Showing posts with label Anusha Damayanthi. Show all posts
Showing posts with label Anusha Damayanthi. Show all posts

Sunday, November 22, 2015

Ranjan Ramanayake's marriage proposal

By: Prosperity Tech On: 3:41 AM

ÿjj b,a,d rkacka ~ks<shlf.a wïudg~ fhdackdjla lr,d

“ rkacka whshg uu we;a;g u wdofrhs' rkacka whsh;a ug yßu wdofrhs' ks;r ks;r thd uu .ek fidhd n,kjd'rkacka uf.a wïug ks;ru lshkjd fïls ug fokak lsh,d'”

rkacka rdukdhl .ek fufia lshkafka  wkqId ouhka;s'

w¾kiaÜ jvqf.a iu. mej;s ixjdohl§ wkqId fï nj i|yka lr ;sfnkjd'

“we;a;gu wkqId rkackaj nekaod kï urefka'” hehs w¾kiaÜ jvqf.a tys§ úuid ;sfnkjd'

“keye tfyu keye' rkacka yeuodu ;kslvj Ôj;a fjkak ;SrKh lr,d bjrhs' thdg .e<fmkafk;a tjka Ôú;hla' fm!oa.,sl ne£ï iys;j rkackag neye iudÔh Ôú;h id¾:l lr .kak'”



wkqIdf.a ms<s;=r ù we;af;a thhs'

Sunday, February 8, 2015

Udari Kaushalya Speaks about her Pets

By: Prosperity Tech On: 2:24 AM

අම්මාගෙ ආදරේ තියෙන නිසා වෙන ආදරේක අවශ්‍යතාව දැනෙන්නෙ නැහැ



මොනවද අනූෂගේ අලුත්ම තොරතුරු?
“සිංහ මචං චාලි” චිත්‍රපටයේ ෂූටිං ඉවරවෙලා ගෙදර ආවේ දවස් දෙක තුනකට කලින්. තවම අලුත් කටයුත්තකට දායක වුණේ නම් නැහැ.
“සිංහ මචං චාලි” චිත්‍රපටයේත් අනූෂා පෙම්වතිය විදියට රඟනවා. ඒ අතරම නටනවා......
(හිනැහී) ඔව්. මට තවමත් ලැබෙන්නේ වාණිජ සිනමාවේ පෙම්වතියගේ චරිතයමයි. ඒ වගේම ඒ නිර්මාණවල අවම වශයෙන් මගෙ නර්තන එකක් හෝ ඇතුළත්  කරනවාමයි.
තිරගත වීමට නියමිත චිත්‍රපට ප්‍රමාණය කොපමණද?
චිත්‍රපට 7ක් තිරගත වෙන්න තියෙනවා.
 එතකොට ටෙලි නාට්‍ය?
ටෙලි නාට්‍ය නම් දෙකක් විතරයි. අනූෂා පුංචි තිරයට දක්වන උනන්දුව අඩුයි.
පුංචි තිරය කියන්නේ ගෙදර ආලින්දයේ තියෙන රූපවාහිනියේ නිතරම ලැබෙන නිර්මාණ. සිනමාව ඊට වඩා ගොඩක් පුළුල්. මිලක් වැය කරලා අඳුරු සිනමා ශාලාවක දැවැන්ත තිරයකිනුයි ඒ අත්දැකීම ලබන්නේ. සිනමා නිළියක් විදියට ක්‍ෂේත්‍රයට
පැමිණි මම හැමදාම  උනන්දු වුණේ සිනමා නිළියක් විදියටම ඉන්න. ඒත් ඉතින් පවතින තත්ත්වය තුළ තෝරා බේරාගෙන රඟපාන්න බැහැනේ. අවුරුද්දට චිත්‍රපට කීයද නිර්මාණය වෙන්නේ. ඒ වගේ පසුබිමක තෝරා බේරා ගැනීම් කරන්න බැහැ. ඒ නිසා හොඳ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණොත් බාර ගන්නවා.
අනූෂාගේ ජීවිතයම රැඟුම හා නැටුමටම  කැපවෙලා. ජීවිතය සම්පූර්ණ වීමට තව දේවල් අවශ්‍යයි නේද?
ඔය කියන්නේ විවාහය, සැමියා දරුවෝ ගැන විය යුතුයි. ඔය වගේ දේවල් තීරණය කරන්නේ ෙදෙවය.
දෙදෙවයට හැමදේම භාරදීලා නිහඬවීම හරිද?
කවුරු කොහොම කිවුවත් අපේ ජීවිතවල තීරණය ෙදෙවය සතුයි. ඉපදිලා හැදිලා වැඩිලා නියමිත කාලයට විවාහ වෙලා දරුවෝ ලබලා ඉන්පස්සේ ජීවිතයෙන් නික්ම යන අය ඉන්නවා. ඒක ‍පොදු තත්ත්වය. ඔය අතර ඔය සාමාන්‍ය තත්ත්වයට එහා ගිය අය ඉන්නවා. ස්වභාවධර්මය ඒ අය මේ ලෝකයට එවල තියෙන්නේ වෙනත් හේතුවකට. උදාහරණයකට ගනිමු භාරතීය ගායිකා ලතා මංගේෂ්කාර්. ඇයට  විවාහය, දරුමල්ලෝ ෙදෙවය හිමි කළේ නැහැ. ස්වභාවධර්මය ඇයව මෙලොවට එව්වේ වෙනත් දෙයකට. ඒ හින්දා පුද්ගලික ජීවිතයේ  හිමිවිය යුතු දෑ ඇයට අහිමි කළා. ඉතින්  මම දන්නෑනේ මගෙ ෙදෙවය මගේ ජීවිතයට මොන වගේ තීන්දුවක් දීලා තියෙනවාද කියලා.
ආදරයේ අඩුව ජීවිතයට දැනිලම නැද්ද?
මට මගේ අම්මගේ ආදරේ තියෙනවා. ඒක මගේ ජීවිතයටම ලොකු ශක්තියක්. අම්මගෙ ආදරේ තියෙන නිසා වෙන ආදරේක අවශ්‍යතාවය දැනෙන්නෙ නැහැ.
පෙම්වතාගෙන් සැමියාගෙන් ලැබෙන ආදරය මවගෙන් ලැබෙන ආදරයට වඩා වෙනස්...
ඇත්ත. ඒ වුණත් මගේ මුළු ජීවිතයම බැඳිලා තියෙන්නේ අම්මගෙ ආදරය වටා. මට අද හිතෙනවා පෙම්වතෙකු හෝ සැමියකු මගෙ ජීවිතයට  ළංවුණා කියන්නේ එයා  මගෙ අම්මයි මමයි අතරට ආවා කියන එක. එතකොට මට මගෙ අම්මට දෙවැනි තැන දෙන්න සිදුවෙනවා. මම ඒකට කැමති නැහැ.
උතුම් මව් පදවිය ගැන බොහෝ කාන්තාවන් කතා කරනවා. මවක් වන්නට අකමැති ගැහැනියක් නැහැ...
ඇත්ත. මාතෘ පදවිය ලැබිම උතුම් දෙයක්. ඒත් ඉතින් මට ළමෙක් හිටියත් මම එයා වෙනුවෙන් කැපවීම මොන වගේ වෙයිද දන්නෑ. මොකද මට හිතෙන්නේ මමත් තවම ළමයෙක් වගේ කියලා. මගෙ වයසේ යාළුවෝ බැඳලා දැන් ළමයිත් ඉන්නවා. ඒත් මම තවමත්  ළමයෙක් (හිනැහේ)

ආරියවංශ කුලතිලක
(lakbima.lk)