ධනවතුන්ගෙන් විවාහ යෝජනා ලැඛෙනවා කියන කතාව ඇත්තද?
මට නම් එහෙම යෝජනා ලැබිලා නෑ. ඒ නිසා ඒ ගැන කියන්න මට අත්දැකීමක් නෑ.
රංගනයට නිවේදනයට ආරාධනා ලැබුණේ නැද්ද?
තාම ආරාධනා ලැබුණේ නෑ.
ආරාධනා ලැබුණොත් භාරගන්නවද?
ඔව්. හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා.
නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැඛෙන්නේ කොහොමද?
රොසෑන් ඩයස් මහත්මිය යටතේ තමයි මම නිරූපණය හදාරන්නෙ. මේ නිරූපණයට කැමැති නිසා තමයි ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ. මේ දවස්වල බ්රයන් කර්කර්වන් මහතා යටතේ නිරූපණයට සම්බන්ධ වෙලා ඉන්නවා.
නිරූපණ ක්ෂේත්රයට සමාජයෙන් තියෙන්නේ යහපත් ප්රතිචාරයක් නොවෙයි නේද?
වතුරට බහින්නැතුව ඕනම කෙනකුට කියන්න පුළුවන් සීතලයි ගැඹුරුයි කියලා. නිරූපණ ක්ෂේත්රයේ ඉන්න අය කවදාවත් කියන්නේ නෑ මේ ක්ෂේත්රය හොඳ නෑ කියලා. නිරූපණ ක්ෂේත්රයේ හොඳ නෑකියන්නේ පිට ඉඳන් බලන් ඉන්න අය.
චුලක්ෂි කාවහරි අනුකරණය කරනවද?
මම කාවවත් අනුකරණය කරන්නේ නෑ. අනුගමනය කරනවා. ලංකාවේ වගේම ලෝකේ ඉන්න ගොඩක් ප්රවීණයන්ගේ හොඳ දේවල් මගේ ජීවිතයට උකහා ගන්නවා.
ජීවිතේ ආපසස්ට හැරිලා බලද්දී කලකිරුණ අවස්ථා තියෙනවද?
එහෙම විශේෂ අවස්ථා නෑ. ගොඩක් වෙලාවට මම ජීවිතේ සරලව සතුටින් ගත කරන කෙනෙක්.
පොඩි කාලේ ඉඳන් හීන මැව්වේ ?
පැසිපන්දු ක්රීඩිකාවක් වෙන්න.
ඒ හීනේ හීනයක්ම වුණාද?
මම පාසල් යන කාලේ පැසිපන්දු ක්රීඩාවට ගොඩක් ආදරය කළා. ඒ නිසා පැසිපන්දු ක්රීඩිකාවක් ලෙස කටයුතු කළා. ඒත් ගෙදරින් කැමැති වුණේ නෑ දිගටම මම පැසිපන්දු ක්රීඩා කරනවට.
දුකක් නැද්ද තමන් කැමැති දේ අතහරින්න වුණාට?
මුල් දවස්වල නම් ගොඩක් දුක් වුණා. ඒත් දැන් ලොකු දුකක් නෑ.
ආදරය ගැන මොකද හිතන්නේ ?
ආදරය ගොඩක් සුන්දර දෙයක්.
චුලක්ෂි පෙම්වතියක්ද?
ඔව්. මම පෙම්වතියක්. එයාගේ නම දිලංක. එයා පැසිපන්දු ක්රීඩකයෙක්.
දිලංකව මුණගැහෙන්නේ?
පැසිපන්දු ක්රීඩා තරගයකදී තමයි මට දිලංකව මුණගැසෙන්නේ.
දිලංකට කැමැති වෙන්න විශේෂ හේතුවක් තිබුණද?
ඔව්. එයා මට ගොඩක් ආදරය කරනවා. ඒ වගේම මම දිලංකව ගොඩක් විශ්වාස කරනවා. ඒ වගේම එයා මාව හොඳට බලාගන්නවා. ඒ නිසා තමයි මම එයාට කැමැති වුණේ.
තිළිණි මධුවන්ති
ඡායාරූපය- චමිල කරුණාරත්න